Wednesday , October 20 2021
Breaking News

Faith [EP19] | එය දෛවයයි…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Faith (Good Doctor)

ඉතිහාස කතාවකට උපසිරැසි යොදන්න ගොඩක් කල් ඉඳන් මම ආසාවෙන් හිටියේ. ඒ විදිහෙ ලස්සනම කතාවක් තමයි මේ. ඔයාලටත් බලන්න මම ඒකට උපසිරැසි අරන් ආවා. ඔන්න අපේ සහෝදරවරු නම් මේ කතාවට බොහොම කැමති වෙයි. මොකද මේ කතාවෙ බොහොම අලංකාර සටන්  බොහොමයක් අන්තර්ගතයි. අතීතයෙන් එන පුද්ගලයෙක් අනාගතේ සිටින වෛද්‍යවරියක් අතීතයට රැගෙන යනවා. ඒ අතීතයෙදි ඇගේ ජීවිතට වන සිදුවීම් තමයි මේ කතාවෙන් කියවෙන්නේ. එහෙනම් අපි බලමු නේද…

ඉයුන් සු වෙත ලැබෙන රහස් ලිපියක සඳහන් වෙන්නේ යුආන් දූතයට ඇයව යුආන් දේශයට ගෙන යායුතු බවය. මේක දැනගන්න චෝයි යන්ග් ඇයත් සමග ආයෙමත් පැනල යන්නයි හදන්නේ. ඒ අතර යුආන් දූතයා රජතුමාට කියා සිටිනවා ඩියොක්හන්ග් කුමරුන් රජ කිරීමට තමන් සතුව නියෝගයක් ඇති බව. එලෙසම ඉන්පසු යුආන් දේශයට ගෝරියෝව ඈඳා ගන්නා බව. මෙයින් වැලකි සිටීමට නම් වෙදැදුරුතුමිය ඝාතනය කර නැවතත් යුආන් ලාංඡනය පාවිච්චියට ගන්නා ලෙස ඔහු පවසනවා. තමන් මාලිගයෙන් පිටවන බව රජතුමාට පැවසීමට එන චෝයි යන්ග් හමුවීම රජතුමා ප්‍රතික්ෂේප කරනවා. රජතුමාගෙ කැමත්ත යුධවැදී හෝ ගෝරියෝව ආරක්ෂා කර ගැනීමයි. ඒ සඳහා පෙර සුදානමක් ලෙස ඔහු හමුදා එක්රැස් කරනවා.  මේ අතර චෝයි යන්ග් සමග පලාගිය ඉයුන් සූ හට දිනපොත මෙන් තවත් පණිවිඩයක් හමුවෙනවා.

Faith (2012– ) on IMDb

 

 

700 MB (15.32 GB) කොපිය මෙතනින් බාගන්න

08F21AC76207BD3588CF5D98567C2192791B6498
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous  Episodes              All Episodes                Next Episodes>>

Check Also

Separation (2021) Sinhala Subtitles | අසාමාන්‍ය වෙනස්වීම [සිංහල උපසිරැසි සමඟ] [18+]

යාලුවනේ,කොහොමද ඔයාලට. ඉතින් ඔන්න මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන එන්න තමා මේ ලෑස්තිය.ඉතිං මේ චිත්‍රපටය …

Leave a Reply

Your email address will not be published.

4 comments

  1. Meke hash tag 1n link 1t ynne nhne mta direct link 1k 2nnko pls

  2. බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

error: Alert: Content is protected !!