Tuesday , January 18 2022
Breaking News

Dil Deke Dekho (1959) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

Rating: 7.8/10. From 5 votes.
Please wait...

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “අසූ හත්වෙනි උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙය 1959 වර්ෂයේ දී තිරගතවූ සිනමාපටයකි. මෙය ශම්මි කපූර් සමඟ රඟපාන ආශා පාරේක්ගේ ආරම්භක සිනමාපටයක් විය. මෙහි කතා සාරාංශය අනුව යහපත් ජීවිතයක් ගත කරන රානා රගුවීර් සහ යමුණා දේවි යුවලට රූප් නම් පුතෙක් සිටියි. මේ අතර ඔවුන්ගේ සේවකයෙක් වන හරිචාන්ද්ගේ බිරිඳ හදිසියේ මියයන නිසා ඔහුගේ පුතා වන කයිලාෂ්ව හදා වඩා ගැනීමට යමුණා දේවි යුවල භාර ගනී. නමුත් වංචනිකයෙක් වන හරිචාන්ද් නාගීනා නම් කාන්තාවක් සමඟ සම්බන්ධයක් ඇති කර ගනී. ඇයටත් මීට පෙර විවාහයකින් චන්ද්‍රා නම් පුතෙක් සිටියි. පසුව හරිචාන්ද් විසින් බොරුවක් ගොතා යමුණා දේවියගේ පවුල භේද කරවයි. එහිදී රානා රගුවීර්, රූප් පුතා සමඟ නිවස හැර ගොස් දුෂ්කර ජීවිතයක් ගත කරද්දී අනතුරකින් ඔහු අන්ධභාවයට පත්වේ. පසු කාලීනව යමුණා දේවි ළඟ සිටින හරිචාන්ද්ගේ පුතා වන කයිලාෂ්ට, ධනවත් ව්‍යාපාරිකයෙක් වන ජගත් නාරායන්ගේ එකම දියණිය වන නීතාව යෝජනා වේ. මේ අතර යමුණා දේවිගේ පුතා වන රූප්, රාජා ලෙස නම වෙනස් කරගෙන සමාජ ශාලාවක ගායකයෙක් ලෙස රැකියාව කරයි. ඒ තුළදී හමුවන නීතා සමඟ රාජාගේ ආදර සම්බන්ධතාවයක් ඇතිවේ. මෙලෙස ගලාගෙන යන කතාව තුළ පසුව නොයෙක් ගැටළු ඇතිවේ. ඒවා නරඹන්නට ඔබට ආරාධනා කරමි. මෙහි ජනප්‍රිය ගීත කීපයක්ම ඇත.

මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති සිනමාපට වන්නේ “දෝස්ති, ආයි මිලන් කී බේලා, ඇන් ඊවිනින් ඉන් පැරිස්, බූට් පොලිෂ්, සංගම්, සාති, මෙරා නාම් ජෝකර්, අනාරි, දේව්දාස්, ආහ්, දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, ශ්‍රී 420, ද බයිසිකල් තීෆ්, ද ක්‍රසන්ඩා ක්‍රොසින්, හම් හින්දුස්ථානි, හම්රාස්, සුරාජ්, ගීත්, අප්නා දේශ්, අර්සු, කැරවෑන්, අල්බේලා, ජන්ග්ලී, චෝරි චෝරි, අන්දාස්, ආන්, ජිස් දේශ් මෙන් ගංගා බේති හේ, තෙරේ ගර් කී සාම්නේ, ගෝරා ඕර් කාලා, සෝල්වා සාල්, මිලැප්, බ්‍රහ්මචාරී, කාෂ්මීර් කී කාලි, දුලාරි, ප්යාර් කා මෝසම්, ටී ශ්‍රී මන්සිල්, අසාද්, තුම්සෙ අච්චා කෝන් හේ, බොබී, ගවාර්, ගුම්රාහ්, ආනන්ද්, දොන්, කාලියා, ද ග්‍රේට් ගැම්බ්ලර්, ෂාහෙන්ශා, අමර් අක්බාර් ඇන්ටනි, දූල් කා පූල්, වික්ටෝරියා 203, ද ට්‍රේන්, ජුග් ගයා ආස්මාන්, ද හවුස්මේඩ්, පදෝසන්, ගෝල් මාල්, ගුඩ්ඩි, නාමක් හලාල්, ශර්මිලී, හේරා පෙහෙරි, හම් දුනෝ, ද හෝල්, ආන් මිලෝ සජ්නා, ජබ් ජබ් ෆූල් කිලේ, මධුමතී. ආවාරා, සීතා අවුර් ගීතා, තක්දීර්, දිවානා, දුල් කා ෆූල්, බවර්චී, තුම්සා නහින් දේකා, ශාග්‍රිඩ්, ජාන්වාර්, අන්ජානා, සට්ටේ පී සට්ටා, රාම් අවුර්ශ්‍යාම්, චුප්කේ චුප්කේ, ශිකාර්, චල්ටිකා නාම් ගඩ්ඩි, වක්ත්, නීල් කමාල්, චෝට්ටිසි මුලාකාත්, චෞඩ්වින් කා චාන්ද්, දීදාර්, අභිනෙට්ට්‍රී, බහාර්”. ඉහත නාමාවලිය මා දිගටම ඉදීරිපත් කරන්නේ මෙවැනි පැරණි සිනමාපට ඩවුන්ලෝඩ් කරන්නේ එවන් රුචිකත්වයක් සහිත ඉතා සීමිත පිරිසක් නිසා, ඒ අයගේ පහසුව පිණිසයි. මාගේ පුද්ගලික රුචිකත්වයත් මෙම කාලයේ මෙවැනි සිනමාපට වන අතර, එකළ ජනප්‍රිය මෙම පැරණි සිනමා සිනමාපට ගොනුව හැකි තරමින් සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.

අන්තර්ජාලයේ Classic Indian Cinema | Dil Deke Dekho (1959) HD Movie | Shammi Kapoor | Asha Parekh |Bollywood යනුවෙන් යූ ටියුබ් හි සඳහන්ව ඇති පැය දෙකයි, මිනිත්තු පනස් දෙකයි, තත්පර හතළිස් දෙකක ධාවන කාලයක් සහිත වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960, සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම තමයි නිතර මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ඒ වගේම එවන් ඉල්ලීම් කරන අයට දන්වා සිටීමට කැමතියි, ලංකාව තුළ වෙනත් අය විසින් ද මෙතෙක් සිංහල උපසිරසි කරනා ලද සියලු පැරණි හින්දි සිනමාපට මා සතුව ඇති බවත් එසේ වෙනත් කෙනෙක් විසින් උපසිරසි කරනා ලද එකක් ඔබ යෝජනා කළහොත් නැවත උපසිරසි නොකරන බවයි. එසේම වර්ෂ 1950 සිට 1975 දක්වා බොහෝ ඒවා මා සතුව තිබෙනවා. ඒවා ලබා ගැනීමට අවශ්‍ය නම් මට පහත අදහස් දක්වන්න. ස්තූතියි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

ගැළපෙන පිටපත යූටියුබ් සහ බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Hotel Transylvania: Transformania (2022) Sinhala Subtitles | රාස්ස සාදේ 4: යකා මිනිහ වෙලා මිනිහ යකා උනේ ඇයි? [සිංහල උපසිරැසි]

ආයුබෝවන් හැමෝටම. එහෙනම් ගිය අවුරුද්දේ අන්තිම කිව්වා වගේම ඔන්න මං මේ අවුරුද්දේ ඔයාලට චිත්‍රපට කිහිපයකට …

Leave a Reply

Your email address will not be published.

8 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි සිංහල උපසිරැසියට..ජයවේවා ..!

  3. සබ් එකට බොහොම ස්තූතියි….!

  4. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  5. Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  6. පැරණි හින්දි රසිකයන් වෙනුවෙන් කරනා මේ අගනා මෙහෙයට ස්තුතියි….

  7. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි. ජයවේවා!

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

error: Alert: Content is protected !!