අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Effie Gray (2014) | මා ඔබෙන් පැතූ ආදරය කොහිද? [සිංහල උපසිරසි සමඟ]

Rating: 1.5/10. From 2 votes.
Please wait...

Effie Gray (2014)

දයාබර මිලෙයි මහත්මා වෙත,

මා මේ කතාව ඔබට පවසන්නේ හුදෙක් මා පිළිබදව ඔබට පැවසීමට පමණයි. මම එෆී ග්රෙ(යි) නම් ස්කොට්ලන්ත ජාතික තරුණියක් මී. නමුත් මා දැන් රස්කින් මෙනවිය නමිනුයි සැවොම අමතන්නේ. ඔබත් එය දන්නවා. මා විවාහ වූයේ ඔබේ ගුරු ජෝන් රස්කින් මහත්මායි. ඔහු මට වඩා වයසින් බොහෝ වැඩිමහල්. නමුත් මම කුඩා කල පටන් ඔහුට ආදරය කළා.

ඔහු සිතුවම් ශිල්පියෙක්, ගත් කතුවරයෙක්. විවාහ වූ පටන් ඔහු මා කෙරෙහි දක්වන සැලකිල්ල අඩුවී යන බව මට දැනුණා. ඔහුගේ මව මට ඔහුගේ කිසිදු දෙයකට උපකාර කිරීමට ඉඩ තැබුවේ නැහැ. හැකි සෑම විටම අප දෙදෙනාට හරස් වූවා. ඔහුත් සෑම වෙලාවකදීම පොත් පත් ආශ්‍රය කරමිනුයි කල් ගත කළේ. විවාහ වූ අලුත එවැනි අත්දැකීමක් යුවතියකට කෝපය ගෙන ආවත් මට එලෙස සිදු නොවීමට හේතුව මම පවා නොදනිමි. මා සිත පෑරී ගිය විට මා හදවත සුවපත් කළේ එලිසබෙත් නම් මා මිතුරු ආර්‍යාවයි.

ඇයත් මා මෙන්ම මුලදී මෙවන් තත්වයකට මුහුණ දී තිබුණ බව ඈ පැවස්වා. ඒ නිසා මා නිරතුරුවම ඉවසීමෙන් කටයුතු කළා. එක් දිනෙක මට වැටහුණා ඔහු හුදෙක් මා ඔහුගේ සිතුවම් සහ ග්‍රන්ථ සදහා යොදාගත් ගැහැනියක් පමණක්ම බව. ඔහු මගේ චරිතය ගැන කථා කළා මිස මගේ අතින් පවා ඇල්ලීමට තැතක් දැරුවේ නැහැ.

දිනක් මා ඉවසිය නොහැකි තැන ඔහු ඉදිරියට නිරුවතින් පැමිණියා. ඔහු මා දෙස බලා, ඒ විගසින්ම පිටව ගියා. මා තුළ ඇති අඩුව කුමක්ද?. මමත් ගැහැනියක්. නමුත් මා ඉවසුවා. දිනක් වැනීසියට ගිය ගමනේදී මගේ චරිතය නරක යැයි මට ඉගි කළා. එතැන් පටන් මම රෝගී වෙන්න පටන් ගත්තා.

ඔහු මාව පිළිකුල් කළා. වරක් ඔහුගේ ශිෂ්‍යයෙකු වූ ඔබ සමග මා නිවසේ තනිකොට ගියා මතකද. නමුත් අප දෙදෙනා වරදට පෙළඹුණේ නැහැ. දෙවනි වර ඔබම මගේ සැමියාට මේ සිදු කරනා දේ නිවරදි නොවනා බව පැවසුවත් ඔහු එය ගණනකට පවා ගත්තේ නැහැ. මා ඔහුගෙන් පැතූ ආදරය මට නොලැබුණා. මට පවතින එකම විකල්පය වෙනත් ආදරයක් සොයා යාමයි. නමුත් ඊට ප්‍රථමව, මා තෙවතාවක් එකම වරද සිදු නොවීමට වග බලා ගත යුතුයි. දික්කසාදය මට සැනසීමක් ගෙනේවිද?

