අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Cloud Atlas (2012) Sinhala Subtitles | කල්පාන්තයක් තෙක් දිවෙන ආත්මීය හමුවීම [සිංහල උපසිරැසි සමඟ] (18+)

Rating: 8.9/10. From 33 votes.
Please wait...

කොහොමද ඉතිං අපේ යාළුවෝ හැමෝටම? හැමදෙනාම ආපදාවක් නැතිව ඉන්නවා ඇති කියලා මං හිතනවා. ඔන්න සති කිහිපයකට පස්සේ තවත් සුපිරි චිත්‍රපටයක් අරගෙන තමයි අද මේ පැත්තට ආවේ. අද ගෙනාව චිත්‍රපටයේ නම තමයි Cloud Atlas. හැබැයි මේක ළඟඳී නිකුත් වුණු අලුත්ම චිත්‍රපටියක් නම් නෙමෙයි ඔන්න. මොකද කියනවානම් මේ චිත්‍රපටය ප්‍රථමවරට තිරගත වෙන්නේ 2012 අවුරුද්දේ සැපතැම්බර් 8 වෙනිදා. කොටින්ම කියනවා නම් මේක 2012 වසරේ නිකුත් වුණු චිත්‍රපටයක්. මේ වැඩේට සති කිහිපයක්ම ගතවුණා. එකත් කියන්න එපැයි. මොකද මේ චිත්‍රපටයේ භාෂා ව්‍යවහාරය ටිකක් සංකීර්ණයි. ඉතිං ඒ සංකීර්ණ බව හැකිතාක් සරල කරලා තමයි පරිවර්තනය කරලා තියෙන්නේ. චිත්‍රපටය ගැනත් ගොඩක් දේවල් පැහැදිලි කරන්න තියෙන නිසා අපි ඉක්මනින්ම ඒ පැත්තටම හැරෙමු.

දැන්, මොකක්ද ඇත්තටම මේ Cloud Atlas(ක්ලවුඩ් ඇට්ලස්) කියන්නේ? මෙතන සමහරු අහලාත් ඇති මෙයා ගැන.. David Mitchell(ඩේවිඩ් මිචෙල්) කියලා කෙනෙක් ගැන? අහලා නැති අය බලනවා ඇති කවුද මේ ඩේවිඩ් මිචෙල් කියලා. ඩේවිඩ් මිචෙල් කියන්නේ බ්‍රිතාන්‍ය ජාතික නවකතා රචකයෙක්. The Thousand Autumns of Jacob de Zoet, Black Swan Green, The Bone Clocks, Number9Dream, Ghostwritten වගේ කෘති රැසක් ඩේවිඩ් මිචෙල් කියන කතෘවරයා විසින් රචනා කර තිබෙනවා. මේ ඩේවිඩ් මිචෙල් 2004 දී ප්‍රකාෂණයට පත් කරනවා Cloud Atlas(ක්ලවුඩ් ඇට්ලස්) කියලා නවකතාවක්. ඉතින් මේ නවකතාව පාදක කරගෙන තමා මෙම Cloud Atlas (2012) චිතුපටය නිර්මාණය වෙන්නේ. මේක ඇත්තටම Action / Sci-Fi / Drama / Fantasy යන වර්ගීකරණ වලට අයත් වෙන චිත්‍රපටයක්. සැක්රි බේලි, මෙරොනිම්, රොබර්ට් ෆ්‍රොබිෂර්, ඇඩම්, හෙන්රි ගූස්, රූෆස් සික්ස්මිත්, සොන්මි-451, හේ-ජූ චෙන්ග්, විවියන් අයර්ස්, ටිමෝති කැවෙන්ඩිෂ්, යන චරිත තමා මේ චිත්‍රපටයේ මූලික වශයෙන් ප්‍රධාන චරිත ලෙස හැඳින්වෙන්නේ. දැන් ඉතිං කට්ටිය බලයි චරිත වල නම් ලිපියට ඇතුලත් කලේ මක්කටැයි කියලා. චිත්‍රපටියේ චරිත ටික මම මෙතනදි සදහන් කලේ ඒ ගැන පොඩි හැඳින්වීමක් කරන්න තියෙන නිසා. හැඳින්වුවේ නැත්නම් සමහර අයට චිත්‍රපටිය තේරුම් ගන්න ටිකක් අපහසු වෙන්න පුළුවන් නිසා. ඉතිං අපි මේකේ ඉතිරි වතගොත ටිකත් බලලා හෙම හැඳින්වීමට යමු. මේ සිනමා නිර්මාණයට Imdb දර්ශකයේ 7.4ක ඉහළ අගයකුත්, කුණුතක්කාලි දර්ශකයේ, එනම් Rotten Tomatoe Meter එකේ 66% ක අගයකුත් ලැබිලා තියෙනවා. ඇමෙරිකානු ඩොලර් මිලියන 128.5 ක මුදලක් වැය කරලා තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරන්නේ. Tom Hanks, Halle Berry, Jim Broadbend, Hugo Weaving, Ben Whishaw වගේ සිනමා ලෝකයේ හොඳම සිනමා තරු මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒවගේම මේ චිත්‍රපටය Warner Bros Pictures, X-Filme Creative Pool යන චිත්‍රපට සමාගම් ඔස්සේ නිෂ්පාදනය කර බෙදාහරින්නක්. පැය 2යි මිනිත්තු 52ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටය Lana Wachowsky, Tom Tykwer සහ Lilly Wachowsky යන අධ්‍යක්ෂකවරුන් විසින් තමයි අධ්‍යක්ෂණය කර තිබෙන්නේ. Jupiter Ascending (2015), Perfume (2006), Matrix (1999), The Matrix Reloaded (2003) ඇතුළු Matrix චිත්‍රපට මාලාව වගේ අතිශය ජනප්‍රියත්වයට පත්වුණු චිත්‍රපට මේ අධ්‍යක්ෂකවරුන්ගේ අනෙකුත් නිර්මාණ තමයි. German Film Award for Best Production Design, German Film Award For Best Editing වගේ සම්මාන රැසකුත් මේ චිත්‍රපටයට හිමිවෙලා තියෙනවා වගේම Golden Globe වගේ සමහර සම්මාන සඳහා නිර්දේෂ වෙලාත් තියෙනවා. හැඳින්වීමට බහින්න කලින් මම එක වාක්‍ය දෙකකින් මේ චිත්‍රපටය ගැන දළ අදහසක් ඔයාලට ලබා දෙන්නම්. මේ චිත්‍රපටයේ තියෙන්නේ පරම්පරා හයක පුද්ගලයන් කිහිපදෙනෙක්ගේ කතාවක්. වෙනස් කාලවල, වෙනස් ප්‍රදේශවල, එතිනෙකට වෙනස් වෘතීන්ගේ නියැලුණු පුදගලයන් කිහිපදෙනෙක් වටා තමයි මේ කතාව දිවෙන්නේ. දැන් ඔයාලා බලයි මොන අපබ්‍රංස කතාවක්ද යකෝ ඒක? කියලා. මුලදි එහෙම තමයි. ඒත් කතාව බලාගෙන යනකොට ඒ සිදුවීම් ඉබේටම වැටහෙනවා. හරි දැන් යමු හැඳින්වීමට.

