Sunday , March 26 2023

Cloudy with a Chance of Meatballs (2009) Sinhala Subtitles | හිත ඇත්නම් පත කුඩාද?[සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.9/10. From 18 votes.
Please wait...

Flint Lockwood කියන්නෙ ටිකක් අමුතු හාදයෙක්. මෙයා ඉන්නෙ Swallow Fall කියන ගම්මානෙ. මෙයාගෙ තියෙන අමුත්ත තමයි අමුතු අමුතු දේවල් හොයාගන්ඩ තියෙන ආශාව. ඒ කියන්නේ මෙයා නවනිපැයුම්කරුවෙක්. හැබැයි මෙයාගෙ මේ වැඩවලට සහයෝගය පළ කරන්නෙ මෙයාගෙ අම්මා විතරයි. අම්මා මෙයාව මේ ලෝකෙ දාල ගියහම මෙයා තාත්තා එක්ක තනිවෙනවා. මේ තාත්තානම් අම්ම වගේ නෙමෙයි. එයාට ටිකක් තාක්ෂණේ රුස්සන්නෙ නැහැ. තාක්ෂණ භීතිකාවක් වගේ එකක් තියෙනවා. ඒ හින්දා උන්දැගෙන් කොල්ලගේ වැඩවලට කිසි සහයක් නෑ.

මෙයාලගෙ ගමේ සාඩින් ඇහුරුම් කම්හල වැහිල ගිහිල්ලා ගමටම කෑම නැතුව මහ නරක කල දසාවක් ලබන්නෙ ඕq ඔය අතරෙයි. ඉතිං මෙයත් තමන්ගෙ නව නිපැයුමක් පරීක්ෂා කරල බලන්ඩ මේක හොඳ අවස්ථාවක් කර ගන්ඩ හිතනවා. ඒක කෑම හදන යන්ත්‍රයක්. අමුද්‍රව්‍ය විදිහට වුවමනා වතුර විතරයි. හැබැයි මේක තවම පර්යේෂණ මට්ටමේ!

මුළු ගමම වැඩේට කැමති වුණාට දවසක්දා දැඩි විදුලි බලයක් එකවරම මේකට ලැබීම නිසා පුපුරලා විසිවේනවා අහසට. එදායින් පස්සෙ තමා මරුම වැඩේ වෙන්නේ. මෙන්න බොලේ කෑම වහින්ඩ ගන්නවා. මේකෙන් මේ ගම ලෝකප්‍රසිද්ධ වෙනවා. සංචාරකයො වැල නොකැඩී ඇදෙනවා. ගම්මුන්ට කෑම නොමිලේ. සංචාරකයො එන හින්ද කොයි අතිනුත් සරුයි. මේ අස්සෙ පුරපති ගහන්නෙ වෙනම ගැටයක්. නමුත් මේක එන්ඩ එන්ඩම නරක අතකට හැරෙන බව Flintට විතරක් දැනෙනවා. මොකද දැන් දැන් වැහි නෙමේ කුනා‍ටුත් එන හින්දා. නවත්තගන්ඩනම් අහසටම යන්ඩ වෙයි වගේ. ඒකට උදව්වටත් කෙනෙක් හම්බෙනවා. කාලගුණය ගැන කටයුතු කරන කෙල්ලෙක්. එන්ඩ එන්ඩම වැඩේ දරුණුයි. දැන්නම් වැඩේ ආවදානම්. මේක නවත්තන්ඩ බැරි වෙයිද? එතකොට පුරප්තිතුමා කරන්ඩ හදන්නෙ මොකද්ද? තාත්තගෙ ප්‍රතිචාරය මොකක් වෙයිද?

