Wednesday , September 23 2020
Breaking News

Death Race 3: Inferno (2012) Sinhala Subtitles | දිනුවොත් මරණය..පැරදුනොත් ජීවිතය..[සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 19 votes.
Please wait...

මගේ නම ෆ්‍රැන්කන්ස්ටයින්. මම කවදහරි මගේ පලිය ගන්නවා.. ෆ්‍රැන්කන්ස්ටයින් ට කවදාවත් මියයන්න බැහැ. ඔහුට වෙඩි වදින්න පුළුවන්, පිලිස්සෙන්න පුළුවන්, පුපුරන්න පුළුවන්.ඒත් ෆ්‍රැන්කන්ස්ටයින් හැමවෙලාවෙම දිවි ගලවාගන්නවා. “ෆ්‍රැන්කන්ස්ටයින්“ ඔහු තමයි “මරණයේ තරඟය“.

ඔයාලා මේ චිත්‍රපටි මාලාවේ පලමුවැන්න සහ දෙවැන්න බැලුවනම් දැනටමත් දන්නවා ඇති කවුද මේ ෆ්‍රැන්කන්ස්ටයින් කියන්නෙ කියලා.. මංකොල්ලයකට සහභාගී වන කාර්ල් ලූකස් නම් පුද්ගලයව යැවෙන්නේ අමුතුම ආකාරයේ සිරගෙදරකටයි. එය පිහිටා තිබෙන්නේ ටර්මිනල් නම් දිවයිනකයි. එහිදී ඔහුට අපූරු අත්දැකීමකට මුහුණ දෙන්න ලැබෙනවා. ඒ තමයි එකිනෙකාව මරාගන්නා මෝටර් රථ ධාවන තරඟ මාලාවකට සහභාගී වෙන්න සිදු වීම. මේ තරඟ මාලාවේ තරඟ පහක් එක දිගට ජයග්‍රහණය කරන ක්‍රීඩකයට අසහාය ත්‍යාගයක් හිමි වෙනවා. ඒ තමයි හිරගෙදරින් නිදහස් වීමේ වරම.. දෙවෙනි චිත්‍රපටිය අවසානයේ පෙන්නන්නේ කාර්ල් රිය අනතුරකට මුහුන පාලා දැඩි ලෙස පිළිස්සුම් තුවාල ලබලා යන්තමින් පණ බේරගන්නා අන්දමයි. ඉතින් මේ තුන්වෙනි චිත්‍රපටිය පටන් ගන්නේ ඔහුගේ විරූපී බව ප්ලාස්ටික් සැත්කම් මගින් සුව කරලා නැවතත් ඔහුව අර ධාවන තරඟ මාලාවට යොමු කරන සිද්ධියකිනුයි. මේ පාර තරඟය තියන්නේ අප්‍රිකාවේ කලහාරි නම් කාන්තාර ප්‍රදේශයක් තුලයි.. මේ වතාවේ තරඟය මෙහෙයවන්නේ නයිල්ස් යෝර්ක් නම් ධනපතියෙක් විසිනුයි. ඒ වගේම තරඟයේ එක් ප්‍රධාන නීතියක වෙනසකුත් මේ පාර තියෙනවා. කාර්ල් ලූකස් හෙවත් ෆ්‍රැන්කන්ස්ටයින්ව මේ තරඟයට යොමු කරන්නේ “දිනුවොත් මරණය.. පැරදුනොත් ජීවිතය“ යන කොන්දේසිය මතයි..

මේ වසරේ මීට දින කිහිපයකට කලින් නිකුත් උන මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි අතර 65 වෙනි ස්ථානය ලබා ගත් සුපිරි චිත්‍රපටියක්. කාර්ල් ලූකස්ගේ චරිතය නිරූපනය කරන්නේ මේ චිත්‍රපට මාලාවේ දෙවෙනි චිත්‍රපටියේ කාර්ල් ලූකස් ට රඟපෑ Luke Goss නම් සුපිරි නළුවායි..ඒ වගේම Danny Trejo ගෝල්ඩ්බර්ග් ගේ චරිතයට පණ පොවමින් මේ චිත්‍රපටියේ රංගනයෙන් දායක වෙනවා. එක දිගටම බලාගෙන ඉන්න පුළුවන් මේ සුපිරි නිර්මාණය යුනිවර්සල් සමාගමේ තවත් අති සාර්ථක නිමැවුමක් කියලා කියන්නත් ඕන. IMDb දර්ශකයේ 5.8/10ක් ලබා ඇති මේ චිත්‍රපටියේ නිකුත් වෙන දිනය ලෙස සඳහන් වෙලා තියෙන්නේ 2013 ජනවාරි 22වැනිදායි.

