You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , December 11 2019
Breaking News

SPD

Vettah (2016) with Sinhala Subtitles | පොලිසියටත් නොදැනීම පොලිසිය ලවාම කළ දඩයම…! [සිංහල උපසිරැසි සමඟ]

තාත්තා මට කියල දුන්න එක දෙයක් තියනවා. අපි කවදාවත් ජීවිතේ තෝරන්නේ නෑ. ජීවිතේ තමයි අපිව තෝරන්නේ. පොලිස් නිලධාරිණියක් විදියට මගේ වෘත්තීය මම තෝරපු එකක් නෙමෙයි. මාණ්ඩලික පරීක්ෂක ශ්‍රී නිවාසන් උන මගේ තාත්තා හරහා ඒ වෘත්තිය මාව තේරුවා. හැම පොලිස් නිලධාරියෙක්ටම ජීවිත කාලය පුරාවටම අමතක නොවන සිද්ධියක් තියනවා. මගේ ජීවිතෙත් ඒ …

Read More »

Godha (2017) with Sinhala Subtitles | ගුස්ති පිටිය…! [සිංහල උපසිරැසි සමඟ]

“කන්නාඩික්කල්” ආදී ජනප්‍රවාද කතා වලින් අපිට ඇහිලා තියනවා වගේ, අප්‍රමාණ වීර රණශූරයන්ට උපත ලබා දුන් බිම. ගුස්ති ශූරයන්ගේ බිම . ඔවුන්ගේ වීරත්වයෙන් විනෝද වුන බිම. ගුස්ති මිනිසුන්ගේ ලේ තුලටම කිඳා බැස තිබූ අවධියේ , ජීවිත කාලය ඇතුලත ගුස්ති අල්ලපු නැති කෙනෙක් මේ රටේ ඉඳපු නැති තරම්. ඇත්තෙන්ම හිටියේ නෑ. කන්නාඩික්කල් …

Read More »

Kanche (2015) with Sinhala Subtitles | ගමක් එක්කල ආදරයක් , අනාගතය වෙනුවෙන් යුධ වැදි සෙන්පතියෙක්…! [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් බයිස්කෝප් වාසි සියළුම දෙනාට…! මලයාලම් චිත්‍රපට කිහිපයකටම උපසිරැසි කලාට පස්සේ හිතුනා තෙලුගු චිත්‍රපටයකටත් උපසිරසියක් කරන්න ඕන කියල. මේක මගේ පලවෙනි තෙලුගු උපසිරැසිය. දැන් ඉතින් තෙලුගු චිත්‍රපට වලට උපසිරසි වැටෙන්නෙත් අඩුවෙන් නිසා තෙලුගු බලන කට්ටිය මේක කොහොමත් බලයි කියල හිතනවා. චිත්‍රපටය තමයි Kanche(2015). IMDB අගය 8.2/10ක් ලබාගන තියනවා. නරකම …

Read More »

Munthirivallikal Thalirkkumbol (2017) with Sinhala Subtitles | බිරිඳයි මගේ ජීවිතේ…! [සිංහල උපසිරැසි සමඟ]

මලයාලම් සිනමාවට නව පිටුවක් පෙරලූ ඒ සුපිරි සිනමා කෘතිය Drishyam(2013) බොහෝ දෙනෙක් නරඹලා ඇති. එහෙම නැත්තම් ඒකෙන් ප්‍රතිනිර්මාණය වූ චිත්‍රපටයක් හරි නරඹලා ඇති කියලා හිතනවා. ඒ නිසා ජෝර්ජ් කුට්ටි(මෝහන්ලාල්) සහ රාණි(මීනා) යුවළ අමතක නැතුව ඇති කියලා හිතනවා. මේ යුවල එක්ව ප්‍රධාන චරිත නිරූපණය කල සිනමා කෘති රැසක් තියනවා. Varnapakittu  (1997), …

Read More »

North 24 Kaatham (2013) with Sinhala Subtitles | ජීවිතයම වෙනස් කළ චාරිකාව [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් යාලුවෝ හැමෝටම…! සුපුරුදු පරිදි අදත් ආවේ මලයාලම් ෆිලුමක් අරගනම තමයි. මේක මගේ 11වෙනි උපසිරැසිය. ඔක්කොම ඉතින් මලයාලම් ඒවා නම් තමයි. ලිපිය නම් ගොඩක් ලියන්නේ නෑ. සබ කරගත්තට පස්සේ ඒක බයිස්කෝප් එකේ දාගන්නකම් මාරම හදිස්සියක් තියෙන්නේ. අද ෆිලුම තමයි North 24 Kaatham(2013).ෆිලුම ගැන විස්තර ටිකක් පහලින් බලාගන්න. IMDB අගය …

