Wednesday , October 28 2020
Breaking News

සුධාරා විද්‍යාරත්න

මුන් ලයිට් ද්‍රවුන් බයි ක්ලවුඩ් 18 කොටස – වළාකුලින් මිදුණු සඳ

ඔන්න ඉතින් මේ තමයි අන්තිම කොටස. මතකනේ කලින් කොටසෙ කුමාරයට කවුරුහරි වස දුන්නා කියලා. ඉතින් කුමාරයට වැඩිදුර වෙදකම් කරන්ඩ දාසැන් ගුරුතුමා රාඔන්ව හෙදියක් විදිහට ලෑස්ති කරගෙන මැදුරට එක්කගෙන යනවා. කුමාරයව බේරගන්ඩ පුලුවන් වෙනවා. විශ තිබිලා තිබෙන්නෙ බෙහෙත් වල නොවෙයි බඳුනෙ පිටත ආලේප කරල බව ගුරුතුමා කුමාරයට දන්වනවා.ඒ විදිහටම තමයි කලින් …

Read More »

මුන් ලයිට් ද්‍රවුන් බයි ක්ලවුඩ් 17 කොටස – මිතුරෙකුගේ සමුගැනීම

ඔන්න ඉතින් මතකයිනෙ බ්යොන් යොන් පසුගිය සතියෙ කුමාරයව ප්‍රාණ ඇපයට ගත්තා කියලා. ඉතින් මේ නිසා බ්යොන් යොන්ට මොනවා වේවිද? අග බිසව රහසින් පිටමන් කළ දරුවා ගැන කුමාරයා දැන ගනීවිද? රාඔන් සහ එයාගෙ තාත්තට බෙරෙන්ඩ පුලුවන් වේවිද? කුමාරයගෙ ගුරුතුමා ප්‍රධාන ඇමතිව කොටු කරගන්ඩ කුමාරයට මොනවගේ උපදෙසක් දේවිද? ඒක හරියයිද කියලා දැනගන්න …

Read More »

මුන් ලයිට් ද්‍රවුන් බයි ක්ලවුඩ් 16 කොටස – ඔබ පතන ලොව

කුමාරයගෙ විවාහ උත්සවය නැවතෙනවා. හොන්ග් ග්යොන්ග්නේව රජුගෙ සෙබලුන්ට හසු වෙලා. තමන්ගෙ තාත්තා මැරිලා කියලා හිතාගෙන හිටපු රාඔන්ට ඒක ලොකු පුදුමයක්. ඉතින් රාඔන් ප්‍රධාන පාලකතුමාගෙ උදව් ඉල්ලනවා තමන්ගෙ තාත්තව බලන්ඩ යන්ඩ. ඒක බොහොම භයානක වැඩක් මොකද ඒ වෙනකොට ඔහුව රඳවලා ඉන්නෙ මැදුරෙ තියෙන සිරමැදිරි වල. ඒ විතරක් නෙමෙයි අපරාධකාරයගෙ දුවවත් හොයනවනේ. …

Read More »

මුන් ලයිට් ද්‍රවුන් බයි ක්ලවුඩ් 15 කොටස – අවසානය ළං වූ කළ

කුමාරයට රාඔන්ව මුණ ගැහෙනවා. නමුත් ඇමතිවරුන්ගෙ කුමණ්ත්‍රණේ නිසා නැවත රාඔන්ව මඟහැරෙනවා. එතනින් රාඔන්ව බේරගෙන යන්නෙ බ්යොන් යොන්. කුමාරයා රාඔන් කොහෙද ඉන්නෙ කියන එක බ්යොන් යොන්ගෙන් දැනගන්ඩ හිතුවත්, පස්සෙ ඒ අදහස අතහැර ගන්නවා. ඔය අතරෙ තමයි අග බිසව ජෝහායොන්ගෙ එහෙම නැතිනම්, කුමරුගෙ බිසව වෙන්ඩ ඉන්න චාරිත්‍ර කටයුතු භාර ඇමතිගෙ දුවට කුමාරයා …

Read More »

මුන් ලයිට් ද්‍රවුන් බයි ක්ලවුඩ් 14 කොටස – කැරළිකාරයාගේ දියණිය

රාඔන් යන්ඩ ගිහිල්ලා කුමාරයට විතරක් නෙමෙයි හැම කෙනෙක්ටම ඒ ගැන බොහොම දුකයි. මැදුරෙන් පිට ඉන්න රාඔන්ටත් හැම වෙලේම කුමාරයව මතක් වෙනවා. මේ අතරෙ තමයි කුමාරයා යූන්සොන්ග් ගෙන් සැම්නොම් ඉන්න දිහාව දන්නවද කියලා අහන්නෙ. නමුත් එයා ඒ ගැන කියන්නෙ නැහැ. ඔය අතරෙ තමයි අග බිසවට දරුවා ලැබෙන්නෙ, නමුත් ලැබෙන්ඩ ඕනෙ දවස …