ඉතින් යාළුවනේ.. කාර්ල් ලූකස්ට ඔහුගේ පස් වෙනි තරඟය ජයග්‍රහණය කරන්න පුළුවන් වේවිද? ඔහුට නිදහස ලබා ගන්න පුළුවන් වේවිද? මේ පාර වෙනස් කරලා තියෙන ප්‍රධාන නීතිය මොකක්ද? කවුද මේ පාර තරඟය මෙහෙයවන්නේ? මේ පාර මොන වගේ මෝටර් රථයක් ද ලූකස්ට ලැබෙන්නේ? ඔහුට මේ තරඟයේදි හමුවන අභියෝග මොනවද කියලා චිත්‍රපටිය බලලම දැනගන්න යාළුවනේ.. ජයවේවා!!!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray / Web-DL පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/06/14

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

101 comments

  1. arawindasunimal

    thanks yaalu

  2. ftta

  3. Sampathrajakaruna

    Wedenam niyamai bro

  4. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  5. thanks bro

  6. තියන කෙනෙක් ටොරන්ට් ලින්ක් එක දෙන්නකෝ

  7. me wasra ekahamarakata withra passe wetena comment ekak. Dinindu meka dakiwida kiyalath sekai. eth film eka bagena beluwa nam comment ekak danna one. thanks Dinindu.

  8. meka download karanna bahane macho

  9. Hiran Sharanga

    Man balanna Asaawen hitiya fil1k… Thanks bro…

  10. නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  11. Patta bande..
    Thanks wewa

  12. film is great…hope you’ll give us the first and second part also

  13. Machan, Deth Race 1,2 wala sinhala sub dennakoOOOOO

  14. Good Job,,,,,,,Superrrrrrrrrrrrrr

  15. thnkz bro.. nice work

  16. ane mema upa sirasi kotu pamanai penanne eyata mokada karanne?

  17. thankzzzzzzzz sahooooo
    ela wadak
    🙂 (Y)

  18. thankz machoooooooo

  19. චතුරංග නිමන්ත

    මේකනම් සුපිරිම තම ඉතින් ය කතා 2ක් නැහැ

  20. තැන්කු….

  21. patta,,,,,,,,,,,,……..!!!!!!!!!!

  22. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා. 😛 😛

  23. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  24. ela saho… superb

  25. sub walata thanks.mekath 1 2 wagema supi gemak thiyei kiyala hithanawa.aniwaryenma blanawaaa

  26. thanks machan!

  27. චමිඳු සඳකැලුම් (චමියා)

    film eka baluwa mchn. sub ekath elatama thiyenawa. ela mchn.

  28. පට්ට සහො ජයවේවා…(Y)

  29. Thanks a lot

  30. Thankas machan karana sewayata

  31. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ.දෙනකන් බලාගෙන හිටයේ මේක.

  32. patta film eka machan..thanks…

  33. බොහොම පින් මචං

  34. දිදුල Kd සිල්වා

    ලොවෙත් නෑ.. මේකත් ගන්නවා.. කවුරු හරි කලින් බාගත්ත පිංවතෙක්ගෙන් ඉල්ලගන්න ඕනෙ… දහසක් වැඩ අස්සෙ මේ කරන සේවයට ජය වේවා෴

  35. patta keri film ekak jaya saho

  36. නියමයි සහෝ!

  37. Thank you….

  38. hamom kiyanawa patta lu. mamath danma banawa

  39. ela thankz machan…!

  40. mudiya / මුදියා

    මරු කතාවක් මේකනම්.කොහොමත් දිනිඳු සහෝ දෙන්නෙ ලොවෙත් නැති සුපිරි ෆිල්ම්නෙ.හෙට ඔෆිස් ගිහින් බාන්න දානව.ජයවේවා.බොහෝ…………………….ම ස්තූතියි…!

