You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 14 2019
Breaking News
Home / Sinhala Subtitle / වජිර රත්නායක

වජිර රත්නායක

Midnights Children (2012) with Sinhala Subtitles | රෑ මැදියමේ දරුවෝ [සිංහල උපසිරැසි සමඟ]

වර්ෂ 1947 අගෝස්තු 14 වැනි දින මැදියම් රැයේ කණිසමට, එනම් භාරතය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ග්‍රහණයෙන් නිදහස්වන අනුස්මරණීය මොහොතේ භාරත මාතාව සමග දෛවයේ යදමින් බැඳුණු එක්දහස් එකක් වූ “මායා දරුවන්ගේ” උත්පත්තිය ද සිදුවෙයි. මේ දරුවන් අතර බලවත් ම දරුවා වෙමින් “සලීම් සිනායි” උත්පත්තිය ලබන්නේ පරම්පරාගතව සිනායි පවුලට උරුම නාසයට හිමිකම් නො කියමිනි. …

Read More »

Uran Khatola (1955) with Sinhala Subtitles | ගගන යානය. [සිංහල උපසිරැසි සමඟ]

උතුරු ඉන්දියානු ජනශ්‍රැතිවලට අනුව “උඩන් ඛටෝලා” ( හෝ “උරන් ඛටෝලා” – මෙම වචනයේ නිවැරදි උච්චාරණය සිංහල අක්ෂරවලින් ලිවිය නොහැකි ය.)  යනු අතීතයේ අහසින් ගමන් බිමන් යාම සඳහා භාවිත කරනු ලදැයි කියැවෙන යානයකි. බොහෝ විට මෙය, රාවණ රජු සතුව තිබුණු බැව් කියැවෙන “දඬුමොනර යන්ත්‍රය” විය හැකි ය. එවන් ගගන යානයකින් එක්තරා …

Read More »

Devi (1960) with Sinhala Subtitles | දේවතාවිය. [සිංහල උපසිරැසි සමඟ]

“දේවී” යනු 1960 වර්ෂයේ තිරගත වූ වංග චිත්‍රපටයකි. “අපූ ත්‍රිත්වය”, “පොරේෂ් පථර්” සහ “ජල්සගාර්” යන සාර්ථක නිර්මාණවලින් පසුව වංග සිනමාකරු “සත්‍යජිත් රායි” විසින් මෙම කෘතිය නිර්මාණය කෙරෙන්නේ ඔහුගේ පූර්ව නිර්මාණයන්ට වඩා වෙනස් තේමාවක් සහිතව ය. හින්දු බහුදේවවාදය හා බැඳුණු, එහෙත් එම ආගමට අයත් යැයි ඍජුවම පැවසිය නොහැකි අන්ධ විශ්වාස භාරතීය …

Read More »

Jukti Takko Aar Gappo (1974) with Sinhala Subtitles | තර්කය, විවාදය සහ කථාන්ථරය [සිංහල උපසිරැසි සමඟ]

දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයකු මෙන් ම “වංග කවියකු” වූ “සුරේෂ් චන්ද්‍ර” ගේ පුත්‍රයකු ලෙසින් වර්තමාන බංගලිදේශයට අයත් “ඪකා” නගරයෙහි උපත ලද “ඍත්වික් කුමාර් ඝටක්” වංග දේශයේ ප්‍රමුඛ සිනමාකරුවකු වෙයි. වංග සිනමාවට “යථාර්ථවාදය” හදුන්වා දුන් සිනමාකරු වශයෙන් ද “ඉන්දියානු සමාන්තර රැල්ලේ” පුරෝගාමියකු වශයෙන් ද ඔහුට හිමි වන්නේ වැදගත් ස්ථානයකි. එසේ වුවත්, ඝටක් සම්බන්ධයෙන් …

Read More »

Mughal-E-Azam (1960) with Sinhala Subtitles | මූඝල් අධිරාජ්‍යය [සිංහල උපසිරැසි සමඟ]

