You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , August 21 2019
Breaking News
Home / Sinhala Subtitle / හිරන්ත සිල්වා

හිරන්ත සිල්වා

The Mustang (2019) with Sinhala Subtitles | අත් හැරුණු ජීවිත. [සිංහල උපසිරසි සමඟ]

“මං රෝමන්. රෝමන් කොලමන්. ඔව් මං අපරාධකාරයෙක් තමයි. ඒක වුනේ අත්වැරදීමකින්. වාසනාවට ඇය මිය ගියේ නෑ. ඒත් ඇය එක්තැන් වුණා. මගේ පුංචි දුවට තාත්තගෙ සෙනෙහස නැති වුණා. හැමදේම වුනේ මගේ හදිසි කෝපය හින්දා. දැන් මං ඉන්නෙ හිර කඳවුරක. පුනරුත්ථාපන කඳවුරක් කිව්වොත් හරි. මෙතන එක එක වැඩසටහන් තියෙනවා. ‘අපාරධකරුවන් යහපත් පුරවැසියන් …

Read More »

Tell It to the Bees (2018) with Sinhala Subtitles | බිඟුන්ට එය පවසන්න. [සිංහල උපසිරසි සමඟ] 18+

“….රාත්‍රිය පියකරුයි. වැහිබර සීතල සුළඟ ගත සිසිල් කරමින් හමා යයි. ආදරයට වයස ඉලක්කමක් පමණක් වූ කළ, ආගම, ජාතිය, කුලය බාධාවක් නොවූ කළ, ස්ත්‍රී පුරුෂ භාවයේ කුමන බාධාවක්ද? ආදරය හා රාගය අතර ඇත්තේ කෙස් ගසක පරතරයක් නම්, මේ වන විට ඒ පරතරය බිඳී සුණුවිසුණු වී ගොස් අවසන්ය! ලීඩියා සහ ජීන් හට …

Read More »

Tehran Taboo (2017) AKA Teheran Tabu with Sinhala Subtitles | තහනම් ගෙඩි. [සිංහල උපසිරසි සමඟ] 18+

“කව්රුහරි කිව්වොත් ‘ටෙහෙරානයට යන්න එපා‘ කියලා, මං නං කියන්නෙ, ‘එහෙ යන එකම තමයි හොඳ‘ කියලා“ සොඳුරු ඉරානයේ, සුරූපී අගනුවර ටෙහෙරානය! සංචාරක පුරවරය, ලොව විශාලතම කලාලය නිපදවූ රට, කිලෝ මීටර් දහයකට වඩා දිගු කොරිඩෝර ඇති සුප්‍රසිද්ධ “ටෙහෙරාන් බසාර්!!“. ඒත් ඒ නිමක් නැති සොඳුරු බවේ සඟවාගත් අඳුරු පැතිකඩ දන්නේ එරට වැසියන් පමණි. …

Read More »

Nancy (2018) with Sinhala Subtitles | රැවටීමක්? [සිංහල උපසිරසි සමඟ]

නැන්සි… නැන්සි ෆ්‍රීමන් කියන්නෙ ජීවිතයේ නිශ්චිත අරමුණක් නැති තරුණියක්. ඇය ජීවත් වන්නෙ තම රෝගි මවත් සමඟ. සිය වැඩ කටයුතු ගැන මවගේ ඇනුම් බැනුම් වලට නිතරම ලක්වන ඇය ගෙවන්නෙ ඒකාකාරි ජීවිතයක්. නමුත් හදිසියේම රෝගි තත්ත්වය උත්සන්න වූ නැන්සිගේ මව මිය යනවා. නමුත් නැන්සිට ඒ ගැන දුකක් ඇති බවක් පෙනෙන්නෙ නෑ. එක් …

Read More »

The Legend of Muay Thai: 9 Satra (2018) with Sinhala Subtitles | මව් බිම වෙනුවෙන් සටනට! [සිංහල උපසිරසි සමඟ]

කැමතිද තායි චිත්‍රපටියක් බලන්න? මං දන්නව ඔයාල කැමතියි කියලා! මුයි තායි හෙවත් තායි බොක්සිං පදනම් කරගත් චිත්‍රපටියක් වන, Fantasy/Action/ Animation ශානරයයේ මෙම චිත්‍රපටිය නිකුත් වෙන්නෙ 2018 ජනවාරි 11 තායිලන්තයේදී. පැය 1 විනාඩි 44 ක් පුරා දිවෙන මෙය, ගූගල් පරිශීලකයන් 96% ගේ කැමැත්ත “ඩැහැගන්න“ සමත් වෙලා තියෙනවා. එමෙන්ම මේය තායි Animation …

