අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Emperor (2012) | අධිරාජ්‍යයාගේ ඉරණම…. [සිංහල උපසිරැස සමඟ]

Rating: 9.0/10. From 2 votes.
Please wait...

Emperor (2012)දෙවන ලොක යුද්ධය යනු මානව ඉතිහාසයේ තවත් එක් අදුරු මතකයකි. 1939 සැප්තැම්බර් 1 වැනිදා ඇරඹි යුද්ධය 1945 සැප්තැම්බර් 2 වනදා වන තෙක් ලක්ෂ සංඛ්‍යාත ජීවිත හා දේපළ හානි සිදු කරමින් ඇදී ගොස් ඇත. ජපානයට පරමාණු බෝම්බ හෙලීමෙන් එය අවසන් වුවද ලොව එතන නැවතීමsට සූදානම් නැත. දැන් පැමිණ ඇත්තේ නැවත ජපානය ගොඩනගන අවස්ථාවයි මෙහිද පෙරමුණ ගත් ඇමරිකා එක්සත් ජනපදය එවක තමන් සතුව සිටි ප්‍රවීනම සෙනෙවියෙකු වන ජෙනරාල් ඩග්ලස් මැක් ආතර් සෙනෙවියා ඇතුළු කණ්ඩායමක් ජපානයට ඒ වැඩ කටයුතු සඳහා පිටත්කර හරී. නමුත් මොවුන්ගේ එකම අර මුණ එය පමණක් නොවින. මේ යුද්ධයට අදාල තීරණ ගත් වගකිව යුතු ජපන් නිළධාරීන් යුධ අධිකරණය වෙත පැමිණවීමද මොවුන්ගේ එක් ප්‍රධාන රාජකාරියක් විනි.

නමුත් හදීසියේම වෙනස් වූ නියෝග කියවුනේ හිරෝහිතෝ අධිරාජ්‍යා යුධ අපරාධ කරුවෙකු කිරීමට ඔහු දෙවන ලෝක යුද්ධය තුල නිරූපරණ කල භූමිකාව හා ඔහු හා ක්‍රියාකල නිළධාරීන් පිළිබඳ තොරතුරු හා සාක්ෂි රැස්කිරීමයි. වොෂින්ටනයට මෙන්ම ලොවටම අවශ්‍ය වුයේ අධිරාජ්‍යා තොණ්ඩුව ඉදිරියට ගෙන ඒමය. මැක් ආතර් සෙනෙවියාට මේ සදහ දින 10 ලැබින. ඔහු මේ සදහා තෝරාගත්තේ තමා යටතේ සිටි දක්ෂ සෙන් පතියෙකු වන ජෙනරාල් බොනර් ෆෙලස්‍ය. ඔහු ජපානයට ආදාරය කරන්නෙකි. වසර 2000 ගණනක ප්‍රවුඩ අතීරයක් හා සංස්කෘතියක් ඇති මෙමෙ රටේ මුදුන් මූලය වනසන්නට කරුණු සොයන්නට ඔහුට සිදු විට. ඔහු එය කෙසේ කරනු ඇති ද? එම සිදුවීම ඉතිහාසයේ කෙසේ සටහන් වී ඇති දැයි මෙම සලරුව තුල ඔබට රසවිදිය හැක.

Drama, History, War යන කාණ්ඩයනට අයත්වන මෙමෙ සලරුව එම රාමුවෙන් මිදී සියුම් ආදර කතාවක්ද මතුකර දැක්වයි. 2012 සැප්තැම්බර් 14 දින ටොරෙන්ටෝ අන්තර්ජාතික සිනමා උළෙලේදී මංගල දර්ශයන පැවැත්වුනද 2013 මාර්තු 08 වනදා ඇමරිකාවේදී සීමිත ප්‍රදර්ශනයක් ආරම්භ කෙරින. තවමත් ලොව පුරා සමහර රටවල මෙය ප්‍රදර්ශනය ආරම්භ කරවත් නොමැත. එම නිසා මෙතෙක් ලැබී ඇති IMDB අගය 6.1ක් ලෙස සටහන් වෙයි. ඔස්කා සම්මාන ලාභී ප්‍රවීන රංගන ශිල්පී Tommy Lee Jones (No Country for Old Men (2007), Men in Black චිත්‍රපට මාලාව.) හා Matthew Fox (Lost ටිලි කතා මාලාව, World War Z (2013)) මෙහි ප්‍රධාන චරිතයන් සඳහා තම දායකත්වය සපයයි. මිට අමතරව තවත් හොලිවිඩ් හා ජපාන නළු නිළියන් විශාල ගණනක් මේ සදහා තම දායකත්වය බලා දී ඇත.

වැදගත්ම දෙයක් තියනවා යුද්ධ ලෙස වර්ග කොට තිබුනද කිසිම සටනක් හෝ වෙඩි වරුසාවක් මේ තුල දැකගන්නට නොලැබේවි මේ ගලා යන්නේ පශ්චාත් යුධ සමයේ සිදුවීම් සමුදායකි. (ගහමරා ගන්නා සිදුවීම් ඇති සිනමාව නොබලන පිරිසටයි ඒ දැනුවත් කිරීම.)

හොද පිටපතක් නිකුත්වී සතියකට වඩා ගතවුනද මේ සදහ කිසිම උපසිරැසක් අන්තර්ජාලයට නිකුත් නොවිනි අවසාන්යේ මීට දින කිහිපයකට මත්තෙන් නිකුත්වූ ස්පාඥ උපසිරැසක් ඉංග්‍රීසියට හරවාගෙන පේළියෙන් පේළිය ශ්‍රවනය කර උපසිරැස නිර්මාණය කරන්නට මට සිදු විනි. මේ සලරුව ගැන ඔබගේ අදහස් දක්වා යන්නයි කාලෙකින් මම ඉල්ලා සිටිනවා. මේ සිනමාපටය පිළිබඳ මා දැනුවත්කල විකියා සහෝදරයාට ස්තුතියි පිරිනමමින් මම දැනට ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට ජය.

