You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , December 11 2019
Breaking News
Home / Sinhala Subtitle / රුෂානි දිසානායක

රුෂානි දිසානායක

The X Files [S05 : E11] Sinhala Subtitles | විස්මිත අවිය [සිංහල උපසිරැසි සමඟ]

කිව්වා වගේම ඔන්න මම x-files 5 වෙනි කතා මාලාවේ 11 වෙනි කොටසත් අරගෙන ආවා. ඔයාල මේ කතාවත් ආසාවෙන් බලයි කියල හිතනවා. මේ පාර මල්ඩර් සහ ස්කලී හැප්පෙන්න යන්නේ පරිගණක ලෝකයත් එක්ක. මේ සිද්දියට පාදක වෙන්නේ ඉතා දක්ෂ පරිගණක මෘදුකාංගවරයෙකුගේ මරණයක්.මුලදී සාමාන්‍ය ගැටළුවක් විදියට පේන්න තිබුනත් ඒ ගැටළුව  සංකීර්ණ එකක් වෙන්නේ …

Read More »

The X Files [S05 : E10] Sinhala Subtitles | අද්භූත බෝනික්කා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද අරගෙන ආවේ x-files 5 වෙනි කතා මාලාවේ 10 වෙනි කොටස. මම ඔයාලට සිංහල උපසිරැසියක් අරන් එන්නේ ගොඩක් කාලෙකට පස්සේ. මට ඉතින් මේක කරන්න කියල බාර දුන්නේ ශාන් විමුක්ති සහෝදරයා තමයි. ඒ අනුව x-files 5 වෙනි කතා මාලාවේ 10 සහ 11 කොටස් කරන්න තමයි මට ලැබුනේ. ඉතින් මම ගොඩක් …

Read More »

My Teacher (2017) Sinhala Subtitles | මගේ ගුරුතුමා [චිත්‍රපටය සිංහල උපසිරසි සමඟ]

මම හිබිකි ශිමාඩා… උසස් පාසලක දෙවෙනි වසරේ සිසුවියක් එච්චර දක්ෂ කෙනෙක් නම් නෙමෙයි ඒත් උත්සහ කලොත් මට කරන්න බැරි දේකුත් නැහැ ඉටෝ සර්… මගේ ඉතිහාස ගුරුවරයා අනෙක් අයට නැති විශේෂ හැගීමක් මට ඔහු ගැන තියෙනවා මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ ආදරය කියන්නේ ? කවදාහරි ගුරුවරයෙක් ගැන ආදර හැගීමක් ඇතිවෙලා තියෙනවද? …

Read More »

The Bucket List (2007) Sinhala Subtitles | මියැදෙන්නට මත්තෙන් [චිත්‍රපටය සිංහල උපසිරසි සමඟ]

“මහ සුළං හමන තැනක දැල්වූ පහන් සිළුවක් කොයි වෙලේ නිවේදැයි නොකිය හැක්කේය.එමෙන්ම ජීවිතය අනියතය.මරණය නියතය.” බුදුහාමුදුරුවෝ ජීවිතය ගැන අපිට කියල දුන්නේ එහෙමයි.එක් විටක සතුට ගෙන දෙන, තවත් විටක දුකක් ගෙන දෙන ජීවිතය පුදුමාකාර දෙයක්. හැමවිටම ඔබ උත්සහ දරන්නේ ඔබ ලැබූ ජීවිතය තුල ඔබගේ බලාපොරොත්තු, ආශාවන් ඉටු කරගැනීමටයි.කිසියම් හේතුවකින් ජීවිතය ඔබට …

Read More »

Everybody’s Fine (2009) Film Sinhala Subtitles | හැමදෙනාම හොඳින් [චිත්‍රපටය සිංහල උපසිරසි සමඟ]

ෆ්‍රෑන්ක් කියන්නේ ළමයි හතර දෙනෙක්ගේ තාත්තා කෙනෙක්. එයාගේ බිරිඳ මාස කිහිපයකට කලින් නැති වෙලා.ෆ්‍රෑන්ක්ට ඕන වෙනවා එයාගේ ළමයින්ව දැකගන්න. ඒ නිසා එයා හමුවක් සූදානම් කරනවා. හැමෝටම හමුවට ආරාධනා කලත් ඔවුන් විවිධ හේතු කියමින් ඒක ප්‍රතික්ෂේප කරනවා. ළමයින්ට දොස් කියමින් ගෙදරට වෙලා ඉන්න ඔහුට හිත දෙන්නේ නැහැ. ඒ නිසා ඔහු තීරණය …