Read More »

Ashes in the Snow (2018) with Sinhala Subtitles | අළු හිම (ලෝක යුද්ධයේ නොකියූ කථාව) [සිංහල උපසිරසි සමඟ]

සුභ අළුත් අවුරුද්දක් වේවා හැමෝටම. 2019 ජනවාරි 11 වැනිදා ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කළ, IMDb දර්ශකයේ 7.1 අගයක් දැනට ලබාගෙන ඇති The Ashes in the Snow චිත්‍රපටිය නිර්මාණය වෙන්නෙ, Ruta Sepetys කතුවරියගෙ Between Shades of Gray (2011) නම් නව කථව ඇසුරින්. ඇය ලිතුවේනියාවේ සිය නෑයින් බැහැ දැකීමට ගිය අවස්ථාවේ, දෙවන …

Read More »

IT (1990 TV Mini Series) Sinhala Subtitle | ඔව්! අපි හැමෝම පාවෙනවා!! [සිංහල උපසිරැසි සමඟ]

“IT“ 2017 එළිදැක්වුණ චිත්‍රපටිය මේ වෙද්දී නොබලපු කෙනෙක් මේ ලෝකෙ නැති තරම්. ඒ තරමට ජනප්‍රිය වුණ, වාර්ථා පිට වාර්ථා තැබූ Stephen King මහතාගේ ඉතාමත් ජනප්‍රිය නව කථාවකින් නිර්මාණය වුණ මේ චිත්‍රපටිය ඔයාල ඉවර වෙනකම් බැලුවනම්, දකින්න ඇති අන්තිමට සඳහන් වෙනවා මේ ඉවර වුණේ Chapter 1 කියලා! ඒ කියන්නෙ ඊළඟ කොටසක් …

Read More »

Killing Ground (2016) with Sinhala Subtitles | ඝාතකයන්ට මැදිව!! [සිංහල උපසිරසි සමඟ] (18+)

ඉයන් සහ සෑම්(සමන්තා) තරුණ ජෝඩුවක්. මේ දෙන්නා විනෝද චාරිකාවක් යනවා. ඒ ටික දවසකට තනි වෙලා ඉන්න. එයාල යන්නෙ කැලෑවකට. තනියම ඉන්න කියල හිතාගෙන ගියාට, එයාල යද්දි තව කට්ටියක් ඇවිල්ලා කූඩාරමක් හදලත් ඉවරයි. ඒත් මේ ජෝඩුව ඒත එතරම් ගණන් ගන්නෙ නෑ. එයාල බොහොම විනෝදෙන් තමයි කාලය ගත කරන්නෙ. ඒත්…කලින් ආපු අය …

Read More »

Ramayana: The Epic (2010) with Sinhala Subtitles | මහා වීර කාව්‍ය ත්‍රිමාණ සිත්තමක් ලෙස.. [සිංහල උපසිරසි සමඟ]

සම්පූර්ණ ඉන්දියානු නිෂ්පාදනයක් ලෙස 2010 ඔක්තෝබර් මස 15 වැනිදා එළිදැක්වුණු මෙම චිත්‍රපටියට මම සබ දාන්න කාලයක් බලන් හිටපු එකක්. මේ චිත්‍රපටිය මං මුළින්ම දැක්කෙත් අවුරුදු පහකට විතර කළින්. ඒ දැකලත් බලන්න හම්බ වුණෙත් අවුරුදු තුනකට විතර පස්සේ. කොහොම හරි සබ් ෆයිල් තිබුණට කරගන්න විදියක් නැතුව තමයි හිටියේ..පස්සේ ඊයෙ පෙරේදා මතක් …

Read More »

