Wednesday , October 21 2020
Breaking News

Cult of Chucky (2017) with Sinhala Subtitles | හොල්මන් බෝනික්කා නැවතත්.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 57 votes.
Please wait...

ඔන්න එහෙනම් ආයෙමත් වතාවක් ඔයාලව මුණගැහෙන්න අලුත්ම අලුත් චිත්‍රපටයක් අරගෙන. Cult of Chucky (2017) නොහොත් Chucky චිත්‍රපට මාලාවේ හත්වැනි චිත්‍රපටය අරගෙන. මේක බාර අරගෙන කරන්න ගත්තට මොකද ලේසි වුණේ නෑ. මාරම කට්ටක් තමයි කන්න වුණේ. මොකද සබයි ලිපියයි ඉවර කරලා සෝදුපත් බලන්න ලෑස්ති වෙද්දී තමයි බ්ලුරේ වලටයි හොද උපසිරැසියකුයි නිකුත් වෙලා තිබුණේ. ආපු පළවෙනි ඉංග්‍රීසි උපසිරැසියට තමයි සබ කලේ. ආපු පලවෙනි උපසිරැසිය නිසා සම්පුර්ණයෙන්ම නිවැරදි නැහැ. 90%ක්ම වගේ තිබුනේ චිත්‍රපටියේ කියන දේ නෙවෙයි. ඒ නිසා ඉතින් මේක කරන්න ගත්ත වෙලාවේ ඉදන් හෑන්ඩ් ෆ්‍රී එක ගහගෙන එකම ලයින් එක සෑහෙන්න වතාවක් අහලා තමයි සබ කලේ. චකීගේ හිනාව තාමත් මගේ ඔලුවේ නිකනුත් ඇහෙනවා ඇහෙනවා වගේ දැන් නම්. බොරු නම් අරන් බලන්න මේක වෙනත් භාෂාවක් යොදාගෙන නිකන්ම මෘදුකාංග හරහා පරිවර්තනය කරපු ඉංග්‍රීසි උපසිරැසියක්. අනික මේ චිත්‍රපටය නිකුත් වෙන්න කලින් නිකුත් වුන පිටපතක්. එහෙම දේවල් නම් ඕන තරම් වෙනවා. මුලින්ම නිකුත් වුණේ Unrated DVD කොපියක්. දැන් අහන්න එපා කැමරා කොපිද කියලා. කෑලි හැලිලා නැහැ. සම්පුර්ණ කොටස් ඔක්කොම ඇතුලත් කරපු එකක්.මුලින් ඩිවිඩි පිටපත් ගත්ත අය දුක් වෙන්න එපා. මොකද ඒ අයටයි අගහරුවදා උදේ නිකුත් වුනු බ්ලුරේ වලට හරි යන්නයි උපසිරැසි දෙකක්ම මං අමුණලා එවනවා ඔන්න.

Chucky කිව්වම නොදන්නා කවුරුත් ඉන්න විදිහක් නැහැ. මං නම් පොඩි කාලේ ඉදන් කිව්වේ හොල්මන් බෝනික්කා කියලා. මට නම් තාමත් මහකයි 2010 කාලයේදී චකීගේ චිත්‍රපට පහ බලන්න මාර කට්ටක් කෑවා. මොකද මේක හොයාගන්න ලේසි වුණේ නෑ. 4 IN 1 කලෙක්ෂන් වුනත් හොයාගන්න සැහෙන්න අමාරු කාලයක්. යාලුවෙක්ගෙන් ඉල්ලන් තමයි බැලුවේ. දැනට කලින් චිත්‍රපට 6 ක් නිකුත් වුණා. Child’s Play (1988), Child’s Play 2 (1990), Child’s Play 3 (1991), Bride of Chucky (1998), Seed of Chucky (2004) වගේම Curse of Chucky (2013). අවුරූදු හතරකට පස්සේ තමයි අධ්‍යක්ෂණ කටයුතු මෙන්ම පිටපතේ වැඩ කටයුතුත් Don Mancini අතින්ම සිදු කරලා චකී නොහොත් හොල්මන් බෝනික්කා ආයේ තිරයට ආවේ Cult of Chucky (2017) නමින්.අවුරුදු ගානක චිත්‍රපට පහට පස්සේ පොඩි පසුබැස්මක් කලින් චිත්‍රපටයේ සිදු වුණා. නමුත් ඒවා නිරාකරණය කරමින් ආයේ පොඩි වැඩි දියුණුවක් මේ චිත්‍රපටයෙන් දැකගන්න ලැබුනා මට නම්. චකීගේ මිනි මැරිල්ල නම් මේ චිත්‍රපටිය තුලින් සුපුරුදු පරිදි දැකගන්න පුලුවන්. IMDb දර්ශකයේ මේ වෙද්දී 6.2/10 අගයක් ලබාගෙන තියෙනවා. තරුණ ඇන්ඩි සදහා Alex Vincent තමයි දායක වුණේ. Curse of Chucky චිත්‍රපටයේ පෝස්ට් ක්‍රෙඩිට් වල එහෙම හිටියා. ඒවගේම පහුගිය චිත්‍රපට දෙකකම රංගනයෙන් දායක වූ Jennifer Tilly මේ කතාවේ ටිෆිනි විදිහට දැකගන්න පුලුවන්. මිට පෙර චිත්‍රපටයේ දැකගන්න ලැබුණු Fiona Dourif මේ චිත්‍රපටිය තුලිනුත් නීකාගේ චරිතයෙන් දැකගන්න හැකියාව ලැබෙනවා. චිත්‍රපටය නිකුත් වීමට නියමිත දිනය වෙලා තියෙන්නේ 2017 ඔක්තෝබර් 24 වැනිදා. සුපුරුදු ආකාරයෙන් Horror, Thriller කියන කැටගරි වලට අයත් වෙනවා. පැයකුත් විනාඩි තිහකුත් පුරාවටම සුපිරි ත්‍රාසජනක අත්දැකීමක් දැකගන්න හැකියාවක් ලැබෙනවා. ඒවගේම හුගක් ස්තුතිවන්ත වෙන්න ඕන හසා අයියට මට මේ චිත්‍රපටය ලබා දීම සම්බන්ධයෙන්.

