අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Dhobi Ghat (2010) with Sinhala Subtitles | මුම්බායි දින සටහන් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.6/10. From 5 votes.
Please wait...

හින්දි දුන්නට කට්ටියගෙන් සැලකිය යුතු තරමේ කමෙන්ට්ස් ගාණක් වැටෙන්නේ නැහැ කියල දන්නව වුණත් මේක බැලුවට පස්සෙ මේකට සබ් දැම්මොත් හොඳයි කියල හිතුණ. සම්ප්‍රදායික රාමුවෙන් පිට පැනල හැදුණ මේ චිත්‍රපටයේ තිබුණු අමුතු ගතියම තමයි මාව ඒ සඳහා පෙළඹෙව්වේ.

Dhobi Ghat චිත්‍රපටය අමීර්ඛාන්ගේ සහ ඔහුගේ බිරිඳ කිරන් රාඕගේ නිෂ්පාදනයක්. මෙහි අධ්‍යක්ෂවරිය වගේම රචිකාවිය වන්නෙත් කිරන් රාඕම තමයි. IMDb Ratings වලත් 7.3/10 ක් වගේ ඉහළ අගයක් ලබා ගන්න මේ චිත්‍රපටය සමත්වෙලා තියෙනවා. ඒ වගේම අමීර් ඛාන් හැරුණහම මෙහි එන අනෙක් ප්‍රධාන චරිත සියල්ලටම නවක නළු නිළි පිරිසක් සම්බන්ධවීම ද මෙහි ඇති විශේෂත්වයක්.

චිත්‍රපටයේ කථාව නිර්මාණය වෙලා තියෙන්නේ ප්‍රධාන චරිත හතරක් කේන්ද්‍ර කරගෙනයි. මේ හතරදෙනාම ජීවත්වෙන්නේ මුම්බායිවල. එක් කෙනෙක් හුදෙකලාව ජීවත්වෙන සිත්තරෙක් (අරුන්). තව කෙනෙක් තමයි නළු හීනය කරගහගෙන පාරවල් ගානේ රෑට මීයෝ මරණ තරුණයා (මුන්නා). මීට අමතරව මිනිහ අනුන්ගේ රෙදි හෝදන වැඩෙත් කරනවා. අමෙරිකාවේ ඉඳන් ආපු ඡායාරූපකරණයට පෙම් බඳින කෙල්ලෙකුත් මේ අතර ඉන්නවා (ෂායි). මාස කීපයකට කලින් කසාද බැඳල මුම්බායිවලට ආපු තරුණිය තමයි අනිත් කෙනා (ජස්මින්). අරුන්, මුන්නා, ෂායි තුන්දෙනා වරින්වර එකිනෙකාව මුණ ගැහුණත් ජස්මින්ව නම් මුණ ගැහෙන්නේ මේ තුන්දෙනාගෙන් එක් කෙනෙකුට විතරයි. ඒකත් බොහොම අහම්බයක් කිව්වත් වැරදි නැහැ. ඒ එයාම දාල ගිය ලියුම් තුනක් හින්ද සිද්ධවෙන දෙයක්. ඇත්තටම මේ ලියුම් මොනවද ?, ඒවයේ මොනවද තියෙන්නේ ?, මීයෝ මරණ කොල්ල නළුවෙක් වෙයිද ? ආදී මේ හැම දෙයක්ම දැනගන්න ඔයාලත් චිත්‍රපටය බාගෙන බලන්න.

මේ ලිපිය අහවර කරන්න කලින් මුලින් කියපු චිත්‍රපටයේ අමුතු ගතිය ගැනත් යමක් කියන්න හිතුව.

චිත්‍රපටයේ එන සමහර රූපරාමු සහ දර්ශන පුරවන්න අධ්‍යක්ෂවරිය උපයෝගී කරගෙන තියෙන්නේ දෙබස් වෙනුවට සංගීතයයි. ඒක හුඟක් විරල අවස්ථාවක්. විශේෂයෙන්ම හින්දි චිත්‍රපටවල. ඒවගේම මෙහි එකදු හෝ සිංදුවක්වත් අන්තර්ගත වෙන්නේ නැහැ. හැබැයි ඒ අඩුව යන්නත් එක්ක අපූරු පසුබිම් සංගීතයක් තියෙනවා. මීට අමතරව භාවිත කැමරා කෝණ සහ සංස්කරණ රීතිය පවා සම්ප්‍රදායික වට්ටෝරු හින්දි සිනමාව අභිබවා ගිහින් තියෙනවා.

