අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Game of Thrones [S7E01 – Dragonstone] with Sinhala Subtitle (18+) | උරුමය නැවත තමන් සතු කරගැනීමට. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 243 votes.
Please wait...

කොහොමද යාළුවනේ? මෙන්න එහෙනම් හරියටම අවුරුද්දකුත් තව ටික කාලයකට පස්සෙ ආපහු ශීත සෘතුව ආපහු ඇවිල්ලා. කලින් අවුරුදු වල නම් මේ වෙද්දි කතා සමය අවසන් වෙලත් ඉවරයි. මෙදාපාර කොහොමත් පරක්කු වෙනවම කිව්වනේ. අනික මෙච්චර කල් මහාද්වීපයේ තැනින් තැන උන්න චරිත දැන් එකම තැනකදී හමුවෙන තත්වෙට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ අදියර බොහොම සිත්ගන්නාසුළු, උද්වේගකර එකක් වේවි. එහෙනම් ලොකු විස්තර වලට යන්න කලින් අපි අන්තිම කොටසේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගම්මු. අහ් අනික GOT විශේෂඥ තරිඳු අයියගේ ලිපියත් ඔන්න අද තියෙනවා. කියවල නිකන්ම යන්න එහෙම එපා ඔන්න. එයාගේ වීඩියෝ රිවිව් බැලුවහම GOT ටීෂර්ට් දිනාගන්නත් පුළුවන්.

ප්‍රාකාරයෙන් පිටත. ( සිතියමේ අංක 1 )

බ්‍රෑන්ව හා මීරාව කැටුව එන බෙන්ජන් අංකල් ඔවුන්ව ප්‍රාකාරය අසලදී ඔවුන්ගෙන් වෙන්වෙනවා. මොකද ප්‍රාකාරයේ මායා බලය නිසා ඔහුට එයින් ගමන් කිරීමට නොහැකි බව දන්වමින්. ඒ වගේම එතන තියෙන වෙයාවුඩ් වෘක්ෂයේ ආධාරයෙන් තම පියා සිටි සතුටේ කුළුණෙදි ( සිතියමේ අංක 6 ) අතීතයේ වෙච්ච සිදූවීම් ආපහු දකින බ්‍රෑන් දැනගන්නවා ජෝන් ස්නෝව් යනු තම පියාට නොව නැන්දනියට දාව, රේගාර් ටාගේරියන්ට දාව උපන් ටගේරියන්වරයෙක් බව. මේක කතාවේ ලොකු හැරවුම් ලක්ෂයක් වෙනවා නොවනුමානයි.

වින්ටෆෙල් වල ( සිතියමේ අංක 2 )

ශෙරීන් කුමරියගේ මරණය ගැන දැනගන්න ඩාවෝස්, ජොන් ගෙන් ඉල්ලා සිටිනවා මැලිසැන්ඩ්‍රේට මරණ දඬුවම දෙන ලෙස. මැලිසැන්ඩ්‍රේ පවසනවා ඉදිරියේදි ධවල ඇවිදින්නන් හා සමඟ එන්න යුද්ධයේදී තමන්ගේ සහය වැදගත්වන බව. ජොන් තීරණය කරනවා මැලිසැන්ඩ්‍රේව පිටමන් කරන්නත්, ආපහු වින්ටර්ෆෙල් ආවොත් මරාදමන බවටත්.

මේ අතර ලිට්ල්ෆින්ගර් සන්සාව ජොන් එක්ක කොටවලා තමුන්ගේ බිරිය කරගෙන වෙස්ටරොස් වල රජු වෙන්න හීන දකිනවා. සන්සා එයට අකමැති වුණත් පසුව උතුරේ නායකයන් හා සමඟ හමුවේදී ඔවුන් ජොන්ව තමුන්ගේ එකම නායකයා හා උතුරේ රජ බවට පත් කරගන්නවා. ඉදිරිය හරිම අවිනිශ්චිතයි මිත්‍රවරුනි.

ට්වින්ස් වලදී ( සිතියමේ අංක 3 )

තමුන් ලද ජයග්‍රහණය ජේමි හා සමඟ සමරන වෝල්ඩර් ෆ්‍රේව පස්සෙන් පහු ආර්යා ස්ටාක් විසින් බෙල්ල කපා මරා දමනවා. එසේම ඊට කලින් ඔහුගේ ප්‍රධාන උරුමක්කාර දරුවන් දෙදෙනාවත් ආර්යා මරා දානවා. මේ අනුව තම අයියා වූ රොබ්ව හා තම අම්මා වූ කැට්ලින්ව, බෝල්ටන් වරු හා එක්ක ද්‍රෝහීවී මරා දැමූ රත් විවාහයේ පලිය ආර්යා සම්පූර්ණ කරනවා.

කිංග්ස් ලෑන්ඩින් වලදී ( සිතියමේ අංක 4 )

සර්සිගේ හා ලෝරස් ටයිරෙල්ගේ නඩු විභාගය දා සර්සි විසින් බොහෝ දෙනෙක් එක් රැස් වී සිටි දෙවොල වයිල්ඩ් ෆයර් මඟින් අලුකරල දානවා. රැජින වෙච්ච මාජරිට අවසාන මොහොතේ ඒ ගැන ඉව වැටුණත් හයි ස්පැරෝ ඔවුන්ට යන්න නොදී ඉන්න මෝඩ තීරණය ගන්නවා. මේ අනුව ටයිරෙල් පවුලේ වත්මන් පාලකයා මේස් ටයිරෙල්, ඔහුගේ පුත් ලෝරස් ටයිරෙල් හා සත් රාජධානියේ රැජින වූ මාජරී එයින් මිය යන නිසා ටයිරෙල් වංශය බොහෝ දුරට ඉවරයක් වුවා හා සමානයි. හයි ස්පැරෝ හා ආගමික අන්තවාදීනුත් එයින් මියනවා. ප්‍රධාන දෙවොල අළු වෙනවා. මේ සියල්ල දකින ළමා රජු වූ ටෝමන්ද ජනේලයෙන් පැන දිවි නසා ගන්නවා.

ට්වින්ස් වල සාදයෙන් පසුව ආපහු කින්ග්ස් ලෑණ්ඩින් බලා එන ජේමි දකින්නෙ දුම් පිටවන ප්‍රධාන දෙවොල හා ඒ මතින් සත් රාජධානියේ රැජින ලෙස කිරුළු පළදින සර්සිවයි.