Read More »

The Boss (2016) with Sinhala Subtitles | මිෂෙල් ඩානෙල් [සිංහල උපසිරසි සමඟ]

මම අද අරන් ආවේ හාස්‍යජනක රංගන වලට ඉතාමත් ජනප්‍රිය නිලියක් වන melissa mccarthy රඟන චිත්‍රපටියක්. දන්නවනේ ඉතින් මෙයා ගැන. ටිකක් සයිස් එක වැඩි වුනාට ඇය ඉතාමත් සුරූපී නිලියක්. මේක තිරගතවීම ආරම්භ වුනේ ගිය අවුරුද්දේ. IMDb අගය 5.4ක් ලෙස තමයි සටහන් වෙන්නේ. කොහොමත් comedy චිත්‍රපටි වලට ratings ලැබෙන්නේ අඩුවෙන්නේ. ඒ නිසා …

Read More »

Everything Must Go (2010) with Sinhala Subtitles | හැමදෙයක්ම තාවකාලිකයි ! [සිංහල උපසිරසි සමඟ]

මේ අරගෙන ආවේ වෙන සහෝදරයෙක් විසින් ලිපියක් විතරක් ඉදිරිපත් කරලා තියෙන චිත්‍රපටියකට උපසිරැසියක්.මේක ඉතින් Comedy/Drama ගණයට තමයි අයත් වෙන්නේ.සමහර අයටනම් ඒ නිසා බලද්දී කම්මැලි හිතේවි. එකම දවසක් තුලදී රැකියාව, බිරිඳ වගේම තමන් ඉන්න ගෙදරත් අහිමි වෙන මනුස්සයෙක්ගේ අපිළිවෙල ජීවිතය අසල්වැසි මිනිසුන් කිහිප දෙනෙකුගේ උදව්වෙන් පිළිවෙලක් වෙන විදිය තමයි මේ චිත්‍රපටියෙන් …

Read More »

Flightplan (2005) with Sinhala Subtitles | මරණයට අත වැනූ ගුවන් ගමන [සිංහල උපසිරසි සමඟ]

මෙම චිත්‍රපටිය 2005 තිරගතවුන Thriller/Drama ගණයට අයත් එකක්. මෙය IMDB 6.2 ක අගයක් ලබාගෙන තිබෙනවා.අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Robert Schwentke. ප්‍රධාන චරිතය නිරුපණය කරන්නේ Jodie Foster විසින්. ඔයාල Panic Room කියන චිත්‍රපටිය බැලුවනම් මෙයා ගැන නොදැන ඉන්න විදියක් නැහැ. චිත්‍රපටියක් නරඹන්න කලින් ඒකෙ කතාව යන්නේ කොහොමද කියල අදහසක් ගන්න හැමෝම කැමතියිනේ. …

Read More »

27 Dresses (2008) with Sinhala Subtitles | සුන්දර දෙවෙනි මනමාලිය [සිංහල උපසිරසි සමඟ]

විවාහ වෙන දවස කියන්නේ හැම ගෑණු ළමයෙක්ම හීන මවන දවසක්. ඒ දවස එනකන් හැම ගෑණු ළමයෙක්ම ඇඟිලි ගැන ගැන ඉන්නේ. ජේන් නිකලස් කියන්නෙත් ඒ වගේ අහිංසක බලාපොරොත්තුවක් තියෙන ගෑණු ළමයෙක්. එයාට ඉන්නවා නංගි කෙනෙක්.පොඩි කාලෙම අම්මා නැති වුන නිසා තාත්තට කරන්න අමාරු සමහර වැඩ කරන්න එයාට කරන්න සිදු වුනා.ජේන් විවාහ …

Read More »

Life As We Know It (2010) with Sinhala Subtitles | අපි දන්නා ජීවිතය [සිංහල උපසිරසි සමඟ]

රුෂානි දිසානායක සොහොයුරියගේ ලිපිය අද මම ඔයාලට ගෙනාවේ ගොඩක් ලස්සන චිත්‍රපටියක්.බයිස්කෝප් වෙබ් අඩවියේ මේකට ලිපියක් පලවෙලා තිබුනත් සිංහල උපසිරැසි නම් තිබුනේ නැහැ. චිත්‍රපටිය තමයි Life as We Know It. අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Greg Berlanti කියන අධ්‍යක්ෂකවරයා. IMDB අගය 6.6 වුන මේ චිත්‍රපටියේ ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙන්නේ Katherine Heigl සහ …

