Tuesday , October 4 2022
Breaking News

Fatherhood (2021) Sinhala Subtitles | මව් සෙනෙහස පැරදවූ පිය සෙනෙහස. [සිංහල උපසිරසි]

Rating: 9.3/10. From 27 votes.
Please wait...

මේ අවුරුද්දෙ ආව සුපිරිම ෆිලුමක් අරන් තමා අද මං ආවෙ. මුලින්ම කියන්න ඕනෙ මේක පරක්කු උනාට සමාවෙන්න ඕනෙ. මේ වැඩත් එක්ක ටිකක් අමාරු උනා සබ් එක අරන් එන්න. kevin hart කිව්වම කොමඩි බලන අය නම් නොදන්නවා වෙන්න බෑ. ඔන්න මේ පාර පොරට වෙනස්ම චරිතයක් හම්බෙලා තියනවා. අපි වෙනද දකින කොමඩි kevin hart ව නැතුව මෙදා සැරේ වෙනම kevin hart කෙනෙක් තමා දකින්න හම්බෙන්නෙ මේ ෆිලුමෙන්. සංවේදි, තනිකඩ පියෙක්ගෙ චරිතයකට තමා මෙදා පොටේ kevin ඉන්නෙ. kevin ට අමතරව Melody Hurd, Alfre Woodard, Lil Rel Howery, DeWanda Wise යන අයත් මේකට රංගනයෙන් දායක වෙනවා. Comedy/Drama ගණයට වැටෙන ෆිලුම එලියට දාන්නෙ අපි කව්රුත් දාන්න Netflix තමා. IMDB එක 6.7ක් වගේම කුණු තක්කාලි මට්ටම 67% ක් තියාගෙන ඉන්න මෙයා රිලීස් වෙන්න හිටියෙ 2020. ඒත් වසංගත තත්වෙ හින්ද ඒක දෙපාරක් තුන්පාරක් විතර කල් ගිහින් 2021 ජූනි 18 Netflix එකෙන් එලියට දැම්මා.

ඒ වගේම මේ ෆිල්ම් එක හදන්නෙ Matthew Logelin කියන කතුවරයා තමන්ගෙ ජීවිතේ මුහුණ දුන්න සත්‍ය සිදුවීම් අලලා ලිව්ව Two Kisses for Maddy: A Memoir of Loss and Love යන පොත පදනම් කරගෙන. Matthew Logelin (kevin hart) තමන්ගෙ දුවව තනියම හදාගන්න දරන වෑයම තමා කතාවෙ සිද්දිය. ලොකුවට මං විස්තර කියන්නෙ නෑ කිව්වම රහ නැති වෙනවනේ. තාත්ත කෙනෙක්ට තනියම දරුවෙක් හදාගන්න තියන අමාරුව, එතකොට එන ප්‍රශ්න ඔක්කොම මේ ෆිල්ම් එකෙන් අපිට දැක ගන්න පුළුවන්. කොමඩි සීන් එකේ ඉන්න kevin hart උනත් මේ චරිතෙට සුපිරිම සාධාරණයක් කරල තියනව කියල ෆිලුම බැලුවම ඔයාලට තේරෙයි. ඒකෙන් අදහස් කරන්නෙ කොමඩි නෑ කියන එක නෙවෙයි හොඳේ.

හොඳයි එහෙනම් ඔය ටික තමා විස්තර ටික. ලිපිය අවුල් වගේ කියල ෆිල්ම් එක බලන්නෙ නැතුව ඉන්න එපා. හොඳ ෆිලුමක් මග ඇරෙයි. මේක බාර දුන්න ලශේන් අයියාවත් මතක් කරන ගමන් දැනට නවතිනවා. තව ෆිලුමකින් හම්බෙමු. පරිස්සමින් ඉන්න. හැමෝටම ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Bullet Train (2022) Sinhala Subtitles | බුලට් ට්‍රේන් [සිංහල උපසිරැසි] (18+) *350*

හෙමින් සීරුවේ 350වෙනි උපසිරසියටත් ඇවිල්ල ඔන්න. සබ් එකක් කරනවා කියන්නෙම තනිකර කට්ටක්. සබ් එකක් හරි …

Leave a Reply

Your email address will not be published.

22 comments

  1. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  2. Thanks for Sub!

  3. Thanks.
    Cheer up Mr.lee and Yes day dennako

  4. Bohoma sthuthi..Jaya wewa!

  5. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. Thanks………good luck…….

  7. Thanxxxx bro…………..

  8. Thanks Brother

  9. Buddhika Lakmal

    ♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦

  10. බොහොම ස්තූතියි මහත්තයෝ…. බුදු සරණයි දෙව් පිහිටයි

  11. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  12. thanks..

  13. බොහොම ස්තුතියි උපසිරැසි වලට

  14. Sub ekata thanx

  15. Sachintha Benat

    බලපු ලස්සනම ෆිල්ම්වලින් එකක්. කෙවින් හාර්ට් පට්ටම සාධාරනයක් චරිතෙට කරනවා.

    බොහොම ස්තූතී සහෝ සබ් එකට​.

  16. උපසිරැසිවලට ස්තූතියි පුළුවන් නම් ‘ ‘ එකටත් දෙන්න

  17. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  18. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  19. Thanks bro for the Sub!

error: Alert: Content is protected !!