ඕල්ඩ් ටවුන් හිදී ( සිතියමේ අංක 5 )

ගිලී හා කුඩා සෑම් එක්ක ආචාරියෙක් ලෙස පුහුණුවීමට එන සෑම් අන්තිමේ ප්‍රධාන විශ්ව විද්‍යාලය බඳු සිටඩෙල් වෙත පැමිණෙනවා. එය වෙත පැමිණෙන විටම ඔහුට දකින්න ලැබෙනවා අවුරුදු ගණනාවක් පුරා පවතින වෙස්ටරොස් ශීත කාලය එළඹ ඇති බවට හැම රාජාධානියකටම දන්වා යවන සුදු කපුටන් එහි සිට පණිවිඩයත් සමඟ යන ආකාරය. ප්‍රධාන ආචාරීතුමන් එනතෙක් සෑම්ට පමණක් අවසර ලැබෙනවා පුස්තකාලය පරිහරණය කිරීමට.

ඩෝන් හිදී. ( සිතියමේ අංක 7 )

තම වංශයේ අනාගත පරපුරම අහිමි වෙන ඔලෙන්නා ටයිරෙල් යනවා ඩෝන් හී එලාරියා සෑන්ඩ් මුණ ගැහෙන්න. ඒ සර්සිට එරෙහිව හමුදා එකතු කරන අටියෙන්. එහිදී ඇයගේ පුදුමයට හේතුවන පරිදි ඔවුන්ව මුණ ගැහෙන්නේ මෙරීන් සිට පැමිණි වේරිසුයි.

මෙරීන් හිදී. ( සිතියමේ අංක 8 )

ඩැනේරිස් විසින් තම ප්‍රධාන අනුශාසක ලෙස ට්රියන්ව නම් කරන අතර ඩාරියෝට දැනුම් දෙනවා ඔහුව වෙස්ටරොස් ආක්‍රමණයට රැගෙන නොයන බව. ඉන් පසු අවසාන දර්ශනය ලෙස මෙතක් කල් ඇය බලාපොරොත්තු වූ ආක්‍රමණය පිණිස වෙස්ටරොස් වෙත ඇය ගමන් කරනවා. ඒ ඩෝන්, ටයිරෙල්, අයන්බෝන් වංශවල් වල නැව් පුරවා ගත් සෙබළුන් බල ඇණි හා ඇයගේ මකරුන් තිදෙනාද සමඟයි.

ඉතින් ඔහොම තමා සිද්ධ වුණේ. අද ඉඳන් පටන් ගන්න ඒ අදියරේ තියෙන්නෙ කොටස් 7ක් පමණයි. හැබැයි ඒවා කලින් ඒවට වඩා දීර්ඝ කොටස්. තවත් කතා මොකටද? බලමු එහෙනම් නේ.

මෙන්න අද GOT විශේෂඥ තරිඳු අයියගෙන් ලිපිය. මගේ සබ් එකේ මොන අඩුපාඩුවක් තිබ්බත් කමක් නෑ තරිඳු අයියගෙ ලිපිය කියවන අය ඒ ගැන කිසි අගය කිරීමක් නොකර යන්න එපා. මේ කොටන යුනිකෝඩ් ටිකත් අපාරාදේ කියල හිතුවොත් අපිටමයි මේ වටිනා විස්තර නැතිවෙන්නේ. ඉතින් කමෙන්ට් එකක් දාල පොඩි හරි අගය කිරීමක් කරන්න කියලා ඉල්ලන ගමන්, ලබන සතියේ වැඩි විස්තර එක්ක හමුවෙනකම් සමුගන්නවා. ජය෴෴

ඩැනේරිස් ටාගේරියන්

Game of Thrones කතා මාලාවෙ දෙජාතියක මිනිස්සු ඉන්නවා. එක කොටසක් තමයි ක්‍රීඩකයෝ, එහෙම නැත්නම playersලා. අනිත් අය ඉත්තෝ. මේ අදහස Littlefinger පවා එකවරක් කතාවෙදි ප්‍රකාශ කරනවා. ඩැනේරිස් පළමු කතා මාලාව ආරම්භයෙදි අපි දකින්නෙ ඉත්තෙක් විදිහට. ඇයගේ සහෝදරය වුණ, විසේරිස් විශ්වාස කළ දේ තමයි, ටාගේරියන් කෙනෙක් වූ තමන්ට රොබර්ට් බැරතියන්ට වඩා Iron Throne එක අයිතියි කියන එක. ඒත් රජ කිරුළ ලබාගන්න ඔහුට එක ප්‍රශ්නයක්‌ තිබුණා. ඒ තමයි ඔහුට විශාල හමුදාවක් නොතිබීම. ඒ නිසා ඔහු තමන්ගෙ සහෝදරිය ඩැනේරිස් දොතරාකි හමුදාවේ නායකයා වූ කාල් ඩ්රෝගෝට විවාහ කරල දුන්නා. විකිණුවා කියන වචනය ඊට වඩා ගැලපෙනවා.

ඒත් වෙස්ටරෝස් දින දර්ශකයෙන් වසර 3කට පසුව ඩැනේරිස් දැන් Player කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. ඇයගේ සහෝදරයා සිහිනෙන්වත් හිතුවෙ නැති තරමේ විශාලා හමුදාවක් එක්ක දැන් ඇය ඇයට හිමි කිරුළ ලබාගන්න වෙස්ටරෝස් බලා පිටත් වුණා. වෙස්ටරෝස්වලට ළඟා වෙන්නත් කලින් ඇයට එහි සමහරක් ප්‍රබල නිවාසවල සහයෝගය ලැබී තියෙනවා. ඒ ඩෝන් (ඉලේරියා සෑන්ඩ් සහ ඇයගේ දියණියන්), රීච් (රිරෙල්/ටයිරෙල්), සහ තියොන් ග්‍රේජෝයි, යාරා ග්‍රේජෝයි ඇතුළු Iron Isalndsවලින් කණ්ඩායමකගෙ සහය.

