You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , December 12 2019
Breaking News
Home / Sinhala Subtitle / ශාන් විමුක්ති (page 4)

ශාන් විමුක්ති

7 Days in Entebbe (2018) Sinhala Subtitle | ලොව සාර්ථකම මුදවා ගැනීමේ මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ]

1976 වසරේ ඊශ්‍රායල් හමුදාවන් ලෝකේ විශිෂ්ටතම ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ මෙහෙයුම් වලින් එකක් දියත් කරනවා ඊට පස්සේ 2018 දි හොලිවුඩ් වලින් ඒ ගැන සිනමාපටයක් නිර්මාණය වෙනව. සිනමා ශාලවකින් ඒක නරඹන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙ සේවය කරපු වෛද්‍ය, ලුතිනන් කර්නල් චන්න කරුණාරත්න  මහත්තයා තමන්ගේ ෆේස්බුක් එකේ මෙන්න මේ වගේ සටහනක් දානවා. ඉතිං …

Read More »

Journey’s End (2017) Sinhala Subtitle | යුද්දයක් කියන්නේ හැම පැත්තකින්ම වෙන විනාශයක්. [සිංහල උපසිරැසි සමඟ]

මං දන්නවා සැහෙන දෙනෙක් කැමතියි ලෝක යුද්දය ඇසුරින් නිමවුන කතා බලන්න. හැබැයි හැම වෙලේම වගේ අපිට දකින්න ලැබෙන්නේ දෙවැනි ලෝක යුද්ධය ඇසුරින් නිමවුණ සිනමාපට හෝ කතා. හේතුව තමා පළමු ලෝක යුද්දයට ඇමරිකාව වැඩිය සෘජුව සම්බන්ධ නොවීම සහ හොලිවුඩ් කියන්නේ ඉතිං බහුතරයම ඇමරිකාව වීම. පළමු ලෝක යුද්දයේදී  මිත‍්‍ර පිලේ රටවල්- මහා …

Read More »

Love, Simon (2018) Sinhala Subtitles | ක්‍රේල් කොණ්ඩෙටයි බෝල ඇස් දෙකටයි හැම කොල්ලම අහුවෙන්නේ නෑ. [සිංහල උපසිරැසි සමඟ]

කට්ටිය කියනවනේ ක්‍රේල් කොණ්ඩයකටයි බෝල ඇස් දෙකකටයි පුළුවන් කියල කොල්ලෙක්ව පිස්සු වට්ටන්න.. ඒත් ඒ මායමට අහුවෙන්නේ නැති කොල්ලෝ ඉන්නවා. මේ කතාව අන්න ඒ වගේ ක්‍රේල් කොණ්ඩයකටයි බෝල ඇස් දෙකකටයි අවුරුදු 13කම අල්ලගන්න බැරිවෙච්ච කොල්ලෙක් ගැන.කොල්ලගේ නම තමා සයිමන්. ලියා එහෙමත් නැතනම් අපි මේ දවස්වල හොඳට දන්න හැනා. Katherine Langford තමා මේ බෝල කෙල්ල. ඉතිං …

Read More »

13 Reasons Why [S02 : E08] with Sinhala Subtitles | ලසෝ ගී ලියූ කිරිල්ලියද ඈ…? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් චාමරගෙ ඉල්ලීමට හැනාගේ හේතු 13 දෙවැනි කතා මාලාවට දායකත්වයක් දෙන්න ආව මාත්. කතාව බලන්න ගත්තු දා ඉඳලා හැනාව දකින දකින වාරයක් පාසා හදවත පාරගෙන තමා එපි 13ම බැලුවේ ගිය පාර. ඉතිං මේ පාරනම් තවම මට  මේ එපිසෝඩ් එක ඇරෙන්න මුල් එපියවත් බලන්න උනේ නැහැ මේ ලිපිය ලියන මොහොත …

Read More »

In Darkness (2018) Sinhala Subtitle | පෙනීම නොමැතිවත් පෙනීම. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම බලන්න ෆිල්ම් එකේ ට්‍රේලර් එක, මේක නොබලා ඉන්න නම් හදන්නේ රේටින් ගානෙන් ෆිල්ම් එක මැනලා. ලොකු වරදක් කරගන්නේ. ට්‍රේලර් එකෙන් පස්සේ ලිපිය කියවන්න ඕනකමක් නැතිවෙයි ගොඩක් අයට. හේතුව ටිකක් වෙනස් ආකාරයේ කතා තේමාවක් රැගත් කතාවක්. මේ කතාවට imdb 6.0ක අගයක් ලැබෙනව. ප්‍රධාන චරිතය විදියට එකතු වෙන්නේ Natalie Dormer ගේම් ඔෆ් ත්‍රෝන් …