කලින් වෙච්ච සිදුවීම් එක්ක නිකා ඉන්නේ ලොක්මෝර් කියන මානසික රෝහලේ. නමුත් දිගින් දිගටම ප්‍රතිකාර කිරීමත් එක්ක පසුව එයාව හැරෝගේට් කියන මානසික රෝහලට මාරු කිරීමක් කරනවා. එයාට තාමත් ඇවිදින්න බැහැ. නිකාගේ මුළු පවුලම ඝාතනය කරලා දැම්මේ නම් චකී. ඒත් නිකා කියන්නේ හිනෝත්මාදයෙන් පෙලෙන කෙනෙක් නිසා කිසිම කෙනෙක් එයා කියන දෙයක් විශ්වාස කරන්නේ නැහැ. නීතියට අනුව එයා වැරදිකරු වෙලා ඉවරයි. කලින් චිත්‍රපටියේ ඔයාලට පෝස්ට් ක්‍රෙඩිට් සීන් එක මතකද දන්නෙත් නෑ. අන්තිමට ඇන්ඩිගේ උපන්දිනේ දවසට එයාගෙම ගෙදරට ටිෆිනි එවලා තිබුනා චකීව පෙට්ටියක දාලා ඇන්ඩිව මරලා දාන අදහසින්. ඒත්`එයාට ඒක කරන්න ලැබුනේ නැහැ ඇන්ඩි ඉස්සර වුන නිසා. එතනින් එහාට මුකුත් පෙන්නුවේ නෑනේ. ඒත් මේ චිත්‍රපටයේ ඔයාලට දැකගන්න පුලුවන් වේවි අර අපි දන්න පරණ චකී. ඇන්ඩි එයාව අල්ලගෙන කදෙන් ඔලුව වෙන් කරලා, ඔළුව වෙනම ලී කුට්ටියක තියලා ගැට ගහලා. ඒත් තාමත් පණ තියෙනවා. ඇන්ඩි කියන්නේ හුගක් අදුරු ඉතිහාසයක් තියෙන හුග දෙනෙක් එයාට වෙච්චි දේ දන්න කෙනෙක්. මේ නිසාම ඇන්ඩිගේ ආදර සම්බන්ධතා නම් හරියන පාටක් නැහැ. මොකද පෙම්හමුට එන කෙනා පවා මෙයා ගැන කලින් ගූගල් කරලා බලලා තමයි එන්නේ. කොහොම හරි මෙතෙක් කාලෙකට වෙච්ච හැම සිදුවීමකට පස්සේ මිනිස්සු විශ්වාස කරන්නේ චකී කියලා සෙල්ලම් බඩු කිහිපයයි ඉතිරි වෙලා තියෙන්නේ කියලා. ඒත් එහෙම නැහැ. මොකද තවත් හුගක් චකීලා මේ චිත්‍රපටය තුලින් දැකගන්න පුලුවන්. චකී එන්නේ එයාගේ එකම ගොදුර වෙච්ච නීකාව හොයාගෙන. ඒ මොකට වෙන්න පුළුවන්ද? එතකොට චකීලා ගොඩක් ඉන්නේ කොහොමද?

එහෙනම් ඉතින් බලලම ඉන්නකෝ. මේ චිත්‍රපටය අවසානයේදී පවා අපිට තවත් චිත්‍රපටයක් බලාපොරොත්තු වෙන්න පුලුවන් කියන අදහස ඉතිරි කරලා තියෙනවා. ඒ නිසා හරියට අවසානය වෙනකන්ම බලන්න. බ්ලුරේ කොපියත් තියෙන නිසා එක සැරේම බලලා දාන්න ලෙහෙසි වේවි. එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්. ජය!