ඉතිහාසය මතක් කරොත්, අවුරුදු 300කට ආසන්න කාලයක් Iron Throne එකේ ඉඳන් වෙස්ටරෝස් පාලනය කරේ ටාගේරියන්වරු. රොබර්ට් බැරතියන්ට රජ පුටුව ලැබුණේ විප්ලවයක ප්‍රතිපලයකින්. මේ යුද්ධයෙදි ඩැනේරිස්ගෙ තාත්තා වුණ දෙවෙනි ඒරිස් රජතුමා (Mad King) විතරක් නෙවෙයි, ඇයගෙ සොහොයුරා වුණ රේගා ටාගේරියන් පවා මිය ගියා. ඩැනේරිස් උපත ලබද්දි ඇයගේ අම්මත් මිය ගිය නිසා ටාගේරියන් පරම්පරාවේ ඉතිරි වෙලා හිටියෙ ඩැනේරිස් සහ විසේරිස් විතරයි. ඩැනේරිස්ට හම්බෙන්න හිටිය කාල් ඩ්රෝගෝගේ දරුවාට හානි කරන්න තර්ජනය කර නිසා විසේරිස් කාල් අතින් මිය ගියා.

කාල් මිය ගියාට පස්සෙ, දොතරාකි හමුදාවේ විශාල පිරිසක් අයගෙන් වෙන් වෙලා ගියා. කාල් ඩ්රෝගෝගේ චිතකයට මකර බිත්තර තුනක් සමග ගමන් කරන ඇය, නැවත ගින්දරෙන් පැමිනුනේ මකර පැටවුන් තුන් දෙනක් එක්ක. ඇය පිළිස්සෙන්නේ නැති බවට ඇයට විශ්වාසයක් තිබුණා වගේම, බිත්තරවල ජීවයක් පවතින බවට ඇයට හිතුණු නිසයි ඇය මේ දේ කරේ. වසර 150කට පසුවයි නැවත මකරුන්ගේ උපතක් වෙස්ටරෝස්වල සටහන් වෙන්නෙ. එදා සිට ඩැනේරිස් mother of dragon ලෙසත් හඳුන්වනු ලැබුවා.

මකරුන් සමග ඩැනේරිස් දොතරාකි මුහුද ලෙස හඳුන්වන මුඩුබිම් කාලාපයක අතරමං වෙලා සිටියා. ඇය සමග ජෝරා මෝමෝන්ට්, සහ ඇයට පක්ෂපාත දොතරාකි පිරිසක් ඉතිරි වුණා. අවසානයේ “කාත්”වලට ළඟා වුණ ඔවුන්, සිද්ධි දාමයක අවසානයේ වඩා පොහොසත් වී නැව් නැග “ඇස්ටෝපර්” පැමිණෙන්නෙ ඇයට වෙස්ටරෝස්වලට යාමට හමුදාවක් සකසා ගන්න. එහි වහල් වෙළදාම ගැන සංවේදී වූ ඇය, වෙස්ටරෝස් ගමන ප්‍රමාද කරලා ඇසටෝපර්, යුන්කායි, මරීන් නගර ප්‍රමුඛ Slaver’s Bay කලාපයේ වහල් වෙළදාම නතර කරන්න ප්‍රයත්න දැරුවා. විශාල අභියෝග රාශියකට මුහුණ දීල, අවසානයේ ඇය ඇයගේ අණසක එහි පතුරනවා. මරීන්වලින් පිටත් වීමට පෙර ඇති වුණ මහා යුද්ධය ඇය මකරුන් සමග එකතු වෙලා නිමා කරන්නෙ, මතක තියෙන කාලෙක වහල් වෙළෙන්දන් නැවත එම වෙළඳාමේ නොයෙදෙන්න පාඩමක් උගන්නල. ඒ කලාපයේ ඇය ඇති කළ ආරක්ෂාව තර කරන්න ඇය ඇයගේ පෙම්වතා වූ ඩාරියෝ නහාරිස් මරීන්වල ඉතිරි කර එනවා.

ටිරියන් ලැනිස්ටර්

ඇය එක්ක වෙස්ටරෝස් බලා පැමිණෙන පිරිසේ ප්‍රධානම සාමාජිකයා ටිරියන් ලැනිස්ටර්. ඩැනේරිස් ඔහුට Hand of the Queen තනතුර ලබා දුන්නෙත් මේ නිසයි. ටිරියන්ට වෙස්ටරෝස් පිළිබඳව වගේම ඉතිහාසය ගැනත් ඉතා විශාල දැනුමක් තියෙනවා. ඒ වගේම ටික කාලයකට හෝ ඔහු Kings Landing හි Hand of the King තනතුර දැරුවා. ස්ටැනිස් බැරතියන් Kings Landingවලට පහර දීල, Iron Throne එක ලබා ගන්න ආවෙත් මේ කාලෙදිමයි. ජෝෆ්රි, රොබර්ට් බැරතියන්ගේ නියම දරුවෙක් නොවන බව ඒ වනවිට බොහෝ දෙනා දැනගෙන හිටියා. ඒ නිසා රොබර්ට්ගෙන් පසුව Iron Throne එක නීත්‍යානුකූල විදිහට හිමිවිය යුතු වන්නෙ තමන්ට නිසයි ස්ටැනිස් මේ විදිහට විප්ලව සිදු කරේ.

Kings Landing බේරාගන්න සැලසුම් සහ යුද මෙහෙයුම් ටිරියන් විසින් කරත්, ජයග්‍රහණයේ ගෞරාවය ලැබෙන්නෙ අවසාන මොහොතේ ටිරෙල් හමුදාව සමග එහි පැමිණි ඔහුගෙ තාත්තා, ටයිවින් ලැනිස්ටර්ට. ඒ සමගම ජෝෆ්රි සන්සා සමග විවාහ ගිවිසීම කඩා දමා මාජරී සමග විවාහ වීමට තීරණය කළා. ජෝෆ්රිගේ නියමයකින් යුද්ධය මැද්දෙ ටිරියන්ව මරා දමන්න රාජ ආරක්ෂකයෙක් ගත් උත්සාහයේ ප්‍රතිඵලයකින් ටිරියන්ගේ මුහුණ පවා විකෘති වුණා. ටිරියන් කුඩා කළ සිට ඔහු ගැන වැඩි ප්‍රසාදයක් ටයිවින්ගේ තිබුණේ නෑ. ටයිවින්, සර්සි, ජේමි තුන් දෙනාම Kingslandingහි සිටිද්දි ටිරියන්ට Castle Rockහි අදිපාදකම නොදීමෙන් මෙය තවත් පැහැදිලි වුණා. දේශපාලනික වාසි ලබා ගන්න, ටිරියන්ට සන්සාව විවාහ කරගන්න බල කළේත් ටයිවින් ලැනිස්ටර්මයි.

