අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Faces in the Crowd (2011) | හැඳිනිය හැකිනම්…[සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Faces in the Crowd (2011)ඔන්න යාළුවනේ මෙදා පාර අරගෙන ආවේ තවත් අමුතු විදිහේ සුපිරි චිත්‍රපටියක්.. 2011 ඔක්තෝම්බර් මස 7 දින තුර්කියේ තිරගත වීම ඇරඹුන මේ චිත්‍රපටිය ඩොලර් මිලියන 15ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තියන්න සමත් උන චිත්‍රපටියක්. ඒ වගේම අපරාධ/අද්භූත/නාට්‍යමය ගණයට ගැනෙන මෙය IMDb වෙබ් අඩවියේ 5.5/10ක රේටින් ප්‍රමාණයක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. මේ චිත්‍රපටියෙ ප්‍රධාන නිලියගේ චරිතයට පණ පොවන්නේ Resident Evil චිත්‍රපටි මාලාවේ ප්‍රධාන චරිතය රඟ දැක්වූ Milla Jovovich විසිනුයි. එක දිගටම බලාගෙන ඉන්න පුළුවන් කුතුහලයෙන් සහ ත්‍රාසයෙන් පිරුනු මේ චිත්‍රපටිය සුපිරියි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

කතාවේ හැටියට ඇනා මර්චන්ට් කියන්නේ පෙර පාසලක ඉගැන්වීමේ යෙදෙන සාමාන්‍ය කාන්තාවක්. ඇයට බ්‍රයිස් නමින් පෙම්වතෙක් ඉන්නවා. මොවුන් දෙදෙනා ජීවත් වෙන්නේ එකටයි. දවසක් යාළුවෝ එක්ක සමාජ ශාලාවකට යන ඇනා එයින් නික්මිලා තනියම ගෙදර එන්න යනවා. ඒ එන අතර මග ගොඩ නගමින් තියෙන පාලමක් උඩ පාළු තැනකදී පෙම්වතුන් යුවලක් සිප ගන්නවා ඇයට දකින්න ලැබෙනවා. එතන අමුතු දෙයක් තැනි බැවින් ඇය එතනින් යන්න හදනකොටම වගේ ඒ යුවලේ කාන්තාව, පිරිමියා අතින් ඝාතනයට ලක් වෙනවා. ඇනා ඒක දකිනවා. ඒක දැකලා බයඋන ඇනා එතනින් යන්න හදනකොටම ඇගේ ජංගම දුරකථනය නාද වෙනවා. ඒ සද්දේ අර කාන්තාව ඝාතනය කල මිනී මරුවට ඇහිලා ඔහු ඇය පස්සෙන් පන්නලා කොහොම හරි ඇනාව අල්ල ගන්නවා.. එහෙම පස්සෙන් පන්නලා අල්ලගන්න ඇනාවත් මරන්න තමයි මේ මිනීමරුවා උත්සාහ කරන්නේ. හැබැයි ඇනාව මරන්න ලැබෙන්නෙ නැහැ. දෙන්නා පොර බඳන අතරේ ඇනාගේ හිස ඒ අවට තියෙන යකඩයක වැදිලා ඇය පාලමෙන් ගඟට වැටෙනවා. ඇගේ හිසට වැදුන තදබල පහර නිසා ඇයට මිනී මරුවගෙ මූන පේන්නේ බොඳ වෙලා. ඒ සිද්ධියෙන් පස්සේ ඇනා සතියක් රෝහල්ගත වෙලා ඉන්නවා. සතියකට පස්සෙ සිහිය එන ඇනාට එයාගෙ යාළුවෝ කාගෙවත් මුහුණු අඳුනාගන්න බැහැ. හිසට වැදුන තදබල පහර නිසා ඇය ප්‍රොසෝපෙග්නීසියා නැමති රෝගයෙන් පෙලෙනවා. ඇයට අඩුමතරමේ ඇගේ මුහුනවත් අඳුනගන්න බැහැ. එකම පුද්ගලයෙක්ගෙ ඡායාරූප දෙකක් උනත් ඇයට පේන්නේ දෙදෙනෙකුගෙ ඡායාරූප වගේ..

මේ මිනීමරුවා මීට කලින් කාන්තාවන් හය දෙනෙක්ව මරලා දාපු කෙනෙක්. ඒත් ඔහුගෙ මුහුන දැකපු අයෙකුට ඉන්නේ ඇනා මර්චන්ට් විතරයි. ඒත් ඇය ඉදිරියට ඔහු ආවත් ඇයට ඔහුව හඳුනාගැනීමේ හැකියාවක් නැහැ. නමුත් පොලිසිය උත්සාහ කරන්නේ ඇය මගින් මිනීමරුවව හොයා ගන්නයි. නමුත් ඇයට පේන මුහුණු වෙනස් වීමේ රෝගය නිසා ඇයට මිනීමරුවා කවුද කියලා මතක් කරගන්නවත් බැහැ.

