You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , December 10 2019
Breaking News
Home / Sinhala Subtitle / සිසිල ප්‍රසාද් (page 3)

සිසිල ප්‍රසාද්

Okka Kshanam (2017) Sinhala Subtitles | සමාන්තර ජීවිතයක් තුල මරණයට එරෙහිව යුධ වැදුණු අසීමාන්තික ආදරය! [සිංහල උපසිරැසි සමඟ]

ජීවිතය! හරි පුදුමාකාර දෙයක්. විටෙක සුන්දරයි. තවත් විටෙක භයංකරයි. කෙනෙක්ට කියන්න පුළුවන් තමන් ජීවිතය විඳිනවා කියලා. ඒ වගේම, තවත් කෙනෙක්ට කියන්න පුළුවන් තමන් ජීවිතය විඳවනවා කියලා. මේ මොහොතේ හිනාවෙලා සතුටෙන් ඉන්න අපිම, තව නිමේෂයකින් දුකින් වැළපෙන්න පුළුවන්. මේ වෙලාවේ දුකින් වැළපෙමින් ඉන්න කෙනෙක්, තව නිමේෂයකින් සතුටින් ඉපිලෙන්න පුළුවන්. ඒ වගේම, …

Read More »

Manhunt (2017) Sinhala Subtitles | සුපිරි ශක්ති වර්ධක එන්නතේ අබිරහස! [සිංහල උපසිරැසි සමඟ]

ඩු-කුයි කියන්නේ වෘත්තියෙන් නීතීඥයෙක්. සාමාන්‍ය නීතීඥයෙක් නෙමෙයි, බොහොම දක්ෂ නීතීඥයෙක් විදියට තමයි ක්ෂේත්‍රයේ පිළිගැනීම ලැබිලා තිබුනේ. මේ නිසාම, ටෙන්ජින් නම් ඖෂධ සමාගමේ නීතීඥයා විදියට සේවය කිරීමට ඩු-කුයිට අවස්තාව ලැබුණා. කතාවක් තියෙනවනේ, වැඩකාරයට බොරු බෑ කියලා. ඉතිං, ඒ වගේ තමයි, තමන්ගේ වෘත්තීමය දක්ෂතාවය නිසා වසර කීපයක් ඇතුලත මේ ටෙන්ජීන් කියන ඖෂධ …

Read More »

Bleeding Steel (2017) Sinhala Subtitles | යාන්ත්‍රික හදවතකින් බලගැන්වූ ජෛව විද්‍යාත්මක රණශූරයෙකුගේ වියරුව! [සිංහල උපසිරැසි සමඟ]

මේ ලිපිය කියවන ඔබත් කවදා හරි අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි වේවි. එහෙම නැත්නම්, දැනටම අම්මා කෙනෙක් හරි, තාත්ත කෙනෙක් හරි වෙන්න ඇති. අම්මා කෙනෙක්ගෙන් හරි තාත්තා කෙනෙක්ගෙන් හරි තමන්ට වටිනාම වස්තුව මොකක්ද කියලා ඇහුවොත්, එයාලා දෙපාරක් හිතන්නේ නැතුව උත්තර දේවි, තමන්ගේ දරුවන් කියලා. කවුරුහරි කෙනෙක් මව්පිය සෙනෙහස කියන්නේ …

Read More »

Tiger Zinda Hai (2017) Sinhala Subtitles | රුදුරු ඉරාක බිමේ, හෙදියන් මුදවා ගැනීමේ මාරක මෙහෙයුම! [සිංහල උපසිරැසි සමඟ]

ත්‍රස්තවාදය කියන්නේ මේ ලෝකෙට නුහුරු නුපුරුදු දෙයක් නම් නෙමෙයි. මේ ගතවෙන මොහොතක් මොහොතක් පාසා ලෝකේ කොතැනක හරි ත්‍රස්තවාදය නිසාවෙන මිනිස් ජීවිත අහිමි වෙනවා ඇති. ඒ වගේම, දේපල විනාශවෙනවා ඇති. සමස්ත ලෝකයම ගත්තොත්, ඉරාක දේශය කියන්නේ ත්‍රස්තවාදය දරුණුවටම පවතින්නාවූ රටක්. විශේෂයෙන්ම, ඒකාධිපති පාලක සදාම් හුසේන්ගේ පාලන තන්ත්‍රය බිඳ වැටීමෙන් අනතුරුව ඉරාකය …

