Monday , September 26 2022
Breaking News

Fantastic 4: Rise of the Silver Surfer (2007) | අරුම පුදුම හතරදෙනා නැවතත් කරලියට. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.8/10. From 16 votes.
Please wait...

Fantastic ffss 2007

ඔන්න යාළුවනේ මමත් හා හා පුරා බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට එකතු වෙන්නයි හදන්නේ. හැමදාම බයිස්කෝප් සයිට් එකෙන් සබ් බාන නිසා මටත් හිතුණා සබ් එකක් දාලා මේ වැඩේට එකතු වෙන්න. මේක මගේ පළවෙනි සබ් එක නිසා මට මේක ඉවර කරන්න ටික කාලයක් ගියා. මට සබ් එක දාන්න මේ ෆිල්ම් එක තෝරගන්න හිතුණෙ මම sci.fi වැඩිපුර බලන නිසා. මේ සබ් එකේ සමහර තැන් වල මම සිංහල තේරුම ඒ විදිහට ගන්නෙ නැතුව චිත්‍රපටයට ගැලපෙන විදිහට සකස් කළා. චිත්‍රපටය හොඳින් තේරුම් කරන අදහසිනුයි එහෙම කළේ. ඒ වගේම කියන්න ඕනි මේ මගේ පළවෙනි උපසිරැසිය නිසා ගොඩක් වැරදි අඩුපාඩු ඇති. ඒවට සමාවෙන්න. මේකෙ හොද නරක ගැන පුංචි comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.

ෆිල්ම් එකේ විස්තර ටිකක් කියනව නම් මේක 2007 වසරේ නිකුත් වුණු Action/Fantasy/Sci.fic ගණයට වැටෙන චිත්‍රපටයක්. IMDB දර්ශකයේ 5.6 ක අගයක් මේ චිත්‍රපටයට ලැබිලා තියෙනවා. මෙහි අධ්‍යක්ෂණය Tim Story විසින් සිදුකර තිබෙනවා. ඔහු Fantastic four(2005), Think Like A Man (2012), Ride Along (2014) වැනි සුපිරි චිත්‍රපට වල අධ්‍යක්ෂකයා ලෙස ද කටයුතු කළා.

මෙහි නළුනිළියන් වන්නේ,

Ioad Gruffndd (රීඩ් රිචඩ්)
Jessica Alba (සූසන්)
Chris Evans (ජොනී)
Michael Chiklis (බෙන්)
Doug Jones (සිල්වර් සර්ෆර්)
Julian Mcmahon (වික්ටර් වොන් ඩූම්)

මම හිතනවා මේකෙ පළවෙනි ෆිල්ම් එක හැමෝම බලලා ඇති කියලා. ඒනිසා මම කතාවටම බහින්නම් ග්‍රහලෝක ආහාරයට ගන්න ගැලැක්ටස් කියන කෙනා පෘතුවියත් විනාශකරන්න එයාගෙ සේවකයෙක් වන සිල්වර් සර්ෆර්ව පෘතුවියට එවනවා.එතනින් තමයි කතාව පටන්ගන්නෙ.එයාගෙ බලපෑම නිසා පෘතුවිය පුරා විවිධ විපර්යාස සිද්ධ වෙනවා. මේ අතරේ වොන් ඩූම් නිදහස් වෙනවා.ඩූම්ට ඕනි වෙනවා සර්ෆර්ගෙ බලමූලය ලබාගෙන බලවත් වෙන්න.සුපිරි හතර දෙනා මෙයාලව නවත්වන්න කරන සටන තමයි ෆිල්ම් එක පුරා දිවයන්නෙ.ඒ වගේම රීඩ් හා සූසන් විවාහ වෙන්න “දරන උත්සාහය”ත් අපිට මේ ෆිල්ම් එක පුරාම දැකගන්න පුළුවන්.(මම “දරන උත්සාහය” කියන වචනෙ පාවිච්චි කළේ ඇයි කියලා ඔයාලට ෆිල්ම් එක බලනකොට තේරුම් ගන්න පුළුවන් වෙයි).මොනව වුණත් සිල්වර් සර්ෆර් එයාගෙ නායකයගෙ අණ පිළිපදින්නෙ එච්චර කැමැත්තකින් නම් නෙමෙයි.ඒක එහෙම වෙන්නෙ ඇයි කියලත් ඔයාලට මේක බලද්දි තේරුම් යයි.

