You dont have javascript enabled! Please enable it!
Wednesday , August 5 2020
Breaking News

Crooked House (2017) Sinhala Subtitles | ලියොනීඩීස් පවුලේ අවුල [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.5/10. From 35 votes.
Please wait...

මම මුළින්ම මේ චිත්‍රපටියේ හොඳ කොපියක් දැක්කේ මීට මාසෙකට විතර උඩදි. මට ඒ වෙලාවේ නම් හිතුනේ අනිවා මේ චිත්‍රපටියට සබ් කරන්න කවුරු හරිම භාර ගෙන ඇති කියලා. ඒ නිසා මං ඒ ගැන තවත් හොයන්න ගියේ නෑ. ඒත් මීට දවස් දෙක තුනකට කලින් මේ චිත්‍රපටියේ බ්ලූරේ කොපියක් රිලීස් වෙලා තියෙනවා දැක්කා. හැබැයි ඒ වෙනකොටත් මේකට සබ් එකක් හදල තිබුනේ නෑ. නිකමට වගේ අහල බැලුවම තමයි දැන ගන්න ලැබුනේ චිත්‍රපටියට සබ් කරන්න කවුරුවත් භාර ගෙන නෑ කියලා. ඉතින් මේක සුපිරි චිත්‍රපටියක් නිසා දෙපාරක් හිතන්නේ නැතුව මං සබ් එක හදන්නම් කියල වැඩේ භාර ගත්තේ. මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නේ රහස් පරීක්ශක කතා ලෝකයේ අග රැජින විරුදාවලිය ලත් අගතා ක්‍රිස්ටිගේ මේ නමින්ම තියෙන නව කතාවක්. මේ චිත්‍රපටිය අධ්‍ය්ක්ශණය කරල තියෙන්නේ Gilles Paquet-Brenner විසින්. චිත්‍රපටියට රංගනයෙන් දායක වෙන්නේ Gillian Anderson, Christina Hendricks, Glenn Close, Max Irons, Stefanie Martini, Amanda Abbington, Terence Stamp ඇතුළු නළු නිළි පිරිසක්. මේ චිත්‍රපටියට ලැබිල තියෙන IMDb අගය 6.3. Rotten Tomatoes වෙබ් අඩවියෙන් 69% ප්‍රතිශතයක් මේ චිත්‍රපටියට දීලා තියෙනවා.

සොෆියා කියලා තරුණියක් තමන්ගේ පැරණි පෙම්වතා වන චාල්ස් මුණ ගැහෙන්න ඔහුගේ කාර්යාලයට එනවා. ඇය කියනව තමන්ගේ සීයා, ප්‍රසිද්ධ ධනවතෙක් වෙන ඇරිස්ටීඩ් ලියොනීඩීස් හෘදයාබාධයකින් මිය ගියා කියලා. ඒත් ඇය විස්වාස කරනවා ඒ හෘදයාබාධය කෘතීමව ඇති කරපු එකක්, ඒ කියන්නේ කවුරු හරි විසින් ඔහු ඝාතනය කරල කියලා. ඒ වගේම තමයි ඇය විස්වාස කරනවා ඒ මීනීමරුවා තවමත් ඇයගේ ගෙදර ඉන්නව කියලා. ඉතින්, දැන් රහස්පරීක්ශකයෙක් වෙන චාල්ස්ට, ඇය කියනව ඇයගේ ගෙදරට ඇවිත් පොඩ්ඩක් ඒ ගැන හොයල බලන්න කියලා. ඊට වඩා කතාව මං කියන්න යන්නෑ. අගතා ක්‍රිස්ටිගේ නවකතා කියවල තියෙන මටත්, අන්තිමට මේකේ මිනීමරුවා/ මිනීමරුවන් කවුද කියල හෙළි උනාම මොකුත් හිතාගන්න බැරි උනා. හීනෙකින් වත් හිතපු නැති කෙනෙක්/ කීප දෙනෙක් තමයි වැඩේ දීලා තියෙන්නේ.

