අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Dark Waters (2019) Sinhala Subtitle | මරණීය කලු දිය..! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 17 votes.
Please wait...

“Dark Waters” නම ඇසූ පමණින්ම පැහැදිලිව දැනෙන්නෙ යම් ගුප්ත බවක්. මේ කලු දිය හා සම්බන්ධ වුණු අපූර්ව ඉතිහාස කතාන්දරයක් තියෙනව. නිකම්ම කතාන්දරයක් නෙවෙයි. “සත්‍ය කතාවක්!” මෙතැන් පටන් දිගහැරෙන්නෙ ඒ කතාන්දරය.

“විල්බර් අර්ල් ටෙනන්ට්” අපේ කතාවේ පාදක චරිතය. ටෙනන්ට් ජීවත් වුණේ ඇමරිකා එකසත් ජනපදයේ, බටහිර වර්ජිනියා වල පර්කින්ස්බර්ග් කියන පළාතෙ. ඔහුගෙ වෘත්තීය වුණේ සත්ව ගොවිපොළක් පවත්වාගෙන යාම. බොහෝ කාලයක් තිස්සෙ ඔහු සාර්ථකව මේ කර්තව්‍යය ගැටළුවකින් තොරව කරගෙන යනව. නමුත් එකවරම ඔහුගේ එළදෙනුන් සහ අනෙකුත් ගොවිපොළ සතුන් අසනීප වෙලා, ප්‍රචණ්ඩකාරී විදියට හැසිරිලා මැරිල යනව හෝ මරා දමන්න ටෙනන්ට්ට සිදු වෙනව. මේ සිදුවීම දිගින් දිගටම සිදුවෙන නිසා ඔහු මේ සියල්ල රූගත කරනව. ඒ වගේම ඔහු විසින්ම සතුන් විච්ඡේදනය කරල ශරීර කොටස් සංරක්ෂණය කරල තියා ගන්නව. ඉතිං අවසානෙ මේ සිදුවීම් වල නිමාවක් නැති නිසා ඔහු තීරණය කරනව මේකට නීතියේ පිළිසරණක් පතන්න. ඔව්, නීතියේ පිළිසරණ පතන්න තීරණය කරන්නෙ ඔහුගේ ඉඩමට යාබද ඉඩම එක්තරා ප්‍රසිද්ධ කර්මාන්තය සමූහයක අපද්‍රව්‍යය ගොඩ කිරීමේ ඉඩමක් වීම. ඔහු සැක කරනව මේ සතුන්ගේ මරණ සිදු වෙන්නෙ මේ ඉඩමේ තියෙන අපද්‍රව්‍යය හේතුවෙන් කියල. මූලිකව ඔහු උත්සාහ කරනව ප්‍රාදේශීය නීති වේදීන්ගේ සහය ලබා ගන්න. නමුත් මෙකී ආයතන සතුව පැවති අධික බලය සහ කීර්ති නාමය නිසා කිසිවෙක් ඔහුගේ පැමිණිලිකාර නීතිඥයා වීමට එකඟ වෙන්නෙ නෑ. ඒ පමණක් නොවෙයි පර්කින්ස්බර්ග්හි සියළුම දේශපාලඥයන්, වාර්තාකරුවන්, වෛද්‍යවරුන් සහ පශු වෛද්‍යවරුන් පවා ඔහුව පිටු දකිනව. ඉන් පස්සෙ තමයි ඔහු මේ සිදුවීම සම්බන්ධ ඔහු සතු සියළු සාක්ෂි සින්සිනෙටි වල සේවය කරනු ලබන රොබ් බිලොට් කියන නීතීඳයාට ලබා දෙන්නෙ. එතනට තමයි කතාවේ ප්‍රධාන චරිතය රොබ් බිලොට් ඈඳෙන්නෙ.

