Thursday , June 20 2019
Breaking News
Home / All / Dangal (2016) with Sinhala Subtitles | හීනයක් සමඟ පොරබදින්න… [සිංහල උපසිරැසි සමඟ]

Dangal (2016) with Sinhala Subtitles | හීනයක් සමඟ පොරබදින්න… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 170 votes.
Please wait...


හැම ක්‍රීඩකයෙක්ටම වගේ මටත් හීනයක් තිබ්බා. රට වෙනුවෙන් රන් පදක්කමක් ගේන එක. හැබැයි ඒක හීනයක් විතරක්ම වුණා. ඒ පවුලේ බලපෑමට මට මල්ලවපොර මඩුවට සමුදෙන්න සිද්ධවුණුහින්දා. හැබැයි හිතේ ලොකුම ලොකු බලාපොරොත්තුවක් තිබ්බා. මං හැමදාම මගේ පරණ කුසලාන ගොඩ දිහා බලන් දොඩවනවා, දයා පැත්තක ඉඳන් බලන් ඉන්නවා. “මට කරන්න බැරි වෙච්ච දේ දවසක මගේ පුතා කරලා පෙන්නයි. රට වෙනුවෙන් රන් පදක්කමක් ගේනවමයි මයෙ පුතා. රටේ නම ඉහළින්ම තියලා තමා නවතින්නේ….”

දයාගේ බඩට මාස 8යි. පිම්බිච්ච බඩ දැක්කම මට මහ ආඩම්බරයක් දැනෙනවා. මේ මගේ හීනය. අනාගත මල්ලවපොර ශූරයෙක්. තාත්තේ, මං එනවා. මගෙ පුතා තාත්තගේ හීනේ ඇත්තක් කරනවා. මට විශ්වාසයි.

දයාගේ නොඉවසුම් ළතෝනිය ඉවර වෙනවාත් එක්කම, පොඩි එකෙක්ගේ බෙරිහන්දීමක්. මගේ හුස්මත් නැවතුනා වගේ. ඒ මගේ වීරයා, මගේ හීනේ. වින්නඹු අම්මා දොරෙන් එබිලා බැලුවා. මං ලොකු හුස්මක් ගත්තා. හීනයක අවසානය!

“සුභ පැතුම් වීර්, උඹට කෙලි පැටික්කියෙක්”

ලෝකේ කැරකුණේ එකම තැනද කොහේදෝ. එකම දේ ආයේ ආයෙත්. මම හීන දකින එක නැවැත්තුවා. පරණ කුසලාන ටික ඔක්කොම පෙට්ටගමක දාලා පැත්තකට කරා.
මගේ දුවලා ගීතයි බබීතයි රොටි තම්බනවා, බට්ටෝ පනිනවා. මං ලොකු හුස්මක් පහළට දැම්මා. ඇස් දෙකේ කඳුළු!

දවසක් වැඩ ඇරිලා එද්දී ගෙදර සෙනඟ පිරිලා. මං කෝකටත් කියලා පය ඉක්මන් කරා. මදි නොකියන්න කාගෙන්හරි ගුටි කාපු කොල්ලෝ මැදි කරගෙන උන්ගේ අම්මයි තව කීපදෙනෙකුයි දයාට දෙස් දෙවොල් තියනවා.
“ගහනවා කියලා මෙහෙමත් ගහනවද මනුස්සයෙක්ට. ගහලා නෙමේ මුන්ව හම ගහලනේ” අර ගෑණි බිත්ති දෙදරන්න විලාප දෙනවා.

“මොකක්ද මේ වෙලා තියෙන්නේ..?? මට මුකුත් හිතාගන්න බැරිවුණා. නමුත් ඊළඟ මොහොත…….!!!!