ජෝෆ්රිගේ විවාහය දවසෙදි ඔලේනා ටිරෙල් සහ Little Fingerගෙ කුමන්ත්‍රණයකින් ජෝෆ්රිගේ වයින් පානයට වසා දමා මරා දැමුවා. ටිරියන් බොහෝ අවස්ථාවල ජෝෆ්රිට සහ සර්සිට එළිපිට තර්ජනය කර තිබූ නිසා මේ මරණයේ සැකය එල්ල වුණේත් ටිරියන්ටමයි. ඔහුගේ නඩු විභාගය සඳහා Trial by Combat එකේදී ඔහු වෙනුවෙන් සටන් කරන ඔබරේන් මාටෙල් මිය ගිය නිසා, ටිරියන් මරණ දණ්ඩනය අබියසට පැමිණුනා. ජේමි සහ වේරිස් එකතු වී මුදා හැරිය ටිරියන් Kings Landingවලින් පැන ගියේ තම පියා වූ ටයිවින් ලැනිස්ටර් පවා මරා දමලා.

දැන් ඩැනේරිස් සමග එකතු වී සිටින ටිරියන්, එක අතකින් බැලූ විට සටන් කරන්න පැමිණෙන්නේ ඔහුගේම පවුල සමගයි. ඩැනේරිස්ට රජ පුටුව ලබා ගැනීමට හරස්ව Iron Throne එකේ වාඩි වෙලා ඉන්නෙ ටිරියන්ගේ සහෝදරිය වන සර්සි. ටිරියන්ට සර්සි විසින් බොහෝ තාඩන පීඩන සහ වෛරකම් කර තිබුණත්, ජේමි ටිරියන්ට බෙහෙවින් ආදරය කළා. විසේරිස් සමග එකතු වෙලා ටිරියන් හොරෙන්ම හිරෙන් නිදහස් කරගන්න පෙර, ජේමි ටිරියන්ව නිදහස් කරගන්න ගිවිසුමකට ඇවිත් හිටියෙ. ඒ ටයිවින් බොහෝ ඉල්ලා සිටි පරිදි ජේමි Castle Rockහි ආදිපාද වී පිටත්ව යාම. ලැනිස්ටර්වරුන්ට විරුද්ධව ඩැනේරිස්ට සහයෝගය ලබා දීමත් එක්කම ටිරියන් ඔහුගේ ආදරණීය සොයුරා වන ජේමිටත් ද්‍රෝහී වෙනවා.

ජෝන් ස්නෝ

රේගා ටාගේරියන්ගෙ සහ ලියානා ස්ටාක්ගෙ පුතාවන ජෝන්, ඔහු කවදාවත් නොසිතූ ලෙස උතුරේ රජ බවට පත් වුණා. කුඩා කළ ඉඳන් ඔහු හැදුණේ නෙඩ් ස්ටාක්ගේ බිරිද වුණ කැටලින් ටලීගෙ ගැරහුම් මැද. ඒ ජෝන් නෙඩ් ස්ටාක්ගෙ අවජාතක පුතෙක් කියල කැටලින් විශ්වාස කළ නිසා. සන්සා පවා ජෝන් ස්නෝට කුඩා කාලයේ වැඩිය ප්‍රිය කළේ නෑ. ඒත් අනිත් සහෝදරයන් සහ ආර්යා ස්ටාක්, ජෝන් ස්නෝ සමග ඔහු සැබෑ සහෝදරයෙක් තරම් ලෙන්ගතුකමින් සිටියා. රොබර්ට් බැරතියන්ගෙ Hand of the King විදිහට නෙඩ් ස්ටාක් Kingslanding වෙත යද්දී, තමන් Night watch එකට බැඳෙන්න ජෝන් ස්නෝ තීරණය කරන්නෙ, තමන්ට වින්ටර්ෆෙල්වල තව දුරටත් සිටීම අපහසු නිසයි. ඔහු සිතා සිටියේ Night watch එක කියන්නෙ සටන්කරුවන්ගෙන් සැදුම් ලත් සුවිශේෂ තැනක් කියලයි. නමුත් wall එකට ගියාට පස්සෙයි ඔහු තේරුම් ගන්නෙ එය සමාව දුන් හොරුන්, දූෂකයන්ගෙන් සැදුම් ලත්, ඔහු තරම් සටන් පුහුණු වූ අය නැති තැනක් කියල.

මුල් කාලයේ ජෝන් ස්නෝ Night watch එකේ සිටියෙ කැමැත්තෙන් නෙවෙයි. විශේෂයෙන්ම ඔහුගේ පියා ලෙස සිතා සිටින නෙඩ් ස්ටාක් මරා දැමුවා කියන ආරංචිය ලැබුණට පස්සෙ, ඔහු night watchඑකෙන් පැනල ගිහිං රොබ් ස්ටාක් සමග එකතු වී යුද්ධ කරන්න පවා තීරණය කරා. ඒත් ඔහුගේ යාළුවන්ගෙ මැදිහත් වීමෙන් ඔහු තව දුරත් night watch එක සමගම සිටියා. නායක මෝමෝන්ට් සමග wall එකෙන් උතුරට ගිය ජෝන් ස්නෝට සහ night watch එකට, whitewalkersල ගැන පැතිරෙන කතා ඇත්ත බව තේරුම් ගියා. ජෝන් wildlings හමුදාවට හසුවී සිටිද්දි, ඉතිරි night watch කණ්ඩායමට whitewalkersල පහර දෙනවා.

wildlingsල සමග ගත කරන කාලයේ ඒ කණ්ඩායමට බැඳුණු ලෙස හඟවා, King Beyond the wall ලෙස හැඳින්වූ මාන්ස් රේඩර් ප්‍රමුඛ හමුදාව wall එකට පහර දෙන්න එද්දී, ජෝන් ස්නෝ ඔවුන් සමග පැමිණුනා. අවසාන මොහොතේ තම සහෝදර night watch එක සමග එකතු වූ ජෝන් ස්නෝ, wildlings හමුදාව පරාජය කර දැමුවා. ඒ ස්ටැනිස් බැරතියන්ගේ උදව්වද ඇතුව. whitewalkersල ගැන සහ wildlings හමුදාව ගැන night watch එකෙන් kingslanding සහ වෙනත් ප්‍රධාන නායකයන්ට දන්වා සිටියත් ඔවුන්ගේ උදව්වට පැමිණියේ ස්ටැනිස් පමණයි. උතුරේ සහයෝගය ලබා ගන්න ජෝන් ස්නෝට උතුරේ රජකම භාර ගන්න ස්ටැනිස් යෝජනා කරත්, ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරන ජෝන් ස්නෝ, night watch එකේ මීළඟ නායකයා බවට පත් වුණා.

