You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 21 2019
Breaking News
Home / TV / 18+ / Criminal Justice (2019-) [S01 : E05] Sinhala Subtitle | අපරාධ විනිශ්චය.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

Criminal Justice (2019-) [S01 : E05] Sinhala Subtitle | අපරාධ විනිශ්චය.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

Rating: 10.0/10. From 3 votes.
Please wait...

මම මේ පාර ඔන්න TV Series එකකට උපසිරසි දෙන්න හිතුවා. මම කලින් චිත්‍රපටිවලට විතරයි සබ් දුන්නේ. ඉතින් මම මේ පාර criminal justice 2019 (India) කියන TV Series එකට උපසිරසි අරගෙන ආවා. criminal justice 2019 (India) කියන TV Series එක BBC සමාගම යටතේ විකාශනය වූ, පීටර් මොෆට් විසින් රචිත Criminal Justice 2008 TV Series එක පදනම් කරගත් ඉන්දියානු කතා මාලාවකි. මෙය අනුවර්තනය කරන ලද්දේ ශ්‍රීධර් රාගවන් විසින්. 2019 අප්‍රේල් 5 වන දින Hotstar සමාගම යටතේ විකාශනය ආරම්භ කරන ලදි. මෙය හින්දි, මරාටි, බෙන්ගාලි, තෙළිඟු, දෙමළ, මලයාලම්, කන්නඩ කියලා භාෂා ගාණකින්ම නිකුත්වෙලා තියෙනවා.

criminal justice TV Series එකේ මේ කොටස Once Upon a Night නමින් නම් කොට තිබෙනවා. 46min ක ධාවන කාලයක් සහිත IMDB අගය 8.6 ක් ගත් මේ TV Episode එක Crime, Drama, History ඛාණ්ඩයට වර්ග කොට ඇත.මේ TV Series එක අධ්‍යක්ෂණය Tigmanshu Dhulia ගෙන් සිදුවී ඇත. රංගනයෙන් Vikrant Massey, Pankaj Tripathi, Jackie Shroff, Madhurima Roy, Anupriya Goenka, Rucha Inamdar යන නළු නිළියන් ප්‍රධාන චරිත නිරූපණය සඳහා දායක වෙනවා.

මෙතෙක් කතාව

ආදිත්‍ය ෂර්මා කියන්නෙ ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධිය ගැනීමට සිටින අමතර දෙයක් විදියට පාපන්දු සෙල්ලම් කරන සෙල්ලක්කාර තරුණයෙක්. මොහුගේ අක්කාට කැබ් රථයක් තිබෙන අතර මොහු අමතර රැකියාවක් ලෙස මේ කැබ් රථයද හයර් කරනවා. දිනක් පාපන්දු තරඟයක් දිනා එහි සතුට භුක්ති විඳීමට පාටියක් සැලසුම් කර තිබෙන අතර මොහුගේ නිවසේද අක්කාගේ විවාහ සංවත්සර උත්සවයක් පවතිනවා. ආදිත්‍ය යාළුවන් සමඟ පාටියට යෑමට සිටියත් ගෙදර උත්සවය නිසා අක්කාගේ පෙරැත්ත කිරීම මත ඔහුට මේ දිනයේත් කැබ් රථය හයර් කිරීමට සිදු වෙනවා. උදේ කාලයේ කැබ් එක හයර් කොට අවසානයේ හයර් කිරීමට තිබූ හයර් එකත් අවලංගු කරලා පාටියට යෑම සඳහා සැරසෙනවා. ඒත් කලින් හයර් කිරීමට තිබූ කාන්තාව කැබ් එකට ගොඩ වෙනවා. මුලින් දෙදෙනා අතර රණ්ඩු ඇති වුනත් අවසානයේදී යාළු වෙනවා. පසුව ආදිත්‍ය මැයව ගෙදරට ගොස් ඇරලවනවා. ඒත් මේ සනායා ෆෝන් එක කාර් එකේ දමා ගොස් තිබූ නිසා ආදිත්‍යට නැවතත් මැයව හමු වීමට යනවා. ඒත් ආදිත්‍යට පාටියට යෑමට නොහැකි වූයේ තමන් නිසා යැයි සිතන සනායා මොහුව තමන්ගේ නිවසට කැඳවාගෙන මත්පැන් පානය කොට හුදෙකලා පාටියක් දානවා. අවසානයේ දෙදෙනා අතර ආදරයක් නොවන සම්බන්ධයක්ද ඇති වෙනවා. මින් අනතුරුව බලන විට සනායා ඇඳ මත මරා දමා සිටිනවා. මෙයින් බියට පත් වන ආදිත්‍ය පලා ගියත් රිය අනතුරක් නිසා පොලිසියට හසු වෙනවා. කතා කිරීමට නඩුවක් සොයමින් යන මාධව් මිශ්‍රා නම් නීතිඥයා මේ ආදිත්‍යව අරගෙන ආපු පොලිස් ස්ථානයට පැමිණෙනවා. මේ ස්ථානයට සනායාගෙ නිවසින් ආදිත්‍ය පැන යන ආකාරය දකින සාක්ෂිකරුද පැමිණ සිටිනවා. අහම්බෙන් මෙන් මොහු ආදිත්‍යව දකිනවා. සනායාගෙ මිනීමැරුමට ආදිත්‍යව අත් අඩංගුවට ගන්නවා. මෙයාගෙ නීතිඥයා වෙන්නෙ මාධව් මිශ්‍රා.