 

ඉතින් මහාවීර් පෝගට්  සිං, ගීතා පෝගට් සිං සහ බබීතා පෝගට් සිං කියන තාත්තලා දූලාගේ ජවයෙන් සපිරුණු අමරණීය මල්ලවපොර අරගලය ඔහොමයි ආරම්භ වෙන්නේ. ඉන්දියාව මල්ලව පොර කාන්තා ඉසව්වකින් ලද පළමු ජාත්‍යන්තර රන් පදක්කමට හිමිකම් කිව් ඇය ගීතා පෝගට් සිං. මහාවීර් සිං කියන දිරිය පියාණන්ට දාව ඉපදුනු වැඩිමහල් දියණිය. දෙවැනි දියණිය බබීතා පෝගට් සිං. 2010 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේදී කිලෝ 55 බර පන්තියෙන් ගීතා රන් පදක්කම දිනා ගනිද්දී බබීතා 51 බර පන්තියෙන් රිදී පදක්කම දිනාගන්නවා. එතැන් සිට ඔවුන්ගේ ජාත්‍යන්තර ගමනට අභියෝග කරන්න කාටවත්ම බැරිවුණා.

ගීතා පෝගට් 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙල සඳහා ඉන්දියාව වෙනුවෙන් ප්‍රථම වරට මල්ලවපොර ඉසව්ව නියෝජනය කරන ක්‍රීඩිකාවද වෙන්න වරම් ලබාගන්නවා. ඒ වගේම මහාවීර්ගේ එක් අන්තර්ජාතික පදක්කමක් වෙනුවෙන් තිබූ සිහිනය මේ වෙද්දී ගීතා සහ බබීතා එක්ව පදක්කම් 29ක් දක්වා ඉහළ නංවා තිබෙනවා. මේ දෙන්නා විතරක් නෙමේ, මෙයාලගේ බාල සහෝදර සහෝදරියොත් මේ පාරෙම යන ගමන්. තවත් බාල සහෝදරියක් වෙන රීතු පෝගට් සිං පහුගිය අවුරුද්දේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ මල්ලවපොර කාන්තා ඉසව්වේ කිලෝ 48 බර පන්තියෙන් රන් පදක්කම දිනාගන්නත් සමත් වුණා. ඉතින් මේ ගුස්ති අල්ලන පවුල ගැන තවත් කතා මොකටද නේද?

පිය සෙනෙහස, සහෝදර ප්‍රේමයත් ලේ රත් වෙන ජවයත් එක්කම පදමට කලවම් වෙච්ච පෝගට් පවුලේ ගුස්ති ඇල්ලිල්ල නිතේෂ් තිවාරි මහත්තයා 2016දී හරිම අපූරු සිනමා නිර්මාණයක් විදිහට එලි දැක්වූවා Dangal නමින්. ලෝකේ පුරාම කීදෙනෙක් නම් බලන් ඉන්න ඇද්ද මේ සලරුව එළිදකිනකම්? අපිත් ඒ අතරින් කිහිපදෙනෙක්. විශේෂම හේතුව තමා මේක ආමීර් ඛාන්ගේ චිත්‍රපටියක් වීම. 2014 අවුරුද්දෙදි PK තියපු ආදායම් වාර්තා Dangal ආක්‍රමණය කරයිදෝ නොකරයිදෝ කියලා දෙගිඩියාවක් හැමෝගෙම හිතේ තිබ්බා. ආමීර් ඛාන් මෙවරත් දෙවැනි වුණේ නැහැ. කෝටි 385ක් ඉන්දියාව තුළ පමණක් උපයමින් එදා මෙදාතුර ඉන්දියාව වැඩිම ආදායමක් ලද චිත්‍රපටිය විදිහට PK තියපු වාර්තාව Dangal හරිම පහසුවෙන් සුන්නද්දුලි කරලා දැම්මා. හැබැයි සමස්ත ලෝක ආදායම එක්ක බලද්දී නම් PK පහු කරලා යන්න Dangal අසමත් වෙන්නේ ආසන්න වශයෙන් කෝටි 60ක හිඟයක් තියාගෙන. ඉතින් ආමීර් ඛාන් ගැනම විතරක් කතා කරලා මදි. තව දැවැන්ත චරිත දෙකක් ඉන්නවා. හැබැයි දැකලා පුරුදු අය නම් නෙමේ. ගීතා පෝගට් විදිහට ෆාතිමා ෂානා ෂෙයික් සහ සයිරා වසීම් එක්කම බබීතා විදිහට සාන්‍යා මල්හෝත්‍රා එක්ක සුහානි භාට්නගර් කියන මේ කෙල්ලෝ ටික ඔයාලගේ හිත් හොරකම් කරනවා දෙකක් නැහැ. ප්‍රීතම්ගේ හිත නැළවෙන, ඇඩ්රිනලින් පොම්ප කරන සංගීතයත් එක්ක ඔයාලටත් ගුස්ති පිටියට බහින්න හිතෙයි.

