You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , January 29 2020
Breaking News
Home / 18+ / Disconnect (I) (2012) | අන්තර්ජාලය තුල ඔබත් විකිණෙනවා ද? [සිංහල උපසිරැසි සමඟ]

Disconnect (I) (2012) | අන්තර්ජාලය තුල ඔබත් විකිණෙනවා ද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

the disconnectඔබත් අන්තර්ජාල තුල සැරිසරනවා ද? සමාජ වෙබ් අඩවි වල ගිණුම පවත් වාගෙන යනවා ද? ඔබගේත් පුද්ගලිකත්වය අමු අමුවේ ලෝකය ඉදිරියේ නැතිවී යනවා ද? සුරක්ෂිත වෙන්න… මේ සිනමා පටන් ඔවදනක් ලබාගන්න…. අනිවාර්යෙන්ම නරබන්න…

කතාවට කලින් කියන්න දෙයක් තියෙනවා. ගිය සතියේ අඟහරුවාදා මම මගේ පලවෙනි සබ් එක බයිස්කෝප් අඩවියට බාර දුන්න. ඕගොල්ල හැමෝම ඒක ගොඩක් හොඳින් පිළිගත්තා කියල මට තේරුනේ බාගත් ප්ර මාණය දැක්කම. ඇත්තම කිව්වොත් මම පුදුම වුනා. පුදුම සතුටක්. කොච්චර සතුටුද කිව්වොත් මට කමෙන්ට් එකක් දාපු හැම කෙනෙක්ටම මම පිළිතුරු සැපයුවා. ඔන්න ඉතින් මේ පාර මම දෙන්න යන කතාව අපි හැමෝටම ගොඩක් වටිනා ආදර්ශමත් කතාවක්. මට මේ ෆිල්ම් එක ගැන කිව්වෙත් අපේ සමීර සහෝ. අපි හැමෝම අන්තර්ජාලේ එහා මෙහා සැරිසරන අයනේ? මේ කතාව බලන් යද්දී තේරෙනවා අපි නොදැනුවත්ව අපේ කොච්චර පුද්ගලික දේවල් අන්තර්ජාලයේ සැරිසරනවද කියල. අන්තර්ජාලය කියන්නේ කොච්චර භයානක මර උගුලක්ද කියල දැනගන්න නං මේ ෆිල්ම් එක බලන්නම ඕනේ.

මේ කතාව අමුතු එකක්. අපි පුරුදු වෙලා ඉන්නේ ෆිල්ම් එකක් පුරාවට එක කතාවක් බලන්නනේ? එත් මේකේ තියෙන්නේ කතා තුනක්. චරිත බොහොමයක්. අන්තර්ජාලයෙන් සිද්ද වෙන අතුරු විපාක හිතෙට දැනෙන විදියට මේ ෆිල්ම් එකේ දක්වල තියෙනවා. එක කතාවක යන්නේ අන්තර්ජාලයේ තමන්ගේ ශරීරය විකුණන තරුණ කොල්ලෙක් ගැන. කොල්ලෙක්? ඕගොල්ල හිතාවි මම ලිපියේ වැරදිලා කෙල්ලෙක් වෙනුවට කොල්ලෙක් කියල යෙදුව කියල. නැහැ. කොල්ලෙක් ගැන තමයි. අනිත් එකේ තියෙන්නේ තමන්ගේ සන්තකේම අන්තර්ජාල හොරෙක් සන්තක වෙච්ච පවුලක් ගැන. අනිත් එකේ තියෙන්නේ අහිංසක කොල්ලෙක්ව රවට්ටලා පොඩි සන්තෝෂයක් ගන්න කොල්ලෝ දෙන්නෙක් ගැන. කතා තුනක් තමයි. හැබැයි අන්තිමේදී වෙන්නේ මොකක්ද කියල ඔයාලම බලන්නකෝ.

මේ ෆිල්ම් එක 2012 සැප්තැම්බර් මාසයේ වෙනිසියේ පැවැත්වූ අන්තර්ජාතික සිනමා උළෙලේදී එළිදක්වපු එකක්. හෙන්රි ඇලෙක්ස් රුබින්ගේ අධ්යික්ෂණයෙන් නිර්මාණය වෙලා තියෙන මේ කතාවට 7.5ක IMDB අගයක් ලැබිල තියෙනවා. මිනිත්තු 115ක් පුරා දිවෙන මේ කතාව අනිවාර්යෙන්ම ඕගොල්ලන්ගේ ජීවිතය වටිනා යමක් එකතු කරාවි. අන්තර්ජාලය කියන්නේ ලෝක මාධ්යවක් කියල කියනවනේ. ඒ නිසා මේ බොහොමයක් අපේ රටටත් ගැලපෙනවා. මේ කතාව බැලුවට පස්සේ තමන් අන්තර්ජාලයේ සුරක්ෂිතද කියල ඕගොල්ල නැවත වතාවක් හැරිලා බලන එක නං මට 200% විශ්වාසයි.