whitewalkers ගැන ඇත්ත දන්නා නිසා, ඔවුන් මගින් wildlingsල මිය යාම වැලක්වීමටත්, ඒ මිය යන පිරිස army of dead එකට එකතු වීම වැලක්වීමටත් ජෝන් ස්නෝ ඉතිරිව සිටින wildlings පිරිසට wall එකෙන් දකුණු පැත්තට එන්න ඉඩ ලබා දෙනවා. මෙය අවුරුදු දහස් ගාණක් තිස්සේ night watch එක විසින් ආරක්ෂා කළ නීති රීති කඩ කිරීමක් නිසා, ඇලිස්ටර් තෝන් ඇතුළු පිරිසක් ජෝන් ස්නෝ මරා දැමුවා. ඔහුට නැවත පණ ලබා දුන් මැලිසැන්ඩ්රාට, ජෝන් ස්නෝ “Prince that was Prmised” එහෙමත් නැත්නම් Azor Ahai බව ඇයගේ ඇති විශ්වාසය තවත් වැඩි වුණා.

පණ ලබා සිටින ජෝන් ස්නෝට ඔහුව සොයාගෙන ආ සන්සාව මුණ ගැසුණේ wall එකෙදිමයි. ඔවුන් දෙදෙනා අතර කවදාවත් නොතිබූ සහෝදර සම්බන්ධයක් ගොඩ නැගෙන්නේ, ඔවුන්ගෙ පවුලට වුණ සියලු සිදුවීම් අවසානයේ, ඔවුනොවුන් කවදාවත් ආයෙත් දකින්න ඔවුන්ට අවස්ථාවක් ලැබෙයි කියල ඔවුන් නොසිතු නිසා. ජෝන් සහ සන්සා, wildlings හමුදාව සහ තවත් උතුරේ නිවාස කිහිපයක් එකතු කරගෙන වින්ටර්ෆෙල් නැවත ලබාගන්නේ රම්සේ බෝල්ටන් පරාජය කරලා. ඔවුන්ට අවසාන මොහොතේ Little Fingerගෙ යටතේ තියෙන Vale හමුදාවේ සහයෝගයත් ලැබුණා.

ජෝන්ගෙ නියම අම්මා තාත්තා කවුද කියන කාරණාව ජෝන්වත් හරියට දන්නෙ නෑ. ඒ නිසාම “You Know Nothing Jon Snow” වැකිය හරියටම හරි. ඒත් දැන් මේ ඇත්ත බ්‍රැන් දන්නවා. ඔහු වින්ටර්ෆෙල්වලට ළඟා වුණාට පස්සෙ, ඒ ඇත්ත අනිත් අයත් දැන ගනීවි කියල විශ්වාස කරන්න පුළුවන්. ජෝන් රේගා ටාගේරියන්ගේ පුතාද කියන කාරණාවට වඩා වැදගත් වෙන්නෙ ඔහු “Prince that was Prmised” එහෙමත් නැත්නම් Azor Ahaiද කියන එක. ප්‍රබල අනාවැකියකට අනුව whitewalkersල සමග මහා යුද්ධයෙදි මේ විශේෂ චරිතය ඉතා වැදගත් වෙනවා. ඔහු පරාජය වුණොත්, ලෝකය whitewalkersලගෙන් බේරගන්න එක කාටවත්ම කරන්න වෙන්නෙ නෑ.

පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.

Game of Thrones (2011) on IMDb

 

 

Works with – All HDTV Releases / BR – PSA

ඕනෑම ටොරන්ට් අඩවියකින් බාගත කරගන්නා ඉහත සඳහන් ටොරන්ට් සඳහා මෙම උපසිරැසිය සහය දක්වනු ඇත.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

288 thoughts on “Game of Thrones [S7E01 – Dragonstone] with Sinhala Subtitle (18+) | උරුමය නැවත තමන් සතු කරගැනීමට. [සිංහල උපසිරැසි සමඟ]

  • Godak thanks ayye sub ekata

    Reply
  • Me sub eka extract kranna bane?

    Reply
  • උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • ඩවුන්ලෝඩ් කරන්න බෑ බං..එපා වෙනව

    Reply
  • Good job bro…

    Reply
  • sub ekata bohoma sthuthiyi ayye e wagema lipiyatath bohooooooooma sthuthiii

    Reply
  • meka download karanne kohomada

    Reply
  • supiri story ekk got ekt thiyenne.

    kohoma hari kathaawe galaa yaama therum gann me lipi tika maaara watinwa

    thank you very much THARINDU AYYE!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Thank for subtitles and thank tharidu brother for you are service

    Reply
  • Sub ekatai article ekatai thanks

    Reply
  • E wena episode ekaka sub ekakne thiyenne……okeee

    Reply
    • Ah hari bn….sorry ah sub eka hariyata set wela thibbe nah ekai sin eka une dan hari….ELA..ela sub eka maru a…..

      Reply
      • Mata wens welane bn ai dnna

        Reply
  • thank you ayiye

    Reply
  • බොහෝම ස්තූතියි සබ් එකටයි ලිපියටයි

    Reply
  • Ela.. Good job…! thanks for sub…….!

    Reply
  • 3 වෙනි පාරට බලන්ට බෑවේ….තෑන්ක්ස් බන් ❤️

    Reply
  • Thanks for subtitles

    Reply
  • සුපිරිම ලිපියක් එක්ක. පට්ට.
    උපසිරසියට බොහිම ස්තූතුයි සහො

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි………….ජය වේවා……………..!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • sub ekata wagema godak mahansi wela me lipiya dapu Tharidu sahotath bohoma thankzzzz…………

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි

    Reply
  • decompression error කියල මෙසේජ් එකක් එනවා ෆයිල් එක ඕපන් වෙන් නෑ හරි ෆයිල් එක දෙන්ඩකෝ

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි සහො

    Reply
  • උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි රොයිලි අයියේ…
    අවුල් ලිහෙන්න ලියපු ලිපියටත් ගොඩක් ස්තූතියි
    ජය!

    Reply
  • Sub ekata Godak Thanks රොයිලි සහො…

    තරිඳු අයියගෙ Lipiyatath Godak Thanks…

    Reply
  • mata download karaganna puluwan link ekak ewannako

    Reply
  • ගොඩාරියක් ස්තුතියි……

    Reply
  • ගොඩාරියක් ස්තුතියි රොයිලි අයියේ…

    Reply
  • Thankzzzzzzzzzz godak……wish u all the best…

    Reply
  • Thank you very much brothers

    Reply
  • Kauru hari mta torrent link eka denawada..