හැබැයි පාලනය කරන් ඉන්න. වෙලාවකට ඇස් වලට කඳුළු එයි, හුරේ කියලා කෑ ගහන්න හිතෙයි. සමහරවිට හුස්ම හිර වෙන්නත් පුළුවන්. එකී මෙකි හැමදේම පාලනය කරගන්න එක ඔයාලට බාරයි. කවුරුහරි නීරස විදිහට මේ චිත්‍රපටිය මායිම් කරනවා නම් මේකත් කියලම යන්නම්. IMDb අනුව ලෝකයේ හොඳම සිනමාපට 250 අතර Dangal මේ වෙද්දී ඉන්නේ 91 වන ස්ථානයේ ලකුණු 8.9ක් අත්පත් කරගෙන. ඒ වගේම හොඳම ඉන්දියානු සිනමාපට අතරේ 2වන ස්ථානයට හිමිකම් කියලා අවසන්. තවත් කියනවා නම් පහුගිය ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේ හොඳම චිත්‍රපටිය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා කියන සම්මාන තුන්කට්ටුවම තමන්ගේ නමට අහුරගන්න Dangal සමත් වුණා. එහෙනම්, මේ ඇති. ඔන්න කාටත් කලින් අපේ බයිස්කෝප් එකෙන් සබ දීලා තියෙනවා. කියන්න තියෙන්නේ එකම දෙයයි. අපේ හේවා කියනවා වගේ මෙව්වා නොබලන දෑස මක්කටෙයි කියල.

කලකට පස්සේ වේලකට බැස්සේ වගේ වෙනස්ම වෙලකට බැස්සා වෙනසකටත් එක්ක. ලාවට එහෙන් මෙහෙන් හින්දි ටිකක් දන්න නිසා  පොඩි අභියෝගේකටත් එක්ක ඔන්න හැමෝම බලාගෙන හිටපු මේ හින්දි චිත්‍රපටයේ උපසිරස මගේ අතින් නිර්මාණය උනා. එහෙනම් යන්න අවසර  උඩ ලිපියෙ අයිතිකාරයා  අපි කවුරුත් දන්න මයුර සුරාජ් මලයා. උන්දැටත් ස්තුති කියන ගමන් ගොහින් එන්නම් හැමෝටම ජය !!!

Dangal (2016) on IMDb

 

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

මෙම උපසිරසි HD / BR පිටපත් සඳහා  අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

102 comments

  1. ramenabeysingha

    Thank you so much bro.super film 1k

  2. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  3. nalin.kumara0510

    Thanks bro good luck

  4. sub eka ela mcn. 10/10k ma dunna
    kettu kolla dinana welawesub eka thynne hayiya thyna eka dinano kyla eka mn hythanne kettu eka kyla wenas wenna one

  5. ගිනි ගින්දර ෆිලුමක් බ්‍රෝ. මම ඉන්දියන් ඒවා කොහෙත්ම බලන කෙනෙක් නෙවෙයි. නමුත් ඔයා දීලා තිබ්බ රිවිව් එක නිසාම බැලුව.පට්ටම ෆිල්ම් එකක්. බොහොම ස්තුති මිත්‍රයා.