Read More »

Thattathin Marayathu (2012) with Sinhala Subtitles | වේලයේ සෙවනැල්ල යටින් නුඹේ වත දිටිමි අයිෂා…! [සිංහල උපසිරැසි සමඟ]

මරතෝඩිය රටා ඇඳී අතේ කැකුළු හිතේ මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැළපෙතේ මොට්ටු තෝඩි ඉරුවංගල් එලියට අත වනනා රාමලාන් සඳ බලන්න එන්න පාතිමා මම විනෝද්. දවසක් මම, කොලේජ් එකේ මගේ හොඳම යාළුවෙක් වුන මුස්තාෆාගේ කසාදෙට එයාගේ ගෙදරට ගියා. එදා තමයි මට අයිෂාව දකින්න ලැබුනු පලවෙනි දවස. එදා අපි මුණ ගැහුනේ හරි …

Read More »

Alamara (2017) with Sinhala Subtitles | අරුන් සහ අල්මාරිය [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැමෝටම. අදත් ගෙනාවේ නම් මලයාලම් ෆිලුමක්ම තමයි. ෆිලුම Alamara(2017). මේක කරන්න හිතාගන ඉඳපු ෆිලුමක් නම් නෙමෙයි. ඒත් ඉතිං අපේ මලයාලම් රසිකයෙක් මේ ෆිලුමට සබ ඉල්ලලා තිබුන නිසා බයිස්කෝප් එකට මේල් එකක් දාලා ෆිලුම වෙන් කර ගත්තා. මොකද ඉතිං මලයාලම් වලට සබ් දෙන අපිට ඉන්නේ තවම පොඩි රසික පිරිසක්නේ. …

Read More »

Annayum Rasoolum (2013) with Sinhala Subtitles | ඇනී සහ රසූල් [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් සියළුම දෙනාට…!!! ෆිලුම පැත්තට යන්න කලින් පුංචි දෙයක් මතක් කරන්න ඕනේ. ඉස්සරට සාපේක්ෂව දැන් මලයාලම් ෆිල්ම් බලන ගණන ගොඩක් ඉහල ගිහින් තියනවා. ඒ දවස් වල මලයාලම් ෆිලුමකට සබක් කලාම ඩව්න්ලෝඩ් ගාන 1000ට ගියෙත් හරි අමාරුවෙන්. දැන් මලයාලම් ෆිල්ම් වලට ඊට වඩා ඉහල ඩව්න්ලෝඩ් ප්‍රමාණයක් ලැබෙනවා. ඒ නිසා මා …

Read More »

Ottaal (2014) with Sinhala Subtitles | ළමාවිය අහිමි වූ කුට්ටප්පායි..! [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් බයිස්කෝප් වාසී සියළුම දෙනාට…! සුපුරුදු විදියට අදත් ආවේ මලයාලම් ෆිලුමකටම උපසිරැසි අරගන තමයි. ෆිලුම Ottaal(2014). IMDB අගය 8.2/10ක් ලබාගැනීමට මේකට හැකිවෙලා තියනවා. ෆිලුම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jayaraj කියන විශිෂ්ට මලයාලම් චිත්‍රපට අධ්‍යක්ෂකවරයා විසින්. මලයාලම් සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම නිර්මාණය වූ මෙම චිත්‍රපටයට Ashanth K. Sha කුට්ටප්පායි ලෙසත්, …

Read More »

Ore Mukham (2016) with Sinhala Subtitles | එකම මුහුණ [සිංහල උපසිරැසි සමඟ]

කීවත් සවණ පිනවන රස මියුරු කතා මිනිසා තමයි හඳුනාගත නොහැකි සතා(යාළුවෙක් උනත්) සුභ දවසක් යාලුවෝ සියළුම දෙනාට. මුලින්ම පොඩි වදනක් දැම්මා. අද කතාව මොන වගේ එකක්ද කියලා ඔයාලට අදහසක් ලබා දෙන්න තමයි ඒක දැම්මේ. මම කලින් උපසිරැසි ලබාදුන්න Maheshinte Prathikaaram(2016) ෆිල්ම් එකත් බලන්න ඇති කියලා හිතනවා. අද අරගන ආවේ Ore …

Read More »