    Reply
  • Loku kepkirimak… thanks..elaa.. wish u all the best

    Reply
  • aiye 2ke sub natd……

    Reply
    • mata download karaganna puluwan link ekak ewannako machanla

      Reply
  • web srt plzzzzzzzzzzz

    Reply
  • giya satiye wge beri weida ada sub denna

    Reply
  • අම්මෝ අවුරැද්දක් හිටා බන්. තැනික්ස්. සේරම කතා ටික පිස්සේක් පිස්සෙක් වගේ බැලුවේ

    Reply
  • Pattai sahooo. hariyata notherunu samahara then den therum giya.. godak stuthi

    Reply
  • අප්පා මේ පාරනම් sub එක එන්නත් කලින්ම එපිය බැලුවා..ඒ තරම් හදිස්සියක් තිබුනෙ…sub එකත් බාගෙන දැන් සෑහෙන පාරක් බැලුවා..පට්ටම..දැන් ඉතින් බලන් ඉන්නෙ ඩැනී ජෝන් කවදා හම්බෙයිද කියල
    රොයිලි අයියටයි තරිදු අයියටයි ගොඩක්ම පින් මේ කරන සේවාවට

    Reply
    • machan link ekak evanna puluvanda download karaganna

      Reply
  • lipiya godak watinawa.eth thama balanna beriuna [S7E01 – Dragonstone].
    danna kenek innawanam download karanna link ekak hari download karana widiya hari kiyannako..
    thanks…!

    Reply
  • agaiya yuthu wistharayak sthuthi

    Reply
  • කමෙන්ට් ලිපි ටිකත් නියමයි
    ටීවී සීරියස් එකකට ෆිල්ම් එකකට කමෙන්ට් 200 පන්නලා දාලා ාතියෙනවා kaලෙකින්
    daක්කේ අනිත් ඒවටත් මෙහෙම වැටෙනාවානම් නේ

    Reply
  • niyamai royly aiye..samawenna one comment karanna pahu unata..tharindu aiyage lipiya wishishtai….ada kathawe nam wishesha deyak unema na..ed sheeran karaya chora welalu ne ambanekata…twitter account ekath delete karala….balamuko labana sathiye ehenm..jaya wewa..

    Reply
  • ඊලඟ දේ තමයි අවසන් වීරයා. Legend of the last hero කියන්නෙ වෙස්ටරෝස්වල ලෝං නයිට් සමයේ ජීවත් වුනු පුද්ගලයකු ගැන කියවෙන පුරාවෘතයක්. හැමෝගෙම ප්‍රියතම පුරාවෘතය වන අසෝරා අහායි කියන්නෙ වෙස්ටරෝස්වල පුරාවෘතයක් නෙමෙයි . ඒක එන්නෙ අශායිවලින්. මේ ඒකෙම වෙස්ටරොසි වර්ශන් එක වෙන්නත් පුලුවන්. බ්‍රෑන් ලෙඩ ඇඳේ ඉන්න කොට එයාට මේ කතාව කියන්නෙ “කතන්දර ආච්චි” ඕල්ඩ් නාන්. කතාව ඉවර කරන්න වෙන්නෑ මෙය්ස්ටර් ලුවින් කාමරයට එන හින්දා. ඒ නිසා අපි අවසන් වීරයාගේ ඉරනමත් මේ ඉන්නෙ අසෝරා අහායිමද කියලා කියන්නත් හරියටම දන්නෙ නෑ.

    “Now these were the days before the Andals came, and long before the women fled across the
    narrow sea from the cities of the Rhoyne, and the hundred kingdoms of those times were the
    kingdoms of the First Men, who had taken these lands from the children of the forest. Yet here
    and there in the fastness of the woods the children still lived in their wooden cities and hollow
    hills, and the faces in the trees kept watch. So as cold and death filled the earth, the last hero
    determined to seek out the children, in the hopes that their ancient magics could win back what
    the armies of men had lost. He set out into the dead lands with a sword, a horse, a dog, and a
    dozen companions.
    For years he searched, until he despaired of ever finding the children of the
    forest in their secret cities. One by one his friends died, and his horse, and finally even his dog,
    and his sword froze so hard the blade snapped when he tried to use it. And the Others smelled the
    hot blood in him, and came silent on his trail, stalking him with packs of pale white spiders big
    as hounds-”