  6. isthuthiya sahodaraya. thawath issarahata karan yamu, aye mehema sub denna gaththata godak isthuthi,

  7. සබ් එකට ස්තූතියි!!!

  8. අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

  9. Subata thnx sahoo.. Jaya wewa..!!

  10. Supun Madhusanka

    Thanks ayya…. Great work…..!

  11. හම්මෝ සබ් එක නම් සුපිරි ….. බොහෝම ස්තූතියි හසන්ත අයියේ…..

  12. Thank you very much for this subtitle. I love this movie and subtitles were a great help.

  13. ලස්සනයි.හොඳයි. අර්ථවත්.නියමෙට සුබස් ටිකත් දීලා. ස්තුතියි හසන්ත!

  14. ravindu prabashwara

    Suppa bro sub එකට thanks

  15. BLURAY update කලාට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    සහෝගේ උපසිරසි නිකන්ම උපසිරසියක්
    නොවෙන වග, මොකද අපිට ඒකෙන් කතාව ගැන විතරක්ම ගන්න
    අවබෝධයකට වඩා වැඩි අන්තර්ගතයක්, වැඩි වටිනාකමක් තිබුණා.
    නොදන්න දේවල් වඩා විස්තරාත්මකව පෙන්නලා දීලා තිබුණා.
    අනිත් කාරණාව තමයි සහෝගේ ලිපි ලිවීමේ හැකියාව.
    ලිපි වලිනුත් සහෝ නොදන්න කරුණු කාරණා ගොඩාක්
    අපි හැමෝටම කියලා දුන්නා.
    කතාව ගැන නොදන්න කෙනෙක්ට වුනත් සහෝගේ ලිපියක් බැලුවම
    දිගටම කතාවත් එක්ක එකතු වෙන්න හිතෙන තරමටම ලිපි ගැළපිලා තිබුණා.
    මමත් පෞද්ගලිකවම සහෝගේ උපසිරසි වලින් යමක් ඉගෙනගෙන තියනවා.
    ඉතින්…
    මේ කරපු සේවාවට මගේ අවංක නිහතමානී
    ස්තූතිය “

  16. පියුමාල්

    බොහොම ස්තුතියි,ජයවේවා

  17. 🙂 🙂 🙂 🙂
    සබට ස්තූති!
    ජයින් ජෙයම වීවා
    🙂 🙂 🙂 🙂

  18. Chathura
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  19. පෝස්ට් එක ලියල තියෙන විධියත් ෆිලම් එක තරම්ම මරු!

  20. ඉෂාන් මදුෂ

    සුපිරි.බොහොම ස්තූතියි සහෝ

  21. බොහොමයක් තුති වෙවා ඔබට සහ බයිස්කෝප් සෙට් එකට මේ කරන සුපිරි සෙවයට ඔබලට මේ කමෙන්ට් එකකින් වත් සහයොගය නොදක්වා සබ බාගන යන සත්තු ගැන සිතා කලකිරෙන්න එප අපි හැමදාමත් ඔබ සමඟ සිටින්නෙමු

  22. ගොඩක් අසාවෙන් බලපු ෆිලුමක් කතාව ඒ තරම්ම ලස්සනට ගලාගෙන යනවා……

  23. Thank`s machan
    Jayen Jayama Wewa

  24. brrip ekata update karannaaaaaa

  25. Thank u very much

  26. supirima film eka.
    thank you so much !!!

  27. Brrip danne nadda danma

  28. tikka hoda kopiyak enakan hitiya sahoo bohoma sthuthi jaya

  29. sub ekata thanks saho.. jaya wewa!!

  30. ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    සුපිරි ෆිලුමකට සුපිරි වැඩ්ඩෙක් සබ දාලා. තව මොන කතාද.. බැලිල්ලක් තමයි..
    ~~බුදුසරණයි..ජය වේවා~~

  31. Ane bro HD rip ekata updat karala dennakooooo

  32. පීටර්

    Hasantha මෙකේ HD ekata sub eka update karannako

  33. පීටර්

    HD කොපියට Update කරල දෙන්නකෝ
    ඔයාලගේ team එකේ වැඩ සුපිරි.