Read More »

Lost in Space (2018) [S01 : E10] Sinhala Subtitles | රොබෝ ග්‍රහලොව. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් යාන්තම් ඔට්ටු වෙලා කතාවේ අවසාන කොටස අරගෙන ආවා, කතාව අරගෙන එන්න උදව් කරපු සමීර කරුණාරත්න සහෝට වගේම මම පමාවෙනකොට ඉවසා වදාරපු හැම කෙනෙක්ටමත් බොහොම ස්තුතියි. මේ කතාවට සෙට් උනේ රත්‍රන් රසික පිරිසක්. හිතා මතා පමා කරපුව නෙමේ ඉතිං තියෙන වැඩත් එක්ක එහෙ මෙහෙ උනා ටිකක් ඉතිං. එහෙනම් ඔන්න …

Read More »

Lost in Space (2018) [S01 : E09] Sinhala Subtitles | අනතුරක් ඩොක්ටර් ස්මිත් [සිංහල උපසිරසි සමඟ]

මදැයි කොලා, එක පාරම ප්‍රතිචාර දක්වන්න ගත්තු රෙසලුට් මව් යානයත් පැය 24 කක්ෂයෙන් ඉවත් වෙනවා. ඒ යානය සම්බන්ධ කරගන්න තිබ්බ එකම අවස්තාව වෙච්ච ඩොන් ජෝන් දෙන්න රැගත් ජුපිටර් 4 යානය අර කාලකන්ණි හොර දොස්තර නිසා විනාස වෙලා ගියා.. නිකම් නෙමේ ළමයින්ට බලන් ඉන්න සිද්දවුනා තමන්ගේ තාත්තා තමන්ගේ ඇස් ඉදිරියේ ඉහල …

Read More »

Legion [S02 : E06] Sinhala Subtitles | ඩේවිඩ්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මාවල්ලගේ සයිකෝ සිරිස් එකේ දෙවැනි කතා සමයේ හයවෙනි කතාංගය. එහෙමත් නැත්නම් සිරිස් එකේම 14 වැනි පරිච්ච්ජේදය. මේ වෙනකම් කතාව පොඩ්ඩක් මතක් කලොත්. මේ වෙනකොට ෆරුක් ඩේවිඩ්ව කැමති කරවාගෙන ඉන්නේ එයාගේ සිරුර හංගල තියෙන තැන හොයාගන්න. ඒත් භික්ෂුවක් නිසා වැඩේ ලෙහෙසි වෙන්නේ නැහැ. අන්තිමේදී අභිරහසක් ඉතුරු කරමින් භික්ෂුව සියදිවි …

Read More »

Lost in Space (2018) [S01 : E08] Sinhala Subtitles | අවසන් බලාපොරොත්තුව.[සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හති දාගෙන අටවෙනි කතාංගය, දකින්න ඇතිනේ ගිය සුමානේදී කට්ටිය ඉන්න ග්‍රහ ලෝකෙන් හැමෝටම යන්න ඕනකරන ඉන්ධන ටික අරගෙන එනකොට මගදී වෙච්ච අවාසනාවන්ත අනතුරක් නිසාවෙන් දැන් ඉන්ධන තියෙන්නේ ටික දෙනෙක්ට විතරක් මේ ග්‍රහ ලෝකෙන් පිටවෙන්න. ඒ වගේම විජේ හරහා වික්ටර් දැනගන්නවා ඒ දැනගත්ත වහාම වික්ටර් තියෙන ඉන්ධන වලින් තමන්ගේ …

Read More »

Lost in Space (2018) [S01 : E07] Sinhala Subtitles | අපතේ ගිය ඉන්ධන. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හති දාගෙන හත්වෙනි කතාංගය, එක දිගට දෙන්න ගත්ත විතරයි පහුවදා කන්දක් නගින්න සෙට් උනා ඊට පහුවදා උණ ඉතිං නිවාඩුව එහෙම්ම නාස්ති උනා මාසේ අන්තිම වෙනකොට සබ්කෙ ටික දීලා ඉවර කරගන්න බැරිවුනා මේ සුමානෙම අධ්‍යාපන වැඩ වැටුන නිසා. ඉවසා වැදෑරු සැමට ස්තුතියි ඒ වගේම පමාවට සමාව පොලු තියන්නේ නැහැ …