කොහොමවුණත් මං මේ හැම දෙයක්ම කිව්වේ බොරු වර්ණනාවක් ගෙන එන අදහසින් නෙවෙයි. සැකයක් තියේ නම් trailer එකක් බලලම බානව ද නැද්ද කියල තීරණය කරන්න. මීට අමතරව මේක දැනටමත් බලපු අයත් ඇතිනේ. ඒ අයත් මේ ගැන ඔයාලගේ අදහස් කියන්න. එහෙම නම් හැමෝටම වෙනස් අත්දැකීමක් එක්ක මුසු වෙන්න ඇරයුම් කරමින්ම මං සමුගන්නම්.
හැමටම ජය….

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය DVD පිටපත් සඳහා ලබා දි ඇත.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කේ.යූ.ජී.උදාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011/08/16

98 thoughts on “Dhobi Ghat (2010) with Sinhala Subtitles | මුම්බායි දින සටහන් [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • සිංහල උපසිරසට බොහොම ස්තුතියි

    Reply
  • mama nam dan thamay ganne … sthutiy sub dunnata

    Reply
  • මම මේක බලලා ගොඩක් කල් ඒත් මට හිතුණා මේකට සබ් දෙන්න.. බයිස්කෝප් පීරලා බලනකොට ඒකට සබ් දීලා… මේක සුපිරිම ගණයේ චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි… මෙවැනි කලාත්මක සිනමා කෘතියක් තවමත් බොලිවුඩ් පුරයේ නිමවෙලා නැතුව ඇති.. චිත්‍රපටියෙන් සමාජයට දෙන අරමුණ පැහැදිලි නොවුණත්…නරඹන පුද්ගලයාට අමුතුම හැගීමක් හිමිකර දෙනවා… අමීර් ඛාන් ගැන අමුතුවෙන් කීමට දෙයක් නොමැති නිසා.. මම මෙහි එන ඩෝබි චරිතය ගැන කතා කිරීමට කැමතියි… එයට පණ පොවන්නේ පිය උරුමයෙන් රංගනයට පැමිණි ප්‍රතීක් බබ්බර්.. ඔහුගේ පෙනුම මෙම චරිතයට හොඳටම ගැලපෙන අතර ඔහුගේ රංගනයද ඉතාමත් අගනේය… මාගේ සිත්ගත් චරිතය වුයේ ඔහුයි… තව මෙහි ජායාරූපකරණයේ යෙදෙන තැනැත්තිය ලෙස රඟපාන මොනිකා ඩොග්රාද විශිෂ්ටය…. කොටින්ම කිවහොත් මුළු චිත්‍රපටියද, සංගීතයද සියල්ලම සුවිශේෂිය… උපසිරසි නිර්මාණයේ යෙදුණු උදාර සොහොයුරාට මම බෙහෙවින් ස්තූතිවන්ත වෙන අතර මෙවනි නිර්මාණයන්ට තව තවත් උපසිරසි සෑදීමට අවකාශ ලැබේවා යැයි මම ප්‍රාර්ථනා කරමි…

    Reply
  • Maxxa. Sub walata thnx.

    Reply
  • niyamii machoo……………digatama karagana yannaa !!!!!

    Reply
  • great job keep it up bro .thankssssss

    Reply
  • ela thawa hoda fillm danna…..

    Reply
  • පිස්සු මේ බයිස්කෝප් එක නම්…තූතියි උදාර කොලුවො.පට්ට

    Reply
  • හින්දි වල එහෙම අවුලක් නෑ. මම නම් පෞද්ගලිකව වැඩිය කැමති හින්දි ඒවා ට.. එල එල..

    Reply
  • බොහොම ස්තුතියි

    Reply
  • 1 of unforgettable movie i have ever watched.. so so superb.. thank you very much .. please don’t stop giving subs. you guys r doing a great job.. all the best

    Reply
  • machoooo mekanam niyama film
    1kak sinhala sub walata thanks
    maka tikak amuthuma widiye film 1kak
    grate movie bez of u sinhala sub
    try to put sinhala sub this kind of movie

    Reply
  • ගොඩක් තැන්ක්ස් වෙන්න ඕනේ මේ කරන දේට.මේක එසේ මෙසේ දෙයක් නෙමේ කියලා අපි දන්නවා.ඉදිරියටත් මේක කරන්යන්න අයියලට මුළුහදින්ම සුබ පතනවා.