ගිය සතියේ මම මගේ කුලුදුල් සබ් එක දාපු වෙලාවේ බයිස්කෝප් අඩවියේ ඔයාල හැමෝම මට කිව්වේ ළඟදීම තවත් හොඳ එකක් දෙන්න කියල. ඉතින් ඔන්න මම ඔයාලට ගේනවා සුපිරිම එකක්. වෙනද වගේම හොඳ ෆිල්ම් වලින්, සබ් වලින් පිරි සුපිරි අනාගතයක් වේවා. තවත් සබ් එකකින් නැවත හමුවෙමු. ජය වේවා!

Disconnect (2012) on IMDb

 

 

E3D7069C82D635662B12EBA5AD6F2ED1647F7698
F6F84C80AE7F898D6D34BD9C3CAAEE2C77953DD6
09D6276EF2EF4FEBFE7C45C544B74C19B732C430
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිතිර චිරත් හපුආරච්චි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

63 comments

  1. thnks,jayenjaya & elapinbrowwwwwwwwwwww!

  2. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  3. Shammi Prashan Sanjeewa Perera

    දැන් කාලෙ අපි කාටවත් දවසකට එක පාරක්වත් සමාජ ජාල අඩවියක ඉන්නා වූ බොරු / ඇත්ත මිතුරු මිතුරියන් මුණ නො ගැසී ඉන්න අමාරු බව ඉතින් ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ… ඒත් අපෙන් කීයෙන් කී දෙනා ද එ කී සමාජ ජාල වෙබ් අඩවිවල 100% ක් ම ඇත්ත මිතුරු මිතුරියන් ආශ්‍රය කරන්නෙ, 100% ආරක්ෂිත ව සැරිසරන්නෙ.. බොරු කියන්න ඕනෙ නෑ මමත් කීප සැරයක් ම බොරු (Fake) accounts වලට අහුවෙලා තියනවා…. ඒ විතර ද මෙතන සාරාංශ කරල කියන්න බැරි තරම් අපරාධ, වංචා කී දාහක් නම් දැන් www එක තුළ තියනව ද… වෙලාවකට අපි ම දන්නෙ නෑ අපිට www එකේ දි මොනවා වෙනවද කියලා…. ඉතින් මේ විදියට මේ අන්තර්ජාලය “අන්තර්ජංජාලයක්” බවට පත් වෙමින් ඇති මොහොතක එහි අවදානම් සහිත බව අපිටත් මතු පරපුරටත් හොඳින් කියල දෙන බයිස්කෝප් එකක් විදියට අද කාලෙට හොඳින් ම ගැලපෙන මේක කාලෝචිත ව අපිට ලබා දුන්න “බයිස්කෝප්lk” ටීම් එකට බොහෝ ම ස්තූතියි… ඒ වගේ ම ඒක එක්තරා විදියකින් පිනක්….!!!! අද කාලයේ බොහෝ වටිනා වෙබ් අඩවියක් බවට දැනටමත් පත් වී ඇති ඔයාල ගේ ටීම් එකේ මේ ප්‍රයත්නය තවත් ඉදිරියට අති සාර්තක ව මේ වගේ වටිනා දේවල් ලබාදෙන්න හැකියාව ලැබේවා… !!!! සිරාවටම කියනවනම් බයිස්කෝප්lk ටීම් එක නිසා තමයි මේ ෆිල්ම් එක මම බලන්නෙත්…නැත්නම් මේ ගැන දන්නෙවත් නෑ….මගේ browser history එක බැලුවොත් සිරාවට ම දවසකට අඩු ගානෙ දහ පාරක්වත් https://www.baiscopelk.com එකට මම ඇවිත් තියනවා… දැන් නිකන් පුරුද්දෙන් වගේ එවෙනවා… ඒ තරම් මට මේක අල්ලලා ගියා… !!!!!!! ජයෙන් ජය…..!!!!

  4. නැරබිය යුතු ම චිත්‍රපටක් ලෙස සදහන් කල හැකිය

  5. අසින්ත

    ඇත්තටම මෙහෙම දේවල් වෙනවා ඒත් ගොඩාක් අය දන්නේ නෑ. පට්ට

  6. එල ෆිල්ම් එකක්.. හොදට සබ් කරලා තියෙනවා.. (Y)

  7. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  8. Thanks !!!!!!!!!!!!!!!!

