Friday , September 18 2020
Breaking News

Dark Water (2005) | පුංචි සෙසීගෙ මනඃකල්පිත යෙහෙළිය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Dark Water (2005)ඔන්න එහෙනම් තවත් පට්ටම පට්ට හොල්මන් භාණ්ඩයක් ගෙනාව. මේක බලද්දි ටිකක් විතර The Orphanage ‍ෆිල්ම් එකත් ඔයාලට මතක් වෙයි. ඒ ‍ෆිල්ම් එකට කැමති අය අනිවා මේකටත් කැමති වෙයි කියල නම් මට විශ්වාසයි. මේක ජපන් ‍ෆිල්ම් එකක් වන ‘Honogurai mizu no soko kara (2002)’ කියන ‍ෆිල්ම් එකේ ඉංග්‍රීසි ප්‍රතිනිර්මාණයක්. ආසියාවෙ හොල්මන් ‍ෆිල්ම් ඉතින් තාත්වික බවින් ඉතා ඉහළින් තියෙනව කියල ඔයාල දන්නවනෙ. ඔය අපි බලල තියෙන ‘The Ring 1, 2, The Grudge, Pulse, The Eye, Shutter, Mirrors, One Missed Call, The Uninvited‘ වගේ ‍ෆිල්ම් ඔක්කොම ආසියාතික ඒවා. මේවයිනුත් ගොඩක්ම ඒව ජපන් ඒව. තව ගොඩක් තියෙනව මේව දාන්න ගියොත් මේකෙ වෙන දෙයක් ලියන්න වෙන්නෙ නෑ. ඉතින් මේ ඔක්කොම ඇමරිකාව විසින් නැවත ප්‍රතිනිර්මාණය කරපු ‍ෆිල්ම්. ඔන්න ඉතින් දන්නෙ නැති අයට දැන ගන්නත් එක්ක තමයි කිව්වෙ.

ඔරිජිනල් ‍ෆිල්ම් එක නිශ්පාදනය කරල තියෙන්නෙ 2002 අවුරුද්දෙ. ඇමරිකන් ප්‍රතිනිර්මාණය කරල තියෙන්නෙ 2005 අවුරුද්දෙ. ඉතින් මම ඔයාලට දෙන්න යන්නෙ ඇමරිකන් එක හොඳේ. IMDb දර්ශකේ users ලගෙන් 34,000 ට වැඩි ගනනකගෙන් මේක 5.5 වගේ හොඳ අගයක් අරන් තියෙනව. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Walter Salles විසින්. The Motorcycle Diaries, On The Road වැනි චිත්‍රපට කරල තියෙන්නෙත් ඔහුම තමයි. මෙහි ප්‍රධාන චරිතය වන ‘ඩාලියා’ කියන චරිතය රඟදක්වන්නෙ Oscar සම්මානලාභිනී Jennifer Connelly විසින්. ඇය රඟ පා ඇති ‍ෆිල්ම් කීපයක් තමයි Blood Diamond, Little Children, A Beautiful Mind.

හරි දැන් කතාව පැත්තට හැරෙමුකො එහෙනම්. පුංචි ‘සෙසියි’ එයාගෙ අම්ම ‘ඩාලියයි’ ජර්සි නගරයට ආසන්නයේ තියෙන දුපතක කුළී නිවාසයක පදිංචියට යනව. මේ දූපතට යන්න පුංචි ‘සෙසී’ මුලින්ම කැමති වෙන්නෙ නෑ. ඒත් එහෙට ගියාට පස්සෙ ඇය එහි ඉන්න කැමති වෙනව. මේක ඇගේ අම්මටත් හරි පුදුමයක්, කෝම හරි මොවුන් මෙහි වාසය කරමින් ඉන්න කොට පුංචි ‘සෙසීගෙ’ හැසිරීමත් අමුතු වෙනව ඒවගේම ඔවුන් නැවතී සිටින කුළී නිවසෙත් අමුතු ශබ්ද…භයානක දේවල් සිද්ද වෙන්න පටන් ගන්නව… ඉතිරිය ‍ෆිල්ම් එක බාගෙනම බලන්නකො එහෙනම්. ඔයිට වැඩිය මම කතාව කියන්න යන්නෙ නෑ එහෙනම්.

බලල හොඳ නරක, අඩු පාඩු මට කියන්න හරිය, හරි එහෙනම් ආයෙත් පට්ට ෆිල්ම් එකක් අරන් ඉක්මනටම එන්නම්, එහෙනම් මම ගියා, ජය වේවා !!!

Dark Water (2005) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

6aa580c7ca9a797f8f52b3b7b4b5cadd3d418844

1.8 GB (BR) කොපිය මෙතනින් බාගන්න

eb3741e4b6a3be2df13135a24d3dcd66e8d0f5d9
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන් සමරවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Deliver Us from Evil (2020) Sinhala Subtitles | දියණිය සොයා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් 2020 කොරියානු සිනමාලෝලීන් එනකම් බලාගෙන හිටිය චිත්‍රපටයකට උපසිරැසි ගෙනාවා…කොවිඩ්-19 වසංගතය මැද්දෙ Box Office …

Leave a Reply

Your email address will not be published.

31 comments

  1. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  2. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  3. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  4. pattama patta film akak bn.aka parak baluwa.sub aka tyna nesa aye balanawa .ela ela

  5. BIG THANKS FOR YOU!

  6. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  7. මෙකෙ ඩවුන්ලොඩ් ප්‍රමානෙ අඩු වෙන්න හෙතුව සින්හලෙන් දාල තියන නම.
    මනඃකල්පිත කියල තියන නිසා හිතෙන්නෙ කම්මෑලි එකක් කියල.මත් බලලම කියන්නම්කො ෆිල්ම් එක කොහොමඩ කියල

  8. චානක ලක්ෂාන්

    අදහස් දක්වපු සැමට
    බොහොමත්ම ස්තූතියි 🙂

  9. සිසිත සමරතුංග(සිසියා)

    මරු මචන් මරු……
    සබට තෑන්ක්ස්……

  10. බොහොම ස්තූතියි චානක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. sachin kumara liyanage

    sub akata thanxxxxxxxxxxxxx machan

  12. thanks machan….

  13. “චූටී මල්ලි”

    ෆිලිම් එක මන් ලග තිබ්බා වගෙ
    බලමු මතකත් නෑ…. කෝකටත් සබ ගන්නවා
    එල එල තව දෙන්න
    ඔබට ජය…………….

  14. නලින්

    නියමයි චානක සහෝ

    ජය වේවා!

  15. නියමයි Thanks සහො

  16. ela ela ela

  17. පට්ට හොදේ

  18. mamath bawanwa

  19. ජය වේවා!

  20. හොල්මන් ඒවාම නැතිව වෙන ඒවාත් දෙමු සහෝ

  21. thawath subs demu yaluwa

  22. තැන්ක්ස් වේවා!

  23. balami tahwath sub demu

  24. thanks sahooo

  25. niyamai saho aluth awath denna balamu ne

  26. maxxa film akak wage balanna one

  27. wow,, maru 😀

error: Alert: Content is protected !!