රොබ් බිලොට් දක්ෂ නීතීඥවරයෙක්. ඔහු රාජකාරි කළේ Taft Stettinius & Hollister ආයතනය වෙනුවෙන්. කෙටියෙන් කිව්වොත් ටැෆ් නීති ආයතනය වෙනුවෙන්. රොබ්, ටෙනන්ට් කියන පුද්ගලයා පුද්ගලිකව අඳුනා ගන්නෙ නෑ. කොහොම නමුත් ඔහු මේ සිද්ධිය බාර ගන්න හේතු වෙන්නෙ ඔහුගේ මිත්තණිය, ටෙනන්ට් කියන පුද්ගලයා දැන හඳුනන නිසා, ඇයට කරන උපකාරයක් විදියට. මේ සිද්ධිය සම්බන්ධව කතා කරන්න රොබ්, පර්කින්ස්බර්ග්හි පදිංචි ඔහුගේ මිත්තණිය හමුවෙන්න යනව. එහිදී ඔහු දැන ගන්නව ඔවුන් කුඩා කල ටෙනන්ට් පවුලේ ගොවිපොළ තුළ කාලය ගත කරන්න හුරු වෙලා සිටි බව. මේ හේතුව නිසා ඔහු ටෙනන්ට් සිදුවීම පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරන්න තීරණය කරනව. මූලික පියවර වශයෙන් ඔහු ටෙනන්ට් ගොවිපොළට ගොස් පරීක්ෂා කරනව. ඒ වන විට ටෙනන්ට් ගොවිපළ සම්පුර්ණයෙන්ම පාහේ සුසාන භූමියක් වෙලා අවසන්. මේ 1998 වර්ෂය. 
විල්බර් ටෙනන්ට් ගොවිපොළ සතුන් දැඩි කළ භූමිය සහ ඔහුගේ ගොවිපොළ
බිලොට් වෘත්තියෙන් නීතීඥයෙකු වුණත් ඔහු නියෝජනය කළේ විශාල රසායනික නිෂ්පාදන ආයතන. ඔහුගේ රාජකාරිය වුණේ  රසායනික ආයතන හා ඇති වන නෛතික අර්බුද හා අනෙකුත් නෛතික ක්‍රියාවලීන් පවත්වාගෙන යෑම. ටෙනන්ට් සිදුවීම පිළිබඳ ඔහු තම මිත්තණිය සමඟ කළ කතා බහෙන් පසුව ඔහු තීරණය කරනව ටෙනන්ට් සිදුවීම ඉදිරියට කරගෙන යන්න. පසු කාලීනව “නිව්යෝර්ක් ටයිම්ස්” සඟරාවට ඔහු ප්‍රකාශ කර තිබුණේ “මට හිතුණ ඒක තමයි කරන්න ඕන වුණු නිවැරැදි දේ කියල. කොහොමහරි මට මේ වැසියන් එක්ක මගේ බැඳීමක් තියෙනව කියල මට දැනුණ” යනුවෙනුයි. බිලොට් විසින් ටෙනන්ට් ලබා දෙනු ලැබූ සාක්ෂි නිරීක්ෂණයෙන් අනතුරුව ඔහු මේ සිදුවීම හා සම්බන්ධ රසායනික ආයතනයට එරෙහිව නඩු පැවරීමට තීරණය කරනව. මේ ආයතනය තමයි “ඩූපොන්ඩ්” රසායනික නිෂ්පාදනය ආයතනය.
රොබ් බිලොට් පර්කින්ස්බර්ග්හි ටෙනන්‍ට් ගොවිපොළේ සිට

ඒ 1999 වර්ෂය, ටැෆ් ආයතනයේ සහය ඇතිව, “ලැරී වින්ටර්” නම් බටහිර වර්ජිනියා ප්‍රදේශයේ නීතිඥයෙකුගේ සහය ඇතිව බිලොට් ඩූපොන්ඩ් ආයතනයට නඩු පැවරීම සිදු කරනවා. නමුත් ඩූපොන්ඩ් ආයතනය මඟින් ඉදිරිපත් කළ “බර්නාඩ් රෙයිලි” නම් නීතීඥයා කරුණු ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර සිටියේ ගොවිපොළ සතුන් මෙලෙස මිය යාමට ඩූපොන්ඩ් ආයතනයේ කිසිඳු බලපෑමක් නොමැති බවත්, ඩූපොන්ඩ් ආයතනය විසින් තෝරාගත් පශු වෛද්‍යවරුන් තිදෙනෙක් සහ පරිසර ආරක්ෂණ අධිකාරිය(EPA) විසින් ඉදිරිපත් කළ පශු වෛද්‍යවරුන් තිදෙනා ඇතුළුව සය දෙනෙකුගෙන් යුතු පැනලය ඉදිරිපත් කළ පර්යේෂණ වාර්තාව අනුව එය හුදෙක් “මන්දපෝෂණය, නිසි පශු සම්පත් කළමනාකරණය සහ කෘමි උවදුරු පාලනය නොකිරීම” නිසා මෙලෙස ගොවිපොළ සතුන් මරණයට පත් වන බවයි.