Read More »

Maayavan (2017) Sinhala Subtitles | වියරු විද්‍යාඥයාගේ අමරණීයත්වයේ උන්මාදය! [සිංහල උපසිරැසි සමඟ]

ඔයා කවුද? මොකක්ද මේ විකාර ප්‍රශ්නය? ගොඩක් දෙනෙක් එහෙම හිතනවා ඇති. මේ මිනිහට පිස්සු! ගොඩක් දෙනෙක් එහෙමත් හිතනවා ඇති. නැහැ! මට පිස්සු නැහැ. මං ආපහු සැරයක් අහන්නම්. “ඔයා කවුද?” ඔන්න එතකොට ඔයා ඔයාගේ නම කියලා උත්තර දේවි. ඒක කොහොමද සිද්ධවුණේ. ඔයාගේ අම්මයි තාත්තයි ඔයාට නමක් දීලා තියෙනවා. අනිත් හැමෝම ඔයාට …

Read More »

Thong Dee Fun Khao (2017) Sinhala Subtitles | බිඳුණු අසිපතේ අනභිබවනීය රණ ශූරයා! [සිංහල උපසිරැසි සමඟ]

ලැබුවා වූ 2018 වර්ෂය, බයිස්කෝප්වාසී සියලු දෙනා හට, සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා! ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ තායිලන්තය කියන්නේ ලොවට විශිෂ්ඨ සටන්කරුවන් බිහිකලා වූ තෝතැන්නක්. බුදුදහමින් මැනවින් පෝෂණය වුණා වූ මෙම භූමිය, ඈත අතීතයේ පටන්ම, තම දේශයටම ආවේණික වූ පාරම්පරික සටන් ක්‍රම තුලින් විශිෂ්ඨ ඝනයේ සටන්කරුවන් රාශියක් …

Read More »

Reset (2017) Sinhala Subtitles | කාලය-අවකාශය හරහා දෙලොවක් යා කල මව් සෙනෙහස! [සිංහල උපසිරැසි සමඟ]

අම්මා! මේ ලෝකේ උතුම්ම පදවිය. බුදුන්ට පමණක් දෙවැනි වන්නා වූ, ගෙදර බුදුන් තමයි, අම්මා! දස මසක් කුසේ දරාගෙන සිට, මෙලොවට බිහි කරන්නා වූ දරුවා හට තම රුධිරය කිරි බවට හරවා පෝෂණය කරන්නා වූ මිහිපිට දෙවියන්… අම්මා! තමන් හරි හැටි නොකා නොබී, තමන්ගේ කොටසත් දරුන්ව හට කන්න දී, ඒ දෙස බලා …

Read More »

Richie (2017) Sinhala Subtitles | සාගර පතුලේ සිට රැගෙන ආ පෞරාණික ප්‍රතිමාවේ ශාපය! [සිංහල උපසිරැසි සමඟ]

මේ කතාව දශක ගණනාවකට කලින් සිදුවෙච්ච කතාවක්. මුහුදු තීරයේ තිබිච්ච ගමක, මසුන් සහ මුහුද තමන්ගේ ජීවිකාව කරගත්ත ධීවරයෙක්ට අහම්බෙන් නිධානයක් හම්බුණා. ඒ තමයි, ‘මිත්‍රත්වය.’ ඉතිහාස කතා වල වචන දෙකක් නැවත නැවතත් භාවිතාවේ යෙදුනා. දෙවැනි වචනය තමයි “බය” කියන එක. ද්‍රෝහී වෙන්න උල්පන්දම් දේවි කියන බය. ඉතිහාසය තුල නැවත නැවතත් සිදුවෙච්ච …