හැඳින්වීම නම් කොතනින් පටන් ගන්නද කියලා මට හිතා ගන්න බැහැ. ඒ නිසා අපි චිත්‍රපටියේ චරිත ගලා එන පිළිවෙලටම එමු.

ඇඩම්

ඇඩම් කියන්නේ ලොකු ව්‍යාපාරිකයෙකුගේ දියණියක් සමඟ විවාහ වෙලා ඉන්න තරුණයෙක්. එයා වෘත්තියෙන් නීතිඥවරයෙක්. මේ කතාවට ඇඩම් සම්බන්ධ වෙන්නේ වර්ෂ 1849 දි. එයා මාමා වෙනුවෙන් රෙවරන්ඩ් හොරක්ස් කියන පුද්ගලයාගෙන් කොන්ත්‍රාතුවක් ලබා ගන්න පැසිෆික් දූපත් වලට යනවා. මේ කොන්ත්‍රාතුව කුමක් සම්බන්ධවද කියලා කිසිම අදහසක් ඇඩම් සතුව තිබුණේ නැ. කොහොම හරි ආපු අරමුණ ඉෂ්ඨ කරගත්තත් හදිසියේ රෝගාතුර වීම නිසා ඇඩම් හදිසියේම නැවත එංගලන්තය බලා එනවා. මෙයාට යහතින් ආපසු එන්න ලැබෙයිද?……..

රොබර්ට් ෆ්‍රොබිෂර්

රොබර්ට් ෆ්‍රොබිෂර් කියන්නෙ අසම්මත ප්‍රේමයක් තිබෙණ තරුණ රචකයෙක්. රොබර්ට් ෆ්‍රොබිෂර් මේ කතාවට එන්නේ 1939 දි. මෙයා රැකියාවක් ලෙස එරට ප්‍රසිද්ධ සංගීතඥයෙකු වන විවියන් අයර්ස් ළඟ සහයකයෙකු ලෙස කටයුතු කරන්න යනවා. ඉතින් එතනදි තමයි මෙයා වෙනස්ම මගකට යොමුවෙන්නේ. සංගීතඥයා ළඟ කටයුතු කරන අතරතුර එයා තමන්ගෙම නිර්මාණයක් ගැන හිත යොමුකරනවා……….