තව පොඩි දෙයක් තියෙනවා කියන්ඩ. ඒක තමා හොඳම ආරංචිය. මේකේ 2වෙනි කොටස මේ අවුරුද්දේ එනවා. ඒකත් දෙන්නම්. ඊට කලින් මේක බලල ඉමුකෝ සිංහල එක්ක. මේ පළවෙනි එක! දෙවෙනි එකත් දෙන්ඩනම් ඉතිං මගේ හිතට සතුටක් ඕනෙ. ඔයාලගෙ සතුට වෙනුවෙන් මම වෙච්චි මහන්සියෙන් මට සතුටක් නොලැබුණොත් ඒකට හිත දෙන එකක් නැති වෙයි. ඒ නිසා කමෙන්ට් එකක් කාරියා දාල මගේ හිතේ දොල සංසිඳවන්ඩ කමෙන්ට් පිදේනියක් දුන්නොත් හොඳ හිටී…

මීට පෙර දිනුෂ්ක උදාර (රොකියා) සොහොයුරා විසින් පළ කළ ලිපිය.

 ඔන්න පොඩි පොඩිහිටියන්ට සහ වැඩිහිටියන්ට එකසේ රස විඳින්න පුලුවන් ලස්සන ඇනිමේෂන් බයිස්කෝප් එකක් අද අරගෙන ආව. මේක නිකම්ම නිකම් ඇනිමේෂන් එකක් නෙමෙයි. සති ගානක් ඉහලම රෑන්කින් වල තිබුන, IMDB රේටින් වල 7.5ක් ගත්ත ඇනිමේෂ්න් එකක්. මේ ෆිල්ම් එක පොතක අනුසාරයෙන් නිර්මානය වුනු ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ හොඳ කොපියක් නිකුත් වෙලානම් දැනට සතියක් විතර ඇති. මේ සඳහා ගොඩක් ප්රිසිද්ධ සහ දක්ෂ නලු නිලි පිරිසක් හඬකැවීමෙන් දායක වෙලා තියෙනව. කතාව මේකයි. Flint Lockwood කියන්නෙ එයගෙ වයසෙ පසුවන අනිත් ලමයින්ගෙන් ටිකක් වෙනස් කෙනෙක්. පොඩි කාලෙ ඉඳලම විද්‍යාව සම්බන්ද නව සොයාගැනීම් සහ පරීක්ශණ තනියෙම කරනව. හැබැයි මෙයගෙ යාලුවන්ගෙන් සහ ඇතැමුන්ගෙන් මෙයා කොන් වෙනව. නමුත් මෙයාගෙ අම්මට ලොකු විශ්වාසයක් තියනව කවදාහෝ තමාගෙ පුතා ලෝකෙට අලුත් නිර්මානයක් බිහිකරයි කියල. ඒ දේ මෙයා කරන්නෙ හරිම අමුතු විදියටයි. කියන්න ඕනෙ විශේෂ දෙයක් තියනව. ඒ තමයි, පුන්චි ලමයෙක්ගෙ මානසිකත්වය මෙන විදියටද කුඩා කාලෙ ඉඳලම ගොඩ නගන්නෙ. ඒව සාර්ථක වෙන්න දෙමාපියන් මොනාද කරන්න ඕනෙ, ඒ වගේම තමන් ගන්න උත්සාහයක් කවදාවත් වතුරෙ යන්නෙ නැති බව. පොඩි ලමයින්ට මෙ ෆිල්ම් එකෙන් ඒ වගේ ගොඩක් හොඳ පනිවිඩයක් අවසානයේදි දෙනව, රසවත් කතාවක් එක්කම.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිහින ලහිරු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/08/31

Check Also

The Mandalorian [S03 : E03] Sinhala Subtitles | ඇදහිල්ල වෙනස් කිරීම. [සිංහල උපසිරසි]

හැමෝටම සුබ දවසක්! මේ අරගෙන ආවේ මැන්ඩලෝරියන් කතා මාලාවේ තුන්වැනි සීසන් එකේ තෙවැනි එපිසෝඩ් එක. …

Leave a Reply

Your email address will not be published.

98 comments

  1. A cloudy with a chance meatballs 2 .me film eketh sinhala sub eka danko.

  2. Cloudy with a Chance of Meatballs 2 (2013) sinhala subtitles eka one

  3. Thank you goadak asawen balpu ekak

  4. thanks brother

  5. thanks bro

  6. Supun Madhusanka (Bunny)

    Thanks saho….. patta work…..

  7. thanks..

  8. pattayi ae thankssss…… 😀

  9. වරුණ නිරෝෂණ

    ස්තුතියි මචං…………….