Read More »

මුන් ලයිට් ද්‍රවුන් බයි ක්ලවුඩ් 13 කොටස – ආදරණීය සමුගැනීම

රාඔන් තමන් කවුද කියලා දැනගන්නවා. ඒ නිසාම තමන් කුමාරයා ළඟ ඉන්න එක කුමාරයටත් තමන්ටත් අනතුරක් කියලා එයා තේරුම් ගන්නවා. නමුත් කුමාරය ඉල්ලන්නෙ මොන දේ වුණත් තමන් ළඟින් ඉන්ඩ කියලනේ. නමුත් ඒ ඉල්ලීම ඉටු කරන්ඩ නම් රාඔන්ට බැරි එන හැඩයි. රාඔන් කුමාරයටත් නොකියම මාළිගයෙන් පිටවෙන්ඩයි තීරණය කරගෙන ඉන්නෙ. ඒ අතර තමයි …

Read More »

මුන් ලයිට් ද්‍රවුන් බයි ක්ලවුඩ් 12 කොටස – විශ්වාසය දෛවය වූ කළ

කුමාරයා කොහොමහරි රාඔන්ට එයාගෙ අම්මව හොයලා දුන්නනේ. ඔන්න ඉතින් ඒ අතරෙ තමයි බ්යොන් යොන් එහෙම නැත්නම් කිම් ආරක්ශක අභ්‍යන්තර කටයුතු ඇමතිගෙ වංචා ගැන දැක්වෙන ලියවිල්ලක් කුමර මැදුරෙ තියලා යන්නෙ. අන්තිමට ඒ නිසා අභ්‍යන්තර කටයුතු ඇමතිගෙ වැඩ තහනම් වෙනවා. එයා පුදුම වෙන්නෙ ධවල වලාව කල්ලිය පහරදීමක් කරපු වෙලාවක නැතිවුණ ඒ ලියැවිල්ල …

Read More »

මුන් ලයිට් ද්‍රවුන් බයි ක්ලවුඩ් 11 කොටස – පොරොන්දුව

මතකයිනෙ පසුගිය කොටසෙ කැරළිකාරයින්ට සහය වුණයි කියලා අත්තඩංගුවට ගත්ත ළමයට වයස බලන්නෙ නැතුව දඬුවම් කරන්ඩ කියලා රජතුමා කුමාරයට නියෝග කළා. නමුත් කුමාරයට ඒකට එකඟ නැහැ. ඔන්න ඒ අතරෙ තමයි ඔන්න රජතුමාගෙ ආහාර වල විස තිබිලා අහු වෙන්නෙ. ඉතින් අන්තිමට ඒ වරදත් අර ළමයා පිට පටවන්න තමයි ඇමතිවරු හදන්නෙ. අන්තිමට ඒ …

Read More »

මුන් ලයිට් ද්‍රවුන් බයි ක්ලවුඩ් 10 කොටස – සිත්ගත් තරුණිය

කුමාරයත් දැනගන්නවා සැම්නොම්ගෙ ඇත්ත නම. දැන් ඉතින් දෙන්නට දෙන්නා නැතුවම බැහැ. ඔය අතරෙ තමයි රජු අසාර්ථක කෙනෙක්,මීට 10 වසරකට කලින් ඇති වුණු කැරැල්ල නැවත ඇති වෙනවා. හොන්ග් වරුන්ගෙන් පැවත එන්නෝ නැවත නැගී සිටිනවා කියලා පත්‍රිකාවක් වෙළඳපොළ පුරා පිරිසක් පතුරවලා හරින්නෙ. ඒ නිසා රජතුමා කුමාරයට බල කරනවා චාරිත්‍ර කටයුතු අමාත්‍යතුමාගෙ දුවව …

Read More »

මුන් ලයිට් ද්‍රවුන් බයි ක්ලවුඩ් 9 කොටස – විරුද්ධවාදියාට විරුද්ධවීම

තමන් කැමති තරුණියක් ඉන්නවා කියලා කියපු නිසා සැම්නොම් ඇති කරගත්ත වැරදි වටහා ගැනීම හරිගස්සන්ඩ කුමාරයට පුලුවන් වෙනවා. කුමාරයා තමන් සැම්නොම් තරුණියක් බව දන්නවා කියලත් කියනවා. මතකනේ කුමාරගෙ මෑණියන් මියගියාට පස්සෙ එයාව බලාගත්ත උපබිසව ගැන. එයාට හිටියනෙ පුංචි දුවක්. ඒ කුමරිය ගොළුයි කියලා මතක ඇතිනෙ. ඉතින් එයාට එහෙම වුණේ ඇයි කියලා …