සිල්වර් සර්ෆර් එයාගෙ රාජකාරිය හරියට ඉටු කරයිද? මේ අභියෝගය ජයගන්න සුපිරි හතර දෙනාට හැකිවෙයිද? ඩූම් මොනව කරයිද? රීඩ් සහ සූසන්ගෙ කසාද බඳින්න “දරන උත්සාහය”සාර්ථක වෙයිද? මේ ප්‍රශ්න වලට උත්තර ෆිල්ම් එක බලලම හොයාගන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.එහෙනම් තවත් සුපිරි ෆිල්ම් එකකින් හමුවෙනකම් හැමෝටම ජයවේවා!

ඒ වගේම ලිපිය සැකසීමේදි උදව් කරපු සොහාන් සොහොයුරාටත්, මට අවස්ථාව ලබාදුන් බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමටත් ගොඩක් ස්තූතියි!!!

Fantastic 4: Rise of the Silver Surfer (2007) on IMDb

 

 

549 MB කොපිය මෙතනින් බාගන්න

ec4dc027aff777d333577f589112a684e76c5c60

700 MB කොපිය මෙතනින් බාගන්න

9b99df1602d510bb85b7be1b274b98174eeb6525
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමිල උදයන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

තබ්බර් (2021-) [S01 : E07] Sinhala Subtitles | පුතු මියෙනා සැටි බලා හිඳිමි..!! [සිංහල උපසිරසි]

Tabbar එහෙමත් නැත්තම් “පවුල” කියන Mystery | Thriller ගණයේ මේ කතාමාලාව පසුගිය වසරේ විකාශනය වෙන්න …

Leave a Reply

Your email address will not be published.

38 comments

  1. sub eke samahara than awl wela thibba

  2. thank you

  3. nimsara_prekash

    තෑන්ක්ස් බ්‍රදර් සබ් එකට

  4. Sandunprabath1230

    බොහොම ස්තූතියි සහෝ

  5. downlod venne nani

  6. Thanks bro…

  7. Thanks you bro………..

  8. Supun Madhusanka (Bunny)

    Thanks saho….. ela…..

  9. සුපුන් සංදීප

    ah…maru maru….. cngnz…bro…

  10. Thank you very much bro..

  11. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

  12. Sohan jayasooriya

    Elaz..z..z…subha pathum saho palamu sinhala upasirastiyata….thanx bro…

  13. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, පළමු එකම සුපිරි එකක්නේ, නියමයි, දිගටම සබ් දෙන්න, ජයවේවා.

  14. thnk uw meka denakm balan hitiye
    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ

  15. sub එකට ස්තූතිය් සහෝ

  16. පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු
    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀

  17. බොහොම ස්තූතියි සමිල සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

  18. ස්තුතීයි

  19. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සමිල සහෝ.. 😛
    පලවෙනි උපසිරසියට සුබ පැතුම්.
    මේක බලලා තියෙනවා වගෙ මතකයි.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!


  20. නියමයි.
    පළමු සබට සුබ පැතුම්
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  21. “චූටී මල්ලි”

    මේක බලලා නෑ බන්
    සෙට් උනොත් බලනවා ඈ…
    සබට තුති
    ඔබට ජය……

  22. Thank you saho.. Palamu upasirasata suba pathum

  23. කැලුම් ගුණසේකර

    පළවෙනි උපසිරැසියට උණුසුම් සුභපැතුම්. ෆිලුම තියන නිසා උපසිරැසිය ගත්තා. ස්තුතියි.

  24. G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks SAMILA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa…………

  25. වරුණ රංගජිත් (වරූ)

    ela broo
    thanks
    jaya wewa…!!!
    hoya hoya hitiye

  26. Thank You………

  27. Raveen Fernando

    මට THE HUNGOVER GAMES එකේ උපසිරස දෙන්නකෝ

  28. Yushen Kaushik

    පට්ට…කලින් බලලා තියේ.ආයිත් sub එක්ක බලන්න ඕන..thanks….

  29. patta sahoooooo 1st ekat maru. makat balala tiyanawa et aya banawa sub ekata tanx..jaya wewa..

  30. චන්දිම අමරසිංහ

    පලවෙනි වැඩේට සුභපැතුම් නියම මුවි එකක් ඔබට තුති එවගේම සුභපැතුම් දිගටම කරගෙන යමු…#$

  31. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  32. නලින්

    ස්තුතියි සමිල සහෝ!

    පළමු නිර්මාණය වේනුවෙන් මුලින් සුභ පතනවා.. තව තවත් මෙවැනි කථා වලින් අඩවිය පුරවන්න කියලා ඉල්ලනවා!

    ජය වේවා!

  33. Thanks Bro

error: Alert: Content is protected !!