    Reply
  • ඔය තියෙන්නෙ එලටම..නියමයි ආ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
    ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]

    Reply
  • සිරාවට අලුත් වැඩක්.
    අලුත්ම මාතෘකාවක් මම බැලුවා.
    නිකන් මොලේ කචල් උනා බන්.
    පිස්සු වගේ බන්.
    එලට සබ් දාගෙන පලයන්
    අපෙන් උණුසුම් සුභ පැතුම් ..
    පුලුවන් නම් අලුත් ටැමිල් චිත්‍රපටයකට සබ් දාන්න බලන්න..

    ස්තුතියි

    Reply
  • niyama film 1 macho…comment wala nam aduwak wenna widihak na mokada amir khange wedakne… ela..ela..

    Reply
  • ane…. kauru hari udau karanna. me site eke thiyanawa mage laga thiyana samahara films wala sinhala subtitles. eth subtittle witharak download karanna a limk 1ta giyata baha.shrek forever after, guzaarish wage… pls… help me

    Reply
  • Ane api Nam Hindi Walata Tamai Godak Kamathi,,,

    Reply
  • film ekata saha visesayen sinhala sub walata thanx.

    Reply
  • සමහර විට හිංදි වලට කමෙන්ට් අඩුවෙන්නේ මිනිස්සු ඒව නොබලන නිසාම නෙවෙයි තමයි.හුගාක් වෙලාවට හින්දි බැලුවම අවසානෙ දැනෙන්නේ ඔක්කෝම එක වගේ අච්චුවක අදපු ඒවා වගෙයි.ඒත් ඒකෙන් අදහස් වෙන්නැහැ ඔක්කෝම එක වගෙයි කියල.හොද කතා අනන්තවත්. අනිත් එක තමයි එකම සෙට් එකක්නෙ හැමදාම දකින්නේ.මං හිතන්නේ ඒකත් පොඩි අවුලක් වෙන්නැති.කොහොම උනත් අපි උදාර සොයුරා දිරිමත් කළ යුතුමයි.එහෙම හැගීමක් තියෙද්දිත් මේ වැඩේට අත ගහපු එක ගැන.ඕං බාන්න දැම්මා.ඔබට ජය!!!

    Reply
  • api kamathiiiiiiiiiiiiiiiiiiiii

    Reply
  • Sthuthi saho.. mama hindi balanna kemathi kenek… balama balamu komada kiyala.. ela ethi…

    Reply
  • හින්දි බලන්න අඩු වැඩි වශයෙන් කවුරුත් කැමතියි. අපිනම් හින්දි බලන්නෙ නෑ, අහන්නෙ නෑ කියන කට්ටිය ලස්සන හින්දි සංගීතයක් ඇහෙද්දි නිකම්ම නැලවෙනව මම දැකල තියෙනව.
    ලංකාවෙ මිනිස්සු හින්දි ප්‍රිය කරන්නෙ අද ඊයෙ නෙමෙයි පනස් ගනන්වල ඉඳල. අපේ සිංහල චිත්‍රපට ගීත වලින් 75%ක් විතරම හින්දි තනු. ඒ වගෙම අද වනවිට ලෝකයේ වැඩිම චිත්‍රපට හදන රට ඉන්දියාව (අවුරුද්දකට 800ක් විතර). හොලිවුඩ් වලවත් එච්චර හදන්නෙ නෑ.
    ඒ වගේම හොලිවුඩ් වල යොදාගන්න නවීණ තාක්ෂණික ක්‍රම ඉතා බහුලව යොදාගන්න රටක් තමයි ඉන්දියාව. ලංකාවෙ සිනමාව තවම තියෙන්නෙ ඉන්දීය සිනමාවෙ අනූව දශකයෙ මුල නැත්නම් අසූව දශකයට සමාන්තරව.
    තව දෙයක් තමයි ඉන්දීය සිනමාවෙ තියෙන සංගීතවත් බව(සමහර අවස්ථාවල යතාර්ථය අභිබවා ගියත්), ඒක කවදාවත් අපිට හොලිවුඩ චිත්‍රපටියකින් ලැබෙන්නෙ නෑ. ඉන්දීය සිනමා ශිල්පීන් රාශියක් ඉන්නව මුළු ලොවම හඳුනන. නර්තනය ගැන හිතල බැලුවොත් ඉන්දීය ශිල්පීන් එක්ක හොලිවුඩ් ශිල්පීන්ට හැරෙන්නවත් බෑ.
    කොහොම උනත් මම කියන්නෙ කවුරුත් ඉන්දීය චිත්‍රපට වලට කැමතියි. සමහරු කැමති බව පෙන්නන්නෙ නෑ ඉන්දියාව ගැන යම්කිසි හීනමානයක් හිතේ තිබීම නිසා. ඒ නිසා කොම්‍ර්න්ට් අඩු උනා කියල හින්දි චිත්‍රපටි වලට උපසිරැසි දාන එක නවත්තන්න එපා.
    බොහෝම ස්තූතියි උපසිරැසි වලට. අමීර් ඛාන් ඉන්නව නම් නොබලම බෑ. “කේ.යූ.ජී. උදාර” , තව තවත් මෙවැනි කර්තව්‍යයන් කිරීමට ඔබට ශක්තිය ධෛර්ය්‍යය ලැබේවා.. ‍ජය වේවා..

