Monday , November 28 2022
Breaking News

Euphoria (2019-) [S01 : E01] Sinhala Subtitles | මැකේගෙ පාටිය [සිංහල උපසිරැසි සමඟ] [18+]

Rating: 8.2/10. From 33 votes.
Please wait...

ඔන්න එහෙනම් මේ පාර ගේන්නෙ සුපිරි ටීවී සීරිස් එකක්. ඇත්තටම කිව්වොත් මං මේකෙ පලවෙනි එපිසෝඩ් 3 කරල අවුරුද්දකටත් වැඩී දැං. ඒත් එක එක හේතු නිසා මේක කරගන්න බැරි වුනා. ඒත් කොහොමහරි පරක්කු වෙලා හරි මේක ගෙනාව. ඊට අමතරව මේක මට කරගන්න උදව් කරපු රවිඳු රුක්ෂාන් සහෝට සහ යුරාන් ධනුක සහෝට ස්තූතිවන්ත වෙනව. තවද කවිශල් රසින්ත සහෝටත් විශේශයෙන් ස්තූති කරනව මොකද එයත් මේකට ගොඩක් උදව් කළා.  ඔය මදෑ ඕව ගැන කියෙව්ව අපි යමුකො කතාව පැත්තට.

මේ කතාව ගොඩක් ප්‍රසිද්ද උන එකක් වගේම ජීවිතේටත් ගොඩක් දේවල් දැනගන්න පුළුවන් සීරිස් එකක්. IMDb දර්ශකේ 8.4 ඉහල අගයක් වගේම Rotten Tomatoes අගයත් 90% ගන්න සමත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවේ මේක විවිද සම්මාන රැසකට නිර්දේශ වීල දිනාගන්නත් හැකි වෙලා තියෙනවා. ඒව ගැන කෙටියෙන් කිව්වොත් Primetime Emmy සම්මාන 3ක් දිනාගන්න හැකිවෙනවා ඊට අමතරව සම්මාන 8කුත්, නිර්දේශ වීම් 46කුත් මේ සීරිස් එකට හිමිකරගන්න හැකි වෙනවා.

ඉතින් තවත් විශේශයෙන් සදහන් කරන්න ඕනෙ මේකෙ Cinematography ගැන කිව්වොත් මුළු සීරිස් එකටම වෙනම රසයක් බවට පත් කරල තියෙනවා. Cinematography වෙනුවෙනුත් සම්මානෙකට නිර්දේශ වෙනවා. තවද මේකෙ සවුන්ඩ් ට්‍රැක් ගැනත් නොකියම බෑ මොකද ඒ තරන් කතාවට ඇබ්බැහි කරවන්න පුළුවන් තරමේ සවුන්ඩ් ට්‍රැක් ටිකක් තමා තියෙන්නෙ… ඉතින් මේකෙ Original music and lyrics වලට Primetime Emmy සම්මානයක් දිනා ගන්න පුළුවන් වෙනවා තවද මේකෙ ප්‍රධාන චරිතය රඟපෑ Zendaya හටත් Primetime Emmy සම්මානයක් දිනාගන්න පුළුවන් වෙනවා. ඔයාල Sex Education වගේ සීරිස් වලට කැමතී නම් අනිවාරෙන් මේකත් බලන්න කියල මං ආරාදනා කරනවා.

අද එපිසෝඩ් එක ගැන කිව්වොත් IMDb 8.3ක අගයක් මේකට ගන්නවා. කතාව ගැන මතක් කරනවානම්, රූ කියන්නේ ඩ්‍රග්ස් වලට ඇඩික්ට් උන කෙනෙක්. ඉතින් ඒක නිසාම ගොඩක් දේවල් නැති වෙනවා, පවුලෙ විශ්වාසය වගේ දේවල්. ඉතින් මෙයාගෙ අම්මල තීරනේ කරනවා පුනරුත්ථාපන මධ්‍යස්තානෙකට දාන්න. ඉතින් මේ එපිසෝඩ් එකේ තියෙන්නෙ ඒකෙන් නිදහස් වෙලා ආපු තැන ඉදන්. ඒත් මෙයා තාමත් ඩ්‍රග්ස් අත්තැරල නම් නෑ.

හරි එහෙනම් එතනින් එහා ඔයාලම බලල තීරනේ කරන්නකෝ මම කිව්වාම ගතියක් නෑනෙ. එහෙනන් ඊලග එපියෙන් හමුවෙමු. ජය වේවා!

 

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Check Also

බ්‍රිත්: ඉන් ටූ ද ෂැඩෝස් [S02 : E08] Sinhala Subtitles | සමුගැනීමේ ප්‍රෝඩාව [සිංහල උපසිරැසි]

එහෙනම් මේ අරන් එන්නේ පුරා සතියක් පුරා අපි එක්ක එකතු වෙලා හිටිය බ්‍රීත් ඉන්ටු ද …

Leave a Reply

Your email address will not be published.

20 comments

  1. Vishwa sasanka

    Thank you

  2. Godak sthuthi..Jaya wewa!

  3. Thanks. ……..good luck………

  4. gammc sago sub hoya hoya hitiye

  5. gammac bossa sub hoya hoya hitiye meke

  6. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. thanks for the sub bro puluwan nm netflix lage………………. locke and key…………… series ekatath sinhala sub dennako

  8. Bro thanks sub ekata.puluwan future man black mirror wge ewwath sub dennako kwuruth deela na

  9. සබ් එකට තෑන්ක්ස් සහෝ

    ඉතුරු ටිකටත් ඉක්මනට සබ් ගේන්න

  10. සුපිරි බොක්ක මේ වගේ ඒවට තමා සබ්දෙන්න ඕනේ බලන්නත් ආසයි එල

  11. බලාගෙන හිටියේ මේකට සබ් දෙනකන් ❤️

  12. සිංහල උපසිරැසියට ස්තූතියි

  13. Season 1 e00 episodes 2තියෙනවා sub දෙනවනේ

  14. Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  15. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  16. Supiri bn. Balagenama hitapu ekak

  17. Thanks for sub

error: Alert: Content is protected !!