Read More »

Roswell (2000) [S02 : E21] with Sinhala Subtitles | ඇලෙක්ස්ගේ මිනීමරුවා[සිංහල උපසිරැසි සමඟ]

අද මම අරගෙන ආවේ Roswell දෙවෙනි කතා මාලාවේ අවසාන කොටස. ඔයාලට මතක ඇති ලිස්ගෙයි, මාරියාගෙයි හොඳම යාලුවෙක් වුන ඇලෙක්ස් අභිරහස් විදියට මැරුණා. එයාගේ මිනීමරුවා හොයාගන්න පුළුවන් වුනේ නැහැ.මේ කොටස අවසානයේදී ඇලෙක්ස්ගේ මිනීමරුවා කවුද කියල ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේම මැක්ස් ඇතුළු කණ්ඩායම තමන්ගේ ලෝකයට යන්න සුදානම් වෙන විදියත්, එයාල තමන්ගේ …

Read More »

Roswell (2000) [S02 : E20] with Sinhala Subtitles | බ්‍රෝඩි ද, ලාරෙක්ද? [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් හැමෝටම. ඔන්න ඉතින් Roswell දෙවෙනි කතා මාලාවෙත් අවසාන හරියට ලං වෙලා තියෙන්නේ. අද මම අරගෙන ආවේ 20 වෙනි කොටස. කතාවේ සාරාංශය නම් කියන්න බලාපොරොත්තුවක් නෑ අද. මේකේ කිව්වොත් බලන්න දෙයක් නැති වෙනව.මෙහෙම කියන්නම්. මේ කොටස බැලුවම ඔයාලට දැනගන්න පුළුවන් බ්‍රෝඩිගෙයි ලාරෙක්ගෙයි අතර තියෙන සම්බන්ධය මොකද්ද කියල. එහෙනම් බලන්නකෝ. …

Read More »

Roswell (2000) [S02 : E19] with Sinhala Subtitles | අලුත් සාමාජිකයෙක් [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් හැමෝටම. අද මම අරගෙන ආවේ Roswell දෙවෙනි කතා මාලාවේ 19 වෙනි කොටස.මේ කොටසේ ගොඩක් වැදගත් සිදුවීම් කිහිපයක්ම සිද්ධ වෙනවා. අපි හැමෝම දන්නවා පිටසක්වළ ජිවින්ගේ එකම අරමුණ මොකද්ද කියල. ඒ තමයි එයාලගේ සැබෑ නිවහනට යන එක. ඒකට මේ කොටසේදී මග සැලසෙනවා. ඒ වගේම පිටසක්වල ලෝකයට අලුත් සාමාජිකයෙක් එකතු වීමට …

Read More »

Roswell (2000) [S02 : E18] with Sinhala Subtitles | හෝඩුවාවක් පසුපස [සිංහල උපසිරැසි සමඟ]

අද අරගෙන ආවේ Roswell කතා මාලාවේ 18 වෙනි කොටස. ඔයාලගේ ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි. මේ කොටස ගැන කියනවනම්, මේ කොටසත් පසුගිය කොටසට සම්බන්ධයි. ලිස් මාරියාත් එක්ක යනවා ඇලෙක්ස්ගේ ගෙදර. එහෙදි ලිස් ඇලෙක්ස්ගේ කම්පුයුටර් එකේ තිබිලා ලොක් කරපු ෆයිල් එකක් හොයාගන්නවා. ලිස් ඒක උදව්වක් කරගෙන ඇලෙක්ස්ගේ මරණය සිදුවුනේ කොහොමද කියල හොයාගන්න …

Read More »

Roswell (2000) [S02 : E17] with Sinhala Subtitles | අභිරහස් මරණය [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න මම Roswell දෙවනි කතා මාලාවේ 17 වෙනි කොටසත් අරගෙන ආවා. වැඩිය දීර්ඝ ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ අද.මම මේ කොටසේ කතාව කෙටියෙන් කියන්නම්. මේ කොටසේදී Roswell කණ්ඩායමේ එක සාමාජිකයෙක් මරණයට පත්වෙනවා. ඒ කවුද කියල මේ කොටසින් ඔයාලට දැනගන්න පුළුවන්. හැමෝම ඒ මරණය රිය අනතුරක් නිසා සිදුවූ දෙයක් කියන අතරතුර, …