Read More »

Legion [S02 : E05] Sinhala Subtitles | මිතුරිය සහ සොයුරිය [සිංහල උපසිරැසි සමඟ]

පාරුවේ පුවක් මත සයිකෝ සිරිස් එකේ එපියක් කරන්න සිද්දවුණා ඔන්න. කො යකෝ ලොස්ට් ඉන් ස්පේස් කියල අහන්න එපා ඒකත් අද හෙටම දෙනවා. එහෙනම් මතක ඇතිනේ මානසික වෛරසය පැතිරුවේ වෙනින් කවුරුවත් නෙවෙයි භික්ෂුව කියලා. ඊටත් පස්සේ එයා එක තුන්වැනි කාර්යාංශයෙ අයටත් පතුරන්න ගත්තා. ඒකෙන් සෑහෙන දෙනෙකුට වෛරසය වැළදිලා ලොකු ප්‍රශ්නයක් ඇතිවුනා. …

Read More »

Lost in Space (2018) [S01 : E06] Sinhala Subtitles | හොඳ හොඳ සෙල්ලම්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හයවෙනි රවුම දුවනවා, තවම නම් හතියක් නැහැ ලැබෙන සප් එක නිසා. මේක තමයි මේ කතාවේදී අපිට හම්බෙන දීර්ඝතම ධාවන කාලයක් හිමි කතාංගය. ගිය සුමානේ දකින්න ඇතිනේ අර ජරා හොර දොස්තරයා ස්මිත් කරපු ජරාම ජරා වැඩේ.. අර කැලේ හිටිය සතාට ඇතුලට එන්න ඉඩ ඇරලා රෙසලුට් එක සම්බන්ධ කරගන්න හදාපු …

Read More »

Lost in Space (2018) [S01 : E05] Sinhala Subtitles | සුපුරුදු අමුත්තෙක්.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් සමිරගෙන් පස්සේ බැට්න් එක මං ගත්තා මේ මාසය ඇතුලට ඉතුරු සියල්ලටම උපසිරසි ලබා දීලා ඉවරයක් කරන්න ගොඩක් උත්සහ කරනවා. වැඩ ටික ඉවර කරලදාලා අද හවස ගෙදර ආව ගමන් සබ් එක කරන්න ගත්තේ අදම දෙන්න ඔනවුණ නිසා මේ කොටස. ඉතිං මේ වෙනකම් කතාව බලපු අයට ටෙරානෝවා, ද 100 වගේ …

Read More »

The Walking Dead [S08 : 16] Sinhala Subtitles | එයාව බේරන්න! [සිංහල උපසිරසි සමඟ]

මල කෙලියයි ජුලි හතයි කියාල්ලකෝ, තව එපියක් තිබිල නොවැ.  ගිය සුමානේ කිව්වේ අන්තිම එපිය කියලනේ ඒත් ඉවරයි කිව්වට ඉවරටම ඉවර වෙලා නෑ තව එපියක් තිබිලා. ඔන්න එහෙනම් අදවත් මට නිදහස් වෙන්න දිහල්ලා… 😛 නිගන් ආයෙත් වතාවක් ඔන්න එහෙනම් ගේම ගැහුවා. ඩ්වයිට් ඩබල් ක්‍රොස් කරපු එක නිගන් ත්‍රිබල් ක්‍රොස් කළා වගේ …

Read More »

The Walking Dead [S08 : 15] Sinhala Subtitles | අවසානයක ඇරඹුම! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් වොකින් ඩේඩ් අරගෙන ආව. අටවෙනි සීසන් එකේ පාලොස්වැනි එපිසෝඩ් එක එක.. මේ කතාංගයෙන් මේ සීසන් එක ඉවර වෙනවා. 😀 ආයේ 2018 වසරේ අග භාගයේදී සීසන් 9 සමගින් මුණගැහෙන්න කැමැත්තක් තිබ්බත් වැඩි විස්වාසයක් නැහැ ඊළඟ කතා සමය අරගෙන එන්න ඉඩ ලැබෙයිද කියල. මේ අවුරුද්දේ අන්තිම කාලේ උපසිරසිකරණයෙන් ඈත් වෙන්න …