  34. Thank you! You all doing a great job ! Bahubali 2 sub ඉක්මනින් දෙන්නකෝ….

  35. මේක නම් හොඳ කොපියක් එනකල් ඉඳලාම බලන්න ඕන ෆිලුමක්…
    හසන්ත අයියා හින්දියක් කරා කියලා දැක්කම කොහොමද කමෙන්ට් නොදා ඉන්නේ.
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

  36. සබ් එකට ස්තුතියි සහෝ kaabil movie එකටත් සබ් හදල දෙන්න ජයින් ජය…

  37. ෆිලුම නම් සුපිරි මචන්. ඒ වගේම ඔයා සබත් එලටම කරලා තිබුනා. මම බලපු එක කොලිටි මදි මචන්. ඒ නිසා Blueray ආවාම අප්ඩේට් පාරක් දාලා ඕන සබ හොඳේ. බොහොම ස්තුතියි සබ් එකට. ඔයාලා වගේ කැපකීරීම් කරන අය නිසයි මේ වගේ ෆිල්ම්ස් බලන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ. බොක්කෙන්ම අගය කරනවා මචන් මේ කරන කැපකිරීම. ඉදිරියටත් මේ වගේ සුපිරි නිර්මාණ අප වෙත ගෙන එන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට ජය වේවා…!!!

  38. ෆිලුම නම් සුපිරි මචන්. ඒ වගේම ඔයා සබත් එලටම කරලා තිබුනා. මම බලපු එක කොලිටි මදි මචන්. ඒ නිසා ආවාම අප්ඩේට් පාරක් දාලා ඕන සබ හොඳේ. බොහොම ස්තුතියි සබ් එකට. ඔයාලා වගේ කැපකීරීම් කරන අය නිසයි මේ වගේ ෆිල්ම්ස් බලන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ. බොක්කෙන්ම අගය කරනවා මචන් මේ කරන කැපකිරීම. ඉදිරියටත් මේ වගේ සුපිරි නිර්මාණ අප වෙත ගෙන එන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට ජය වේවා…!!!

  39. sub aka gan danwa film aka gan link ak wadana ban

  40. මෙව්වා මෙහෙම බලන්න බෑ.. හොද කොපියක් එනකම්ම ඉන්නවා…ස්තුති සහෝ සබට…ජය

  41. Good Work Friend
    Thanks!!

  42. thank you saho…
    keep it up

  43. කස්ටියගේ කොමෙන්ට් කියවලම ස්ර්ප්යිස් වෙලා ඉන්නේ ම්ම්… මමත් බෑ ගන්නවා ඉස්තුති සැබට.” ජයින් ජයම විවා ..පුතී……………”

  44. thanks for the subtitle

  45. Luxman Nanayakkara

    Niyamai. Bhashava hasuruva athi aakaaraya sith bandagannasului. Thank you. Nice subtitles and nice movie…

  46. niayamai…thanks HASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  47. Malindu Tharushan

    Dannathi hinda ahanne
    Oya desi-scr kiynne camera copy nemei neda?

  48. අම්මෝහ් එනකන් බලන් හිටියේ. හොඳ ලිපියකුත් දීල තියෙනවා. උපසිරසට බොහොම ස්තුතියි සහෝ. දිගටම කරගෙන යමු. එල. Good Luck 🙂

  49. මාස ගානක් බලම් උන්න මෙකෙ හොද කොපි එකක් එනකල් ගන්නෙත් නෑ කියල සබ් එක කොටල තියෙන්නෙ ඔර්ජිනල් ඩිවිඩි වලට නෙවෙ නෙද බලන්න පුලුවන් ද කොපි එක
    සබ් දැම්මට ස්තුතියි අයියෙ

  50. පට්ටම වැඩක් හසා මාමේ සුපිරියටම තියෙනවා. හසා කරොත් පට්ටෙටම තියෙනවා කියලා දන්නවනේ එල. දිග කොමෙන්ට් එකක් දාන්න ඔනි නැ ආසිරියයි නිමොයි දාන්න ඔනි සුපිරියටම කොමෙන්ටුව දාලා. ලිපියටත් තුති මයුරයො… තව සබකින් හම්බ වෙමු…..