මේ ලෙස කටයුතු සිදුවෙමින් පවතින අවසථාවේ ඩූපොන්ඩ් ආයතනය විසින් ලබා දී තිබූ වාර්තා පිරික්සූ බිලොට් “POFA” නම් යමක් වාර්තා තුළ අන්තර්ගත බව හඳුනා ගන්නවා. බොහෝ වසර ගණනක් රසායනික ආයතන හා සම්බන්ධව කටයුතු කර පුරුද්දක් පැවති බිලොට් මේ වචනය කිසිදා අසා තිබුණෙ නෑ. එමෙන්ම ඔහුට කිසිදු ස්ථානයකින් මෙහි අර්ථය හඳුනා ගැනීමට නොහැකි වුණා. මේ නිසා බිලොට් ඩූපොන්ඩ් ආයතනයට අනෙකුත් වාර්තා ලබා දෙන මෙන් ඉල්ලා සිටියත් ඔවුන් එය ප්‍රතික්ෂේප කළා. නමුත් වර්ෂ 2000 දී අධිකරණ නියෝගයක් මඟින් ඔහු ඩූපොන්ඩ් සතුව පැවති දහස් ගණනක් වූ වාර්තා ලබා ගැනිමට සමත් වුණා. ඉදිරි මාස කීපය ඔහු ගත කරන්නෙ මේ ලක්ෂ 110 ක් පමණ වූ වාර්තා පරීක්ෂා කරමින්. ඔහු මේ සම්බන්ධව මෙසේ ප්‍රකාශයක් සටහන් කර තිබුණා. “මම යම් ආකාරයක කතාවක් දකිමින් හිටියෙ. මම වෙන්න ඇති මේ වාර්තා ඔක්කොම කියවපු පළවෙනි කෙනා. මොකද්ද වෙන්නෙ කියල මට පේන්න පටන් ගත්ත. ඔවුන් මුල ඉඳලම දැනගෙන ඉඳල තියෙනව ඔවුන්ගේ නිෂ්පාදන තුළ වරදක් තියෙන බව!”

