Tuesday , January 25 2022
Breaking News

Faith [EP02] | එය දෛවයයි…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 5 votes.
Please wait...

Faith (Good Doctor)-2

ඉතිහාස කතාවකට උපසිරැසි යොදන්න ගොඩක් කල් ඉඳන් මම ආසාවෙන් හිටියේ. ඒ විදිහෙ ලස්සනම කතාවක් තමයි මේ. ඔයාලටත් බලන්න මම ඒකට උපසිරැසි අරන් ආවා. ඔන්න අපේ සහෝදරවරු නම් මේ කතාවට බොහොම කැමති වෙයි. මොකද මේ කතාවෙ බොහොම අලංකාර සටන්  බොහොමයක් අන්තර්ගතයි. අතීතයෙන් එන පුද්ගලයෙක් අනාගතේ සිටින වෛද්‍යවරියක් අතීතයට රැගෙන යනවා. ඒ අතීතයෙදි ඇගේ ජීවිතට වන සිදුවීම් තමයි මේ කතාවෙන් කියවෙන්නේ. එහෙනම් අපි බලමු නේද…..

ස්වර්ගයෙන් පැමිණි ඉයුන් සෝ යුආනයේ රැජිණව සුව කරනවා. ඒත් ඇයට සිහිය එනතුරු ඇයව ආපසු රැගෙන යන්න චුදාල්චි කැමති වෙන්නෙ නෑ. ඒත් ඇය සුව වූ වහාම ඔහුගෙ පොරොන්දුව ඉටු කරන බව ඔහු කියනවා. නමුත් රජු ල සිටින උපදේශකයා කියන්නේ මෙවැනි අස්ථාවර අවස්ථාවක හ්වාතා වැනි කෙනෙක් රජු ල සිටීම ඔහුට දේශපාලන ශක්තියක් වන බවයි. ආරක්ෂා ඇතිව ඉන්න යැයි කියල තිබුනත් ඉයුන්සෝ වුදාල්චි ආරක්ෂාවෙන් පැන යනවා. එහෙම යන ඇයව පැහැරගැනීමකට ලක්වෙනවා. එතනින් ඇයව බේරාගැනීමට යන වුදාල්චි කපිතාන්ට දැනගැනීමට ලැබෙන්නේ ඔවුන් ඒ වනවිටත් රජතුමා සිටින තානායමට පහරදීමට ගොස් ඇති බවයි. ඒ අනතුරෙන් රජුව බේරගන්න වුදාල්චි කපිතාන් රජතුමාගෙන් ඉල්ලා සිටිනවා නැවත ස්වර්ගයෙන් ගෙන ආ ඇයව ඇරලවන්න අවසර දෙන්න කියලා. ඒත් ඇයට ආපසු යන්න නම් ලැබෙන්නේ නෑ.

ලිපිය-කණිෂ්කා පෙරේරා.

——–

2 වන කොටස

කොරියාවේ SBS නාලිකාවේ 2012 වර්ෂයේදී විකාශය වුණු Sin-ui නැත්නම් Faith ටෙලි නාට්‍ය එම වසරේදී සම්මාන 5ක් දිනා ගත්තා. Boys over flowers නාට්‍යයෙන් ප්‍රසිද්ධ වුණු Lee Min Ho නැත්තනම් කවුරුත් දන්න ගු ජුන් පියෝ තමයි මේ කතාවෙත් වීරයා.

කතාව කෙටියෙන් කියනවා නම් මෙහෙමයි. ගොර්යෝව එහෙමත් නැත්නම් කොරියාව කියලා අද හඳුන්වන රටේ වර්ෂ 1300 ගණන්වල ගොන්ග් මින් නමින් රජෙක් රජ වෙනවා. ඔහු සරණපාවා ගන්නේ යුවානයේ එහෙමත් නැත්නම් චීනය කියලා දැන් හඳුන්වන රටේ නො ගුක් කුමරිය. ඒ කාලේ ගොර්යෝව පවතින්නේ යුවානයේ බලපෑමට යටත් වෙලා. යුවානයෙන් විතරක් නෙවෙයි ගොර්යෝව තුළත් ඉන්නවා තමංගේ රටට විරුද්ධව යුවානයට උදව් කරන අය. මේ ගොන්ග් මින් රජුට විශ්වාසවන්තව හැම මොහොතේම ඔහුට සේවය කරන්නේ වූ දල් චී කියන සේනාවේ සෙන්පති චෝයි යන්ග් (Lee Min Ho). ඔහු තමන්ගේ පොරොන්දු අකුරටම රකින රජුට හොඳින්ම පක්ෂපාත කෙනෙක්. ඒ නිසා ඔහු විශාල කරදරයන්ට මුහුණ දෙනවා.

පහුගිය කොටසේදී දැක්කනේ චෝයි යන්ග් දෙව්ලොවට යනවා. එහි සිටින හ්වා තා වෛද්‍යවරයාගේ ශිෂ්‍යයෙක්ව අල්ලගන්නවා. ඒත් ඇත්තටම වෙන්නේ නම් චෝයි යන්ග් එන්නේ නූතන කොරියාවට. එහෙ ඉන්න plastic ශල්‍යය වෛද්‍යවරියක් තමයි ගෙනියන්න හදන්නේ. එයත් ටිකක් පිස්සු එක්කෙනෙක්. අද බලමු අතීතයට ගිහින් රැජිනව බේරා ගන්න ඇයට හැකි වෙයිද කියලා.

ලිපිය- අනුත්තරා බණ්ඩාර

Faith (2012– ) on IMDb

 

 

700 MB (15.32 GB) කොපිය මෙතනින් බාගන්න

08F21AC76207BD3588CF5D98567C2192791B6498
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” හා “අනුත්තරා බණ්ඩාර” සොයුරියන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous  Episodes              All Episodes                Next Episodes>>

Check Also

Lost in Space (2018-2021) [S03 : E02] Sinhala Subtitles | හැම ප්‍රශ්නෙක්ටම විසදුමක් තියෙනවා… [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ ”Lost In Space” අවසාන කතාමාලාවෙ දෙවැනි කොටසයි. එහෙනම් අපි දැන් …

Leave a Reply

Your email address will not be published.

10 comments

  1. ඔහ්..ආයෙත් කොරියන් සීරීස් එකක් Boys over flowersඑකේ සහ The Heirsඑකේදීත් Lee Min Hoගෙ performance සුපිරි..මේ සීරීස් එක වෙනුවෙන් මහන්සි වෙනවට ඔයාල දෙන්නටම ස්තුතියි…

  2. athtatama niyamai……puluwannam smallville tv series ekath denna pluwanda plz

  3. රොයිලි

    බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. ela ela meka nam balala iwarai eth aapahu balanna ona sinhala sub ekka…

  5. Thank uuu 🙂 🙂 digatama sub denna 🙂

  6. සුපිරියි

  7. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  8. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා.

  9. ela onna mama ekooooo

error: Alert: Content is protected !!