ශ්‍රී ලංකාවේ “සාලිය – අසෝකමාලා” නොහොත් “දීඝ ගාමිණී – උන්මාද චිත්‍රා” නොහොත් “දස්කොන් – ප්‍රමිලා” ඓතිහාසික පෙම් පුවත හා සමානව භාරතීය ඉතිහාසයේ කියැවෙන ඓතිහාසික පෙම් කතාවක් වෙයි. එය නම්, “මහා අක්බර්” නම් මූඝල් (මෝගල්) අධිරාජයාගේ පුත්‍ර “සලීම්” හෙවත් “ජහාංජීර්”කුමාරයා හා පෙමින් බැඳුණු “අනාර්කලී” නම් වහල් තරුණිය පිළිබඳ කතාවයි. අද මා …

Read More »

Komal Gandhar AKA E-Flat (1961) with Sinhala Subtitles | කෝමල ගාන්ධාර ස්වරය [සිංහල උපසිරැසි සමඟ]

එකමත් එක කාලයක, “පද්මා” නම් නදිය හරහා “පාලමක්” වී ය. බෙංගාලයේ “නැගෙනහිර” සහ “බටහිර” ප්‍රදේශ යා කරමින් තැනුණු “දුම්රිය මාර්ගයක්” මෙම පාලම ඔස්සේ වැටී තිබිණි. කුඩා අවධියේ ඒ මාර්ගය ඔස්සේ දුම්රියෙන් “කල්කටාවට” ගිය අයුරු ඔහුට මතක ය. පාලම පසුකොට ඔහු නිවසට එනතුරු “අම්මා” ගං ඉවුරට වී බලා සිටි අයුරු ද …

Read More »

Mahal (1949) with Sinhala Subtitles | මන්දිරය [සිංහල උපසිරැසි සමඟ]

එදා මෙදාතුර “හින්දි සිනමාවේ” ගමන් මාර්ගය වෙනස් කිරීමට දායක වූ චිත්‍රපට, ගණනින් අතළොස්සකි. ඒ අතරට අනිවාර්යයෙන් ම එකතු වන නිර්මාණයක් වශයෙන් 1949වර්ෂයේ තිරගත වූ “මැහැල්” චිත්‍රපටය හඳුන්වා දිය හැකි ය. එක්තරා යුගයක “හින්දි සිනමාවේ” විශේෂ අවධානයට බඳුන් වූ “කමල් අම්රෝහි” නම් සිනමාකරුවා විසින් අධ්‍යක්ෂණය කෙරුණු මෙම කෘතිය, “අශෝක් කුමාර්” නම් …

Read More »

Bandini (1963) with Sinhala Subtitles | සිරකාරිය [සිංහල උපසිරැසි සමඟ]

උත්තර බෙංගාලයෙහි රාජකාරියෙහි යෙදුණු චාරු චන්ද්‍ර චක්‍රවර්ති නම් බන්ධනාගාර අධිකාරීවරයා විසින් සිරකාරියකගේ කතාවක් අලළා රචනා කෙරුණු “තමාෂා” නම් ප්‍රබන්ධ කතාව ඇසුරින් ප්‍රවීණ සිනමාකරු බිමල් රෝයි විසින් “බංදිනි” නම් හිංදි චිත්‍රපටය නිර්මාණය කර ඇත. 1963 වර්ෂයේ ප්‍රථම වරට තිරගත කෙරුණු මෙම සිනමා කෘතිය ඔහු විසින් නිර්මාණය කෙරුණු අවසාන වෘතාන්ත චිත්‍රපටයයි. ෆිල්ම්ෆෙයා …

Read More »

Free State of Jones (2016) with Sinhala Subtitles | ජෝන්ලාගේ නිදහස් ප්‍රාන්තය [සිංහල උපසිරැසි සමඟ]

1861 සිට 1865 දක්වා කාලය තුළ ඇමරිකා එක්සත් ජනපදයේ සිදුවූ සිවිල් යුද්ධය එරට ඉතිහාසයට කළු පැල්ලමක් වශයෙන් එකතු වන්නකි. එරට ඉතිහාසයේ කවදා හෝ සිදු වූ භයානකම ලේ වැගිරීම මේ සංසිද්ධිය නිසා සිදුවූවක් වන අතර පළමු හෝ දෙවන ලෝක යුද්ධවලදී පවා මෙහිදී සිදු වූ පමණ ඇමරිකානුවන් සංඛ්‍යාවක් ඝාතනය වී නැත. ශ්‍රේෂ්ට …

Read More »

Monihara (1961) with Sinhala Subtitles | මැණික් මාලය [සිංහල උපසිරැසි සමඟ]