ඉතින් යාළුවනේ… මේ මිනීමරුවා ඇනා මර්චන්ට් පස්සෙන් පන්නාවිද‍? ඇයට මුහුණු අඳුරගන්න බැරි බව ඔහු හොයා ගනීවිද? එහෙම හොයා ගත්තොත් ඔහු ඇනාව නොමරා අතඅරීවිද? නැත්නම් පස්සෙ කාලෙක ඇනාට මතක් වේවි කියන බිය නිසා ඇනාව මරලා දාවිද? එහෙමත් නැත්නම් ඇනාට ඔහුගෙ මුහුණ මතක් වෙලා ඔහුව පොලිසියට කොටු කරලා දේවිද? නැත්නම් ඇනාව මරන්න ඇවිත් ඇනාගෙ අතින් ඔහු මිය යාවිද? එහෙමත් නැත්නම් මේ මිනී මරුවා කාටවත් නොදැනීම පලා යාවිද? කියලා කතාව බලලම දැනගන්න.. හැමෝටම ජයවේවා!!!

Faces in the Crowd (2011) on IMDb

 

 

F82B87A7F265570C52DEFEDC05911C789BA06652
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

42 thoughts on “Faces in the Crowd (2011) | හැඳිනිය හැකිනම්…[සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරසට බොහොම ස්තූතියි

    Reply
  • Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • ජය වේවා!

    Reply
  • සුපිරි ..ෆිලුමක්..වෙන්ඩ ඕනේ.. ඔන්න බැවා,…සබට… තැන්ක්ස් machan

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!

    Reply
  • ස්තුතියි දිනිඳු සහෝ..

    Reply
  • ඔයා කියනවනම් කතාව අමුතු ඇති,ගිය පාර දීපු daglict හරිද මන්දා ඒක නම් නියමයි,බලමු මේකත් එහෙමද කියලා,thanks සහෝ ඔන්න මම ගන්නවා

    Reply
  • බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. බාල බලමු බලන්න එහෙනම් කතාව කොහොම ඉවර වේවීද කියලා. ජය ෴෴ 😛 😛

    Reply
  • මාර පාරක්නෙ දිනිඳුවො.බලන්න ආස හිතෙනව.එලකිරි හොඳේ.ජයවේවා.බොහෝ…………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • මේ චිත්‍රපටිය මඟ ඇරුන එකක් දිනුද අයියෙ.
    අනිව බැලිල්ලක්.
    ස්තූතියි.
    ජය!

    Reply
  • බොහොම ඉස්තුතියි සහො (y)

    Reply
  • ස්තුතියි සහෝ,ජයවේවා.

    Reply
  • …..උපසිරැසි ලබා දුන්නට ස්තුතියි දිනිදු සහෝ
    මේක මගේ ගාව තියෙනවා සබ් එක විතරයි අඩු වුනේ දැන් එකත් ,,,,, ජය වේවා තවත් මේවගේ ඒවා දෙමු……

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

    Reply
  • දිනිදුගෙන් මෙන්න තවත් සුපිරි පහරක්, සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.

    Reply
  • 1nma denma bagena balanawa thanks hodeeeeeeeeeeeeeeeeeee

    Reply
  • මේවගේ ඒවා නම්
    අනිවා බලනවා
    සබට ජය

    Reply
  • අළුත් ඒව ගේන අතරෙ පරන ඒවා අරන් එන එකත් ගොඩක් වටින වැඩක්
    නලිය කියන්න වගේ මේක මමත් බලාපු හොදම ඒවගෙන් එකක්
    අවාසනාවට ආයෙ බලන්න බාන්නම වෙනවා
    බොහොම ස්තූත්යි දිනිදු අයියේ උපසිරසට
    ජය!

    Reply
  • මේක නියම කථාවක් දිනිදු අයියා මම බලපු..

    නියමයි මේකට සබ් දාපු එකනම්..

    ආයි සැරයක් බලන්න ඔනේ

    ජය වේවා!

    Reply
  • meywa nam aniwa balanawa saho

    Reply
  • එල එල
    සබට තුති
    ඔබට ජය…

    Reply
  • thanks kiwa saho sub 1 ta

    Reply
  • පට්ටම එකක් වගේ බලමු

    Reply
  • thawath awata subs demu saho

    Reply
  • supiri supiri supiri supiri

    Reply
  • බොහොම පින්

    Reply
  • ජය වේවා සහෝට සුපිරිම ෆිල්ම් එකක් මේක

    Reply
  • එල කතාවක් වගේ දිනිදු සහෝ
    සබට තුති
    ජයවේවා

    Reply
  • supirmma kathwak patai dinidu denne kohomath maxxa paharwalne

    Reply
  • pattama kathwak ne saho

    Reply
  • maxxama ne kathwa kiyewuwahama damma balanna hithuna

    Reply

Leave a Reply to ශාන් විමුක්ති [විමා] Cancel reply

Your email address will not be published. Required fields are marked *