Read More »

Flatliners (2017) Sinhala Subtitles | හදවත නිමේශයකට නතර කරමින්, මරණින් මතු ජීවිතය කරා… [සිංහල උපසිරැසි සමග]

කවුරුහරි කෙනෙක් මගේ අතින් අල්ලගෙන, මාව එක්කගෙන යනවා වගේ හැඟීමක් මට දැනුණා. මුලින්ම මං දැක්කේ ආලෝකයක්. ලොකු ආලෝක කදම්බයක්. දීප්තිමත්ව. එක සැරේටම, මං හිටියෙ වෙනස්ම තැනක. පිරිසිදු ශක්තිය. මං අත්විඳපු දේ විස්තර කරන්න මං ළඟ වචන නැහැ. මේකෙදි, ශරීරයෙන් පිටවීමේ අත්දැකීම ලබාගන්න මට පුළුවන් වුණා. මාව පිටිපස්සට ඇදගෙන යනවා වගේ …

Read More »

Golmaal Again (2017) Sinhala Subtitles | සිනහව – කඳුල අතරේ දෝලනය වූ වියරු පළිගැනීම! [සිංහල උපසිරැසි සමඟ]

ගෝපාල්, මාධව්, ලකී, සහ ලක්ෂ්මන් දෙදෙනා යන පස් දෙනා කුඩා කාලයේ පටන්ම ජීවත් වුනේ ජම්නාදාස් යන පුද්ගලයා විසින් පවත්වාගෙන යනු ලැබූ ජම්නාදාස් අනාථ ආශ්‍රමයේ. ළමයි කොහොමත් දඟකාරයි. හැබැයි, මේ ළමයි පස් දෙනා නම් අනිත් හැම ළමයෙක්ටම වඩා දඟකාර වුණා. කොයි වෙලාවෙත් මොකක්හරි මගෝඩි වැඩක්ම තමයි කලේ. මේ පස්දෙනා අතුරින් ගෝපාල් …

Read More »

The Foreigner (2017) Sinhala Subtitles | මාරක බෝම්බ ප්‍රහාරයෙන් ඉස්මතු වූ, පිය සෙනෙහසේ වියරු පළිගැනීම! [සිංහල උපසිරැසි]

දෙමව්පියන්ට මේ ලෝකේ තියෙන වටිනාම සම්පත තමයි දරුවෝ කියන්නේ. කතාවක් තියෙනවා, උනහපුළු අම්මට උගේ පැටියා මැණිකක් කියලා. තමන්ගේ දරුවා කොච්චර කැත වුනත් අම්මා කෙනෙක්ට, තාත්තා කෙනෙක්ට පේන්නේ ලෝකේ ඉන්නේ ලස්සනම දරුවා තමන්ගේ දරුවා කියලයි. තමන්ගේ දරුවා මොන අන්දමේ ආබාධයකින් පෙළුනත්, අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට පේන්නේ, ලෝකේ ඉන්න හොඳම ළමයා තමන්ගේ …

Read More »

Rendel (2017) Sinhala Subtitles | වියරු පළිගැනීමෙන් උපත ලැබූ ඝාතකයා! [සිංහල උපසිරැසි]

කාටවත් කරදරයක්, හිංසාවක් නැතුව ජීවත් වෙච්ච අහිංසක මනුස්සයෙක්. බිරිඳයි, පුංචි දියණියයි තමයි මුළු ලෝකයම වුනේ. රැකියාවක් විදියට ආයතනයක මූල්‍ය අධ්‍යක්ෂක කෙනෙක් විදියට වැඩ කළා. හැබැයි, හොඳ මිනිස්සුන්ට වරදින්න වැඩි කාලයක් යන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා. ඒ කතාව සැබෑවක් කරමින් මේ අහිංසක මනුස්සයටත් වැරදුණා. නිකරුනේ රැකියාවෙන් දොට්ට දැම්මා. රැකියාවක් නැති මනුස්සයෙක් …