  51. Chalana Rukshan

    meke honda copyakata update denawane?

  52. ගොඩක් ස්තුතිය.කොපිය කොහොමද?පැහැදිලිද

  53. thanks bro.. supiri wedak.. good luck!!!!

  54. දමිත්

    ස්තුතියි සහෝ..
    ඔන්න බාගත්තා,
    ජයෙන් ජය

  55. ට හුඩු ඔයි!… හසාගේ වැඩක් නම් ලොවෙත් බැලිල්ලක් තමයි… ජය මා පුති…

    😀

  56. ela bro hindi baluwoth balanne me wge supiri kata vitarai br anakan idalama balanawa nattam aparade thnks mcho sub akata elw.

  57. ado wasi amma ela thank u umma <3

  58. නිර්මාණි විජේසිංහ

    “හැබැයි පාලනය කරන් ඉන්න. වෙලාවකට ඇස් වලට කඳුළු එයි, හුරේ කියලා කෑ ගහන්න හිතෙයි. සමහරවිට හුස්ම හිර වෙන්නත් පුළුවන්.”

    මේ කියලා තියන විදියටමයි ෆිල්ම් එක බැලුවෙ. ෆිල්ම් එක ගැන නම් කියලා වැඩක් නෑ. කාලෙකට පස්සෙ බලපු සුපිරි හිංදි චිත්‍රපටියක්. ඒ වගේම ඒකටම හරියන සුපිරි උපසිරසිය. කවුද හිතුවෙ හසා අයියාට මෙච්චර සුපිරියට හිංදි පුළුවන් කියලා. සබ් එක සුපිරියටම තිබුනා. බොහොම ස්තූතියි උපසිරසියට අයියෙ. ලිපියටත් තැන්කූ මයුර මෙයා. ජය…..

  59. බොහොම ස්තුතියි සබ් එකට හසන්ත අයියේ..දීලා තියෙන කොපියේ කොලිටිය හොඳයිද..?

  60. අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

  61. වීඩියෝ කොලිටි එක නම් අන්තිම සවුත්තුයි,ඕඩියෝ කොලිටි එක නම් අවුලක් නෑ.
    මේක බෑවොත් එහෙම බාන ඩේටා ටිකත් අපරාදේ.
    හොඳ කොපියක් එන කම් අතවත් තියන්නෙ නෑ.
    ස්තූතියි සහෝ.
    ජය.

  62. මේක බලන්න බෑ මචං.වීඩියෝ කොපි එකේ කොලිටිය අන්තිමයි.හොද කොපියක් ආව ගමන් අප්ඩේට් එක දෙන්න.ස්තූතියි

  63. විස්තරේම දීලා තියනවා සහෝ ඇඩෙන්නම.. අපි වගෙ මේක එනකම් බලන් හිටපු අය විතරක් නෙවෙයි හින්දි නොබලන අය පවා මෙක කියෙව්වොත් ෆිල්ම් එක බලනව අනිවා.. හැමදාම උදේට බයිස්කෝප් එකට ඇවිත් මේක දිලද කියලා බල බල හිටියෙ..
    බයිස්කෝප් මේ කරන සේවාවට ඉස්තුති කරන්න වචන නැ බ්‍රෝ..
    raees, kaabil, jolly ll 2 වලටත් සබ් දෙන්න..

  64. Gathsara Umesh

    Bohoom sthuthiy sabata ayyee

  65. නිරෝෂ්

    ස්තුතියි හසන්ත සහෝ.ජයවේවා !