Maheshinte Prathikaaram (2016) with Sinhala Subtitles | මහේෂ්ගේ පලිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවො සියලු දෙනාටම. මාස හතරකට වගේ පස්සේ තමයි සිංහල උපසිරසියක් එක්ක මේ පැත්තට එන්න ලැබුණේ. පහුගිය ටිකේ වැඩ බොහොමයක් තිබුන නිසා සබ් කරන එකෙන් ටිකක් ඈත් වෙන්න වුනා. මේක මගේ පස්වන උපසිරැසිය.කලින් වතාවල් වලදී වගේම මේ පාරත් ඉතින් මලයාලම් ෆිලුමකටම තමයි බැස්සේ. ෆිලුමේ නම තමයි Maheshinte Prathikaaram(2016). කේරලේ ඉඩුක්කි …

Read More »

Iyobinte Pusthakam (2014) with Sinhala Subtitles | වයසත් සමඟ නිවැරදි දේ තේරුම් නොගතහොත් කිසිදා වයසත් සමඟ මුහුකුරා නොයයි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම අදත් ඔයාලව බලන්න ආවේ සුපිරිම මලයාලම් ෆිල්ම් එකක්ම අරගන තමයි. මේක මගේ හතරවන උපසිරැසිය. අද මම තෝරගත්තු ෆිල්ම් එක 2014 වර්ෂයේ ප්‍රදර්ශනය වූ Iyobinte Pusthakam කියන ෆිල්ම් එක. ටිකක් පරණයි තමයි. එහෙමයි කියලා නොබලා යන්නෙපා, මොකද මේක සුපිරිම ෆිල්ම් එකක්. ප්‍රධාන නළුවා ලෙස රංගනයෙන් දායක වෙලා තියෙන්නේ Fahad Fazil. මෙයා කවුද කියලා …

Read More »

Pathemari (2015) with Sinhala Subtitles | පවුල වෙනුවෙන් බෝට්ටුවෙන් ඩුබායි ගිය මිනිසකුගේ ජීවිතය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ඔබ සැම දෙනාටම. මෙවරත් මම ඔයාලට රැගෙන ආවේ මලයාලම් සලරුවක්ම තමයි. මේක මගේ තුන්වන උපසිරැසි ගැන්වීම. තෝරාගත්තේ Pathemari(2015) කියන ෆිල්ම් එක. මේකට රගපාන්නේ Mammootty කියන නළුවා. තවත් විදියකින් කියනවා නම් Dulquer Salmaan ගේ තාත්තා. නළුවා නම් පරණයි තමයි. එහෙමයි කියල නොබලා ඉන්නෙපා. රංගනය විශිෂ්ටයි. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Salim Ahamed විසින්. ෆිලුම ගැන කියනවා නම්, …

Read More »

Life of Josutty (2015) with Sinhala Subtitles | ජෝසුට්ටිගේ ජීවිත කතාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම තවත් මලයාලම් සලරුවක් අරගනයි ඔයාලව බලන්න ආවේ. මේක මගේ දෙවැනි උපසිරැසිය තමයි. මම හිතනවා මම කලින් උපසිරැසි ලබා දුන්න Ennu Ninte Moideen(2015) ෆිල්ම් එක ඔයාල බලන්න ඇති කියලා. මේ පාරත් අරගන ආවේ 2015 වර්ෂයේම තිරගත වූ ෆිල්ම් එකක් තමයි. ෆිල්ම් එකේ නම තමයි Life of Josutty(2015). ෆිල්ම් එක අයිතියි වෙන්නේ Drama කාණ්ඩයට. ෆිල්ම් …

Read More »

Ennu Ninte Moideen (2015) with Sinhala Subtitles | සදහටම ඔබේමයි මොයිදීන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම ඔයාලට මලයාලම් සලරුවක් අරගන ආවා. මේ මගේ පලවෙනි උපසිරැසිය. හැමදාම බයිස්කෝප් එකට ඇවිත් සබක් බාගන යනවා. ඉතින් මටත් හිතුනා උපසිරසියක් කරන්න ඕන කියලා. ඒකට මම තෝරාගත්තේ Ennu Ninthe Moideen(2015) කියන මලයාලම් ෆිල්ම් එක. බයිස්කෝප් අඩවිය තුල දකින්න ලැබෙන්නේ මලයාලම් ෆිල්ම් පොඩි ප්‍රමාණයක් තමයි. ඒත් මට නම් හිතෙන්නේ දකුණු …

Read More »
error: Alert: Content is protected !!