    Reply
  • කෝ In time sub තාම නෑනේ… හෙන කාලෙක ඉදන් බලන් ඉනනේ…

    Reply
  • I am a great Ammir Khan fan and was waiting to see this movie..tnx for adding..

    Pls go ahead and add another best hit of his “Peepli Live” if you can..

    Thank you…

    Reply
  • ටික දවසකින් සයිට් එක පැත්තේ එන්නත් බැරිවුනා. මේ තියෙන්නේ සුපිරි film. බොහොම ස්තූතියි උදාර සහෝ…
    දැන්ම බාන්න දැම්මා. අනික කමෙන්ට්ස් දාන්න කවුරු නැතත් අපි ඉන්නවා. ජය වේවා!!! 🙂

    Reply
  • ප්‍රතිචාරයක් දක්වා දිරි දුන් සැමට යලිත් වරක් බොහොම ස්තූතියි….

    Reply
  • thanks sahooooooo……….

    Reply
  • සිරාවට පට්ට ෆිල්ම් එකක් , , හැමෝම බලපල්ලා, , , ,

    Reply
  • එළාස් කිව්වා කොල්ලෝ අමීර් ඛාන් ගේ නම් ඉතින් සිරා එකක් ෂුවර්.බෑවෙන්න දැම්මා. තැන්කූ කිව්වා

    Reply
  • thanks aaaaaaaaaaaaaaa

    Reply
  • අමීර් ඛාන් ඉන්නවා නම් ඉතින් සුපිරිම තමා….. මේ සිංහල සබ් එකත් එක්ක, සුපිරියටම බලන්න පුලුවන්…… 🙂 එළකිරි 😀

    Reply
  • ඉදිරියටත් මේවගේ හොඳ නිර්මාණවලට සබ් දෙන්න ධෛර්යය ලැබේවායි පතනවා!

    Reply
  • thnxxxxx machan math banawa. hoda hindi film ekak ayeth ikmanatama genna.

    Reply
  • Thanks ඒක මරූ

    Reply
  • niyamai ne thanks!!!!!!!!

    Reply
  • ela,ela keep it up,,,

    Reply
  • thanks machan……..

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……..

    Reply
  • balamu hodaida kiyala onna mamat demma dowunlode

    Reply
  • balamu hodaida kiyala onna mamat demma dowunlode

    Reply
  • මමත් 2011 අවුරුද්ද තුල බලපු හොඳම හින්දි චිත්‍රපටිය විධියට සලකන්නෙ මේක. සිංහල සබ් දිලම තියෙන නිසා තව කීපදෙනෙකුටවත් පෙන්නගන්න පුළුවන් වෙයි 😀 ඉතිං ස්තූති වේවා උදාර!

    Reply
  • බොහොම පින් ..මම කලින් බැලුව තේරුණා මදි….දැන් නම් හොදට බලන්න පුළුවන්

    Reply
  • hindi & tamil rocks…………

    Reply
  • Thanks Macho Sinhala Sub Thgiyana nisa hodai..

    Thanks Wewaa Kiyala onna Mamath Banawa

    Jaya Wewaaa

    Reply
  • නියමයි……. නියමයි……. හොද චිත්‍රපටියක් මේක ස්තුතියි සිංහල සබ් එකත් එක්ක දුන්න එක. තව තව සබ් දාන්න ශක්තිය දහිරය නිබදවම ලැබේවා….!!! ජය ශ්‍රී…..