ප්‍රවීණ සිනමාකරු සත්‍යජිත් රායි විසින් නිර්මාණය කරන ලද තීන්කන්‍යා නම් චිත්‍රපට ත්‍රිත්වයේ තුන්වැන්න මොනිහාරා නම් චිත්‍රපටයයි. එක්දහස් නවසිය හැට එක වර්ෂයේ පළමුවෙන්ම ප්‍රදර්ශනය කෙරුණු මෙම චිත්‍රපටය සඳහා පාදක වී ඇත්තේ වංග මහා ලේඛක රවීන්ද්‍රනාථ ඨාකූරයන් විසින් රචනා කෙරුණු එම නමින්ම යුතු කෙටිකතාවයි. රසික, විචාරක දෙපාර්ශ්වයේම නොමද ප්‍රසාදයට ලක් වූ මෙම …

Read More »

Post Master AKA Teen Kanya (1961) with Sinhala Subtitles | තැපැල් ස්ථානාධිපති [සිංහල උපසිරැසි සමඟ]

පෝස්ට් මාස්ටර් යනු 1961 වර්ෂයේ තිරගත කෙරුණු වංග චිත්‍රපටයකි. මහා ලේඛක රවීන්ද්‍රනාථ ඨාකූරයන්ගේ කෙටිකතාවක් ඇසුරින් සත්‍යජිත් රායි නම් සිනමාකරුවා විසින් නිර්මාණය කෙරුණු මෙම සිනමා නිර්මාණය ඔහුගේ තීන් කන්‍යා නම් චිත්‍රපට ත්‍රිත්වයේ පළමුවැන්නයි. පාඨක – විචාරක දෙපිරිසේම අවධානයටත් දෙස් විදෙස් සම්මාන උලෙළවල ඇගයීමටත් ලක්ව ඇති මේ සිනමා කෘතිය වර්තමානයේ පවා ශ්‍රී …

Read More »

Subarnarekha (1965) with Sinhala Subtitles | ස්වර්ණරේඛා නම් නදිය [සිංහල උපසිරැසි සමඟ]

එක්දහස් නවසිය හතලිස් හත වර්ෂයේදී ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් වෙතින් නිදහස ලැබීමත් සමග බෙංගාලය දෙකඩ වීම ඉන්දීය ඉතිහාසයේ සැලකියයුතු සිදුවීමකි. බෙංගාලයේ නැගෙනහිර ප්‍රදේශය එනම් වර්තමාන බංගලිදේශ භූමිය පකිස්ථානයට හිමිවීම ආගමික පදනම මත සිදු වූවකි. මේ නිසා එම ප්‍රදේශයේ විසූ හින්දු භක්තිකයන් විශාල පිරිස් වශයෙන් සරණාගතයන් ලෙස බටහිර බෙංගාලයට සංක්‍රමණය වන්නට වූහ. 1965 …

Read More »

Water (2005) with Sinhala Subtitles | මතකයෙන් මකා හළ ගැහැනු [සිංහල උපසිරැසි සමඟ]

දෙදහස් පහ වර්ෂයේ ප්‍රථම වරට තිරගත වූ වෝටර් වනාහි ඉන්දු-කැනේඩියානු නිශ්පාදනයක් වශයෙන් නිර්මාණය වූ හින්දි චිත්‍රපටයකි. ඉන්දියාවේ පෙරළිකාර සිනමාවේදිනියක ලෙස සැලකෙන දීපා මෙහෙතා විසින් නිර්මාණය කරන ලද මෙම චිත්‍රපටය තුන් ඈඳුතු චිත්‍රපට පෙළක අවසන් චිත්‍රපටයයි. මෙයට පෙර ඇය විසින් නිර්මාණය කෙරුණු ෆයර් (1996) සහ අර්ත් (1998) යන හින්දි සිනමා නිර්මාණ …

Read More »

Titas Ekti Nodir Naam AKA A River Called Titas (1973) with Sinhala Subtitles | තිතාෂ් නැමැති නදිය [සිංහල උපසිරැසි සමඟ]