Read More »

Wolf Warrior II (2017) Sinhala Subtitles | මාරාන්තික වෛරසයකට සහ ප්‍රචණ්ඩ කැරළිකාර හමුදාවකට එරෙහිව, අප්‍රිකානු දේශයෙහි වෘක රණශූරයාගේ මෙහෙයුම! [සිංහල උපසිරැසි]

අප්‍රිකානු දේශය! බොහොම ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ සාඩම්බර දේශයක්. කතාවක් තියෙනවා, අවුරුදු ලක්ෂයකට කලින් අප්‍රිකාවෙන් මිනිස්සු පිටත්වෙලා ගියා කියලා. ඒත්, අප්‍රිකාව කියන්නේ නූතන ශිෂ්ඨාචාරයේ තොටිල්ලක්. ඒත්, පරිණාමය වෙච්ච, ශිෂ්ඨාචාරයට පත්වෙච්ච මිනිස්සු මේ අප්‍රිකානු භූමියට පැමිණෙන විට අරගෙන ආවේ, දුප්පත්කමයි, ලෙඩ රෝගයි, යුද්ධයයි විතරයි. වර්තමානය වෙන විටත්, අප්‍රිකානු දේශයට මේ …

Read More »

Spyder (2017) with Sinhala Subtitles | බිහිසුණු ඝාතන දාමයේ වියරු ඝාතකයා! [සිංහල උපසිරැසි සමඟ]

Sadistic Personality Disorder. හැමෝටම තේරෙන භාෂාවෙන් කියනවා නම්, අනිත් අයගේ දුක, වේදනාව දැකලා, එයින් සතුටක් ලැබීම. බොහොම දරුණු මානසික රෝගයක්. මෙවැනි මානසික රෝගයකින් පෙලෙන අයෙකු, තමන්ගේ සතුට වෙනුවෙන් අන් අයගේ දුක වේදනාව බැලීමට, ඕනෙම දෙයක් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. විශ්වාස කරන්න… මේ ලෙඩේ අපි හැමෝම ළඟ තියෙනවා. සාමාන්‍ය පුද්ගලයෙක් තුල …

Read More »

It (2017) with Sinhala Subtitles | ළමයින් බිලිගන්නා බිහිසුණු කවටයා! [සිංහල උපසිරැසි සමඟ]

මොර සූරන මුරුගසම් වර්ෂාව… ඩෙරී නගරයේ පාළුවට ගිය වීදියක්… මේ වර්ෂාව අස්සේ පුංචි ජෝර්ජි එළියට බැස්සා… අයියා හදලා දීපු හරි ලස්සන බෝට්ටුව, වතුරෙන් පිරී ගියපු මාර්ගයේ පාකරන්න! බෝට්ටුව වේගයෙන් වතුරේ පාවෙලා ගියා… පුංචි ජෝර්ජිට බෝට්ටුව තරම් හයියෙන් දුවගන්න හයියක් තිබ්බේ නැහැ… අපොයි! වතුර බහින්න තියෙන කාණුවක් අස්සට බෝට්ටුව වැටුණා! දැන් …

Read More »

Baadshaho (2017) with Sinhala Subtitles | මහ රැජිණියගේ රත්‍රන් මංකොල්ලය! [සිංහල උපසිරැසි සමඟ]

ගීතාංජලී දේවි! රාජස්ථානය සිය රාජධානිය කරගත් රාජ්පුත් රාජ පරම්පරාවේ වර්තමාන අවසාන පුරුක… මහා රැජිණ වුනත්, වෙන්න දෙයක් තියෙනවා නම් ඒක වළක්වන්න බැහැ… ඇයගේ දෛවය ඇයට කුරිරු වුණා… රජය විසින් ඒකාධිපති පාලනයක් ආරම්භ කරනු ලැබුවා. රට පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කරනු ලැබුවා. රට වැසියන් හේතුවක් රහිතවම සිරගත කරනු ලැබුවා. මේ ඒකාධිපති …

Read More »