Effie Gray (2014) on IMDb

 

 

811 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

70a998d07d61da0b1b4e728bc6a7201fe3250156
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

33 thoughts on “Effie Gray (2014) | මා ඔබෙන් පැතූ ආදරය කොහිද? [සිංහල උපසිරසි සමඟ]

  • Hey there! I know this is kind of off topic but I was wondering
    if you knew where I could locate a captcha plugin for my
    comment form? I’m using the same blog platform as yours and I’m having problems finding one?
    Thanks a lot!

    Reply

  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • කමෙන්ට් කල නොකල කරන්නට ඉන්න ඔක්කොටම ස්තූතියි. අනිවාර්‍යෙයන් බලන්න. බටහිර මුල් සමයේ සමාජ පැතිකඩ අපූරුවට මේ කථාවෙන් නිරූපණය කරනවා. ගැහැණියක් කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා හොද දැනුමක් ලබා ගන්න පුළුවන්. ගැහැණු කියන්නේ හුදෙක් පිරිමින්ගේ අවශ්‍යතාවලට පමණක් සීමා නොවුණු පිරිසක් කියලා ඔබට වැටහේවී.

    Reply
  • එල
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • නියමයි ලිපිය නම්. අනිවා බලන්න ඕන. ස්තූතියි උපසිරැසියට.

    Reply
  • ammo malli……… lipiya nam ……………………………. niyamay oya me Film ekaka ta sammana denawa nam oyage lipiya thamay kiywanna one…..

    niyamay

    oyath pothak ehema liyanna hithunoth atha arinna epa

    apita bohoma hoda rachakayek lebewi issarahata oya e gena hithuwoth

    suba pathanawa…

    Reply
  • ලිපිය නම් පට්ටම පට්ට…
    film එකත් එහෙම ඇති…
    ස්තුතියි..

    Reply
  • එල ඈ..
    ලිපිය පට්ට. ෆිලුමත් එහෙම ඇති නේ.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

    Reply
  • බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sub akata Bohoma Pin saho…..

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරසට..
    ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ….
    ජය වේවා.. 🙂 🙂
    එලස්ස්ස්… 🙂

    Reply
  • mama meka bala dan tika dawasak. sub eka denakan hitiye.thanks machan sub ekata….

    Reply
  • බලන්න තරම් වටිනව වගෙයි. නව ආරක් ගත්ත ලිපියත් රහට දැනුණා.
    ඔන්න එහෙනම් මාත් ගත්තා. සිංහල සබට බොහොම ස්තූතියි තුෂාර………….

    Reply
  • Film එක බැලුවා sub එකත් එලටම දිව්වා, දෙකටම ස්තූති .. story එකනම් සම්භාවනීයයි.. එත් බටහිර සමාජයේ හොද පැතිකඩක්…

    Reply
  • නියමයි සහෝ…
    තෑන්ක්ස් සබ් එකට…
    ලිපිය නම් සුපිරි…
    ෆිල්ම් එකත් සුපිරියටම තියේවි…
    මෙන්න බානවා.

    Reply
  • ස්තුතියි දීප්ත..

    ජය වේවා!

    Reply
  • patta machan. film eka gana asa hithenawa post eka kiyawaddi. atha arala danna bari patai 😉

    Reply
    • ආදර්ශවත් කථාවක්. බලල හොද අත්දැකීමක් ගන්න පුළුවන් මිනිස්සු ගැන.

      Reply
  • මට මතකයි මේ කතාවේ පිංතූරයම
    ශර්ලොක් හෝම්ස් කතාවකට පාදක වෙලා තිබුණා.

    වෙනසක් හිතුනු නිසාම මේකත් බලන්න ඕනේ කියලා හිතුනා.

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට.

    ආයු -බෝ -වේවා !!!

    Reply
  • ela aaaaa
    thanx sub ekata

    Reply
  • සබට බොහොම ස්තූතියි සහෝ……….. එල

    Reply

Leave a Reply to chamika dilhara Cancel reply

Your email address will not be published. Required fields are marked *