ලුයිසා රේයි

ලුයිසා රේයි මේකට සම්බන්ධ වෙන්නේ මාධ්‍යවේදියෙක් ලෙසින්. 1973 ඉඳලා තමයි එයා කතාවට එක් වෙන්නේ. ඇයගේ පියාත් ප්‍රස්ද්ධ මාධ්‍ය වේදියෙක්. ඇයට අහඹු ලෙස කෙනෙක් හමුවෙනවා. විදුලි සෝපානයක් ඇතුලෙදි. රෑෆස් සික්ස්මිත් කියලා කෙනෙක්.කොහොම හරි ඇය කවුද කියලා දැනගත්තාට පසුව මේ සික්ස්මිත් කියන තැනැත්තා ඇයට වැදගත් රහසක් හෙලි කරන්න සූදානම් වෙනවා….. මේ රහස මොකක්ද?..

ටිමෝති කැවෙන්ඩිෂ්

ටිමෝති කියන්නේ පොත් ප්‍රකාෂකයෙක්. පොත් ප්‍රකාෂකයෙක් උනත්, යහමින් අතමිට මුදල් ගැවසුණු කෙනෙක් නම් නෙමෙයි. ඩර්මට් හොගින්ස් කියන කතෘවරයාගේ ප්‍රථම ප්‍රබන්ධ කතාව ප්‍රකාෂණයට පත් කර බෙදා හරින්නට ගිවිසුම්ගත වෙන්නේ ටිමෝති කැවෙන්ඩිෂ්. වැලේ වැල් නැතිව හිටපු වෙලාවක අහම්ඹෙන් මෙන් සිදුවුණු දෙයක් නිසා මිනිහට ලොකු වාසියක් අත්වුණත්, ඒකෙම අතුරු ප්‍රතිඵලයක් විදියට එයාට නගරෙන් පැනලා යන්න වෙනවා…..

සොන්මි-451

මට හැඳින්වීමක් කරන්න අවශ්‍යම කෙනෙක් තමයි ‍මේ. මුලින්ම කියන්න ඕනේ සොන්මි කතාවට පිවිසෙන්නේ 22වන සියවසයේ කෙනෙක් විදිහට. අද වර්තමානෙත් එක්ක සසඳනකොට අනාගතයේ තාක්ෂණය කොපමණ දියුණුවෙයිද කියලා හැමෝටම හිතා ගන්න පුළුවන්නේ. ඒ තාක්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස තමයි සොන්මි නිර්මාණය වෙන්නේ. සොන්මි කියන්නේ ජාන සහ ඉංජිනේරු තාක්ෂණයේ සුසංයෝගයෙන් නිර්මාණය වුණු සුවිශේෂි නිමැවුමක්. මේ වගේ අය නිර්මාණය කරන්නේ ශ්‍රමිකයන් වශයෙන් භාවිත කිරීම සඳහා. ජීවිතාන්තය තෙක්ම ඔවුන් ශ්‍රමිකයන් විදිහට තමයි කටයුුතු කරන්නේ. ඉතින් මේ යුගයේදී ස්වභාවික ලෙස උපත ලැබූ අය හඳුන්වන්නේ පවිත්‍ර රුධිර ලාභීන්(Pure Blood’s) කියලා. ඒවගේම මේ ජාන ඉංජිනේරු නිමැවුම නිෂ්පාදනය කරන අය හඳුන්වන්නේ නිමැවුම්කරුවන්(Fabricants) ලෙස.ඒ වගේම මේ සාම්ප්‍රදායික ක්‍රියාකලාපයට විරුද්ධව කටයුතු කරන කැරළිකරුවන්ගේ සංවිධානයක් තියෙනවා. ඔවුන් උත්සහ ගන්නේ ශ්‍රමිතයන්ගේත් නිදහස තහවුරු කරන්න. ඔවුන්ට ඒක කරන්න හැකිවේවිද? සොන්මි ඒකට සම්බන්ධවෙන්නේ කෙහොමද?….ඒ ටික ඔයාලට බාරයි.