  9. බොහොම ස්තුතියි සිතිර සහෝ…

  10. Supiri machan…. Thanks
    Punchi illimak Puluwan nam “The Count of Monte Cristo (2002)” ekata sub dennako.. godak pin

  11. බොහොම ස්තූතියි සිතිර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. thnk u saho… apitath ona me wage wena wena warga wala movies tamai.. thnks…

  13. mudiya / මුදියා

    මාරයිනෙ සිතිර.වෙනස්ම කතාවක් වගේ.බලන්න ඕනි වෙලාවක් ලැබුන හැටියෙම.ජයවේවා.බොහෝ……………………………………………………………..ම ස්තූතියි…!

  14. #ChalinduDeshan (කිනා)


    අප්පේ එහොම කතා නොබල පුලුවන්යැ.
    ස්තූතියි.
    ජය!

  15. ගොඩක් ස්තුතියි

  16. අඩෝ මැක්සා කතාව බන්
    මම ඊයේ තමා බැලුවේ
    ගොඩාක් දේවල් මේකෙන් ඉගෙන ගන්න පුලුවන්
    සබ් එකත් මරු… සමහර වචන වල තේරුමත් දාලා තිබුනට තැන්කූ
    ඇයි Disconnect (1) කියන්නේ… මෙකේ 2 කුත් තියෙනවද?
    එහෙනම් ඒකත් දාපන්කෝ….
    එල එල ජය වේවා…

  17. fatta…mamath gaththa…thanks..wenasma widiye ekak…

  18. කාලෝචිත කතාවක් කියල විශ්වාස කරනවා. ෆිල්ම් එක බලල අනෙක් විස්තර කියන්නම්කෝ. වැඩේ නම් ගින්දර..

  19. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සිරා කතාව මචන්….
    මේක පට්ටම පට්ට මාර හැගුම්බර ෆිල්ම් එකක්..
    මම fb එකෙත් නිකමට වගේ දැම්මා කවුරුත් බලන්න ඕනේ ෆිල්ම් එකක් කියලා..
    කාලෙකින් බලපු හොදමම එකක්..
    සොරි වෙන්න ඕනේ මේක කලින්ම බැලුවට..ඒත් දුක් වෙන්න එපා
    ඔයාගේ සබ් එක එක්ක ආයේ බලනවා…
    ඔයාගේ කලින් ෆිල්ම් එකත් ගත්තා..
    ඒත් බලන්න උනේ නැහැ…
    මේක ආයේ සැරයක් බලලම ඒක බලනවා..
    \තැන්ක්ස් මචෝ..

  20. thanx machan… onna math sownload kara

  21. එල එල මචෝ ඔහොම යන්……….

  22. hoda film ekakak wage download karagena balanda oni. thankz yaluwa subtitles walata

  23. mekanam patta film ekkak.mage aiya teacher kenek.eyata danaganda one me film eke school eke parents lata pennanda puluwanda kiyala.eheme pennanda kagenwath awasara ganda oneda.megana mata wisthara tikak kiwwoth godak pin.

    • චිත්‍රපටයේ අවසර ගැනීම ගැන නම් දන්නේ නැහැ. සබ් එක ගැන අපේ [email protected] විද්‍යුත් ලිපිනයට මැසේජ් එකක් දාලා අහන්න. නමුත් දෙමව්පියනට පෙන්වන්න හැකි නම් ඔයා කියන හැටියට හුගක් වටින දෙයක්. මේකේ තියනවා සමාජ වෙබ් අඩවියක ගොදුරක් වෙන තරුණ ගටයෙකුගේ කතාවක් වගේම පවුලේ ප්‍රශ්න කතා කරන්න ගිහින් අන්තර්ජාලයේ සියල්ල නැති කරගන්න පවුලක් ගැන ඒ වගේ දේවල් මිනිස්සු දකිනවා නම් ගොඩක් වෙන්න තියන නරක දේවල් වලින් අපිට ගැලවෙන්න පුළුවන්.

    • පෙන්වන්න සහෝ ඒක ගොඩක් හොද දෙයක්, ගොඩක් අම්මල තාත්තල දන්නෙ නෑ ඇත්තටම මේ දේවල් ගැන. එයාලට මේක පෙන්වන එකනම් කියල නිම කරන්න බැරි වැඩක්
      සමීර සහෝ කියල තියන විද්‍යුත් තැපෑලට පණිවිඩයක් දෙන්නකො
      මම හිතන්නෙ නෑ භාධාවක් වෙයි කියල කිසිම
      මොකද හොද වැඩක් කරනවනම් ඒකට අපේ සහෝලා උපරිම සහයෝගය ලබාදෙනවා

  24. හ්ම් බලන්න ඕනේ,ඔන්න එහෙනම් ගන්නවාම්සබ් වලට thanks සහෝ

  25. thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

  26. නලින්

    අපි නොදෙන අපිව විකුණන පුදුම ලොවක් මේක..!!