මාධව් මිශ්‍රා ආදිත්‍යගේ නිවසට පැමිණ පවුලේ අයට මේ විස්තර පවසනවා. බොහෝ කන්නලව්වෙන් පවුලේ අය ආදිත්‍ය හමු වීමට පොලිසියෙන් අවසර ගන්නවා. පළමු නඩු විභාගය සිදු වෙනවා. මෙහිදී ආදිත්‍ය වෙනුවෙන් නඩුවට කතා කරන්නේ මාධව් මිශ්‍රායි. මේ නඩුවේ තීන්දුව විදියට ආදිත්‍යට තවදුරටත් පොලිසිය භාරයේ සිටීමට සිදු වෙනවා. මාධව් මිශ්‍රා කිසිම ලියවිල්ලකට අත්සන් නොකරන ලෙස පැවසුවත් පොලිස් භාරයේ තිබෙන කාර් එක ලබා ගැනීමේ අරමුණින් සිටින මස්සිනාගේ ඇවිටිල්ල මත ආදිත්‍ය නාර්කෝ ටෙස්ට් එක කිරීමට අවසර දී අත්සන් කරනවා. නාම්ඩේ මාර්ගයෙන් නාර්කෝ ටෙස්ට් එකේ වීඩියෝ සහ සිද්ධියට සම්බන්ධ සියළුම තොරතුරු මාධ්‍යයට හෙළිදරවු කෙරෙනවා. සමාජය තුළ මහත් ආන්දෝලනයකට මේ සිද්ධිය පත් වෙනවා. මේ සිද්ධිය නිසා ෆස්ට් කැබ් සේවාවත් බොහෝ ගැටළු වලට මුහුණ දෙනවා. ටැක්සි සංගම් මේ ෆස්ට් කැබ් සේවාව තහනම් කරන ලෙස උද්ඝෝෂණ පවා පවත්වනවා. මේ හේතුවෙන් මේ නඩුවට කතා කිරීමට ෆස්ට් කැබ් සමාගමේ නීතිඥවරිය වන මන්දිරා මාතුර් ඉදිරිපත් වෙනවා. ප්‍රසිද්ධ නීතිඥවරියක් වන මන්දිරා හමුවේ මාධව්ට මේ නඩුවෙන් පසෙකට වීමට සිදු වෙනවා. මන්දිරා ඉදිරිපත් වීමෙන් ආදිත්‍යට බන්ධනාගාරගත වීමට සිදු වෙනවා.

