Sunday , October 2 2022
Breaking News

Eddie the Eagle (2016) with Sinhala Subtitle| උත්සාහය අත්-නොහරින තෙක් ඔබ අපරාජිතය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.7/10. From 3 votes.
Please wait...

Eddie the Eagle (2016)

මිනිස්සු යම් කෙනෙක් කරන්න උත්සහ කරන දෙයක් දිහා බලල ඒ කෙනාව අධෛර්යට පත්වන අන්දමේ දේවල් කියනව. ඒ කෙනාට ඇත්තටම ඒක කරන්න පුළුවන් කියල පෙනුනත්  හිත්වල තියන කුහකකම නිසා සමහරු ඒ විදියේ දේවල් කියනව. හොඳ ශරීර සෞඛ්‍යයෙන් යුතුව ඉන්න මිනිස්සු හැම දෙයක්ම අතැරලා දානකොට යම් අබාධිත තත්වයන් තියන මිනිස්සු ලෝකේ ජයගන්න හැටි අනන්තවත් අපි දැකල තියනව, ඒ උත්සාහවන්ත මිනිස්සු තම සිහිනය ජයගන්න කටයුතු කරනකොට ඔවුන් දිහා බලල අවඥාවෙන් සිනහවන මිනිසුන්ද ඔවුනට අතහිත දෙන දෙවිවරුන් වන් සැබෑම මිනිසුන්ද මෙලොව සිටිනවග අමතක නොකළ යුතු කරුණක්. ඉතිං අද මේ අරන් ආවේත් අන්න ඒ වගේ තම උත්සාහය අත්නොහැර ලොවක් ජයගත්ත මිනිසෙකුගේ කතාවක්. imdb 7.5ක් වැනි ඉහලම අගයක් ලැබිල තියනව මේ කතාව හැම කෙනෙක්ම අනිවාර්යෙන්ම බැලිය යුතුයි කියල නිර්දේශ කරන කතාවක්. එඩී එඩ්වර්ඩ් ලෙස Taron Egertonද ( Kingsman: The Secret Service 2014, Legend 2015වුල්වරින් නොහොත් ලෝගන් (එයාගේ උප්පැන්නේ නම දන්නේ නෑනෙ අපි දැන් :p 😀 ) එඩිගේ පළමු පුහුණුකරු ලෙසත් ප්‍රධාන වශයෙන් දායක වෙනව. එමෙන්ම උපසිරස සඳහා සමාදර සහයෝගිතාවය මෙවරත් සමන්ට හිමිවෙනව, එහෙමනම් කතාව දිහාවට හැරෙමු.

1963 දෙසැම්බර් 5 වනදා එංගලන්තයේදී උපත ලබන ඔහු කුඩාකල ඇවිදීමේ අපහසුතාවයෙන් පෙළෙනව, දොස්තරවරු විසින් ආබාධය සුවකරන මුත් වෛද්‍ය උපදෙස් වන්නේ ඇගපතින් නොව තම මොලයෙන් වැඩ ගන්නා ලෙසයි, ඒ අනුව කුඩා ළමයා විසින් කියවීම පිණිස පොතක් අතට ගනු ලබනව. දෛවය කෙතරම් පුදුමසහගතද. ඔහුට කියවීම ලැබෙන්නේ “1972 වසරේ නිල ඔලිම්පික් චායාරුප” නමැති ඔලිම්පික් චායාරුප සහ විස්තර අඩංගු කෘතියක්. එය කියවා අවසන් වූ පසු කුඩා ඔහුගේ සිතට යමක් පහල වෙනව, තමා තමන්ට කිසිවක් කල නොහැකි යැයි කී සෑම දෙනෙක්ම වැරදි බව ඔප්පු කළයුතුයැයි පුංචි ළමයා විසින් සිතට ගනු ලබනවා, එතැන් පටන් කවදාහෝ දිනක ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහබාගි වීමේ සිහිනයක් දකිනව ඔහු. නමුත් ඔහු දන්නේ නෑ තමන්ට හරියටම ගැලපෙන ක්‍රීඩාව කුමක්ද කියල, ඔහු විවිධ ක්‍රීඩාවන් අත්හදා බලනව ඒ හැම එකක්කින්ම අසාර්ථක වන ඔහු අවසානයෙදි යම් දෙයක් වටහාගන්නව, තමන්ට ගැලපෙනම ක්‍රීඩාව “Ski Jumping” නමැති අතිශය අනතුරුදායක ක්‍රීඩාව බව ඔහු වටහගන්නව, ඒ වෙනකොට ඔහුට වයස අවුරුදු විසි දෙකක්. ඒ වනවිට එංගලන්තයට ඔලිම්පික් සඳහා Ski Jumper ක්‍රීඩකයෙක් සිටියෙ නෑ, ඔහු තමා එංගලන්තයේ පලවෙනි Ski Jumper ක්‍රීඩකය බවට පත්වෙන්නෙ, සිතල හිම දිගේ ඇදීගෙන එන ඔහු උපැස් පළඳින අයෙක් එපමණක් නෙමේ උපැස් යුවළටත් පිටතින් ආරක්‍ෂිත ඇස් ආවරණ පළඳින්න ඔහුට සිද්දවෙනවා, උපැස් යුවලේ විදුරු මත ජලවාෂ්පයන් බැඳී ඉදිරිය නොපෙනී යනවා, එවැනි බාධක මැද ක්‍රීඩා කල ඔහු වැඩිම වේගයක් වාර්තාකළ Ski Jump ආධුනික ක්‍රීඩකයින් අතර ලොව නමවන ස්ථානය තවටත් ඔහුගේ නම ඉදිරියෙන් ලියවිලා තියෙන ආකාරයට ක්‍රීඩා කරනව.  ඒ පැයට කිලෝමීටර  171.9ක වේගයක් වාර්තාකරමින්. එමෙන්ම බස්රථ  6ක් හෝ කාර්  10ක් මතින් පැනීමේ ලෝක වාර්තාවක්ද ඔහු සතුයි, හැමෝම බැහැයි කියල ඔහුව අධෛර්යට පත්කරවපු මිනිස්සුන්ට ලොවකටම පෙනෙන ආකාරයට ක්‍රියාවෙන් පිළිතුරු දුන් ඔහු, සුදෝ-සුදු හිම පියලි වලට ඉහල ගුවනෙහි සුලඟ දෙපලු වේගයෙන් ඇදී ගිය “රාජාලියා”, මයිකල් එඩී එඩ්වර්ඩ් නම් විය.