    ස්තුතයි මචෝ මේ වටිනා බයිසට සබ් දාපු එක නම්..

    ඔය වගේ අන්තර්ජාලයෙන් මුළු සබ්බ සකල මනාවම නැති කරගත්තු හාදයෙක් ඉන්නවා අපේ ගෙවල් ගාව.. එකත් ඔය කියලා තියෙන“තමන්ගේ ශරීරය විකුණන තරුණ කොල්ලෙක්“ අන්න ඒ වගේ සීන් එකක් කරපු හාදයෙක්..

    අපෝයි මාළු! හැමොම බැලිය යුතු කථාවක්…

    ජය වේවා

  27. නියමයි සහොදරයා
    නියම කතාවක් ජය වේවා

  28. Thankx machanla……………great work and keep up this great work…jaya wewa

  29. තැන්ක්ස් සහෝ සබ් එකට. සුපිරි චිත්‍රපටියක් වගේ බා ගෙනම බලමු… ඉදිරියේදිත් මෙවැනි සබ් දාන්න ශක්තිය ලැබෙන්න ඕන….

  30. machan ela workz but mama sinhala subtitles idm eken download karala winrar eken open kalama dodak welawata sub open wenne ne damage wela kiyanawa.hw ever eka works oyalatath ehemada?

  31. කේ.යූ.ජී. උදාර

    අනිවාර්යයෙන් ම බලනවා සිතිර.
    මේකට සිංහල දුන්නට බොහොම ස්තූතියි……

  32. සමියා කීවා හැකි පලමු වෙලේම මෙන්න මේ වගේ එකක් තියෙනවා බගෙන හිටින් කියල
    හේවා කිවුවා මචෝ මිස් කරන්න නම් එපා අනිවා බලපන් කියලා
    දැන් මෙයා කියනවා බැලුවට පස්සෙ 200% හැරිලා බලාවි කියලා
    වෙන මොන කතාද ඉතින්
    අනිවා බැලිල්ලක් තමා
    ‍ෆිල්ම් එකනම් බාගෙනමයි ඉන්නෙ
    සිතිර සහෝගෙ සබ් එක එනකම් උන්නා මේක බලන්න
    එහෙනම් සහෝ බොහොම ස්තූතියි උපසිරසට!

  33. “චූටී මල්ලි”

    දැන් නම් සබ තියෙන එකෙ මේක
    බලන්නම වෙනවා බලමු
    එහෙනම් අන්තර්ජාලය හරහා වෙන්නෙ මොනාද කියලා
    සබට තුති
    ඔබට ජය….

  34. chritha herath

    mewwa hoda wada…sup

  35. දිල්ෂාන් කාලිංග

    අහල තිබුනා හොඳ ෆිල්ම් එකක් කියල….
    දැන්නම් ඉතින් බාන්නේ නැතුව බෑනේ.
    සිංහල සබ් දීල තියෙද්දී.
    තෑන්ක්ස් සහෝ….

  36. හර්ෂ ලහිරු

    අනිවා මේවගේ එකකට සබ් දුන්න
    එක වටිනවා අපිත් ඉතින් දවසකට පැය 2-3ක්
    වත් අන්තර්ජාලය පාවිච්චි කරනවානේ
    ස්තුතියි සහො ජය

  37. rusuru | රුසිරු

    එල මචං

  38. වටිනා කියන ෆිල්ම් එකක් දුන්න එකට පින්

  39. ලොවෙත් සුපිරි ඒවානේ මේවා

  40. meyka aniwa balanna one thx

  41. මම මේ සලරුව බැලුවා මුලින්ම. එතකොට තමා තේරුනේ කොහොම එකක්ද කියලා. ඒකමයි සිතිරට කරන්න හැකිද ඇහුවේ බොහොම කැමැත්තෙන් බාර ගත්තා නේ. සබ් එකත් නියමෙනට තියනවා හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

  42. ලොවෙත් නෑ මේවා තමා දෙන්න ඕනේ සුපිරි

  43. ඔන්න සහෝ මමයි මේ සබ මුලින්ම බාගත්තේ, මගේ ස්තුතිය සහ ආශීර්වාදය පළ කරනවා බොක්කෙන්ම උඹට. ජය වේවා..!

    • අහ්හ්.. කොමෙන්ට් ගහන අතරේම කීප දෙනෙක් බාගෙන කොමෙන්ටුත් දාල. එල එකෙන්ම පේනවා ඉල්ලුම. එල…!

  44. වටිනා වඩක් මචෝ

  45. supirima thama 🙂

  46. patta kathwak ne 🙂 balannama epai

error: Alert: Content is protected !!