Saturday , December 4 2021
Breaking News

Finch (2021) Sinhala Subtitle | ලෝක විනාශයක් හමුවේ… [සිංහල උපසිරසි]

Rating: 9.4/10. From 50 votes.
Please wait...

Finch කියන්නෙ 2021 වර්ෂයෙ Apple TV + හරහා නිකුත් වෙන චිත්‍රපටයක්. ඔය See වැනි කතාමාලා නිකුත් වෙච්ච ස්ට්‍රිමින් සර්විස් එක. හැබැයි ඇත්තෙන්ම කිව්වොත් මේක Universal හරහා නිකුත් වීමට තිබුණු එකක්. නමුත් වසංගතය තත්ත්වය හේතුවෙන් කල් ගියා. ඊට පස්සෙ තමයි මෙයාලා චිත්‍රපටය Apple TV + එකට විකුණුවෙ. ඒවගේම තමයි චිත්‍රපටයට BIOS ලෙස නිකුත් වෙන්න තිබිලා පස්සෙ Finch ලෙස මාරු කෙරුණා. මේ වෙනකොට IMDb අගය 7/10 සහ කුණු තක්කාලි අගය 72% අරගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණ කරන්නෙ Miguel Sapochnik විසින්. චිත්‍රපටය අයිති වෙන්නෙ Sci-Fi l Drama l Thriller යන කාණ්ඩ වලට අයත් වෙන චිත්‍රපටයක්ද වෙනවා. රංගනයෙන් ප්‍රසිද්ධ රංගන ශිල්පී Tom Hanks ( මගේ කැමතිම නළුවා ) l Caleb Landry Jones l Skeet Ulrich l Samira Wiley l Laura Harrier දායක වෙනවා. ඒවගේම තමයි මේක ලෝක විනාශය හා සම්බන්ධ චිත්‍රපටයක්ද වෙනවා. ඔයාලට පුර්ව ප්‍රචාරක පටය නැරඹුවොත් ඒක දැකගන්න ලැබෙයි. එහෙනම් දැන් කතාව ගැන පොඩි විස්තරයක් දැනගමුකො.

ෆිංච් කියන්නෙ ඉංජිනේරුවෙක්. ඉතින් මෙයා ජීවත් වෙන්නෙ තමන්ගෙ බලලත් එක්ක. හැබැයි ලෝකෙම ගොඩක් මිනිස්සු ඒ වෙද්දීත් මැරිලා. ඒ මොකද පාරජම්බුල කිරණ නිසා. දැන් ලෝකෙ කෑම එහෙම ඉතා අඩුයි. ඉතින් එළියට යන්න බැහැ මුළු ඇඟම වගේ පිච්චිලා යනවා. කොහොමහරි මෙයා අවුරුදු ගාණක් මේ බලලත් එක්ක ඉන්නෙ. මෙයා පණ බේරාගෙන ඉන්නෙ එයාගෙ සිසිලන පද්ධතිය සහ UV කිරණ වලින් බේරෙන ඇඳුමක් මාර්ගයෙන්. ඉතින් මෙයා හැම තැනටම වගේ යනවා කෑම හොයාගෙන. ඒවගේම කියන්න ඕන මේ ලෝකෙ මිනිස්සු තව ඉන්නවා කියලා. හැබැයි මෙයාලා ගොඩක් එන්නෙ රෑට. කොහොමහරි ෆිංච් රොබෝ කෙනෙක්ව නිර්මාණය කරනවා. මේ රොබෝව නිර්මාණය කරන්නෙ තමන් මැරිච්ච කාලෙක එයාගෙ බල්ලව බලාගන්න. ඉතින් මේ නිර්මාණය කරන අතරේදී තවත් කුණාටුවක් එනවා. ඒවගේම තමයි මේක ප්‍රබල කුණාටුවක්. දවස් 40 ක කාලයක් පමණ තියෙන. ඉතින් මෙයා ළඟ එච්චර දවස් වලට හරියන්න කෑමක් නැහැ. ඉතින් තීරණය කරනවා මෙතැනින් පිටවෙලා තව තැනකට යන්න. එහෙනම් අපි බලමුකො ෆිංච්ගෙ මේ චාරිකාව කොහොම වෙයිද කියලා? ඔහුව බඩගින්නෙ ඉන්න භයානක මිනිස්සු හම්බවෙයිද? තවත් ස්වභාවික විපත් වලට මුහුණ පාන්න සිද්ධ වෙයිද? ඔයාලම බලල දැනගන්නකො එහෙනම්.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Arcane (2021-) [S01 : E03] Sinhala Subtitles | වෙනසකට මුල පුරන්න දරුණු වැඩත් ඕන වෙනවා [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මං හිතනවා කට්ටියට මේ සීරිස් එක අල්ලලා යන්න ඇති කියලා. මතකනෙ ඉතින් වුන සිද්දි, …

Leave a Reply

Your email address will not be published.

39 comments

  1. Ela
    Thx

  2. thanks…….

  3. Thanks for the sub!!!!!!

  4. නිරෝෂ්

    ස්තුතියි රවිඳු සහෝ.ජයවේවා!

  5. හොඳ චිත්‍රපටයක්.

  6. Thanks Brother

  7. ELAAAAAAAA

  8. Ela

  9. Tnx bro…Good luck…Stay safe…

  10. Sub ekata thanks bn

  11. සබ් එක දුන්නට බොහොම ස්තූතියි…

  12. ස්තුතියි !

  13. Thank You

  14. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  15. Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  16. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  17. thanks..

  18. Bro puluwannnan Midsommar eka directors cut ekata update krnnako

  19. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  20. සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  21. Thank you

  22. බොහොම ස්තුතියි සහෝ සබ් එකට…

  23. උපසිරසියට තුති

  24. උපසිරැසියට ස්තූති සහෝ…❤️

  25. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

  26. උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  27. thnks machn

  28. සිංහල උපසිරැසියට ස්තූතියි

  29. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  30. අම්බෝ සබ් එක දෙනකම් බලන් ඉදියේ…ස්තුතියි සබ් එකට..යජ වේවා

  31. උපසිරසට ගොඩාක් ස්තුතියි ඉක්මනින් ලබා දුන්නාට…
    ටොම් හැන්ක් ගේ එකක් නම් අත අ‍රින්නෙම නැහැ

  32. අශේන් R

    සබටස්තූතියි. මගෙත් ආසම නළුවෙක් ටොම් හෑන්ක්ස්.

  33. Charith Heshan

    සබ් එකට ස්තුතියි.

  34. Charith Heshan

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ

error: Alert: Content is protected !!