Wednesday , September 23 2020
Breaking News

Dirty Deeds (2005) | නරක වැඩ දහය.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Dirty Deeds

කොහොමද කට්ටියට? හිතනවා හොඳින් කියලා..මගේ පළවෙනි සබ් එකට ලැබුණු comments දැක්කම ගොඩක් සතුටු හිතුණා..ඒ නිසාම පුළුවන් විදියෙන් දෙවනි සබ් එකත් ගේන්න හිතුවා..මේ සැරේ ගෙනාවෙත් ගිය සැරේ දුන්නා වගේ comdey ෆිල්ම් එකක්..මොකද කවුරුත් හිනාවෙලා ඉන්න ආසයිනේ..මේ සැරේ මට ලැබුණු සබ් ෆයිල් එක එච්චර හොඳ එකක් නම් නෙමෙයි.ඒකෙ ගොඩක් අඩුපාඩු තිබුණා. මට ඕන වුණේ සබ් එක හුදෙක් පරිවර්තනයක් විතරක් කරන්න නෙමෙයි. කාටත් කතාව තේරෙන විදියට සබ් එක දෙන්න..වැරදි වැරදි මගේ පුළුවන් උපරිමය මම කරා .අඩුපාඩු තියේනම් සමාවෙන්න කියලත් කියනවා..

මේ කතාව ගෙතිලා තියන්නෙත් උසස් පාසලක් වටේ..ඒත් මේ උසස් පාසලේ ළමයි අතරෙ වෙනත් පාසල් වල දකින්න නැති වෙනස්ම වැඩක් තියනවා..ඒක එයාලගෙ ඉස්කොලෙ ආදි ශිෂ්‍යයයන්ගෙ ඉඳලා පැවතගෙන එන වැඩක්..මෙයාලගෙ ඉස්කොලෙ අවසාන අවුරුද්දෙ නිවෙස් බලා යාමේ උත්සවයක් පැවැත්වෙනවා. ඒ උත්සවේට කලින් දවසෙ රෑ කට්ටිය ඒක සමරන්නෙ වැරදි වැඩ 10ක ලිස්ට් එකක් එක්ක. ඒ කිව්වෙ එයාලම හදාගත්තු වැරදි වැඩ ලිස්ට් එකකට අනුව කවුරුහරි එක්කෙනෙක් ඒ වැරදි වැඩ ඔක්කොම කරනවා…පස්සෙ එයා තමයි වැඩකාරයා වෙන්නෙ..මේ කතාවෙ හැටියට වැඩ දහය කරන්නෙ සැක් කියලා කොල්ලෙක්. එයා මේ වැඩ දහය කරන්නෙ කැමැත්තෙන් නම් නෙමෙයි.. එයා මේ වැඩ දහය කරන්න පැටලෙන්නෙ කොහොමද? මොනවද කරන වැරදි වැඩ කියලා ඔයාලට ෆිල්ම් එකෙන්ම බලන්න පුළුවන්..

ෆිල්ම් එකේ IMDb අගය 5.9 ක අගයක් අරගෙන තියනවා. Milo Ventimiglia, Lacey Chabert, Charles Durning කියන නළු නිළියන් ප්‍රධාන චරිත රංගනයෙන් දායක වෙනවා.. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියන්නෙ David Kendall කියන අධ්‍යක්ෂකවරයා.. චිත්‍රපටිය නිකුත් වෙලා තියන්නෙ නම් 2005 අගෝස්තු 17 වෙනිදා..

ෆිල්ම් එක බලලා හිනාවෙන්න නම් පුළුවන්.තව දෙයක් කියන්න ඕනෙ,ෆිල්ම් එක වයස 18ට වැඩි අයට වඩාත්ම සුදුසුයි..කවුරුත් එහෙනම් බාගෙන බලන්න..තවත් හොඳ ෆිල්ම් එකක් අරගෙන එන්නම්.. අඩුපාඩුවක් තිබුණොත් ඇවිත් comment එකකින් කියලා යන්න.ඒක ගොඩාක් අගය කරනවා. ආයෙත් මුණගැහෙනකන් කාටත් ජය වේවා! කියලා කියනවා..

Dirty Deeds (2005) on IMDb

 

 

697 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

07930666a33fd1774c91f979b7996ac3b3d8fc52
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු සිත්මිණ සරණසිංහ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The Devil All the Time (2020) Sinhala Subtitles | පරතෙරක් නොමැති අන්ධ භක්තිය [සිංහල උපසිරසි සමඟ]

THE DEVIL ALL THE TIME කියන්නෙ නෙට්ෆ්ලික්ස්ලාගෙ අලුත්ම සිනමා සිත්තම. ඉතින් Tom Holland, Robert Pattinson …

Leave a Reply

Your email address will not be published.

34 comments

  1. Thanks bro

  2. මේකෙ 01Film එකට සබ් දෙන්න පුලුවන්ද? Dirty Deeds 2002 Sinhala Subtitles oni.

  3. thanks machan

  4. good work bro…

  5. thanx yalu

  6. Thanx brother for sub.

  7. සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  8. SUPURRRRRRRRRB

  9. thankz machan sub ekata…………

  10. ඔන්න ගත්ත සහෝ… ජයවේවා……. නියමයි අහ…..

  11. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

  12. බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  13. niyamai film eka and sub eka. api gana hitala me wage sub denawata oyata godak stuti. issarahatat me wage sub danna puluwan wenna kiyala mama prarthana karanawa………..

  14. බොහොම ස්තුතියි සහෝ
    සබ හරියට නැතිඋනහම එපාවෙනවා නෙවෙන්නම්
    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    විහිලුවට බර එව්වා වගේ ගෙන්න අදහස් කොරන් ඉන්නේ
    මරු මරු
    දිගටම මෙව්වම අරන් එන්ට 😉

  15. නියම වැඩක්.
    ජයෙන් ජය

  16. පට්ට පට්ට.
    සෙකන්ඩ් එකට සුබ පැතුම්…!

  17. Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

  18. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි සහෝ,ජයවේවා.

  19. එල කොල්ලෙක් එල එල

  20. නලින්

    ස්තුතියි කවිදු සහෝ!

    ජය වේවා!

  21. එහෙනම් තවත් කොමඩියක් ගෙනවා නේ.
    හොදයි, හොදයි සහෝ.
    උපසි‍රැසියට බොහොම ස්තූතියි.
    ඊලග උපසි‍රැසියෙන් හමුවෙමු. ජය වේවා…!

  22. Ela… Thanx sub 1ta

  23. උපසිරැසියට තුති……….

  24. Thanks,
    එළකිරි ජයවේවා!

  25. Udara Rajapakse(shan)

    eleZz

  26. “චූටී මල්ලි”

    හොද හොදා සහෝ
    සබට තුති
    ඔබට ජය…..

  27. නියමයි සහෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    තව එකක් ඉක්මනටම දෙන්න.


  28. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  29. elazzzzzz.subata thanks KAVIDU saho.Good work.digatama sub demu.jaya wewa…..

error: Alert: Content is protected !!