The Devil’s Candy (2015) with Sinhala Subtitles | මරුවා සමඟ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න බ්‍රෝලා ටයි සිස්ලා ටයි මගේ හයවැනි උපසිරැසියත් ගෙනාවා. මං බයිස්කෝප් එක්ක එකතු වෙලා අවුරුදු හතරක් ළං වෙලා වුණත් තාම සබ දාලා තියෙන්නෙ (මේකත් එක්ක) චිත්‍රපටි හයකට විතරයි (මරු ඈ :p). මං ඉතිං වැඩි හරියක්ම කළේ අඩවියේ එහෙටයි මෙහෙටයි ගිය එක විතරනේ!. හරි ඒවයින් වැඩක් නෑ අපි බලමු චිත්‍රපටිය ගැන!! …

Read More »

Christine (1983) with Sinhala Subtitles | පලිගනිමි! [සිංහල උපසිරසි සමඟ]

අමුතුම තාලේ කථා රචකයෙක් ලෙස ප්‍රසිද්ධ Stephen King ගේ තවත් විශිෂ්ට ග්‍රන්ථයක් පාදක කරගෙන නිර්මාණය වුණ චිත්‍රපටියක් ලෙස Christine චිත්‍රපටිය හඳුන්වන්න පුළුවන් (ඔයාල The Shining, The Mist වගේ ඒවත් බලල ඇතිනේ). මෙහි ඇති විශේෂත්වය නම් 1983 අප්‍රියෙල් 29 පොත ප්‍රකාශයට පත් වීමත්, ඒ අවුරුද්දෙම දෙසැම්බර් 09 වැනිදා චිත්‍රපටිය නිකුත් වීමත්ය. …

Read More »

The Autopsy of Jane Doe (2016) with Sinhala Subtitles | සිරුර කාගෙද? [සිංහල උපසිරසි සමඟ]

ඔයාල හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා! ඔන්න මං බය වෙන්න ආස අයට බලන්න චිත්‍රපටියක් අරගෙන ආවා. චිත්‍රපටිය එළිදැක්වුනේ 2016 දෙසැම්බර් 21. නිෂ්පාදනය IM Global සමාගම විසින්. මෙහි අධ්‍යක්ෂක André Øvredal විසින් වන අතර, පිටපත සඳහා Ian B. Goldberg, Richard Naing දායක වී තියෙනවා. මෙහි ප්‍රධන චරිත සඳහා Emile Hirsch, Brian …

Read More »

Shrek 2 (2004) with Sinhala Subtitles | ආදරයට කොයින්ද බාධා. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ ඔයාල ඔක්කෝටම. ඔන්න අවුරුද්දයි මාස අටකට පස්සෙ මගේ තුන්වෙනි නිර්මාණය අරං අවා. :p 2004 මැයි 19 වෙනිදා නිකුත් වෙච්ච, IMDb අගය 7.2 ක් ගත්ත මේ චිත්‍රපටිය ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. මේ චිත්‍රපටියේ Mike Myers – ශ්‍රෙක් ලෙසත්, Cameron Diaz – ෆියෝනා කුමරිය ලෙසත්, Eddie Murphy – …

Read More »

The Shining (1980) | පියා, උමතුවෙන්!! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? මගේ දෙවැනි උපසිරසි ගැන්වීම විදියට ඔයාලට අද මං දෙන්නෙ ටිකක් පරණ චිත්‍රපටියක්(1980 විතර.. :p). මේක “psychological horror” වර්ගයේ චිත්‍රපටියක්. IMDB වල 8.5 ක් තරම් විශාල අගයක් ගත්ත හා ලොව හොඳම චිත්‍රපට අතර 55 ස්ථානයේ සිටින මේ චිත්‍රපටය “Peregrine Productions” හා “Producers Circle” කලාගාර වල රූපගත කර, “Warner Bros” …

Read More »

Sucker Punch (2011) | මුළාවෙහි ,මූලාවීම. [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පළවෙනි උපසිරැසිය. 2011 මාර්තු 25 වනදා Warner Bros. Pictures බෙදාහැරීමක් හා Legendary Pictures Cruel and Unusual Films Studio මගින් නිකුත් වුණු මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂණය හා කතාව ‘Zack Snyder’ගෙනි. ඒ වගේම මෙහි නිෂ්පාදනයෙන් ‘Deborah Snyder’ සහ ‘Zack Snyder’ත්, තිර රචනයෙන් ‘Zack Snyder’ සහ ‘Steve Shibuya’ත් දායක වෙලා තියෙනවා.මෙහි නළු-නිළියන් …

Read More »
error: Alert: Content is protected !!