The Adventurers (2017) with Sinhala Subtitles | මිල කළ නොහැකි පළඳනා තුනේ විශ්මිත මංකොල්ලය! [සිංහල උපසිරැසි සමඟ]

හොරකම් කියන්නේ වර්තමාන ලෝකයේ අතිශය සුලභ දෙයක්. හැබැයි, කෞතුකාගාරයකින් හොරකම් කරනවා කියන්නේ නම් බොහොම විශේෂ සිදුවීමක්. මොකද, කෞතුකාගාර වල ප්‍රදර්ශනය සඳහා තියෙන්නේ බොහොම පෞරාණික සහ මිල කළ නොහැකි වටිනාකමකින් යුතු දේවල්. ඒ නිසාම, කෞතුකාගාරයකින් හොරකම් කරලා කියල ආරංචියක් ලැබුනාම ඕනෙම කෙනෙක් සහජයෙන්ම විමසිලිමත් වෙනවා. ලූවර් කෞතුකාගාරයේත් මේ වගේ හොරකමක් සිදුවෙනවා. …

Read More »

A Gentleman (2017) with Sinhala Subtitles | එක්ස් බලකායේ රහස් නියෝජිතයා! [සිංහල උපසිරැසි සමඟ]

එක්ස් බලකාය! ඉන්දියානු අර්ධද්වීපයේ ජාතික ආරක්ෂාවට එල්ලවී ඇති තර්ජන මැඩලමින්, රට තුල ඒකීයභාවය පවත්වාගෙන යෑම උදෙසා ඉන්දියානු ජාතික ආරක්ෂක අමාත්‍යංශය විසින් සියලු දෙනාගේම ඇස් වසමින්, හොර රහසේ පවත්වාගෙන යන්නා වූ සුවිශේෂී හමුදා ඒකකයකි. ඉන්දියාවේ මුම්බායි නගරය මූලික කරගනිමින් මෙහෙයවන්නා වූද, ලොව ඕනෑම කොනක, ඕනෑම රටක, ඕනෑම නගරයකට ගොස්, පවරන ලද …

Read More »

Overdrive (2017) with Sinhala Subtitles | මාරක ධාවනය! [සිංහල උපසිරැසි සමඟ]

අපි හැමෝම ජීවත්වෙන්න එක එක විදියේ රස්සා කරනවා. සමහරු සාධාරණ විදියට රස්සාවක් කරලා තමන්ගේ පාඩුවේ ජීවත්වෙනවා. තවත් සමහරු අසාධාරණ විදියට වැඩ කරලා ජීවත්වෙන්න උත්සාහ කරනවා. ෆෝස්ටර් සහෝදරයෝ දෙන්නත් ජීවත්වෙන්න රස්සාවක් කරනවා. හැබැයි අයිති වෙන්නෙ අන්තිමට කියපු කාණ්ඩයට. අනුන්ගේ දේවල් අරගෙන තමයි ජීවත්වෙන්නෙ. ඒත්, මෙතන පොඩි විශේෂත්වයක් තියෙනවා. මෙයාලා හොරකම් කරන්නේ …

Read More »

Sniper: Ultimate Kill (2017) with Sinhala Subtitles | ස්නයිපර් යුද්ධය! [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොලොම්බියාව කියන්නේ අපරාධ සඳහා උරුමයෙන්ම නමක් දිනාගත්ත රටක්. මේ රට පුරාවටම විවිධාකාර අපරාධ බොහොම දරුණුවට සිද්ධවෙනවා. මේ දේවල් එම රටේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට සාමාන්‍ය දේවල් බවට පත්වෙලා තිබුනේ. නමුත්, හිටි හැටියේම අසාමාන්‍ය දෙයක් සිද්ධවෙනවා. බොහොම බලවත් ව්‍යාපාරිකයෙක්ව ඝාතනය කරනු ලබනවා. ස්නයිපර් සෙබලෙක් යොදවලා බොහොම දුර ඉඳලා, .50 දිගු දුර …

Read More »
error: Alert: Content is protected !!