    Reply
  • මම නම් හින්දී දැන් වැඩිය බලනේ නෑ.. කමක් නෑ උදාර,ගොඩක් thankz. ඒත් එක්කම රොයිලි අයියාට සිරි සුභ මoගලම්.. එල ඈ…..දැන් ඉතින් පව්ල් පන්සල් උනාම sub දෙන එක අමතක කරන්න එපා ඈ.. 🙂 😀

    Reply
  • sihala sub valata thankz

    Reply
  • Thanks aaa,,, Ela Kiri Film Eka,,

    Reply
  • ela ela machan mama meka apu davsama baluva… meka baladdi mata hithune meka nikan France ho Italy film ekak kiyala athatama Hindi kiyalanam danunema na … lasana movie ekak ela.

    Reply
  • අදහස් දක්වා දිරි දුන් හැමට ස්තූතියි.

    @ විකියා
    මං හිතාගෙන හිටියේ මේ චිත්‍රපටයෙන් පස්සෙ සිංහල සබ් දෙන වැඩේ කෙටි කාලයකට හරි නවත්තන්නයි. කොහොම වුණත් කමක් නැහැ මං උඹට මේල් එකක් දාන්නම්.

    Reply
  • බොහොම ස්තූතියි සහෝ!!!!!

    @උදා – මචන්, ඒක Crash කියලා එකක්ද???

    Reply
  • මමත් බාමි…එළකිරි කොල්ලෙක්නේ…thanks මචං movie එකට සහ sub එකට.

    Reply
  • Thz Udara saho… mamath meka balala tiyenawa.. patta film akak.. SUb Nisa aith balanawa…
    Jaya wewa…

    Reply
  • thanks ona mamath down wana danawa hindi unath hoda adahasak athi film akak

    Reply
  • අයියෝ……..
    සබ් එකට ස්තුති කරන්න බැරි වෙලානේ.
    ටැන්කූ සහෝ

    Reply
  • tnxsssssssssss

    Reply
  • උදාර සහෝ මට ඔයාගේ ඊ මේල් එක දෙනවද?>< උපසිරස නිර්මාණයකට ඔයාත් හවුල් කර ගන්න හිතුවා…

    [email protected]

    මේල් එකක් දාන්න…

    Reply
  • මම මේ ‍ෆිල්ම් එක බලල තියනව, මුලින්ම කියන්න ඕන මේක ආට් හව්ස් ‍ෆිල්ම් එකක්,මේක රිලීස් කලෙත් බොහොම අඩු පිටපත් ගනනක්,ඒත් ‍ෆිල්ම් එක පාඩු උනේ නම් නෑ, මම හිතන්නෙ ඒ ආමීර් ඛාන් ඉන්න හින්ද වෙන්න ඇති, මේක අමුතුම ‍ෆිල්ම් එකක්,මෙකෙ මතු පිට තේරුමට වඩා තවත් තේරුමක් තියනව,
    උදාහරනයක් විදියට ගත්තොත් මම දැක්ක ලිපියේ තියනව මීයො මරන තරුනයෙක් ගැන, ඇත්තටම කිව්වොත් ඔහු ඩෝබි කෙනෙක්(රෙදි සෝදන්නෙක්) ‍ෆිල්ම් එක මුලදි පෙන්නන්නෙ රෑට ඔහු ගිහිල්ල පරෙ අයිනෙ තියන මොනවටද ගහනව විතරයි. නමුත් ‍ෆිල්ම් එක අනිතිම හරියෙදි තමයි පෙන්නන්නෙ ඔහු රෑට මීයො මරනව කියල. ඒ මොකද කියනව නම් ඒක ඔහුගෙ රස්සාවට බලපාන නිසා,මොකද මීයො ඉඳල රෙදි කන නිසා,අපට ඔහු ‍ෆිල්ම් එක පුරාම අහිංසකයෙකු විදිහට පෙනුනත් ඔහුත් අපි හිතන පුද්ගලයම නෙමෙයි,ඒ වගේ මිනිස්සුන්ගෙ සියුම් රටවන් පිලිබඳ කියෙවෙන සරල ඒත් සංකීර්ණ ‍ෆිල්ම් එකක්, මේ වගේ ‍ෆිල්ම් බොලිවුඩ් වල කොහොමටවත් හැදෙන්නෙ නැති උනත් ආමීර් ඛාන් ඒ අභියෝගයත් බාර අරගෙන ඒක ජය අරගෙන තියනව තියනව, මොකද ලොකු කමර්ෂල් ‍ෆිල්ම් flop වෙනකොට මේ ‍ෆිල්ම් එක පොඩි රිලීස් එකකින් උනත් සාර්තකත්වයක් ලබාගෙන තියන නිසා, අන්තිමට කියන්න ඕන ඔයගොල්ලන්ට මෙහි නියම තේරුම ගන්න නම් කිහිපසැරයක් බලන්න වෙයි,

    Reply
  • 😉
    තැන්ක්ස්………
    ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා…..
    තවත් ඉදිරියට උපසිරස කරන්න හැකියාව ලැබේවා..!!