  41. Ela film 1k jaya wewa.

  42. sanjeewa gunasekara

    ela ohama yan

  43. පිස්සු කොර….. 1 සහ 2 වගේම පට්ට ඈති එහෙනම් මේකත්…… 🙂

  44. Thanks for the upload bro

  45. wikum anuranga

    ela ela

  46. onna math poddak race eka paththe yanda hithuwa!

  47. jaya wewa

  48. ගයාන් තාරක

    එල මචන්.. ඔන්න මමත් ගත්තා… ස්තූතියි මචන්.. මම මේකේ අනික්වත් බලලා තියෙනවා.. දැන් මේකත් බැලුවැහැකි ඔයාට පින්සිද්ධ වෙන්න..

  49. ස්තුතියි

  50. thanks mahansiyata pin

  51. තැන්කියු වෙරි මච් මචෝ….

  52. ela ela,meka patta film ekak.
    bohoma stuti sub ekka dunnata…. .

  53. මේකෙ සබ් දෙනකන් හිටියේ..නියමයි සහෝග
    තැන්ක් යු වේවා….!!

  54. රාම් රාජ්

    දීලා තියෙන්නේ පට්ට ෆිලම් එකක්.ස්තූතියි.

  55. “චූටී මල්ලි”

    ela ela

  56. Niyamai bro…. oya dunnoth deyak ithin supirima thama….. Jaya wewa!!!!!

  57. gindara film 1ka bnz!pattai hode,ayeth katha karanna deyak ne,mn me denna banawa(jaya wewa sub 1ka dunna hemotama)

  58. thx machan

  59. පට්ට සහො ජයවේවා

  60. Death Race 3 last Week eke baluwane…!!

    Les Miserables DVDScr release wela tiyenne…!
    ikmanata ekata sub denna puluwannum ela !!!

  61. thanks broooo

  62. දර්ශන

    මමත් බානවා

  63. Thanks for the movie.

  64. Ela ela niyama kollekne uba……..

  65. Isuru Sandaruwan

    Ah… patta..

  66. පට්ට අයියා…එලකිරි…..ජය වෙවා…

  67. ඔන්න මාත් ගන්නවා මචං

  68. elama macho baiscope.lk pattama site aka

  69. එලස් අපිත් බානවා

    මේක ඇවිත් නේ මම එන දවස ගැන හොයා හොයා උන්නේ

  70. තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා!
    මමත් ගන්නවා ඔන්න

  71. adoo patta patta hodey

  72. lasanatha!!!!!!

    balamu balamu kalin 2 ka nam baluwa

  73. ලොවෙත් නෑ මේක එල නේ 🙂

  74. Thnaksssss dindiu

  75. patta machan

  76. ජයම ජය

    අදම බලන්න ඕනේ මේක

  77. Shaaa niyamaine. mama danagena hitiye na meke 3 weni film ekakuth awa kiyala. patta

  78. Patta movie eka.Mamanam Baluwa.Will watch again with sinhala sub

  79. එල එල සබ් වලට තෑන්ක්ස්

  80. jaya wewa kollaaa

  81. පට්ට මචං කියන්න දෙයක් නෑ උබ සබ් දුන්න නම සුපිරියටම ඇති

  82. eth mn hithan hitye death race 2 eke thibune death race patan gaththa hati kiyalai…..oya carl lucas death race 2 iwara weddi marenawane…….car ekata misile ekak wadinne……..eeta passe neda jason enne….mulin awe jason inna eka unata death race 2 eke pennuwe death race patan ganna hati ne….ane manda mata nm aul me scene eka….eth film eka dunnata thanx..

  83. හසන්ත වික්‍රමරත්න

    එල එල…. ෆිල්ම් එකනම් පට්ට කොලිටි…
    සබ් එකට ස්තුතියි !!!

  84. පට්ට පට්ට අනිවා බලනවා මචං

  85. නලින්

    ස්තුති දිනිදු සහෝ
    මෙක එනකම් බලන් උන්නේ
    ජය වේවා..!!

  86. Thanksssssss patttaattataaa

  87. supiri ah……elaz thamai…………

  88. බොහොම පින්

  89. I AM FIRST

  90. මමත් ගන්නවා ඔන්න බොහොම පින් මචං සබ් එකට

  91. wow.patta 🙂

  92. පට්ට පතුරු මචෝ

error: Alert: Content is protected !!