  66. දැන් හසා හින්දි වලටත් සබ් දානවද? එලම තමා. ආසිරි ඔයා රිටයර් වෙන්න. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  67. සබ් එකටම මට ඇඩුනා හසන්ත අයියේ. පට්ටටම තියෙනවා ඇඟට වදින්නම. කී පාරක් ස්තූති කරන්නද කියලා හිතාගන්න බෑ. මම කරපු සබ් මොනවද කියලා හිතෙනවා. ඔයාගෙ තත්ත්වෙට එන්න ගොඩක් කල් යයි මට. බොහොම ස්තුතියි!!!

  68. ආසිරි ප්‍රියන්ත

    මංදා මොනවා කියන්නද කියලා,
    ලොකුවට දේවල් කියන්න නෑ,
    පැහැදිලිවම මම බලපු, ඉස්සරහටත් මේ වගේ සබක් බලන්න ලැබෙන එකක් නෑ යි හිතෙන,
    දැනට බයිස්කෝප් උපසිරසි කරුවෙක් කරපු සම්පූර්ණම හින්දි උපසිරැසිය තමයි මේ.
    ඔව්, ඉරිසියයි, ඒත් කරන්න දෙයක් නෑ. ඇත්ත කියන්න එපැයි. මේකත් එක්ක බලද්දී යකෝ මෙච්චර කල් අපි මොනාද මේ කරලා තියෙන්නේ කියලා හිතෙනවා.
    බලන අයට කියන්න තියෙන්නේ, උඩින් පල්ලෙන් සබ් එක කියවගෙන යන්න එපා, ෆිල්ම් එක උපරිමෙන්ම විදගන්න ඕනේ නම් නවත්ත නවත්ත හරි සබ් එක කියවගන යන්න. මොකද, මේ ෆිල්ම් එකේ තියෙන හාස්‍යය, දුක, සතුට ඔක්කොම සබ් එකට කාවද්දලා තියෙනවා. අනික තමා හොද කොපි එනකම් ඉන්න ඕනේ නෑ, මේ කොපිය පට්ට, රූප රාමු පැත්තකට දාමුකෝ. සවුන්ඩ් නම් සුපිරි.
    අන්තිම වසයෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි, පොඩි ඉල්ලීමක් විතරයි,

    ඉස්සරහට අපි, විසේසයෙන් මම, සතියකට සැරයක් හරි සබ් එකක් දීගෙන ඉන්නවා බලන්න ඕනේ නම්,
    ඔබතුමා හින්දි සබ් කරන එක නවත්තන්න, දෙයියනේ කියලා අන්ගිරිසි සබක් කරන් ඉන්න.

    ස්තුතියි.

  69. බලාගෙන හිටපු කතාවක්. හිතුවේ නැ හසා අයියා කරයි කියලා. ⁣සබ නියමෙට ඇති ⁣එහෙනම්…. සබට තුති වේවා හසා අයියේ.

  70. මාස කීපයකට පස්සේ සයිට් එක පැත්තේ ආවම ආරංචිය අපේ හසා දාංගලේට සෙට් වෙලා කියලා.. ගේමෙන් දුන්න සබත් එක්ක මේ ගුස්ති ඇල්ලිල්ල බලලාම තමා නිදාගන්නේ.. මයුරයගේ ගින්දර ලිපියටයි.. හසාගේ සබටයි බොහොම ස්තුතියි කිව්වා එහෙනම්.. හැබැයි පුතේ PK ට තට්ටු කරන්න බැරි වුනා නේ.. හේ හේ… 😀 බයෙන් හිටියේ.. ජයම වේවා..!

  71. ස්තූතියි සහෝ
    ආමීර් ඛාන් I LOVE YOU

  72. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  73. desiscr – meka video quality eka hodada

    • වීඩියෝ කොලිටියනම් අන්තිමයි.හැබැයි බලන්න පුලුවන් තත්වෙ තියෙනව.ඕඩියෝ නම් වරදක් කියන්න බැරි තරම්.

  74. නියමයි……… ජය බ්‍රෝ……

error: Alert: Content is protected !!