PFOA නැත්තං C-8 විෂ කතාව ආරම්භ වෙන්නෙ වර්ෂ 1951 දි. ඩූපොන්ඩ් ආයතන 3M ආයතනයෙන් PFOA මිලදී ගෙන “ටෙෆ්ලොන්” නිෂ්පාදනය ආරම්භ කිරීමත් සමඟ. මේ ටෙෆ්ලොන් නිෂ්පාදන තුළින් බැහැරවන අපද්‍රව්‍යය නිසා පරිසරය දූෂණය වෙන බව 3M සහ ඩූපොන්ඩ් ආයතන දෙකම දැනුවත් වී තිබුණ. එමෙන්ම දශක හතරක් වැනි කාලයක් තුළ මෙම ආයතන මඟින් PFOA සම්බන්ධව රහස් පර්යේෂණ පවත්වා තිබුණා. ඒ අනුව ඔවුන් 1961 දී මීයන්‍ සහ හාවුන් යොදා ගනිමින් සිදු කළ පරපර්යේෂණ අනුව පෙනී ගොස් තිබුණේ, PFOA මඟින් අක්මාව විශාල වීම සිදුවන බවයි. 1970 වන විට ඩූපොන්ඩ් ආයතනය විසින් හඳුනාගනු ලබන්නේ ඔවුන්ගේ ආයතන තුළ වැඩ කරන සේවකයන්ගේ රුධිරය තුළ මෙම PFOA විෂ අන්තර්ගත බවයි. එහෙත් ඔවුන් මෙය රහසක්ව තබා ගනු ලබනවා. 1981 වන විටත් 3M ආයතනය ඩූපොන්ඩ් වෙත අඛණ්ඩව PFOA සැපයුම සිදු කරන අතර, ඩූපොන්ඩ් ආයතනය තුළ ටෙෆ්ලොන් නිෂ්පාදනයේ යෙදී සිටි කාන්තාවන් හත් දෙනෙකුගේ දරු උපත් තුළ ඉන් දරුවන් දෙදෙනෙකුගේ අක්ෂි විකෘතතා ඇති වී තිබූ බවයි. 1984 දී ටෙෆ්ලොන් අපද්‍රව්‍යය නිසා ප්‍රදේශයේ ජල මූලාශ්‍ර දූෂණය වන බව ඩූපොන්ඩ් දැන සිටියා. 1991 දී ඩූපොන්ඩ් හඳුනා ගනු ලබනවා PFOA අඩංගු ජලයේ උපරිම ආරක්ෂිත මට්ටම මිලියනකට එක් අංශුවක් පමණක් බව. එම වසරේදීම ඔවුන් හඳුනා ගනු ලබන්නේ මෙම ප්‍රමාණය ඊට වඩා තුන් ගුණයකින් ප්‍රාදේශීය ජල මූලාශ්‍ර තුළ අන්තර්ගත බවයි. නමුත් ඔවුන් මේ තොරතුරු සඟවා තමා ගන්නවා.

පර්කින්ස්බර්ග්හි පැවති ඩූපොන්ඩ් රසායනික කර්මාන්ත ශාලාව

1990 දශකය තුළ ඩූපොන්ඩ් ආයතනය මඟින් කළ පරපර්යේෂණ මඟින් ඔවුන් හඳුනා ගනු ලබනවා PFOA මඟින් වකුගඩු, අක්මා, මුඛය සහ වෘෂණ කෝෂ ආශ්‍රිත පිළිකා හටගන්නා බව. නමුත් මෙය හෙළි කිරීම ඩූපොන්ඩ් ආයතනය අනතුරේ හෙලීමක් වන බව ඔවුන් තීරණය කරන්නේ, ටෙෆ්ලොන් නිෂ්පාදනය මඟින් මේ වන විට ඔවුන් වාර්ෂිකව ඩොලර් බිලියනයක් ශුද්ධ ලාභ ඉපයීම් නිසාවෙනි. 1990 වර්ෂයේ පර්කින්ස්බර්ග් ප්‍රදේශයේ ඩ්‍රයි රන් නම් ගොඩ ඉඩම් ප්‍රදේශයට ඩූපොන්ඩ් ආයතනය විසින් PFOA අපද්‍රව්‍ය ටොන් 7100ක් මුදා හරිනවා. පසුව ඔවුන් මෙම ප්‍රදේශය පරීක්ෂා කිරීමෙන් පසුව පෙනී ගියේ ඉතා ඉහළ විෂ සාන්ද්‍රණයක් ටෙනන්ට් සතු වූ දොළ පහර තුළ හා ආශ්‍රිත ප්‍රදේශ තුළ පවතින බවයි. මෙනිසා ටෙනන්ට්ගේ ගොවිපොළ සතුන් මරණය පත් වන් බව ඩූපොන්ඩ් ඉතා පැහැදිලි දැන සිටියත්, ඔවුන් එය තරයේ ප්‍රතික්ෂේප කළා. නමුත් වාර්තා පරීක්ෂා කළ බිලොට් මේ නඩුවට අවශ්‍ය සාධක ගොනුකර ගනු ලබනවා. පසුව බිලොට් මේ සියල්ල අලලා සැකසූ ලිපි ගොනුවක් මහජනතාවට ප්‍රසිද්ධ කරනු ලබනවා.