  10. All the best ..& Thankx bro

  11. thank you very much

  12. Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  13. 2 කොටස බැලුවා. දැන් බලන්න තියෙන්නේ 1 කොටස. 2 බලලා ඉවර උනා විතරයි. 1ත් බානවා. ස්තූතියි දෙන්නටම.

  14. chamara galkanda

    hi! i wd like to thanz evry1 4 ths. if i hv a time,i’ll join with u in futr.gd lk

  15. All da best..Enjoyed a lot.Thankx a lot

  16. බොහොම ස්තුතියි උපසිරසට
    දැන් තමා බලන්න ලැබුනේ

  17. SUB walata thnxxxx… jaya wewa!!!

  18. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  19. Niyama film 1k.sub dunnata thanks…..

  20. 270MB ekata Sub weda nane.. mula tika piliwelata yanava.. hariyatama vinadi 4:41 n passe sub yanne pahu wela.. help1k dennako pls……….

  21. ටැංකියු කොල්ල

  22. thanx animation film walata sub denawata

  23. meke mama 270MB version eka download karala balana hahuwata eka wada naane tika play wenawa etapasse tika welawak nathara wella thiyanwa ai stuck wenna ai e?

  24. මේක නම් මරු.ස්තුති.

  25. මේ අපේ ලහිරුවා නෙව….. 🙂 එල එල….. සිංහල සබ් වලට ස්තූති…… 🙂

  26. රාම් රාජ්

    මේක ෆට්ට ෆිලම් එකක්.සබ් නැතිව බැලුවේ.බලපු නැති අය අනිවා බලන්න.සබ් තියෙන නිසා හොදට තේරෙනවානේ.

  27. දිදුල Kd සිල්වා

    ලස්සන කතාවක් වගෙයි.. බොහොම ස්තූතියි යාලුවා. ජය වේවා!

  28. dimuthu තරංග ඉලුක්කුඹුර

    එල එල,ජයවේවා.

  29. බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. බලලා තියෙන නියමම චිත්‍රපටියක්.

  30. kalin kiwwa wagema…. ela..
    thanx for the sub!

  31. සචිත උදාර

    එළ ෆිල්ම් එකක්, තෑන්ක්ස්…!

  32. ෆිල්ම් එකට ජය වෙවා

  33. මෙක ගත්තා අනිකත් ආවගමන් ඕනේ

  34. deweni ekath aaapu gaman ikmanata denna, hodeda ayye!

  35. නියමයී යාළු ,.. ඔන්න දැන් ඩ්ව්න් වෙන්න දැම්මෝ,,
    බොහොම ස්තුතියි,,! 🙂

  36. mudiya / මුදියා

    නියම ෆිල්ම් එකක් මේක.ආයෙත් බලනව සිහිනයගේ සබ් එක එක්කම.ජයවේවා.බොහෝ……………………ම ස්තූතියි…!

  37. බොහොම ස්තුතියි සහෝ!
    මම බලාපොරොත්තු වුනු sub එකක්.
    දිගටම කරගෙන යන්න හදවතින්ම සුබ පතනවා.
    ජය වේවා!

  38. lassanai wage, thanks

  39. නලියා

    එළ එළ සුපිරි මුවි එක
    සිංහල එක්ක ම බලතැකි…

    ජය වේවා…

  40. Thanx machan.. damma down wenna

  41. maxxa bro …

  42. Thanks Friend……

  43. “චූටී මල්ලි”

    ආ……මේක බලලා තියෙයි මචන්
    සබට තුති

  44. Kind Of awesome movie! I like It !!!

  45. බොහොම ස්තුතියි සහො

  46. jayama weywa saholata apita pattama films subs dala geyna akata

  47. ස්තුතියි මචන් 🙂

  48. ela ela macho

  49. maxxa macho tahwath animation subs dahan,,,

  50. දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා!