    Reply
  • මම දන්න තරමින් මේකට English ‍ෆිල්ම් එකක ආභාෂයක් තියෙනවා.(මම කීවේ කතා තේමාව ගැන හොඳේ… ‍ෆිල්ම් එක ගැනම නෙමේ) මේ වගේම English ‍ෆිල්ම් එකක් ගැන(කිහිප දෙනෙකුගේ ජීවිත වටා ගෙතීගෙන යන කතාවක් ගැන) මම මූවී ලිස්ට් එකක කියෙව්වා, හැබැයි චරිතනම් වෙනස්. මම මේ ලිපිය දු‍ටු වෙලාවේ ඉඳලා තැත් කළා ඒකේ නම හොයාගන්න, මොකද ඒක මා ගාව නෑ. ඉතිං ඒකත් හොයාගන්න මට හිතුණා මේක දැක්කම ඒකයි ඒ.

    නමුත් මට නම මතක නෑනේ. හොයලා හොයලා හම්බුණේ නැති තැන, කොමෙන්ට් එකක් දාලා පස්සේ හොයනවා කියලා හිතුවා. හම්බුණොත් ඒ ගැනත් කියන්නම්….
    කවුරුහරි දන්නවානම් පොඩ්ඩක් ඒ ගැන සඳනක් කරන්න.

    Reply
  • බොහොම ස්තුතියි,310mb එක ගොඩක් වටිනව.

    Reply
  • අනිවාර්යයෙන්, විකියා කියපු කථාව හරි. අමීර් ඛාන් ඉන්නවනම් ගොඩක් අය බලනවා! ඉදිරියටත් මේවගේ හොඳ නිර්මාණවලට සබ් දෙන්න ධෛර්යය ලැබේවායි පතනවා! ජය!

    Reply
  • මේක සුපිරි නිර්මාණයක්… අමීර් ඛාන් ඉන්නවා කියන්නේ ඉතින් ආයෙත් අහන්න දෙයක් නෑ..මචෝ කමෙන්ට් අඩු වෙන්නේ නෑ..කවුරු නොදැම්මත් අපි දානවනේ.. 🙂

    ජයෙන් ජය~!

    Reply
  • තැන්ක්යු මචෝ……………..

    Reply
  • මේ චිත්‍රපටිය ගැන ජනවාරි පෙරඹර සඟරාවේ හොඳ ලිපියක් තිබ්බා. ඒක බැලුවම මට මේක හොයාගෙන බලන්න උවමනාව තිබ්බා. ස්තූතියි මේක සිංහල සබ් එක්කම දුන්න එකට

    Reply
  • එල……………!

    Reply
  • Film aka hoda athi… balanda asa hithuna thanks.. sub dunnata elakiri wadak… download karanda damma on….

    Reply
  • hindi nam banne ne. namuth film ekata thanks.

    Reply
  • පට්ටයි සහෝ..මේක ගිය අවුරුද්දේ රිලීස් වුන හින්දි ෆිල්ම්ස් වලින් පට්ටම ෆිල්ම් එකක්.ඒත් මේකේ හොඳ කොපි එකක් එන්න සෑහෙන කාලයක් ගියා.මම මේක බැලුවත් සිංහල සබ් එක්ක ආයෙම බලනවා.ගොඩක් ස්තූතියි සහෝ..
    ජයවේවා….

    Reply
  • ela kiri machan,,,mamat beva,,,tnxxxxxxxxx

    Reply
  • අඩෙ අප්පා මම එකනේ 😀 😉

    Reply
  • awwwwww udenma mama..thankx kolla sub walatayi movie ekatayi..jaya wewaaa kiyala 1st cmmnt1 onnnaa 🙂

    Reply
  • ස්තුතියි උදාර සහෝ

    Reply

Leave a Reply to sisitha Cancel reply

Your email address will not be published. Required fields are marked *