Wednesday , February 1 2023

Dejavu (2022) Sinhala Subtitles | පැහැරගැනීම ! [සිංහල උපසිරසි]

Rating: 7.0/10. From 18 votes.
Please wait...

ආයුබෝවන් යාළුවනේ ඔන්න ඉතින් මේ අගෝස්තු මාසේ නිකුත් වුණ තවත් අලුත්ම Action, Thriller ගණයට අයත් Arulnithi ගේ මේ මාසයේම නිකුත් වුණ දෙවන චිත්‍රපටය IMDb අගය 7.8 ක් වගේ ලොකු ගණනක් අරගෙන තියෙන චිත්‍රපටයක්. 2022 ජූලි මස තිරගතවීම ආරම්භ කරන ලද පැය 1 කුත් විනාඩි 57ක් පුරා කුතුහලයෙන් දිවෙන Arvindh Srinivasan ගේ අධ්‍යක්ෂණය යටතේ Madhoo, Achyuth Kumar, Smruthi Venkat, kaali Venkat, Mime Gopi යන අය චරිත නිරූපණය කරනවා. ලේඛකයෙක් ලියන කතාවක සිදුවීම් පෙලක් ඇත්තටම සිද්දවීම මුල් කරගෙන හටගන්නා සිද්ධි දාමයක් ලෙස තමයි චිත්‍රපටය ආරම්භ වෙන්නේ.

සුබ්‍රමනියම් නැමැති පුද්ගලයෙක් මධ්‍යම රාත්‍රියේ බීමතින් පොලීසියට පැමිණ පැමිණිල්ලක් භාර දෙනවා තමන් ලියන කතාවල දේවල් මිනිසුන්ට ඇත්තටම වෙනවා. එයාල තමන්ට කෝල් වලින් තර්ජනය කරන බවත් තමන්ට ආරක්ෂාවක් අවශ්‍ය බවත් පවසමින්. නමුත් බීමතින් සිටින නිසා පොලීසියේ අයත් වැඩිය ගණනකට නොගෙන පැමිණිල්ල අරගෙන අපි හොයල බලන්නම් කියල මනුස්සයව පිටත් කරල අරිනව. ඉතින් ගෙදර යන සුබ්‍රමනියම් ආපහු අඩියක් ගහන ගමන් ලියන්න පටන් ගන්නවා. ඉතින් එදා රෑ වුණ තරුණ ගැහැණු ළමයෙක්ගේ පැහැරගැනීමක් සම්බන්ධයෙන් පහුවදා උදේම සුබ්‍රමනියම්ගේ නිවසට පොලීසියෙන් එනවා ඔහුව අත් අඩංගුවට ගන්න, පූජා නැමැති කෙනෙක් ගෙන් පැහැරගැනීමක් ගැන පොලීසියට ලැබුණු කෝල් එකක් සම්බන්ධයෙන්. නමුත් ඔවුන්ට සුබ්‍රමනියම්ව අත් අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබෙන්නෙ නෑ. කොහොමින් හරි මේ ගැන පළාතේ ඩී.ජී.පී. ආශාට මේ ගැන දැනගන්න ලැබිලා පොලීසියට ලැබුණු කෝල් අහල බලනකොට සැක හිතෙනව ඒ පැහැරගෙන ගිහින් තියෙන්නෙ තමන්ගේ දුවද කියල. දුවගෙ ෆෝන් එකට යාළුවන්ට කතා කළත් කිසිම හෝඩුවාවක් ලැබෙන්නෙ නෑ. පස්සෙ තහවුරු වෙනවා තමන්ගේ දුව තමයි පැහැරගෙන ගිහින් තියෙන්නෙ කියල. එතනින් පස්සෙ තමයි වැඩේ දරුණු වෙන්නෙ. මුළු රටේම කැළබීමක් ඇතිවෙන්න ගන්නව. ලේඛකයගෙ කතාවෙත් පූජා නැමැත්තියක් පැහැරගැනීමයි ඩී.ජී.පී. ආශාගේ දුව පැහැරගැනීමයි දෙකම එක සමානයි… එහෙනම් මොකද්ද මේකට හේතු වෙන්න ඇත්තෙ කියල අපි බලමු. ආයෙත් චිත්‍රපටයකින් මුණ ගැහෙනකම් හැමෝටම තෙරුවන් සරණයි…

