Thursday , October 28 2021
Breaking News

Defending Jacob (2020) [S01 : E07] Sinhala Subtitles | ජේකබ්ගේ ප්‍රබන්ධය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 6 votes.
Please wait...

කොහොමද ඉතින් කට්ටියට? ඔන්න අද මේ ගෙනාවේ Defending Jacob කතාමාලාවේ හත්වැනි කොටස. නඩුව අහන්න කට්ටිය ගොඩක් ආසාවෙන්නේ හිටියෙ. එහෙනම් ඉතින් තවත් කල් නොඇර අද කතාවට බහිමු.

බෙන් රිෆ්කින් ඝාතනය නිසා ජේකබ් ඕවන්ට එරෙහිව මැසචුසෙට් අධිකරණයේ දී නඩුව විභාග කරන්න පටන් ගන්නවා. ඉතින් මේ සිදුවීමට අදාලව බොහෝ දෙනෙක් අධිකරණය ඉදිරියේ සාක්ෂි ප්‍රකාෂ කරනවා. ආරම්භයේදී නම් පැමිණිලි කරුගේ නිතී උපදේශක හැමවිටම විත්තිකරු දෙසට චෝදනාව එල්ල කලත්, ඔහුගේ නොසැලකිලිමත් බාවයත්, විත්තියේ නීතිඥ ජොවානා ක්ලයින්ගේ පළපුරුද්දත් නිසා නඩුව ගොඩක්දුටර ඉදිරියට යන්නේ ජේකබ් ට වාසි වෙන විදිහට. නඩු විභාගයේ සිව්වන දිනය එලැඹෙනවා. මෙතෙක් ජූරිය ඉදිරියේ ජේකබ්ට හිමි වී තිබූ ප්‍රතිරූපය කිසිවෙක් නොසිතූ ලෙස බිඳ හැලෙන්නේ එක් සාක්ෂිකරුවෙකුගේ අනපේක්ෂිත ප්‍රකාෂයක් නිසා. එම සාක්ෂියත් සමඟ මෙතෙක් ඝාතනයේ තිබූ සමහරක් හිස්තැන් අතුරු සිදුරු නැතිව පිරී යන්නේ ජේකබ්ව තව තවත් වරදකාරී බවට පටලවමින්. නඩු විභාගය කණපිට හරවනු ලැබූ ඒ සාක්ෂීය මොකක්ද? ඉන් ජේකප්ට අත්වෙන ඉරණම මොකක්ද? ඇත්තටම ජේකබ් බෙන්ව මැරුවද?

ඉතින් මේ එපිසෝඩ් එක අධ්‍යක්ෂය කරන්නේ Morten Tyldum. කතාමාලාව තිර රචනය කලේ Mark Bomback, ඒ William Landay ගේ නවකතාව මත පදනම් කරගෙන. එහි ධාවන කාලය මිනිත්තු පනස් තුනයි. මේ කොටසට IMDb දර්ශකයේ 9.1ක අගයක් හිමිවෙලා තියෙනවා. එය මුල්වරට විකාෂය වුණේ 2020 මැයි 22.

තවත් වැඩි යමක් කියන්න නෑ. එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙන අදහසින් අදට සමුගන්නවා. හැමෝටම ජය!

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විහඟ පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

ස්කම්බෑග් සිස්ටම් [S01 : E02] Sinhala Subtitles | ගෝල පරම්පරාවේ අභිරහසක්. [සිංහල උපසිරැසි]

ඔන්න අපි බයිස්කෝප් සයිට් එකට ගේන පලවෙනි සබ් එක ගෙනාවා. අපි TU Sri Lankan කියන …

Leave a Reply

Your email address will not be published.

3 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. සිංහල උපසිරැසියට ස්තූතියි

error: Alert: Content is protected !!