Tuesday , September 22 2020
Breaking News

End of Watch (2012) with Sinhala Subtitles | මුරසංචාරයේ අවසානය [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

End of Watch (2012)

ඔන්න එහෙනම් තවත් උපසිරැසියක් අරගෙන ආවා. කළින් උපසිරැසිය සම්බන්ධයෙන් අදහස් පලකරපු හැමෝටම ස්තූතිවන්ත වෙනවා. ගොඩක් දෙනෙක් ගොඩක් දේවල් කියලා තිබ්බා. දිරිමත් කළාට බොහොම ස්තූතියි, අපිට ඉතින් ඔයාලගෙ අදහස් පලකිරීමක් ඇත්තටම ගොඩක් වටිනවා. ඒ නිසා උපසිරැසිය බාගෙන විතරක් යන්න එපා.

මේක 2012 වර්ෂයේ තිරගත වෙච්ච චිත්‍රපටයක්. IMDB Ratings 7.7/10 ක් අරන් තියනවා. ඒකෙන්ම තේරෙනවනෙ සුපිරි එකක් කියලා. සම්මාන 3ක් දිනාගෙන තියනවා මේ චිත්‍රපටයි. සම්මාන 10කට නිර්දේශ වෙලත් තියනවා. Jake Gyllenhaal හා Michael Peña ප්‍රධාන චරිත වලට පණ පොවනවා. David Ayer තමයි මේකෙ අධ්‍යක්ෂවරයා.

කතාව ගැන ටිකක් කියනවනම්, මේක එක්තරා සාමාන්‍ය පොලිස් නිළධාරීන් දෙදෙනෙකු වටා ගෙතුනු කතාවක්, මේ දෙන්නට ගණුදෙනු කරන්න වෙලා තියෙන්නෙ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන මැර කල්ලි එක්ක. කතාව පුරාම තියෙන්නේ මේ දෙන්නගෙ සහෝදරත්වය ගැන. ඒ වගේම එයාලා තමන්ගෙ රාජකාරිය කොච්චර කැපවීමෙන් කරනවද, සමහර වෙලාවට මෙයාලා නීතියට පිටින් කටයුතු කරනවා, ඒත් අනිත් අයගේ යහපත වෙනුවෙන්. මේක බලද්දි අපිට ඒත්තු ගැන්වෙනවා පොලිස් නිළධාරීන් කියන්නෙත් අපි වගේම සාමාන්‍ය පුද්ගලයන් කියලා. මේක ටිකක් සංවේදී වෙනවා මොකද මේ දෙන්නගේ තියන සහෝදරත්වය නිසා. මේකෙ ටිකක් වැඩිපුර අසභ්‍ය වචන භාවිතා වෙනවා, මැරයොත් එක්කනෙ කතාව යන්නෙ ඒකයි ගොඩක්ම.මම සෑහෙන්න උත්සහ කළා ඒ වචන පරිවර්තනය නොකර ඉන්නත්, නොදා බැරිම තැන්වල නම් දාන්න සිද්ද වුණා. පොලිස් සඟයන් දෙදෙනෙකු එකිනෙකා කෙරෙහි දක්වන අසීමිත ආදරය, සහෝදරත්වය, සෙනෙහස දැක්වෙන අග්‍රගන්‍ය සිනමාපටයක් නැරඹීමට ආරාධනා කරමින් තවත් උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නම්. ජය වේවා!

End of Watch (2012) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

End.of.Watch.2012.720p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරුත් චිරන්තන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

19 comments

  1. Lakshansilva18

    Thanks for subtitles

  2. Thanks

  3. supiri brother umbalata godak adarei

  4. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  5. Jaya wewa sahodaraya

  6. ස්තූතියි සහෝ. ජය වේවා..!!!

  7. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. Thanks bro….

  9. බොහෝම ස්තූතියි සහෝ!
    අපි වෙනුවෙන් කාලය කැප කෙරුවට ස්තූතියි!

  10. බොහොම ස්තූති.ජය වේවා

  11. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Appreciate your hard work. Thank you very much for the sub file

  13. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

  14. උපසිරැසියට ස්තූතියි සහෝ.
    ජය වේවා!

  15. බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..

error: Alert: Content is protected !!