    මේ කතාවට ගොඩක් සමාන්තර සිදුවීම් අපි ගේම් ඔෆ් ත්‍රෝන්ස් හත්වෙනි කතාමාලවෙ පූර්ව ප්‍රචාරක පටි වල දැක්කා. ජෝන් සහ පිරිසක් වෝල් එකෙන් පිටතට යාම. වෝල් එකෙන් පිටත් දැන් මළ භූමියක්. අවසන ජීවය වුනු මීරා සහ බ්‍රෑන් දැන් ඉන්නෙ දකුනෙ. මේ කට්ටියත් එක්ක සැන්ඩෝ ක්ලෙගේන් හිටියා. බල්ලා කියන්නෙ ඉතින් බල්ලටම තමා . කඩුවනම් ඇත්තට ජෝන්ගෙ කඩුව වෙන්න පුලුවන්. හැබැයි ඉතින් ජෝන් බේරිලා යන වෙලාවෙ ජෝන් ලඟ කඩුවයි අස්සයයි දෙන්නම හිටියා. එහෙම නැත්තම් මේ කඩුව කියලා අදහස් කලේ ඩේන් පවුලේ සාමාජික්‍යෙක් වෙන්න පුලුවන්. පොත් මාලාවට අනුව බ්‍රදහුඩ් විතෞට් බැනර්ස් කණ්ඩායමේ ඩෙයින් කෙනෙක් ඉන්නවා. එඩ්‍රික් “නෙඩ්” ඩෙයින්. එඩ්‍රික් තමයි ආයාට ජෝන්ගෙ මව තම කිරිමව වුණු වයලා බවත් හැරන්හල් තරඟාවලිය අතරෙදි තමගෙ නැන්දණිය වුණු අශාරා ඩෙයින් සහ ආයාගේ පියා නෙඩ් ආදරයෙන් බැඳුන බව කියන්නෙ. මේ වයලා තමා අපි ටවර් ඔෆ් ජෝයි වලදි දැකපු සේවිකාව. ඔයාලට මතක ඇති රොබට් බැරතියන් ජෝන්ගෙ අම්මගෙ නම ඇහුවාම එඩාඩ් කියන්නෙ වයලා කියලා. මොකද මේක තමයි ටවර් ඔෆ් ජෝයිවලදි හදිසියට හදාගන්න පුලුවන් වුනු හොදම බොරුව. රොබට්ලා එඩ්‍රික්ලා එහෙම හිතද්දි කැට්ලින් හිතන්නේ ජෝන්ගෙ අම්මා අශාරා කියලා. මොකද අශාරා සහ නෙඩ් හැරන්හලවලදී නැටුමකට සහභාගී වුණු බවත් රොබට් බැරතියන්ගේ විප්ලවයෙන් පස්සෙ නෙඩ් ආතර් ඩෙයින්ගේ කඩුව නැවත බාරදීමට ස්ටාර්ෆෝල් ගිය අවස්ථාවේ අශාරා ස්ටාර්ෆෝල් මාලාවෙදි කුළුණකින් මුහුදට පැන සියදිවි නසාගත් බවත් ප්‍රසිද්ධ රහස්.
    අපි ජෝන්ගෙ අම්මා ගැන ඇත්ත දන්න නිසා අපේ කතාවට ආයිත් යමු. මේ කඩුව කියලා අදහස් වෙන්නෙ ගිනිගන්නා කඩුවක් අත දරන බෙරික් වෙන්නත් පුලුවන්. කොහොම හරි මගේ තර්කය මේකයි. මෙ අතීත සිදුවීම් (වයිට්ස්ලා පැමිනීම් , ලාස්ට් හීරෝ , අසෝරා අහායි) නැවතත් වෙනවා නම් මේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් විශ්වයම ලොකු ටයිම් ලූප් එකක් වෙන්න පුලුවන් කියන එක. මොකද අපි පොඩි ටයිම් ලූප් එකක් ගිය කතා සමයේ දැක්කා. Game of Thrones කතාමාලවෙ ස්වභාවයත් එක්ක අපිට හැපී එන්ඩින් එකක් බලපොරොත්තු වෙන්න බෑ.

    මේ වගේම ඩොත්‍රාකිලගේ අනාවැකිය තමා stallion who mounts the world කියන්නෙ. වාස් ඩොත්‍රකිවල ඩොශ් කලීන්ලට අනුව නම් මේ කාල් ඩ්‍රෝගෝට දාව ඩැනීට උපදින දරුවා. මේහා සමාන විශන් එකක් ඩැනී හවුස් ඔෆ් අන්ඩයින්වලදි දකිනවා. කොහොම වුනත් මේ දරුවා උපදිනෙම මලදරුවෙක් විදිහට. හැබැයි ඩ්‍රෝගෝට දාව ඩැනීට උපන් මකරු තිදෙනෙක් ඉන්නවා. මකර උපදින්නෙ ඩ්‍රෝගෝට දාව වෙන්නෙ කොහොමද? මේක මට ආපු මෝඩ අදහසක්. මතකද ඩැනී තමන්ගෙ සේකාවන්ගෙන් අහනවා මකරු ගැන. මේ වෙලාවෙ ජැකොයි කියනවා කාලෙකට කලින් හඳවල් දෙකක් තිබුණා එක හදක් ඉරට ගොඩක් ලංවෙලා ඒක පුපුරා මකරුන් ආවා කියලා. මේ වගේම් my-sun-and-stars සහ moon-of-my-life එක දර සෑයේ දැවිලා මකරු නැවතත් මේ ලෝකෙට එනවා.
    මේවා ගැන වැඩි විස්තර කරන එක සහ වැරදි තියෙනවා නම් පෙන්වන එක තරිඳු අයියාට රොයිලි අයියාට නෙරංජි අක්කාට බාරයි.

    Reply
  • තරිඳු අයියා රිප්ලයි එකක් දාල තියෙනවා දැකලා ආපු ගැම්ම හින්දා කලින් එකේ කියන්න අමතක වුණු දේවල් ටිකක් ආයිත් කියන්න හිතුණා. ද ලයිට්නිං ලෙසත් හඳුන්වන බෙරික් ඩොන්ඩෝරියන්. බෙරික් කියන්නෙ මේ කතා මාලාවෙ එන වැදගත් චරිතයක්. බෙරික් කියන්නෙ හත් පණ ලැබූ කෙනෙක්. බෙරික්ගෙ හයවෙනි මරණය වෙච්ච හවුන්ඩ් හා බෙරික් අතර ද්වන්ධ සටනින් බෙරික් මිය යාමත් තෝරස් විසින් හත් වන වරට නවත බෙරික්ට පන දීමත් අපි මේ කතා මාලාවෙදි දැක්කා. පොත් මාලාවෙදි මේ වෙනකොට බෙරික් හත්වන සහ අවසන් වතාවටත් මිය ගිහින් අවසන්. බෙරික් අවසන් වතාවට මිය යාම වෙන්නෙ ෆ්‍රේ වරුන් කැට්ලින් ඝාතනය කරලා ටලී අවමංගල්‍යය චාරිත්‍රය වුණු මිනිය ඔරුවකින් ගඟේ පාකිරීමට (හොස්ටර් ටලීගෙ අවමගුල් උත්සවයෙදි අපි මේක දැක්කා) කරන සමච්චලයක් විදිහට ගඟේ පාකරලා එවපු කැට්ලින් ස්ටාර්ක්ට පණ දීලා. මේක ඇත්තටම මිය යාමක් නෙමෙයි කැට්ලින්ගෙ ජීවිතය වෙනුවෙන් තමන්ගෙ ජීවිතය පරිත්‍යාග කිරීමක් වගේ දෙයක්. කැට්ලින් කියන්නෙ ලෝඩ් ඔෆ් ලයිට්ගේ චැම්පියන් කෙනෙක් කියන එක නම් ඒ හැටි විස්වාස කරන්න බෑ. කැට්ලින් ගැන කියද්දි මතක් උනේ කැට්ලින් ගඟෙන් ගොඩ ගන්නෙ බ්‍රදහුඩ් විතෞට් බැනර්ස් එකේ සාමාජිකයො නෙමෙයි නයමේරියා හරහා ආයා. අයා සහ නයිමේරියා නැවතත් ඊලඟ කතාංගයේදී හමුවෙන බව දැන් අපි දන්නවනෙ. පොත් මාලාවෙ නයිමේරියා ගේ වෘක රංචුව (වෘකයන් සිය ගනනක් ඉන්නවා කියලා විස්වාස කරන) ආයා රිවර්ලෑන්ඩ්ස්වල සිටින කාලය පුරාවට ආයා වටේ ආයා හමුවට එන්නෑ. ආයා එක්ක තරහින් ඉන්න්වද කියලත් හිතුනා ඒ ගොරවපු විදිහට මට නම්. හරි ආයි ප්‍රධාන කතවට.
    දැන් නම් ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාවට කැට්ලින් නැවතත් ගෙන්වන්න හොඳටම කල් ගිහින් වැඩියි. කැට්ලින් නැවතත් ගෙන්නනව නම් ගෙන්වන්න තිබුනු අවසන් තැන ගිය කතා සමය. බෙරික් තවමත් ජීවත්වෙලා ඉන්නවා කියන්නෙ තව එක ලයිෆ් ලයින් එකක් ඉතුයි වගේ වැඩක්.
    ඒ කියන්නෙ බෙරික්ට වීරයා (ජෝන් හෝ ඩැනී හෝ කවුරු හෝ) මිය ගියොත් යලිත් ඔහුට පණ දෙන්න හැකියාව තියනවා. බෙරික්ව ලෝඩ් ඔෆ් ලයිට් සහ ගේම් ඔෆ් ත්‍රෝන්ස් රචකයන් පණ පිටින් තියාගෙන ඉන්නෙ මේ නිසා වෙන්න පුලුවන්.

