Sunday , October 17 2021
Breaking News

Faith [EP11] | එය දෛවයයි…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Faith (Good Doctor)-2

ඉතිහාස කතාවකට උපසිරැසි යොදන්න ගොඩක් කල් ඉඳන් මම ආසාවෙන් හිටියේ. ඒ විදිහෙ ලස්සනම කතාවක් තමයි මේ. ඔයාලටත් බලන්න මම ඒකට උපසිරැසි අරන් ආවා. ඔන්න අපේ සහෝදරවරු නම් මේ කතාවට බොහොම කැමති වෙයි. මොකද මේ කතාවෙ බොහොම අලංකාර සටන්  බොහොමයක් අන්තර්ගතයි. අතීතයෙන් එන පුද්ගලයෙක් අනාගතේ සිටින වෛද්‍යවරියක් අතීතයට රැගෙන යනවා. ඒ අතීතයෙදි ඇගේ ජීවිතට වන සිදුවීම් තමයි මේ කතාවෙන් කියවෙන්නේ. එහෙනම් අපි බලමු නේද…

ලේඛණයේ නම් ඇති අය ඝාතනය කරන්න යද්දි ගි චොල් සාමිගෙ සොයුරියත් සොයුරාත් වෙදැදුරුතුමිය ඔවුන් සමග රැගෙන යනවා. ඔවුන් එසේ කරන්නේ ඇයව බියපත් කරන්න. එහිදී ඔවුන් දැනගන්නවා ඇයට විපතක් වෙන ඕනෑම වෙලාවක චෝයි යන්ග් දෙවරක් නොසිතා ඇය වෙනුවෙන් ඉදිරිපත් වෙන බව. රජතුමා තීරණය කරනවා තමන් වෙනුවෙන් මිනිස්සු රැස් කරන්න. තමන්ගෙ රටේ ඉන්න බුද්ධිමතුන් රැස් කරන්නයි ඔහුගේ සූදානම. ගි චෝල් සාමි රජතුමාගෙ මුහුණටම ඔවුන් මරා දමන බව පවසන නිසා ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳවත් වගකීම පැවරෙන්නෙ චෝයි යන්ග්ටයි. මේ හැමදේම මෙහෙම වෙද්දි මෙන්න වෙදැදුරුතුමිය හැමෝටම හොරෙන් පැනල ගිහින්. ඒ ගමනෙදි ඇය වෙත එන චොයි යන්ග්ට ඇය පවසනවා තමන් ගැන තමන්ට බලාගත හැකි බවත් ඇයගෙන් ඈත්ව සිටින ලෙසත්. එයින් කලකිරීමට පත් වන ඔහු තීරණය කරනවා ගි චොල් හමුවට ගොස් ඔහුවත් ඝාතනය කර තමනුත් මියයාමට. මේ අතරතුර ස්වර්ගයේ දොරටුව වෙත යන වෙදැදුරුතුමිය හමුවීමට මහ රෑ මැදදී විශේෂ අමුත්තෙක් පැමිණෙනවා.

Faith (2012– ) on IMDb

 

 

700 MB (15.32 GB) කොපිය මෙතනින් බාගන්න

08F21AC76207BD3588CF5D98567C2192791B6498
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous  Episodes               All Episodes                Next Episodes>>

Check Also

See (2019-) [S02 : E08] Sinhala Subtitles | අවසන් මහා සටන… [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ රැගෙන එන්නෙ “See” දෙවැනි කතා සමයෙ අවසාන කොටසයි. ඒවගේම කියන්න ඕන තෙවැනි …

Leave a Reply

Your email address will not be published.

8 comments

  1. බොහොම ස්තූතියි කණිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. මට වැරදුනා කොටස් 24ක් තියෙනවානේ…
    ඒ වගෙම ටොරන්ට් බාන්න අමාරු අය පහත තියෙන සයිට් එකෙන් දල වශයෙන් 250MB ක් විතර වෙන කොටස් බා ගන්න

    http://minidrama.net/faith/

    Genre : Historical, Romance, Time Travel, Fantasy
    Episode : 24
    Format : MKV
    Resolution : 800×450

  3. මාර ස්පීඩ් එකකින්නෙ සබ් දෙන්නෙ..ඔයාල දෙන්නටම ගොඩක් ස්තුතියි… තව කොටස් 5 යි තියෙන්නෙ මම හිතන්නෙ..
    ඒකත් මෙ වගෙ ඉක්මනට කරන්න plz…..

  4. Pinthure maru unama hoyanna baruwa ynawa ne

  5. niayamai…ithiri tikath me wge ikmanata demu.thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. අනේ menaka mb ගාන වැඩි උනාට ස්පීඩ් නේ.ඔයාට ටොරන්ට් පය්ල් ස්පීඩ් එක අඩුනම් ඩිරෙක් ට්‍රය් කරන්න.එතකොට වැඩේ ගොඩනේ.බොහොම තුති අක්කියෝ සබ් එකට.දැන් නම් අද එක හරිනේ හෙට වෙනකම් තමය් ඉවසන්න බැරි.කෙසේ වෙතත් ඔයා මේ අපි සියලු දෙනා වෙනුවෙන් කරන කැප වීමට බොහොම ස්තුති අක්කියෝ..එහෙනම් ඔයාට බුදුසරණය්!!!

  7. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .

  8. aiya puluwannam episode wala size eka tikak adu krla dennako…mb gaana wadine

error: Alert: Content is protected !!