Read More »

මුන් ලයිට් ද්‍රවුන් බයි ක්ලවුඩ් 8 කොටස – හොන්ග් රාඔන්

කුමාරයත් සැම්නොම් කාන්තාවක් කියලා දැනගත්තනේ. ඒත් සැම්නොම් දන්නෙ නැහැ කුමාරයා මොන හිතකින් තමන්ට එහෙම කළාද කියලා. කුමාරයත් තමන් සැම්නොම් කාන්තාවක් කියලා දන්නවා කියලා අඟවන්නෙ නැහැ. ඒත් දැන් සැම්නොම්ට නම් කුමාරයගෙන් ගැලවිල්ලක් නැහැ. මේ අතරෙ බ්යොන් යොන් එහෙම නැත්නම් කිම් අයියණ්ඩී මියගිය කැරළි නායකයගෙ දුව ගැන තොරතුරු හොයනවා. ඉතින් එයාට දැනගන්ඩ …

Read More »

මුන් ලයිට් ද්‍රවුන් බයි ක්ලවුඩ් 7 කොටස – තහනමට තහනමක්

ඔන්න ඉතින් කිරුළහිමි කුමරුයි සැම්නොම්ව ක්වින්ග් දේශයට ගෙනියන එකෙන් බේරගෙන ආයෙත් මැදුරට එක්කගෙන එනවා. ඉතින් සැම්නොම් ආයෙ තමන්ගෙ සුපුරුදු රාජකාරිය පටන් ගන්නවා. ඒ විතරක් නෙමේ  කුමාරයා සැම්නොම්ට රාජකීය ආහාර වේලකිනුත් සංග්‍රහ කරනවා.මේ අතරෙ තමයි මැදුර පුරා කුමාරයා ගැන දූශමාන ආරංචියක් පැතිරෙන්නෙ . ඒ කුමාරයා කැමති පුරුශයින්ට කියලා. ඒ නිසා කුමරුගෙ …

Read More »

මුන් ලයිට් ද්‍රවුන් බයි ක්ලවුඩ් 6 කොටස – තනිකඩයින්ගේ රෝගය

ඔන්න මැදුරට තවත් අළුත් ඇමති කෙනෙක් එනවා. ඒ තමයි ජෝ මන්යොන්ග්. සෑහෙන කාලයක් පිටුවහල් වෙලා ඉඳලා තමයි එයා මැදුරට එන්නෙ. එයාට ලස්සන දුවෙකුත් ඉන්නවා එයා තමයි ජෝ හායොන්. (වෙන කවුරුවත් නෙමෙයි එයා තමයි පහන් කූඩු උත්සවේ දවසෙ මුදල් පසුම්බිය නැති කරගෙන හිටපු ගෑණු ළමයා.) එයා එදා තමන්ට උදව් කළේ කුමාරයා …

Read More »

මුන් ලයිට් ද්‍රවුන් බයි ක්ලවුඩ් 5 කොටස – පහන්කූඩු උත්සවය

අග බිසවගෙ අණෙන් අතුරුදහන් වුණ ඒශිම් වෙනුවට, තවත් කෙනෙක් අවසාන නර්ථනය ඉදිරිපත් කළා කියලා මතක ඇතිනේ. ඒ ඉතින් වෙන කවුරුත් නෙමේ අපේ පාලක සැම්නොම්නෙ. කුමාරයට මේ කෙනාව දැක්ක වෙලේ ඉඳලා එයාව හොයාගන්න ඕනෙ වෙනවා. නර්තනයෙන් පස්සෙ එයාව හැමතැනම හොයනවා නමුත් හොයාගන්ඩ බැරි වෙනවා. ඒත් කුමාරයට සැකයක් තියෙනවා ඒ සැම්නොම්ද කියලා. …

Read More »

මුන් ලයිට් ද්‍රවුන් බයි ක්ලවුඩ් 4 කොටස – අවසාන රංගනය

ඔන්න මේ කොටසෙදි කුමාරයට රාජ්‍යයේ පාලන කටයුතු වලට පියාණන්ට සහය වෙන්ඩ කලින්  කතාකරගත් විදිහට එකඟ වෙනවා. ඒත් ඉතින් අමාත්‍යවරු නම් ඒකට කැමති නැහැ. ඒ නිසා එයාලා හදන්නෙ  මොකක් හරි සැලැස්මක් ගහලා ඒක නතර කරන්ඩ. ඒත් ප්‍රධාන අමාත්‍ය කියන්නෙ ක්වින්ග් වලින් එන දූතයා එනකම් ඉඳිමු කියලා. මොකද චෝසන් රාජ්‍යයේ රජකෙනෙක් පත් …

Read More »

