Tuesday , April 13 2021
Breaking News

Duel (1971) | ඉස්සර කරොත් මරණවා…… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 6 votes.
Please wait...

Duel (1971)

හොදයි එහෙනම් කාලේකින් ආවා උපසිරැසියක් අරන්. කොහොමද ඉතින්? අද අරන් ආවෙ මගෙ 28 වෙනි උපසිරැසිය, මේ ෆිල්ම් බැලිල්ල නිසා සබ් කොරන්න වෙලාවක් නෑ බොලව්,, කමක්නෑ දැන් අපිට ගොඩක් කට්ටිය ඉන්නවනේ සබ් කරන්න, ඒක ලොකු හයියක්, අලුත් ඒවා ඉක්මන්ටම අපේ සහෘදයන්ට බලාගන්න පුලුවන් උපසිරැසි එක්කම. මම මෙච්චර කල් දුන්නේ පරන එව්වමනෙ ඒක නිසා මේ පාරත් ගෙනාවා පරණ එකක්ම, කමක්නෑනෙ.. 😛

මේක තියෙන්නෙ අමුතු කතා තේමාවක්. අපි සාමන්‍යෙන් වෙයි කියලා නොහිතන දෙයක්, අපි හැමෝම පාරෙ යනවනෙ නෙ, සමහර අය තමන්ගෙම වාහන වලින් යනවා, අනික් අය පොදුප්‍රවහාන රථ වලින් යනවා. ඉතින් මේකෙ ඉන්න අපේ කතා නායකයත් ගමනක් යනවා තමන්ගෙ කාර් එකෙන්. ඔහොම යනකොට මගදි ඉස්සරහින් යන ට්‍රක් එකක් පාස් කරන් යනව, ඕක ඉතින් අසාමන්‍ය දෙයක් යැ නෙ ඔනි තරම් ඔහොම වාහන පාස් කරන් අපි යනවනෙ, හැබැයි මේ ට්‍රක් කාරයාත් අරින්නෙ නෑ ගේමට වගෙ ඇවිත් ආයි මෙයාව ඉස්සර කරනවා, අහ් දැන් වැඩේ මිටර්ද , අර අපිත් වාහන වලින් වෙලාවකට රේස් යනවනෙ පාරෙ යන අනික් උන් එක්ක, ඕකත් එච්චර නොදකින දෙයක් නෙමෙයිනෙ අපි, හැබැයි කාර් එක ඊලග පාර ට්‍රක් එක පාස් කරන්න හැදුවට ඉඩක් දෙන්නෙ නෑ, ටික වෙලාවකින් ට්‍රක් කාරයා අත දාලා කියනව ඉස්සරහට යන්න කියලා, මෙන්න කාර් එක ට්‍රක් එක ඔවර්ටේක් කරන්න හදනකොටම අනික් පැත්තෙන් කෙලගෙන එනවා තව වාහනයක්, නූලෙන් බේරෙන්නෙ, ඒකනම් අසාමන්‍යයි නෙහ් ට්‍රක් කාරයා කාර් එක හප්පන්න හිතාගෙනමයි ඒක කරන්නෙ, දැන් ඉතින් දිගටම වලිය කාර් කාරයාට මක් වෙයිද? ට්‍රක් කාරයා කාර් රියදුරාව මරයිද?

අධ්‍යක්ෂනය – ස්ටීවන් ස්පීල්බර්ග්
ප්‍රධාන නළු – ඩෙනිස් වේවර්
IMdb අගය – 7.7

එහෙනම් කැමති කට්ටිය බලන්නකො, ආයිත් එකක් අරන් එන්නම් , හැබැයි ඉතින් කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න පුලුවන්නම් හොදයි, ඔබ කැමතිනම් ….

Kung Fu Hustle (2004) on IMDb

 

 

698 MB (BR) කොපිය මෙතනින් බාගන්න

8AB69033DDFE72F96BE8520F97BE336B49DDBED9
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චූටී මල්ලි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Funny Boy (2020) Sinhala Subtitles | අමුතු ඉලන්දාරියා! [සිංහල උපසිරසි]

සිංහලයෙක්!! මං දැනගත්තා සිංහලයෙක් කියලා මොකක්ද මං ඔයාට කිව්වේ? මේකි සිංහලයෙකුගේ කාරෙකේ ඇවිත් බහිනවා බැන්දේ …

Leave a Reply

Your email address will not be published.

26 comments

  1. සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  2. Chaminda Lakruwan

    ස්තූති සබ් එකට

  3. ස්තූතියි සබ් එකට

  4. Hashan M. Priyadarshana

    Thanks bro

  5. කාර් කාරයාට මක් වෙයිද? ට්‍රක් කාරයා කාර් රියදුරාව මරයිද? කියන එකට වඩා ලොකු කතාවක් මේකෙ තියෙනව කියල මටනම් තේරුනා.

  6. nimal dissanayake

    me film eka toragat ekatat, subs dunna ekatat cuti mallita godak thanks.

  7. බොහොම ස්තූතියි චූටි මළේ සහෝ සිංහල උපසිරැසියට. කාලෙකින් අපිව මතක් වෙලා තියෙන්නෙ. ජය෴෴ 😛 😛

  8. කැලුම් ගුණසේකර

    ඔන්න බාන්න දැම්මා. පුලුවන් වුනොත් බලලා ඉවර වෙලාත් කොමෙන්ටුවක් දාන්නම්. ස්තූතියි උපසිරැසියට.

  9. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  10. niyamai chooty malli thawa karamu ela

  11. patta machan eye beluwa suppa

  12. thankss for the sub.chiti malli saho

  13. නියමයි චූටි මල්ලි………..
    ඇත්තටම මේක නම් සුපිරිම චිත්‍රපටියක්
    මම පස් සැරේකට වඩා බලල ඇති……..
    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ.
    ඒ වගේම කුතුහලය අවසානය දක්වාම රඳවා ගන්නට සමත්කම් දක්වන චිත්‍රපටියක් ලෙස මෙය දක්වන්න පුළුවන්.
    මගෙත් මේකට සබ් දාන්න පොඩි බලාපොරොත්තුවක් තිබුණා.
    කොහොම හරි චූටි මල්ලි ඉස්සර වෙලා.
    සෑම දෙනාම නැරඹිය යුතු හොඳ චිත්‍රපටියක් තමා මෙය…….
    ඔබට ජය…………..

  14. ස්තුතියි ඔබට ..!!!

  15. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. අනෙ මන්දා බන් බානවද නැද්ද කියලා බැලුවෙ! ගොඩක් පරන නිසා බලන්න හිතෙන්නෙත් නැ එත් ස්පිල්බර්ග් ගෙ නිසා අත අරින්නත් බැ වගෙ
    තැන්ක්ස් සබට

  17. ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……


  18. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    මෙන්න බාන්න දැම්මෝ
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  19. නලින්

    ස්තුතියි වුටි මලේ..

    නියම බාන්ඩයක් නේ මෙක..

    ජය වේවා!

  20. මං හිතුවේ උබ සබ් කෙරුවාව අතරලා කියල
    නියමයි ඈ
    පරණ උනාට අවුලක් නෑ
    බලන්න ඕනා
    සබට බොහොම තුති ඈ 😀

  21. Thanks.

  22. HA HA parana ekak. hoda ekak wage spilbergene…. thnx!!!

error: Alert: Content is protected !!