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

The Last of Us [S01: E03] Sinhala Subtitles | මිතුරු හමුව… [සිංහල උපසිරැසි] 18+

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ලාස්ට් ඔෆ් අස් කතා මාලාවේ තුන් වෙනි කොටස. සතියෙන් සතිය …

Leave a Reply

Your email address will not be published.

30 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  3. ස්තුතියි…

  4. Thusitha Perera

    සබට තෑන්ක්ස් මචං..

    • Ai me film ekath “Guneru” eken mulin sub dunnane,uba eken baluwe ndda?
      Ane plyn bn ynna “Higana” site walata kahinne nathuwa

  5. Thank you

  6. තෑම්ක්ස් බොම්ක❤️

  7. සිංහල උපසිරසියට ස්තුතියි

  8. Thanks brother

  9. Yaanai-2022 ෆිලුමට බයිස්කෝප් සබ් දෙනකන් බලන් ඉන්නෙ කොපියත් බාගෙන
    ඊයේ සිනෙරු කියලා චාටර් සයිට් එකකින් සබ දාලා තිබුනු නිසා දාගෙන බැලුවා හැබැයි විනාඩි 10ක් විතර බලලා වැඩේ නැවත්තුවා,ඒතරමටම සවුත්තුයි ඒ සබ් එක,එක්කෙනක් නෙවෙයි තුන්දෙනෙක්ම එකතුවෙලා කරපු සබ් එකක්ලු,ඒකෙන්ම හිතාගන්න පුලුවන් අනිත් සබ් වලත් තරම….
    සබ් පොඩ්ඩක් පරක්කු වුනත් බයිස්කෝප් වල කොලිටිය වෙන කිසිම සයිට් එකක නෑ
    ජය වේවා බයිස්කෝප් !

    • Mata nm oya poriyal eka set wuna kalinma
      Dn nm film ekak release wela masa gaanakin baiscope sub nodunnath unge eken nm blnne na
      Cineru neweyi “GUNERU” tmai galapenne unta ai guu sub neh denne

    • Thusitha Perera

      මමත් බැලුවේ ඒ සබ් එකෙන්..හැබැයි සබ් එකනම් හොඳටම තිබ්බා.. හෑලි ලියන්න තරම්නම් කිසිම අවුලක් තිබ්බේ නෑ හැබැයි..

      • Uba unge admin kenek wennathi,ethkota tmai ubta hodawela anith unta charter,peechan,gobba,guu sub ekak wenne

  10. ෆිලුම නම් නියමයි

  11. Tnx සබට❤️

  12. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  13. Thanks buddy

  14. arulnithi ge diary filumath aapu gmn sub demu

  15. උපසිරසියට තුති

  16. Buddhika laKMal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  17. Thanks brother

  18. අරුන් විජේ ගෙ YAANAI සබ ඕන බන්..මේකටත් බොහෝම ස්තූති

  19. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  20. Sub akta thanks

  21. ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  22. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  23. මිනුල

    මේක බලලා සුමානයක් විතර වෙනෝ
    Yaanai-2022 ෆිලුමට කවුරුත් තාම sub දුන්නේ නැති නිසා ඒකට ප්‍රමුඛතාව දුන්න නම් ඉවරයි
    මොකද මේ ෆිලුම සයිට් එකේ අනිවාර්යයෙන් තියෙන්න ඕන ෆිලුමක් නෙවෙයිනේ
    Anyway මහන්සියට respect and thanks
    දිගටම sub දෙමු..ජය වේවා..

  24. Yaanai (2022) sub dendakooo tnx

  25. Bharatha Saman

    පලවෙනි Comment එක මගෙන්
    ගොඩක් ස්තුතියි ඕෂධ සහෝ
    සුභ පැතුම්!

error: Alert: Content is protected !!