Emperor (2012) on IMDb

 

 

698 MB කොපිය මෙතනින් බාගන්න

17f1a0861a765091247e032c0f75a5e19c09d96e

1.3 GB කොපිය මෙතනින් බාගන්න

e67cf451554989f5228b024c66015a814a328806
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

46 thoughts on “Emperor (2012) | අධිරාජ්‍යයාගේ ඉරණම…. [සිංහල උපසිරැස සමඟ]

  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

    Reply
  • niyama kathawak wage galalama gunados kiyannamko

    Reply
  • නියමයි සමියෝ සිරා කතාවක් වගේ අද බලනව

    බොහොම ස්තුතියි සබ්වලට ~

    Reply
  • මේ වගේ අමුතු අමුතු ඒවා තමා මරු…
    සබට තෑන්ක්ස්..

    Reply
  • SAMEERA this film is great. I love it. good subs . great work

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ඔයා දුන්නා කියන්නේ නොබල ඉන්න එක හොඳ නෑනේ. ජය෴෴ 😛 😛

    Reply
  • ඕක අලුත් දෙයක් යැ…
    මේකා දැන් කොහොමත් කොරන්නෙම ශ්‍රවනය කොරල නොවැ…
    දැන් ඉතින් අන්ගිසිරි සබ් ජංජාලෙට එනකම් ඉන්න ඕනේ නැහැ…
    ඊට කලින් අපේ සැමියා ගේම ගහනව නොවැ…
    අනික ගහ මරා ගැනීම්, වෙඩි තැබීම් නැහැ කියලා අපිව දැනුවත් කොළ එකනම් හොදා…
    මොකද ඒකෙන් ෆිල්ම් එක බලන ආසාව වැඩි උනා මටනම්…
    වෙන උන්දැලට නම් ඒක කොහොම දනෙයිද දන්නේ නැහැ…
    එහෙනම් ජය වේවා සැමියෝ…
    ගින්දර බාන්ඩයක් ගෙනාවට..
    ජය වේවා කිව්වා එහෙනම් ඔන්න…

    Reply
  • සමියට ස්පැන්ෂුත් පුලුවන්ද?
    පට්ට වැඩ්ඩෙක්නේ.මොනවා උනත් බොහොමත්ම ස්තුති සහෝ.හැමදාමත් හොන්දම දේ කලින්ම දෙන 1 බයිස්කොප් 1 පුරුද්දනේ.හුගාක් මහන්සි උනාට ගොඩාක් පින් සහෝ.

    Reply
  • මේක ගන්න කියලා උන්නට ගත්තෙ නෑ
    දැන් ඉතින් ගන්න වෙනවනෙ
    එල එල
    සබට තුති සැමියෝ
    තව සබ් දෙමු
    ඔබට ජය…………….

    Reply
  • කව්රු බැලුවත් නැතත් මම මේ සබ් එක කරනවා කියලා කිව්වේ මේකයි එහෙනම්. එහෙමනම් බලන්නම වටිනවා. මොකද මේ දවස් වල මමත් මේ වගේ ඇක්ෂන් රහිත ෆිල්ම් ලෝලියෙක් වෙලා. ස්තුතියි සමීර මලයා සබ් එකට !!!

    Reply
  • මේක ලස්සන කථාවක්. සමීර බොහෝම ස්තුතියි සබ්ස් වලට…

    Reply
  • ජය වේවා බාමි

    Reply
  • download wenna dmma

    Reply
  • මේක නම් පට්ට ෆිල්ම් එකක් සබ් වලට බොහොම පින්

    Reply
  • සහෝ… IMDB ලින්ක් එක වැරදියි නේද? උපසිරසි වලට පින්… ඔන්න බාන්න දැම්ම!

    Reply
  • දෙවන ලෝකේ යුද්දේ ඒවා නම් මග අරින්නේ නෑ , ජය!!!! සමීර සහෝට

    Reply
  • නියමයි සහෝ ඔන්න මාත් ගත්තා

    Reply
  • තැන්ක්ස් වේවා!!!!!

    Reply
  • සමීර උදේ පාන්දරම එකක් දීල තියෙන්නෙ.. අසා ලිවීමක් කිව්ව නේද.. එපාම වෙන වැඩක්. කොහොම හරි වැඩේ ගොඩ දා ගත්තනෙ.. හුඟක් වෙලාවට ට්‍රාන්ස්ලේට් කරල ගන්න සබ් වල තියෙන්නෙ හෙන බොරු. ඒ නිසා අහලම දාන්න වෙනව අපිට. බොහොම ස්තූතියි උපසිරැසියට.. ජයවේවා මචෝ.

    Reply
  • පට්ට මචෝ 🙂

    Reply
  • නියමයි සහෝ සුපිරි නළුවෙක් ඉන්නේ අනිවා බලන්න ඕනේ

    Reply
  • මේකේ සබ් දෙනකම් බලාගෙන උන්නේ ජය!

    Reply
  • පට්ට ෆිල්ම් එකක් නේ මේක

    Reply
  • සමිර නියම කථාවක් නේ ගෙනැල්ලා තියෙන්නේ

    ජය වේවා!

    Reply

Leave a Reply to Nandana Cancel reply

Your email address will not be published. Required fields are marked *