You dont have javascript enabled! Please download Google Chrome!
Monday , November 11 2019
Breaking News
Home / MaxxA / * Changeling [2008] *

* Changeling [2008] *

Rating: 7.9/10. From 9 votes.
Please wait...


මේක නම් නමටම ඔබිනා කතාවක්. සුප්‍රකට නිළි ඇන්ජලීනා ජොලී මවක් ලෙස ප්‍රධාන චරිතය රගන මෙම චිත්‍රපටයේ කතාව කෙටියෙන් මෙසේය. තම රෑකියාව අවසන් කර ගෙදර පැමිණෙන මවකට තම දරුවා අතුරුදහන් වී ඇති බව පෙනේ. ඇය මේ පිළිබද පොලිසියට පැමිණිලි කරන අතර පොලිසිය විසින් මාස ගණනකට පසු දරුවා සොයා ඇයට බාර කරයි. නමුත් පුදුමයකි. මේ ඇයගේ දරුවා නොවේ. ඇය මේ බව දරුවාගෙන් අසන විට දරුවා පවසන්නේ මෙ තමාගේ මව බවය. මින් අධික ලෙස කැලඹෙන මව පොලිසියට මේ තම දරුවා නොවන බව පැවසුවත් ඒ බව ඔවුන් නොපිළිගනියි. මින්පසු අභියෝග රාශියක් මැද ජීවිතය ගෙවෙන අතර ඇයව මානසික රෝහලකට ඇතුලත් කිරීමද, ආගමික සංවිධාන, ජනමාධ්‍ය මේ සිද්දිය පසුපස හබා ඒමද, ළමුන් විශාල සංක්‍යාවකගේ මිණී සොයා ගැනීමද සිදුවන අතට මේ සියල්ල එකට අමුණමින් චිත්‍රපටය දිගහැරේ. ඇත්තටම පොලිසිය සොයා දුන්නේ ඇගේ දරුවාද? නැත්නම් මවට වැරදීමක් සිදුවී ඇත්ද? ඇයට වැරදීමක් සිදුවී නැත්නම් ඇගේ ළමයාට සිදුවුයේ කුමක්ද? ළමුන්ගේ මිණී සමග මෙහි ඇති සම්බන්දය කුමක්ද? බලන්න Changeling! ඔබ මවිත කරමින් සියල්ලටම උත්තර අපූරුවට සපයා ඇත.

Leave a Reply

21 comments

  1. koo subtitle

  2. 2009 පෝස්ට් එකක්… සබ් එක එහෙම කෝමද දන්නෙ නෑ ගන්නෙ නේද මේකෙ ??? :p 😀 😀

  3. උපසිරැසි දුන්නා නම් වටිනවා…..

  4. කො මේකෙ sinhala sub නැද්ද ?

  5. මේක ඇත්තට සිද්දවෙච්ච කතාවක්.


  6. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

  7. ෆිල්ම් එකනම් හොදයි වගේ….
    හැබැයි මිනි මිනි කියලා තියෙන නිසා ටිකක් කල්දාමු….

  8. ජොලී නම් ජොලී…
    කලකට ඉහත බැලුවා මමත්. සුපිරි කතාවක් තමා. දැන්නම් මේක පටන් ගත්තට හති වැටිලා ඉන්නේ. කොරලත් බෑ නොකරත් බෑ වගේ. කෙටියෙන් දානවා ඔන්නොහේ!

    එකතුවට දා ගන්ඩ ආයෙ ගන්නවා! 😀

  9. බොහොම ස්තූතියි

  10. torrent file eka nah,anae eka hadala dennae pls

  11. මේ චිත්‍රපටිය වගේම Clint Eastwood ගෙ අනෙකුත් සෑම චිත්‍රපටිත් ඉතාම අනර්ඝයි. ඒවයේ මා දුටු ප්‍රාධානම වෙනස නම් එකිනෙක චරිත ගොඩනගා ඇති ආකාරයත් සෑම රංගන ශිල්පියෙක්ම වාගේ ඒවට දායක වී ඇති ආකාරයත්ය. සෑම රංගන ශිල්පියෙකුගේම උපරිමය ලබා ගැනීමට Eastwood මහතා රුසියෙකු බව නම් නොඅනුමානයි.

  12. හොද චිත්‍රපටියක් එත් සම්මාන අඩුවෙන් ලැබිච්ච එක ගැන හරි දුකයි.

  13. @milindayu එළ එළ මචං 🙂

  14. මේ ෆිල්ම් එක හරිම සංවේදී ෆිල්ම් එකක්. ඇන්ජලීනා ජොලීගේ රඟපෑම විශිෂ්ටයි.

  15. සෑහෙන ප්‍රයෝජ්නවත් බ්ලොග් එකක්. මමත් ගොඩක් ෆිල්ම් බලනවා. මේකේ තියෙන ගොඩක් ඒවා මම බලපුවා, ඒවා ගැන අදහස් දක්වන්න ලැබීම ලොකු දෙයක්. ඔබතුමාට බොහොම ස්තූති!

  16. @ecH-ඔව් ඔව් හරේ. එතුමා තමයි. ඒ චිත්‍රපටියෙ john malkovich නමින් රගපාන කෙනාම තමයි. ඒ එයාගෙ හැබෑ නම.

  17. ඔය නලින් කියන මහත්මයගෙ පිහිටෙන් මට බලන්න හම්බ වුණ being john malkovich චිත්‍රපටියෙ ඇත්තටම ඉන්නෙ මේකෙ මේ ඉන්න නළුවද කොහෙද.

  18. මට මේ ‍බ්ලොග් එක දවසක් බලන්න බැරුව තිබ්බේ.. දැන් හරි.. ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි මට..බොහෝම ස්තූතියි.. හොද අළුත් වැඩක්.. දිගටම කරගෙන යන්න… ඔයා තරම් නම් මම චිත්‍රපටි බලලා නෑ.. අඩුම තරමේ ඔයා මේ දාලා තියන එකක් වත් මම බලලා නෑ..ඒ හොයාගන්න තියන අපහසුව.. දැන් නම් ඒ ගැටළුව නෑ.. හොද චිත්‍රපට බලන්න මටත් පුළුවන්.. ඒක් නිසා ඔයාගේ උදව්ව ගොඩක් වටීවි මට.. ස්තූතියි

  19. සම්පූර්ණ ඇත්ත…හ‍රිම ලස්සන චිත‍්රපටයක්!

  20. දැන් සති කීපයකට ඉහත මේ චිත්‍රපටය මට නරඹන්න අවස්ථාවක් ලැබුණ. සංවේදී චිත්‍රපටයක්. බලය සහ නිලතල නාම පසුපස හඹායන්නන් සහ මවු සෙනෙහස අතර අපූරු ඝට්ටනයක් සිවේදී අයරින් අපිට ඉදිරිපත් කර තිබෙනවා. ජොලී ‍ගෙ සෑහෙන වෙනස් රංගනයක් දකින්න පුලුවන් සිනමාපටයක්. මගේ අදහස අනුව 2008 වසරෙ එළිදැක්වූ හොදම සිනමාපට කිහිපය අතරින් එකක් මේක.

error: Alert: Content is protected !!