ජිම් ටෙනන්ට් විසින් ඩූපොන්ඩ් ආයතනයට විකුණා දැමුණු භූමියේ කොටසක්

සියළු දත්ත රැස් කර ගනු ලබන බිලොට් ඩූපොන්ඩ් ආයතනයට එරෙහි නඩුව පවත්වාගෙන යනු ලබනවා. මේ නඩුවේදී ඔහු බටහිර වර්ජිනියාව තුළ 70000ක ජන ගහණයක් නියෝජනය කරනු ලබනවා. මෙහෙදී C-8 සඳහා ඔවුන්ගේ රුධිර සාම්පල පරීක්ෂාවක් සිදුකෙරෙන අතර ඉන් තහවුරු වන්නේ ඔවුන්ගේ ශරීර තුළ මේ විෂ අන්තර්ගත වන බවත්, ඉන් ඉතා දරුණු රෝග ගණනාවක් ඇති වන බවයි. මෙම රුධිර පරීක්ෂාව සිදුකර ගන්නා සියළු දෙනාට $400 බැගින් මුදලක් ද පිළිගන්වනු ලැබූවා. එමෙන්ම 69 දහසකට අධික පිරිසක් මෙම පරීක්ෂාව සිදුකර ගනු ලබනවා. මෙම පරීක්ෂණය සිදු කරනු ලැබුවේ ස්වාධීන විද්‍යාඥයන් පිරිසක් විසින්. නමුත් පර්යේෂණ වාර්ථාව නිකුත් වීමට වසර හතක් වැනි ඉතා දිගු කාලයක් ගත වනවා. වර්ෂ 2011 දී නිකුත් වූ වාර්ථාව අනුව PFOA විෂ මඟින් වකුගඩු පිළිකා, වෘෂණ කෝෂ පිළිකා, පූර්ව ගර්භණී ආබාධ, අධි කොලෙස්ටරෝල්, තයිරොයිඩ් ආසාදන සහ උපදින දරුවන්ගේ අක්ෂි විකෘතතා ඇති බව ඔප්පු වනවා. නමුත් ඩූපොන්ඩ් මෙය ප්‍රතික්ෂේප කරනු ලබනවා. එහෙත් මින් අධෛර්යමත් නොවන බිලොට් 2011 ඔක්තෝබර් මාසයේ දී ඩූපොන්ඩ් ආයතනයට එරෙහිව පුද්ගලික පැමිණිලි 3.535ක් ගොනු කරනු ලබනවා. ඒ අනුව ඩූපොන්ඩ් ආයතනයට වර්ෂ 2890 දක්වා මෙම නඩු සඳහා ඉදිරිපත් වීමට සිදුවනු ඇති. ඉදින් මේ අයුරින් ඩූපොන්ඩ් නම් දැවැන්යාට එරෙහිව බිලොට් නම් තනි අඟුටුමිට්ටාගේ සටන මේ ලෙස ජය ගනු ලබනවා. මෙතැන් පටන් දිග හැරෙන්නේ ඒ අපූර්ව සත්‍ය කතාවයි.

“The system is rigged. The want us to believe that it’ll protect us, but that’s a lie. We protect us. We do. Nobody else. Not the companies, not the scientists, not the government. Us.”
“මේ පද්ධතිය සන්නද්ධ වෙලා ඉන්නෙ. එයාලට ඕනෙ එයාල අපිව ආරක්ෂා කරනව කියල අපි විශ්වාස කරන්න. ඒත් ඒක බොරුවක්. අපි ආරක්ෂා කරන්නෙ අපිමයි. වෙන කිසි කෙනෙක් නෙවෙයි. කර්මාන්ත වලින් නෙවෙයි, විද්‍යාවෙන් නෙවෙයි, ආණ්ඩුවෙන් නෙවෙයි. අපිමයි”
– රොබ් බිලොට් –

ලිපියේ මූලාශ්‍රය – නිව්යෝර්ක් ටයිම්ස් සඟරාවේ පළ වූ ලිපියක් ඇසුරිණි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය Bluray පිටපත් සඳහා ලබා දි ඇත.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

22 thoughts on “Dark Waters (2019) Sinhala Subtitle | මරණීය කලු දිය..! [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks for the sub

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!
    නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • ඔයාලා දාන්නෙ ගොඩක් හිට් වුනෆිල්ම් වල සබ් විතරයි නේ.මම දැන් ෆිල්ම් 6ක් සර්ච් කරා එකක්වත් සබ් නෑ.මට නම් එපාම උනා ඔයාලගෙ සයිට් එක

    boo
    devil in the dark
    alone 2020
    curs of the nun
    child eater

    මේ එකකවත් සබ් නෑ ඇ්‍ී ඒවා හොඳ ෆිල්ම් නෙමෙයිද?