මුන් ලයිට් ද්‍රවුන් බයි ක්ලවුඩ් 3 කොටස – කුකුල් කකුල්

ඔන්න ඉතින් මේ කොටස පටන් ගන්නෙ සැම්නොම්ව කුමරිය මරන්ඩ හදන්ඩ තැනින්. අන්තිමට කිරුළ හිමි කුමාරයාගෙ පැමිණීම නිසා ඒක වැළකෙනවා. සැම්නොම් පිළිගන්නවා එයා වෙන කෙනෙක් වෙනුවෙන් කුමරියට ආදර හසුන් ලිව්වා කියලා. ඒකට සමාවත් ගන්නවා. කුමාරයා දිහා කෙලින් බලන්ඩ අවසර නැති නිසා සැම්නොම්ට කුමාරයව අඳුනගන්න බැරි වෙනවා. යන්තම් පණ බේරගෙන ඉන්න සැම්නොම්ට …

Read More »

මුන් ලයිට් ද්‍රවුන් බයි ක්ලවුඩ් 2 කොටස – පසුතැවීම් ශාලාවේ අවතාරය

හරි ඉතින් සැම්නොම් කොහොමහරි පාලකවරයෙක් වෙලා මැදුරට ගියානෙ. දැන් ඉතින් එයාගෙ ප්‍රධාන පරමාර්ථය කොහොමහරි මාළිගාවෙන් පැනලා යන එක. මොකද කායික පරීක්ශණය සමත් වෙන එක වෙන මොන දෙයක් සමත් වුණත් කරගන්ඩ බැහැනෙ. අනෙක අහුවුණොත් මරනවනේ. ඉතිං සැම්නොම් පැනලා යන්ඩ ගිහින් අපේ කෝමල පඬිතුමාගෙ අතටම අහුවෙනවා. ප්‍රධාන පාලකතුමාගෙ වැඩකට යනවා කියල පල් …

Read More »

මුන් ලයිට් ද්‍රවුන් බයි ක්ලවුඩ් 1 කොටස – කෝමල විද්වතා

මේ වතාවෙ මම අරගෙන එන්න හදන්නෙ රෝමෑන්ස් /කොමඩි ඝනයට වැටෙන  මනඃකල්පිත ඉතිහාස කතාවක්. වෙබ් අඩවියේ පළවුණු අන්තර්ජාල නවකතාවක් පාදක කරගෙන තමා මේ කතාව ගෙතෙන්නෙ. ඒ රජකුමාරයෙකුත්, ඔහුගේ පාලකවරයෙකුත් අතර. ඒත් මේ පාලකවරයා පිරිමි කෙනෙක් නම් නෙමේ. එයා තරුණියක්. තරුණියකට පාලකවරයෙක් වෙන්ඩ බැහැනෙ. ඒත් කොහොමද එහෙම වෙන්නෙ. එයා මාළිගාවට එන්ඩ ඉස්සෙල්ලා …

Read More »

Bad Genius (2017) Sinhala Subtitles | අවරට පෑයූ ගුරු තරුව [සිංහල උපසිරැසි සමඟ]

Bad Genius කියන්නෙ 2017 වසරේ තිරගත වුණ තායි චිත්‍රපටයක්. තායිලන්තයේ චිත්‍රපටි චීන, කොරියානු සහ ජපන් චිත්‍රපට තරම් ජනප්‍රිය නොවුණත් මේ චිත්‍රපටිය කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් එකක්. චිත්‍රපටියේ කතාව ගෙතෙන්නෙ පාසල් ශිෂ්‍යයින් පිරිසක් වටා. විභාග වංචා කියන්නෙ අපි කාටත් අහලා පුරුදු දෙයක්නෙ.( විභාග වලදි කොපි කරපු අයත් ඕනෙ තරම් ඇතිනෙ.) රින්රදා …

Read More »

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 50] with Sinhala Subtitles | වර්ණ මාලාව.! [සිංහල උපසිරැසි සමඟ]

හැම සටනකටම පස්සෙ යී බැන්ග් වොන්ට තමන්ගෙ අරමුණට යන්ඩ පුලුවන් වෙනවා. ඒ තමයි රටේ රජ වෙන එක. ඒත් ඔහුට සැබෑවටම විශ්වාසවන්ත වුණ කිසිම කෙනෙක් ඔහු ළඟ ඉතිරි වෙන්නෙ නැහැ. මූහ්‍යල් තමන්ගෙ ආච්චිත්, ගුරුතුමත් අරගෙන දුරකට යනවා. ඒවගේම බූන්යි තමන්ගෙ පිරිස අරගෙන මුහෙන්දෝ වලට යනවා. ඉතින් යී න්ග් වොන් එහෙම නැතිනම් …

Read More »
error: Alert: Content is protected !!