The Layover (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links
 Cult.of.Chucky.2017.UNRATED.720p.BluRay.x264-ROVERS
Cult.of.Chucky.2017.UNRATED.1080p.BluRay.x264-ROVERS
Cult of Chucky 2017 UNRATED DVDRip XviD AC3-EVO
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා ගැලපේ.
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

ස්ටේට් ඔෆ් සීජ්: 26/11 [S01 : E08] Sinhala Subtitles | නව ආරම්භයක්..! [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි.! එසේනම් ස්ටේට් ඔෆ් සීජ් 26-11 කතා මාලාවේ කොටස් හතක් බලලා …

Leave a Reply

Your email address will not be published.

44 comments

  1. Saranga J. Liyanagama

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…

  2. සහෝ පිලුම බාන්න පුලුවන් ලින්ක් එකක් දෙන්නකො

  3. Medaa paara wiyaru bonikka set ekakuth ekkai wade denne.. Hoda film ekak.. Sub ekata bohoma sthuthiy..

  4. Jigsaw film eke sub Dennison broooo

  5. බොහොම ස්තූතියි

  6. Dilip Prasanna

    Thnq mchn

  7. ashan lankanath

    Thanks …………….good luck ………………….

  8. Amila Mudalige

    Thanks sub ekata

  9. thank you

  10. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  12. thanks saho mahasiyata
    jaya wewa!!!

    • දෙයක් කියන්න බැරි උනා.මමත් මේ ෆිල්ම් සෙට් එක හොයා හොයා හිටියේ..පොඩි කාලේ යාලුවෝ කතා උන හැටියට මේකේ බෝනික්කා මිනි මරණ (+වල් බෝනික්කෙක්) නිසා මාර කුතුහලයකින් 4 IN 1 කලෙක්ෂන් හොයා හොයා හිටියේ.කොමිනියක අහම්බෙන් දැක්කත් බල බල හිටිය මිසක් ගන්න no money.ඉවසල ඉවසල අන්තිමේ සේරම බාගෙන බැලුවා.හම්මේ පට්ට ෆිල්ම් සෙට් එකක් තමා.හැබැයි සිංහල සබ දීල තිබ්බ නිසා තමයි කැත නැතුව බැලුවේ…

  13. Me films ganna torrentz link kohenda download k kawuru hari kiyannako

  14. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  15. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  16. දමිත්

    ස්තුතියි “චාමර සම්පත්” සහෝ බොහොම මහන්සි වෙලා උපසිරැසිය අපට ගෙනාවට.
    ජයෙන් ජය.

  17. Thnxxxxxxxxxxxxxx

  18. Nice work saho.. Thank you very much

  19. රුවන්

    ස්තුතියි ඔබට සුබ දවසක්

  20. thank you sahooo

  21. මහන්සියට Thank You Bro

  22. කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 – 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  23. Thx mcn asama move set ekak.awasanawta blapu eka tama mataki.patta. sab eka ikkmanata dammata ස්තුතිය . Gatta onnaa jaya

  24. sub ekata thanks saho.. jaya wewa!!

  25. ela brooo

  26. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~

  27. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  28. බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. ගොඩාක් පිං.

  29. Supiri brooo…. Thank u sub ekata…

  30. C. R. ජයලත්

    Niyamai Chamara Aiya Jaya Wewa!!!!!

  31. Thanks very much..jayen jayama wewa…Annabelle baluwa gaman thawa ekk…niyamai

  32. Thanks machan

  33. kalin 6 ma babala thiyenda ooneda bn meka balanda.thnx any way

    • mamath ookama ahanna hitiye

      • ඒක නොබලා ඉන්න හේතුවක් තියද? මට නම් ඒ ෆිල්ම් එකේ වරදක් පේන්න නෑ. චාර්ලස් කලින් කරපු කියපු දේවල් ඒකෙන් බලාගන්න පුලුවන්. අනික මේකේ ඉන්න නීකා කලින් ෆිල්ම් එකේ ඉන්නවා. ඒකේදි තමයි පෙන්නන්නේ නීකාගේ මුළු පවුලම චකී මරලා දාලා නිකාගේ පිටට වැරදි පටවලා අන්තිමේදී ඇන්ඩිව මරන්න ගිහින් වැඩ වරද්දගන්න සිද්දිය පවා. බැලුවා කියලා පාඩුවක් නෑ මොකද ඒකත් චකී ෆිල්ම් සීරිස් එකේ එකක්.

  34. hmmata man 1st comment

  35. Tnx brow sub ekata

error: Alert: Content is protected !!