    Reply
    • කවුරුහරි කෙනෙක් නොමිලේ සේවයක් දෙනකොට ඒක දිරිගන්වනව මිසක් අකුල් හෙලන්න පුරුදුවෙන්න එපා සහෝදරය.සින්හල සබ් එක නැත්තන් ඉංග්‍රීසි සබ් එකෙන් බලන්න.හැම ෆිල්ම් එකටම සබ් දෙන්න ඕනෙ කියල නීතියක් නෑනෙ නේද.අපි අවුරුදු 10ක්ම මේ සයිට් එකත් එක්ක ඉන්න අය.අපිට කවදාවත් ඔය වගේ ඩෙයක්නම් හිතිල නැ.

      Reply
      • ඕකේ child eater මමත් බැලුවා.මෙලෝම රහක් නැති film එකක්.4.4 rating එක්කක් තියෙන්නේ.උබට සුපිරි වුනාට බහුතරයකට ඕවා සුපිරි නෑ බං.උබේ ඔය ඉතුරු films සෙට් එකත් ඔය වගේම ඇති.උබට ඕන්නම් උබ sub එක හදාගනින් මචං.මොන රෙද්දක්ද

        Reply
    • ඕකේ child eater මමත් බැලුවා.මෙලෝම රහක් නැති film එකක්.4.4 rating එක්කක් තියෙන්නේ.උබට සුපිරි වුනාට බහුතරයකට ඕවා සුපිරි නෑ බං.උබේ ඔය ඉතුරු films සෙට් එකත් ඔය වගේම ඇති.උබට ඕන්නම් උබ sub එක හදාගනින් මචං.මොන රෙද්දක්ද

      Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • මම බලපු හොදම ඒවා අතරට මේකත්.
    අපි ජීවත් වෙන භයානක යථාර්ථය තේරුම් කරන උත්සාහයට ස්තූතියි.ඒත් සෑමවිටම කම්පාකරවන සුලුයි මිනිස්සු මේකට අනන්‍ය වෙලා ඉන්න තරම දැක්කම.

    Reply
  • Thanxxxxxxxxx bro………….

    Reply
  • මට නම් දැන් චිත්‍රපටිය නොබැලුවත් කමක් නැහැ. චිත්‍රපට විචාරකයෙකුගේ වගකීම උදයංග ලස්සනට ඉටුකරල තියෙනව.

    Reply
  • උපසිරසට ගොඩක් ස්තුති උදයංග මල්ලි! නියම කතාවක් වගේම හොඳට උපසිරස කරලා තිබුනා. ඒ වගේම ලිපිය ඊටත් දෙවෙනි නැහැ.

    Reply
    • ස්තූතියි හසායියෙ. අයිය තමා මේක මට දුන්නෙ. හැමවෙලාවෙම ගුණාත්මක තේරීමක් නම් අයිය තමා ඉතිං ❤️

      Reply
  • tnx sahoo supiriyak genawata

    Reply
  • ලිපිය කියවද්දි නම් බලන්නම හිතුණා ෆිලුම!
    ඕං එහෙනං මේ පාන්දරම බලන්නයි හදන්නේ….

    Reply
  • තෑන්ක්ස් සබ් එකට

    Reply
  • කර්මාන්ත ශාලා නිසා මෙවැනි විනාශයන් තව කොපමණ වෙනවා ඇතිද :'(
    උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ! ✌❤

    Reply

Leave a Reply to හසිත මධුෂාන් Cancel reply

Your email address will not be published. Required fields are marked *