  51. 🙂 jaya weywa 🙂

  52. mihin ලංකා

    එල එකක් වගේ බලන්න ඕනේ

  53. niyami machn

  54. ෆිල්ම් එක නම් නියමයි… 🙂 🙂

  55. thnxxxxxxxxxxxxxx

  56. පිං සිද්ධ වේවා

  57. wow… maru 😀

  58. bohoma thnxxx saho

  59. animation nam loweth balanwa thnxxxxxxxxx

  60. patta patta amcho

  61. හොඳ ෆිල්ම් එක.
    ඒත් සිංහල සබ් තිබුන නම්…

  62. mama meka balala thiyenawa..maxxa movie ekak

  63. link eka weda karanne na ne 🙁

  64. එළ ෆිලම් එක.මටත් තිබුනානම් ඒ වගේ යන්ත්‍රයක්. දැනවා හොද ෆේස්ට්‍රි ෂොප් එකක්.

  65. onna dwnld karanna damma !!!!!!!!! balamu …hodai wage !!!!!!!

  66. අය්යා මෙ කා‍ටුන් ඒකෙ ලින්ක් ඒක වැඩ කරන්නෙ නැ පොඩ්ඩක් චෙක් කරන්න….. 🙂

  67. link eka wada na!!!!!!!! 🙁

  68. meka ela web ekak ne !! thanks film walata !! 🙂
    good web !!

  69. ela machan meka patta movie eka Astro boy ake hoda copyak tiyenam danawada

  70. ath mathanan 1 ahchara alluwe na
    bt ok

  71. vacation gihin apu gamanmai awe maga arichha godak honda films thiyenawa baganda,Roily, gura macho, mage suba pathum sammanayata.

  72. Mage Download list Eke Thama Maga Enawa meka .Aniwa Banna One…
    Hey Hey thanks

  73. පොඩි දවසකට එලියට ගිහින් හිටපු නිසා, මේ පැත්තෙ එන්න බැරි උනා. කමෙන්ට් කරපු සැමටම ස්තූතියි.

  74. lokko mara seen eka kiyanne
    mama meka bawa et sound enne nane mula tike witarai enne

  75. ඉන්දික

    මගේ පොඩි එකීට මේ දවස්වල බලන්න හොද චිත්තර පටියක් නැතිව මට මාර වාතයක් වෙලා හිටියේ බැරිම තැන ටොම් ඇන්ඩ් ජෙරී ගේ පරණම කාටුන් ගොඩක් ගිහින් දුන්නා මචෝ උඔට පිං සිද්ධ වේවා මාව බේරලා දුන්නාට දුන්මම බානවෝ…….

  76. කාලෙකින් කාටූන් එකක්….. 😀 බාමි බාමි….. 🙂

  77. All the best.
    apen suba patum.

  78. ඩිලාන්

    මේ ඇනිමේෂන් ෆිල්ම් එක නම් නියමයි…
    ආපු ගමන් camera කොපි එක බෑලුව.
    බයිස්කෝප් වෙබ් අඩවියට අපෙන් සුබ පතුම්…. 🙂

  79. baiscope akata jaya wewa

    all the best

  80. nilanthaherath

    niyamai, mage subapatum.oho yan. oho yan

  81. all the Best…… thankx

  82. බාමි බාමි!!!!!!!!!

  83. ෆිල්ම් එකට ජය වෙවා

    බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට අපෙන් සුබ පතුම්.

  84. WOW..!! Really..?? Best wishes for your effort..!! Keep up the good work…..!!!

  85. best wishers ….

    අසෙනිය කුසුම ’09
    රාජකීය විද්යාලීය සිංහල භාෂා හා සාහිත්ය ඒකකය මඟින් පවත්වනු ලැබූ “අසෙනිය කුසුම” කලා උළෙල හා සමගාමීව සංවිධානය කරන ලද සිංහල බ්ලොග්කරණ තරඟාවලියේදී “හොඳම සමූහ බ්ලොග් අඩවිය” සම්මානයෙන් “බයිස්කෝප් සිංහලෙන්” වෙබ් අඩවිය පිදුම් ලැබූ වගයි…

  86. තූතී අපිත ගෝලයා මාමී කාතූන් ගෙනල්ලා…ඉහි ඉහි…

  87. හොඳම සමූහ බ්ලොග් අඩවියට මගේ සුබ පැතුම් 😛

  88. meka man balua! ela! maara joly movie eka! aththatama mehema unaa nam niyamai….

error: Alert: Content is protected !!