“විජයග්‍රහණය නෙමේ වැදගත් අත්නොහරින උත්සාහය “

Stuck in Love (2012) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Eddie.The.Eagle.2016.720p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සහ “ශාන් විමුක්ති [විමා]”සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The Lord of the Rings: The Rings of Power [S01 : E06] Sinhala Subtitles | උඩුන් නොහොත් අනාගත මෝඩෝරය! [සිංහල උපසිරසි]

මිඩ්ල් අර්ත් වාසීන්ට සුභ දවසක් වේවා! ඔන්න එහෙනම් හයවෙනි සතියත් උදා වුණා. අද නම් සුපිරි …

Leave a Reply

Your email address will not be published.

26 comments

  1. patta fim eka

  2. Sub eka ganna bene

  3. Sub ekata thanx

    • Ane flim eka download karaganna bahane e torrent link eka wada karanne nane… plz help me baiscope members

  4. තාරක කෝට්ටගේ

    ලස්සන චිත්‍රපටයක්…..
    ස්තුතියි උපසිරැසියට…….

    වේ
    වා!

  5. Thaks saho

  6. සුපිරිම ෆිලුමක් වගෙයි,
    අනිවා බලනව,
    ගොඩක් ස්තූතියි දෙන්නටම sub එකට,
    ජය වේවා! තෙරුවන් සරණයි!

  7. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  8. එලම
    තෑන්ක්ස්!!!

  9. sub ekata thanku
    menna direct download link eka
    film eka upload kala
    http://www.pariganakapituwa.com/p/t2dlink.html

  10. Thanks machan ela

  11. niyama film ekakne genat tiyenne…jaya wewa….thanks for sub

  12. කේ.යු.ජී. උදාර

    කොල්ලො දෙන්නට ම බොහොම ස්තූතියි…………….

  13. Sajith Anthony

    සමන් ප්‍රසාද් සහ ශාන් විමුක්ති උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!!

  14. Sub Ekata Thank u 🙂

  15. niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. බොහොම ස්තූතියි දෙන්නටම උපසිරැසියට. ජය෴෴ 😛 😛

  18. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  19. තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!! 😀

  20. ඇත්තම කිව්වොත් විශේෂයෙන් බලන්න කියල හිතේ නොතිබුණු චිත්‍රපටයක් තමයි මේක. නමුත් මේකත් නියම කතාවක් වගෙයිනෙ. එහෙම හිතුණෙ ලිපිය දැක්කමයි.
    ඇත්තටම ලිපියනම් නියමෙටම තියෙනවා සහෝ. මගෙත් උපසිරසකට ලිපියක් එහෙම ලියවගන්න පුළුවන් වෙයි නේද? 😀 😛 එහෙනම් පූසා/විමා දෙන්නටම උපසිරසට ස්තුතියි.

  21. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

  22. සමන්, විමා උපසිරැසියට තුති සහෝ

error: Alert: Content is protected !!