ඇත්තටම තව කල් අරගෙන මේ චිත්‍රපටිය ගැන තව දේවල් කියන්න තිබුනත්, මේ සබ් එක දැනටමත් දීලා තියෙන්න ඕන එකක් නිසා තමයි ඒ තොරතුරු නොදාන්න හිතුවේ. ඒ වගේම තමයි අගතා ක්‍රිස්ටි ගැන කරන්න ඉඳපු පොඩි හැඳින්වීමත් පස්සට කල් දාන්න වෙනවා. අගතා ක්‍රිස්ටිගෙම තවත් ප්‍රසිද්ධ නව කතාවකින් නිර්මාණය කරපු Murder On The Orient Express චිත්‍රපටියට සබ් එක හදල ගේනකොට අගතා ක්‍රිස්ටි ගැන සම්පූර්ණ තොරතුරු එක්ක හොඳ ලිපියක් හදන්නම්. ඒ චිත්‍රපටියෙත් බලන්න පුළුවන් හොඳ කොපියක් ආපු ගමන්ම සබ් එක කොටල දෙන්නම්.

හරි එහෙනම්, තව අලුත් නිර්මාණයකින් ඉක්මනින්ම හමු වෙමු. ජය වේවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-10-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Check Also

Sputnik (2020) Sinhala Subtitles | ගගනගාමියෙකුගේ සිරුරේ ජීවත්වෙන පරපෝෂිතයා [සිංහල උපසිරසි]

සුභ දවසක් බයිස්කෝප් රසික රසිකාවියන්ට… ඔන්න එහෙනම් තවත් රුසියානු චිත්‍රපටයකට උපසිරැසි අරන් ආවා.. මේ අවුරුද්දෙ …

Leave a Reply

Your email address will not be published.

35 comments

  1. agatha christige katahwak nam deparak hitanna deyak naa .thanks mchan sub ekata

  2. මගේ අදහසක් තමයි බයිස්කෝප් එකෙ ෆිල්ම් එකක් හොයද්දි උදාහරනයක් වශයෙන් අගතා ක්‍රිස්ටිගෙ කතවක් පාදක කරගනිමින් නිපද ඌ චිත්‍ර පටා වගී ලේසියෙන් හොයගන්න පුලුවන් විඩියෙ ක්‍රමයක් හදන්න පුලුවන්නම් ලොකු දෙයක්

  3. අගතා ක්‍රිස්ටිගෙ කතාවක් නිසා බලන්න හිතුන.කතවනම් සුපිරි. අවසන් වෙනකන් හිතාගන්න බෑරි උනා මිනීමරුව කවුද කියල. මෙකෙ හෑබෑයි පොයිරොයිට්නෑති නිසාද හොහෙද මෙක සාර්තකව තනියෙම රහස් පරික්ශකයට විසද ගන්න බෑරි උන එක ගෑන.

  4. අගතා ක්‍රිස්ටිගේ කතාවක් නිසා බාගත්තා. කුතුහලය අන්තිම දක්වාම තියෙනවා. රහයි…..
    සබ්ස් ටිකත් හොඳයි.
    හැබැයි ඇක්ෂන් ෆිල්ම්ස් බලන අයට නම් අල්ලන්නෙ නැතිව වගේ!
    ස්තුතියි කල්හාර!

  5. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  6. Thanxxx broooio

  7. උපසිරැසියට බොහෝම ස්තුතියි

  8. super brooo.

  9. එළකිරි සහෝ.බොහොම ස්තුතියි සබ් එකට.මටත් අසයි සබ එකක් කරන්න.

  10. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. Dushan Tharuka

    thanks

  12. Hasala Sathyajith

    tanx bro

  13. Thanx ela.

  14. thank you
    ela ela

  15. AsithaDilruwan

    elama saho thanks

  16. බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට

  17. Udara Damith Dissanayaka

    අගතා ක්‍රිස්ටි අක්කා ගේ කක නම් සුපිරියට ඇති
    මන් එයේ පොත් කාගෙන කියවනවා

  18. sub ekata thanks saho.. jaya wewa!!

  19. thanks

  20. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…….!

  21. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ……!

  22. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

  23. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  24. උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  25. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  26. thanks!

  27. අම්ම සුපිරි කතාවක් වගේ. ගොඩක් ස්තුතියි සහෝ උපසිරසට. ජය වේවා!

  28. detective stories nam aniwa balanawa.

  29. hoda wadak thawath me wagema sub genna obata dahirya shakthiya labenna prarthana karanawa. all the best…

error: Alert: Content is protected !!