සැක්රි බේලි

ලෝකයේ දැන් තිබෙන තාක්ෂණය අනාගතයේ යම් දිනයක අවසන් වෙනවා කියලා විවිධ ආගමික දර්ශන වල වගේම විවිධ විද්වතුන් එහෙමත් මත පළ කරලා තියෙනවා කියලා අපි හැමෝම වගේ දන්නවානේ. ඉතින් එහෙම කාලසීමාවකට තමයි දැන් එන්න යන්නේ. The Shannara Chronicles එහෙම බලලා තියෙන අයට නම් මේ වගේ සිදුවීම් ටිකක් හුරුපුරුදු ඇති. එහෙම කාලසීමාවකට තමයි මේ එන්න හදන්නේ. 22වන සියවසයෙන් පස්සේ සිදුවුණු තාක්ෂණික බිඳවැටීමක් නිසා ලෝකය ආපසු මුල් අවධියටම ගිහින් තියෙන කාලෙක ජීවක් වෙන කෙනෙක් තමයි සැක්රි කියන්නේ. හරියටම කිව්වොත් වර්ෂ 2321දි තමයි මේ සිදුවීම. මෙයාලාගේ ප්‍රදේශයේ අයව නිම්න වාසීන් (Valley’sMan) කියලා තමා හඳුන්වන්නේ. ඒවගේම මේ නිම්න වැසියන් අදහන්නේ සොන්මි කියලා දෙවඟනක්ව හැබැයි මෙයාලට තර්ජනයකුත් තියෙනවා. ඒ තමයි කෝනා ගොත්‍රිකයෝ. ඔවුන් ඒ අවටම ජීවත් වෙන ම්ලේච්ඡ ගෝත්‍රික කණ්ඩායමක්. මේ කාලයේම තාක්ෂණය ආපසු යම්තාක් දුරකට ගොඩනංවාගෙන භාවිත කරන පිරිසකුත් ඉන්නවා. ඔවුන් හඳුන්වන්නේ අනාගත වංශිකයේා යන නමින්. මෙරොනිම් කියන්නෙත් අනාගත වංශිකයන්ගෙම කෙනෙක්.. ඉතිං මේ අය යම් දෙයක් හොයාගෙන වරින් වර නිම්න භූමියට එනවා. මේ විදිහට ඇවිත් ඔවුන් මොනවාද හොයන්නේ? සැක්රිට මේ සැකය ඇති වෙනවා………..

දැන් ඉතින් අපේ කට්ටිය බලනවා ඇති මොන අපබ්‍රංස කතාවක්ද මේ? මේලෝකේ දෙයක් තේරෙන්නේ නෑනේ කියලා. නෑ එහෙම වෙන්නේ නෑ. එ් පැටලුම ඉබේටම ලිහෙනවා චිත්‍රපටය ඉවරවෙනතුරුම නැරඹුවාට පස්සේ. බැලූබැල්මට මේ සිදුවීම් අතර ගැලපීමක් නැහැ කියලා හිතුනත්, පසුව ඔයා ඒ අදහස අතහැර ගනීවි. ටිකක් අමුතු කතාවක් නම් තමයි. ඒත් කාලෙකින් පසසේ නරඹපු හොඳ චිත්‍රපටියක්. ඔයාලටත් එහෙම හිතේවි. ඒක විශ්වාසෙන්ම කියන්න පුළුවන්.

ඉතිං අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මට වචනෙකින් හෝ සහයෝගය දක්වපු හැමදෙනාටම ස්තුතියි. ඒවගේම ඔයාලගෙත් අදහස් සහ යෝජනා එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට පළකරන්න හැකියාව තියෙනවා. ඉතින් තවත් දවසක මෙවැනි චිත්‍රපටයක් අරගෙන අපාහු එන බලාපොරොත්තුව ඇතිව මම Cloud Atlas චිත්‍රපටයේ කර්තව්‍යයය මෙතනින් අවසන් කරනවා.

ඔයාලට තෙරුවණ් සරණයි!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විහඟ පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

21 thoughts on “Cloud Atlas (2012) Sinhala Subtitles | කල්පාන්තයක් තෙක් දිවෙන ආත්මීය හමුවීම [සිංහල උපසිරැසි සමඟ] (18+)

  • 1k parak baluwa, thawa parak balanne oni. thank you aiye sub 1kta.

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ! ජය වේවා! ✌❤
    සහෝ scooby doo guess who සීසන් එක තවම දිගට ඇදෙනවා නේද?
    පොඩ්ඩක් බලලා ඒ ටිකත් දෙන්න පුළුවන්ද කියලා බලනවද? ❤

    Reply
  • Hoda movies tikak apita ikamata denna saho.gedarata wela idala epa wela thiyenne.sub ekata thanks.movie bagena balannam.jaya wewa.

    Reply
  • බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • sub ekata thanks machan
    mulinma lipiya kiyewwata melo deyak therune naha eth film eka bala aye kiyewwama thama kathawa supiriyatama therune
    thanks a lot

    Reply
  • Thanks a lot ……….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks කොල්ලෝ

    Reply
  • බොහොම ස්තූතියි සබ් එකට.ජය වේවා.!

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • බොහොම ස්තුතියි සබ් එකට 🙂

    Reply

Leave a Reply to thanula D Cancel reply

Your email address will not be published. Required fields are marked *