බන්ධනාගාරයට පැමිණීමෙන් පසු ලායක් නැමැති හිරගේ ඇතුළේ යම් තත්ත්වයක් තිබෙන මැරයාගෙන් හිරිහැර සිදුවෙනවා. මේ අතර මාධව් සනායා ගැන විස්තර සෙවීමට සනායා සම්බන්ධ වී සිටි පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් හා සමාජ සේවා ආයතනයක් වන LFRDC එකට පැමිණෙනවා. සනායා ගැන සියළුම තොරතුරු හොයා ගන්නා මොහු මන්දිරාගේ සහායිකාව නිකාත්ට කතා කොට මේ තොරතුරු ලබා දීමට ලක්ෂ 3ක් ඉල්ලනවා. ඒත් මැය ඊට අකමැති වෙනවා. ආදිත්‍ය නිවැරැදිබව කීමට මාධ්‍ය ඉදිරියට යෑමට ආදිත්‍යගේ අක්කා අව්නි සිතුවත් ඉන් සිදුවන්නේ ආදිත්‍යගේ කුඩා කල වැරදිද හාරා අවුස්සමින් මාධ්‍යයෙන් ආදිත්‍යව වැරදිකරු කිරීමට උත්සාහ දැරීමයි. හිරගේ ඇතුළේ මහත් බලයක් පවතින එමෙන්ම හිරේ ඇතුළේද ජාවාරම් කරන මුස්තාෆාබායි ආදිත්‍යව ආරක්ෂා කිරීමට කප්පම් ඉල්ලනවා. මේ අතරේදී ලායක්ගෙන් ආදිත්‍යව බේරා ගැනීමට මුස්තාෆාගේ ගෝලයෙක් වන ටක්ලයා ආදිත්‍යට පිහි පහරක් එල්ල කරනවා. මින් බියට පත් වන ආදිත්‍ය මුස්තාෆාගේ ෆෝන් එකෙන් අක්කාගෙන් ලක්ෂ 5ක් ඉල්ලනවා.

තම සැමියාටද හොරෙන් චෙක් එකක් අත්සන් කර ගන්නා අව්නි මුස්තාෆාට සල්ලි දෙනවා. ආදිත්‍යව මුස්තාෆා ළඟට ආරක්ෂාව පතා පැමිණෙනවා. මොහු ආදිත්‍යව කුස්සියේ වැඩට යොමු කරනවා. ඊට අමතරව හිරගේ ඇතුළේ ජීවත් වීමට අවශ්‍ය පුහුණුවක්ද මොහුට දෙනු ලබනවා. ආදිත්‍යගේ පවුලේ අයටත් යම් යම් කෙනහිලිකම් වගේම කරදර සිදු වෙනවා. මාධව් දිගටම සනායාගේ ඝාතන සිද්ධිය ගැන තොරතුරු සොයනවා. සල්ලිවලට කෑදර නාම්ඩේගේ උදව්වෙන් මොහු සනායාගේ නිවස තුළද විමර්ශන සිදු කරනවා. මේ අතර නිකාත් මාධව්ගේ උදව් පතාගෙන යනවා. සනායාගේ ඝාතන සිද්ධියේ නඩුව දිගටම සිදුවන අතර ඇප ලබාදීම ප්‍රතික්ෂේප වී නැවත නැවතත් බන්ධනාගාර ගත වීමට සිදු වෙනවා. මාධව් මොනවා කිව්වත් රඝු සාලියන් තවදුරටත් ආදිත්‍ය මේ මිනීමැරුමේ වැරදිකරු කියන මතයේම සිටිනවා.

අද කොටසින්

සිද්ධිය සිදු වී මාස 5ක් ගත වෙනවා. ආදිත්‍යව දිගින් දිගටම උසාවියටත් උසාවියෙන් හිර ගෙදරටත් යනවා මිසක් තවමත් මිනීමැරුමේ නියම වැරදිකරුගේ තොරතුරක් නම් නෑ. මින් පසු ආදිත්‍ය සහ මේ නඩුවට කුමක්ද සිදු වන්නේ කියා මේක අරගෙන බලලම තේරුම් ගන්න. ඊළඟ කොටසින් හමු වෙනකන් ඔය ගොල්ලො හැමෝටම බුදු සරණයි.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Leave a Reply

6 comments

  1. ස්තූතියි

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. නියමයි…සබ් එකට තැන්ක්ස්…

  4. meke episod 5 nedda download page eke

  5. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

error: Alert: Content is protected !!