තිතාෂ් එක්ඨි නොදීර් නාම් යනු 1973 වර්ෂයේ නිර්මාණය වූ බංගලිදේශ වංග චිත්‍රපටයකි. ප්‍රකට වංග නවකතාකරුවකු වන අදෛබ්තමල්ල බර්මන් විසින් 1956 වර්ෂයේ දී එම නමින්ම යුතුව ලියා පළකරන ලද නවකතාව ඇසුරින් ඍත්වික් කුමාර් ඝටක් නම් සිනමාවේදියා විසින් නිර්මාණය කරන්නට යෙදුනු මෙම චිත්‍රපටය ඔහුගේ සිනමා නිර්මාණ අතර විශිෂ්ටතම නිර්මාණයයි. බංගලිදේශයේ තිතාෂ් නදිය …

Read More »

Devdas (1955) with Sinhala Subtitles | දේවදාසයෝ [සිංහල උපසිරැසි සමඟ]

මෙම සිනමාපටයට සොහොයුරන් දෙදෙනෙකු උපසිරසි එවා තිබූ බැවින් දෙදෙනාටම අසාධාරණයක් නොවන පරිදි දෙදෙනාගෙම උපසිරසි පල කිරීමට තීරණය කළෙමු. වජිර රත්නායක සොහොයුරා විසින් එවන ලද ලිපිය… හින්දි සිනමාකරු බිමල්රෝයිගේ දේව්දාස් හින්දි චිත්‍රපටය පළමුවෙන්ම නරඹන විට මගේ වයස, මගේ මතකයේ හැටියට අවුරුදු දහ තුනක් හෝ දහ හතරක් පමණ  වන්නට ඇත. එවක ජාතික …

Read More »

Meghe Dhaka Tara (1960) with Sinhala Subtitles | වලාකුළු ගිලගත් තරුවක් [සිංහල උපසිරැසි සමඟ]

මේඝේ ධකා තාරා චිත්‍රපටය පිළිබඳව පළමුවෙන්ම මට අසන්නට ලැබුණේ මගේ ආචාර්යවරයකු වන රජරට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සූරියබණ්ඩාර ගොඩිගමුව මහතා වෙතිනි. සිනමා සංගීතය පිළිබඳව සාමාන්‍ය  කතාබහක යෙදී සිටින අතරතුර ඔහු “ලස්සන මියුසික් තියෙන චිත්‍රපටයක් තියෙනවා හැකිනම් සොයා දෙන්න” යනුවෙන් මගෙන් ඉල්ලීමක් කළේ මේ චිත්‍රපටයේ තොරතුරු සඳහන් කරමිනි. ඒ අනුව බාගත කරගත් …

Read More »

Sahib Bibi Aur Ghulam (1962) with Sinhala Subtitles | මහත්මයයි භාර්යාවයි මස්සිනයි [සිංහල උපසිරැසි සමඟ]

භූත්නාත් බාබු ෆතේපූර් නම් පිටිසර ගම්මානයේ සිට කල්කටාවට පැමිණෙන්නේ රැකියාවක් අපේක්ෂාවෙනි. ඔහුගේ මස්සිනා විසින් ඔහුට, තමන් සේවය කරන සමින්දාර් මන්දිරයේ නවාතැන් සලසා දෙයි. සුරාලෝලී, ස්ත්‍රීලෝලී ධනවතකු සහ ශෝකයට පත් භාර්යාවක අතරට මැදි වන්නට එහිදී ඔහුට සිදු වේ. වසරින් වසර කාලය ගතව යද්දී සමින්දාර් මන්දිරය ක්‍රමයෙන් ගරා වැටෙයි. එහි නිවැසියන්ගේ ජීවිත …

Read More »

Fiza (2000) with Sinhala Subtitles |ඍතුව… [සිංහල උපසිරැසි සමඟ]

හින්දු භක්තිකයන්ට අනුව අයෝධ්‍යාහි බබ්රි මස්ජිද් මුස්ලිම් පල්ලිය, මූඝල් අධිරාජ්‍යය යුගයේ ඉදිකෙරෙන්නේ රාම දෙවිඳුන් උපන් ස්ථානයේ පිහිටි රාම දෙවොල ගලවා ඉවත් කිරීමෙනි. ඉතිහාසගත කාලයක පටන් මේ සම්බන්ධයෙන් හින්දුන් තුළ පැවති විරෝධතා අවසන් වන්නේ 1992 දෙසැම්බර් මස 06 වන දින විසි පන් දහසක හින්දු සේනාවක් විසින් බබ්රි මස්ජිද් මුස්ලිම් පල්ලිය ගඩොලින් …

Read More »
error: Alert: Content is protected !!