Tuesday , November 30 2021

Crank (2006) with Sinhala Subtitles | ඔල්මාදකාරයා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 17 votes.
Please wait...

Crank (2006)

එන්.විජිත අසංක වන මගේ හතලිස් එක්වැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2006 වසරෙදි තිරගත වුනු Action, Crime, Thriller වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 7.0 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 88 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ   Mark Neveldine සහ Brian Taylor නම් අධ්‍යක්ෂවරුන් දෙදෙනා විසිනුයි.

මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ අපි හැමෝම දන්න Transporter, The Expendables, The Mechanic, Parker, Furious 7 වැනි සුප්‍රසිද්ධ චිත්‍රපටි රැසක රඟපාන සුපිරි ක්‍රියාදාම නළුවෙක් වන Jason Statham නළුවා සහ Mirrors, Flight 7500, The Single Moms Club වැනි සුප්‍රසිද්ධ චිත්‍රපටිවල රඟපාන Amy Smart නම් සරාගී නිළියයි.

චෙව් චෙලියෝස් (Jason Statham) කියන්නෙ කුළීයට මිනී මරන්නෙක්. නිකී වෙරෝනා නම් අයෙක් විසින් ඔහු‍ට දරුණු විෂක් ශරීරගත කරනවා. මේ බව දැනගන්නා චෙව් වෙරෝනාව මරා දමන බවට දිවුරනවා. ඔහුට වෙරෝනාව මරා දමන්න හැකි වෙයිද? දරුණු විෂක් ශරීරගත වී ඇති චෙව්ට බේරෙන්න හැකි වෙයිද? චෙව් ඝාතන ප්‍රයත්නය පිටිපස්සෙ ඉන්නෙ කවුද? මේවා දැනගන්න නම් චිත්‍රපටය නරඹන්න සිද්ධ වෙනවා. ඉතින් මේ සුපිරි චිත්‍රපටියත් නරඹලා ඉවර වුණාට පස්සෙ සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා. තවත් දෙයක් කියන්න ඕනෙ. මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටියක් මොකද චිත්‍රපටිය පුරාවටම අසභ්‍ය වදන් ඇතුළත් වෙනවා. ඒ වගේම පොඩි සීන් එකකුත් තියෙනවා. ඒ නිසා අවුරුදු 18 න් පහළ අය නැරඹීමෙන් වළකින ලෙසත් ඉල්ලා සිටිනවා.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

Crank (2006) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Crank.2006.720p.BrRip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Rudra Thandavam (2021) Sinhala Subtitles | රුද්‍රන්ගේ ආඩපාලිය ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ, ගොඩක් දවසකට කලින් බාර ගත්ත එකක් දවස් ගානක්ම පරක්කු වුණා, ඉතින් කණගාටුව ප්‍රකාශ …

Leave a Reply

Your email address will not be published.

43 comments

  1. සබ්එකට Tnx mchn,, ජය!! ✌️✌️

  2. Harshana Atapattu

    Tanx for sub machan

  3. Bimbisha Adithya

    උපසිරැසිය නියමයි.

  4. Bimbisha Adithya

    ස්තුතියි විජිත සහෝ
    ජයෙන් ජය බයිස්කෝප් වෙබ් අඩවියට

  5. thank you
    good luck baiscopelk & Vijitha bro
    appreciate it

  6. බොහොම ස්තුතියි උපසිරසට
    ජයවේවා….

  7. Thanks movies දෙකටම මචන්

  8. Thanks sahoo

  9. sithira lasal kalunayaka

    thank you bro

  10. Ashen_Madushanka

    Thnx saho api wenuwen mahansi wela subtitles denawata

  11. Nishanpradeep95

    සිංහල සබ් එකට ගොඩක් ස්තුති සහෝදරයා…
    හොද වැඩක් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා…
    ජය වේවා…
    පුලුවන්නම් Big momma’s house 2 සහ grow ups 1 සබ් ටික දෙන්න බලන්න..

  12. sub file eka mage phon eke weda na…rar file ekak tamai download wenne.kalin nam ship file ekak download une eka weda..mokadda dan na case eka neda

  13. Fatta sub eka

  14. Janith Sachintha

    mage collection ekata hoda salaruwak thanks rasawathwa film eka widinnna saba karata

  15. Thnx sub ekata

  16. KanchanaJayawardane

    thanks

  17. thanks bro

  18. ravindu prabashwara

    Sub ekata thanks

  19. ravindu prabashwara

    Ela bro

  20. ස්තුතියි සබ් එකට

  21. Thanks mcn..

  22. Thnx Brooo….

  23. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  24. thankssss bro

  25. Web බුවා

    මේකෙ නම් ටිකක් හෝ හොඳක් තියේ, but අනිත් එකේ නම් කිසිම හොඳක් නෑ. ඒ වගේම තමා නිරුවත් දර්ශන සහ ලිංගික දර්ශන. චිත්‍රපට වර්ගීකරණයේ R සීමාවත් ඉක්මවා ගිහිං NC-17 කියන level එකට කිට්ටු වෙච්ච එකක් තමා ඔය high voltage එක. ඒ කියන්නේ ඉහත කිව්ව දර්ශන දෙවර්ගයම පට්ට hard. ඔයාලා මේක බැලුවොත් තේරෙයි තරඟයක් අතරතුරදී තියෙන එවැනි පට්ට ජරා දර්ශනයක්. movie expert කියන විදිහට නම් jason වගේ පට්ට පොරක් අර බාල පහත් දර්ශනයක පෙනී සිටිය එක එයාට වැඳගෙන ඉන්න fans ලට කරපු අසාධාරණයක් කියලා. ඒ වගේම මිනිහගේ hollywood වල level එකත් break වෙච්ච seen එකක් තමා ඒ. තේරෙනවනේ උඹලට මං කියන්නේ මොනාද කියලා. ඉතිං ඔහොමයි high voltage. ඉතිං පොඩි උන් එහෙම මේවාට අත තියනවා නෙමේ හොඳද? ජය! හැමෝටම.

  26. ela saho

  27. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  28. මේකේ අනිත් ෆිලුමටත් සබ් දාන්න… Crank: High Voltage
    ඒවගේම සිංහල උපසිරැසියටත් ස්තූතියි සහෝ

  29. elama thanks

  30. චරිත් ප්‍රසාද්

    මේකේ තව පාට් එකක් තියනව crank high voltage (2009) කියල පුලුවන්නම් ඒකටත් සබ් දෙන්න.ස්තුතියි!

  31. පට්ට ෆිලුමකටනේ සහෝ සබ් එක දීලා තියෙන්නේ
    මේ වගේම සුපිරිම ෆිලුමක් දෙන්න
    ඒවගේම 50 කඩඉම ඉක්මනටම පසු කරන්න ලැබේවායි සුබ පතනවා

  32. සබ් එකට තුති සහෝ
    ඊලග උපසිරැසි නිර්මානයෙන් හමු වෙමු

  33. දිනේෂ් අකලංක

    අනිව බෑමක් තමා.. සබ් එකට ස්තුතී සහෝ… ජයවේවා!!!

  34. thanks…..

  35. මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොයුරාට අප සැමගේ ස්තූතිය.

    “එන්.විජිත අසංක” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත

  36. එල මචන් සබට තුති….

  37. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි…….

  38. Thank you Friend.

  39. සුපිරි ෆිලුමක් වේවා…!!

  40. Sajith Anthony

    මේක ඉස්සරම බලපු සුපිරි ෆිලුමක්, ආයිත් බලනව
    උපසිරැසියට එකට ගොඩාක් ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!

error: Alert: Content is protected !!