Read More »

Roswell (2000) [S02 : E16] |with Sinhala Subtitles | නැටුම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න Roswell දෙවනි කතා මාලාවේ 16 වෙනි කොටසත් අරගෙන ආවා. Roswell උසස් පාසලේ සිසුන්ගේ අවසාන හමුව තමයි මේ කොටසේ පෙන්වන්නේ. ඒකෙදි හැමෝම තමන් තෝරගත්තු සහකාරියක් හෝ සහකරුවෙක් එක්ක නර්තනයකට සහභාගී වෙන්න ඕන. අපි හැමෝම දන්නවා දැන් ලිස්, මැක්ස් එක්කත්, මාරියා, මයිකල් එක්කත්, ටෙස්, කයිලි එක්කත් සම්බන්ධයක් තියෙන බව. මේ කොටසේ …

Read More »

Roswell (2000) [S02 : E15] |with Sinhala Subtitles | ලාස් වේගාස් සවාරිය [සිංහල උපසිරැසි සමඟ]

අද අරගෙන ආවේ Roswell දෙවෙනි කතා මාලාවේ 15 වෙනි කොටස. මේ කොටස ආරම්භයේම මයිකල්ට නපුරු හීනයක් පේනවා. ඒ නිසා එයා හිතනවා මේ හැමදේම වෙන්නේ එයා ආතතියෙන් ඉන්න නිසා කියලා. එයාට ඕනවෙනව ඒ හැමදෙයින්ම ටිකක් ඈත්වෙන්න. ඔයාලට මතක ඇති මයිකල්ට ලෝරිගේ අංකල් දුන්නා $50,000ක වන්දි මුදලක්. එයා ඒ මුදලත් අරගෙන මැක්ස් …

Read More »

Roswell (2000) [S02 : E14] |with Sinhala Subtitles | පලිඟු රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න මම Roswell කතා මාලාවේ 14 වෙනි කොටසත් අරගෙන ආවා. ඔයාලට මතක ඇති 11 වෙනි කොටසේ ඉඳන් එක්තරා සිදුවීමක් අලලා තමයි දිගටම කතාව ඇදිලා ගියේ. මේ කොටස තමයි ඒ සිදුවීමේ අවසානය. ඔයාලට මතක ඇති මැක්ස් ඇතුළු කණ්ඩායම ලෝරි ඩුප්රී වලදාල තිබුන තැනින් හොයාගත්තු නිල් පාට පලිඟුව. එයාල ඒ ගැන බ්‍රෝඩිගෙන් …

Read More »

Roswell (2000) [S02 : E13] |with Sinhala Subtitles | කරදරකාරී හැසිරීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම අරගෙන ආවා Roswell දෙවනි කතා මාලාවේ 13 වෙනි කොටස.හෆොයි tv series එකකට sub දෙනවා කියන්නෙත් ලේසි වැඩක් නෙමේ. හි හි.. J එහෙනම් අද කොටසේත් සාරාංශය මම ඔයාලට කියන්නම්. මේකත් ඉතින් අර පිස්සු කෙල්ල ලෝරි ඩුප්රී ගැනම තමයි. පිස්සු කිව්වට එයාට ඇත්තටම පිස්සුද කියල ඔයාල බලන්න. මේකෙදි මයිකල් මාරියා …

Read More »

Roswell (2000) [S02 : E12] |with Sinhala Subtitles | ලෝරි ඩුප්රී [සිංහල උපසිරැසි සමඟ]

අද මම අරගෙන ආවේ Roswell දෙවෙනි කතා මාලාවේ 12 වෙනි කොටස. මුලින්ම කියන්න ඕන මේ කොටස පසුගිය කොටසට සම්බන්ධයි. මම මේ කොටසේ සාරාංශය පොඩ්ඩක් ඔයාලට කියන්නම්. ඔයාලට මතක ඇති පසුගිය කොටසින් පෙන්නුවා ඉසබෙලාගේ විශේෂ හැකියාව පාවිච්චි කරලා පණපිටින් වල දාපු ගෑණු ළමයෙක්ව හොයාගත්තා. ඇයගේ නම ලෝරි ඩුප්රී. මේ කොටසේ ඇය …

Read More »
error: Alert: Content is protected !!