Read More »

The Walking Dead [S08 : 14] Sinhala Subtitles | අවසානයට පෙර කතා! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් වොකින් ඩේඩ් අරගෙන ආව. අටවෙනි සීසන් එකේ දාහතරවැනි එපිසෝඩ් එක එක.. ලබන සුමානේ කතාංගයෙන් මේ සීසන් එක ඉවර වෙනවා. ආයේ 2018 වසරේ අග භාගයේදී සීසන් 9 සමගින් මුණගැහෙන්න පුළුවන් වෙයි.  හැම එක්කෙනාම තීරණ ගන්න ගියාම වෙච්ච දේ දැක්කනේ. මොන මගුලක්ද මන්දා රික් හැම වෙලාවේම ඉල්ලන් කන්නේ වෙන වෙන …

Read More »

The Walking Dead [S08 : 13] Sinhala Subtitles | වන්දිය! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් වොකින් ඩේඩ් අරගෙන ආව. අටවෙනි සීසන් එකේ දහතුන්වැනි එපිසෝඩ් එක එක.. ගියසුමානේ සහ ඊට පෙර සුමානේ කොටස් දෙක අරගෙන ආව සමීර සහෝට බොහොම ස්තුතියි. මතක ඇතිනේ මේ වෙනකම් කතාව. මේ වෙනකොට රික් නිගන්ව පාලු ගොඩනැගිල්ලක හිරකරගෙන හිටියා. කොහොමහරි අන්තිමේදී අපි දැක්ක දේ මතකනේ. රික් මෝඩයා.. හද්ද ගොනා. ඒ …

Read More »

Jessica Jones [S02 : E01] Sinhala Subtitles | මුල ඉඳලම පටන් ගමු… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ජෙසිකා ජෝන්ස් දෙවැනි කතාසමය අරගෙන ආව. වැඩි දෙනෙක් ජෙසිකා ජෝන්ස් එකට කැමති නෑ. සුපර්ගර්ල් එකට වඩා සිය දහස් ගුණයක් කතාව හොඳ උනත් දකින දකින තැන ජෙසිකට බැනපු කතා තමයි දකින්න තියෙන්නේ. කොහොම උනත් ජෙසිකා ජෝන්ස් තමා මම කොමික් ටීවී සිරිස් එහෙක දැක්ක හොඳම වීරවරිය. මාවල් නෙට්ෆ්ලික්ස් හවුල කියන්නේ …

Read More »

Life (2009) [E07] Sinhala Subtitles | ජීවිතය : දඩයම් කරන්න එසේ නොමැතිනම් දඩයම් වන්න… [සිංහල උපසිරැසි සමග]

මේ ලෝකෙට බිහිවෙන ජීවි-අජීවී හැම දේකටම උපන්දිනයක් තියෙනව, හැබැයි ඒ දිනය මතක තියාගෙන ඉඳල සමරන්නේ මිනිස් ජීවින් විතරයි, 2009 මාර්තු 10 වෙනිදා මෙලොව එලිය දුටු ‘බයිස්කෝප් සිංහලෙන්’ නමැති සයිබර් ජීවියාගේ දැන් වයස අවුරුදු 9ක්. ඉතිං අද උදෑසන පළකරපු පොස්ට් එකෙන් දැනටමත් ඒ ගැන ඔයාල දන්නවනෙ. ඉතිං මෙතෙක් කල් අප සමග …

Read More »

The Walking Dead [S08 : 10] Sinhala Subtitles | එක එක චරිත! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් වොකින් ඩේඩ් අරගෙන ආව. අටවෙනි සීසන් එකේ දහවෙනි එපිසෝඩ් එක එක.. ගියසුමානේ කාල් මැරුණත් එක්කම පරණ චරිත වලින් දැන් ඉන්නේ රික් දුව මිශෝන් සන මැගී විතරයි. මගේ මතකය හරිනම් මැගී එකතුවුනේ තුන්වෙනි කතා සමයෙන් මිශෝන් ආවේ හිරගෙදර සිද්දියෙන් පස්සේ ඒ වගේමයි ළමයත්. මේ වෙනකොට ගැලවුම්කාරයෝ සේරම එලියට පැනගෙන. …

Read More »
error: Alert: Content is protected !!