    Reply
    • කලින් කමෙන්ට් එකටයි මේකටයි දෙකටම ස්තූතියි චමෝද් සහෝ. කැට්ලින්ව නම් ආයේ ගෙන්වන්න දැන් කල් වැඩියි. ආර්යා හරහා පෙන්නන චරිතය කැට්ලින්ගේ පළිගැනීමට බොහොම සමාන විදියටයි යන්නේ. තරිදු අයියත් කිව්ව වගේ පොතේ බෙරික් මේ වෙද්දි මැරිල හින්දා, අනිවා මේ සීසන් එකෙදි බෙරික් මිය යාවී අර සොම්බියෙක්ව අල්ලගන්න කරන සටනෙදි. දිගටම මේ වගේ කමෙන්ට් වලින් අපි එක්ක එකතු වෙන්න. ගොඩ දෙනෙක්ට වගේම අපිටත් ඒකෙන් ගන්න දේවල් බොහොමයි.

      Reply
      • බොහොම ස්තූතියි රොයිලි අයියේ.

        Reply
  • welasanin comment akak danna bari unata sorry brola.visheshen roili,tharindu saha anekuth got behala weda karana siyaluma sahodara sahodariyanta godak pin,thanks,jayen jaya & elama!!!!!!!!!

    Reply
  • දෙදෙනාටම බොහොම ස්තුතියි,ජයෙන් ජයම වේවා!

    Reply
  • Subata thnx bro.. Jaya wewa..!

    Reply
  • englis sub eka ekka baluwa sinhala sub eka ekka baluwe natinam gatiyak naha

    Reply
  • ***ලිපියටයි උපසිරැසියටයි දෙකටම බොහොම ස්තූතියි දෙන්නටම ***

    Reply
  • bohoma isthuthi royli saho upasirasa aran awata, tharidu sahotath isthuthi watina lipiyak dunnata. eken ayemath katha malawe ithihasaya mathak karala dunna. godak asawen balapu TV serious ekak meka. ayemath ithn pissuwen wage balanna patan ganna kale hari…. 😉

    Reply
  • නියමයි.බොහොම ස්තූතියි දෙන්නටම
    ජය වේවා!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි
    තරිදු අයියගේ ලිපියටත් බොහොම ස්තුතියි
    නෙරංජි සුලක්ඛනාෙගේ ලිපි වලටත් බොහෝම ස්තුතියි

    Reply
  • The strain season 04 ඇවිත් නේද ….පුළුවන් නම් එකත් දෙන්ඩ …..

    Reply
  • රොයිලි අයියගෙයි තරිඳු අයියගෙයි ලිපි හැමදාම කියවලා නිකම්ම යනවා. ඒත් අද නම් මොනවා හරි කියන්නම ඕනි කියලා හිතුවා. තරිඳු අයියා ජේමි සහ ට්‍රියන් ගැන කියද්දි නොකියපු දෙයක් මට මතක් වුනා. කතා මාලාවෙ නොපෙන්නුවත් පොත් වලට අනුව ජේමි ට්‍රියන්ව නිදහස් කරන වෙලාවෙ ජේමි ට්‍රියන්ට ට්‍රියන්ගෙ පළමු බිරිඳ ගැන ඇත්ත කියනවා. ජේමි සහ ට්‍රියන් ටයිශාව (ට්‍රියන්ගෙ පළමු බිරිඳ) බේරගැනීමේ සිද්ධිය ඇත්ත බවත් සිද්ධිය තමා විසින් නිර්මාණය කළ එකක් බව ට්‍රියන්ට කියන්නෙ තම පියාවූ ටයිවින්ගේ බලපෑම් නිසා බවත්. මේ නිසා කෝපයට පත්වන ට්‍රියන් තමා ලැනිස්ටර් කෙනෙක් වශයෙන් මේකෙ ණය ගෙවන බව ජේමිට කියනවා. තාමත් ජේමි සහ ට්‍රියන්ගෙ සහෝදර ප්‍රේමය ඒ විදිහටම තාමත් තියෙනවා ද කියන එක ඒ හින්දා අපිට හරියටම කියන්න බෑ. ඒවගේම ඉතින් පොත්වල සහ කතා මාලාවෙ තියන වෙනස හින්දා මේක ඒතරම් ලොකුවට ගන්න බෑ.
    මේ කතාංගයේදී ආයා ෆ්‍රේවරුන් සමූලඝාතනය කරන්නෙ වොල්ඩර් ෆ්‍රේ පාවිච්චි කරලා. මේ විදිහටම ආයා ජේමිව පාවිච්චි කරලා සර්සිව ඝාතනය කරන්න සැලසුම් කරනවා වෙන්න පුලුවන්. මොකද සර්සි ලඟට යන්න ලේසිම විදිහ ජේමි. ජේමි ආයාගෙ ලිස්ට් එකේ හිටියෙ නැතත් ජේමි බ්‍රෑන් ආබාධිතයෙක් කරපු නිසා ජේමිගේ මරණය ගැන ආයා දෙපාරක් හිතන එකක් නෑ. පසුගිය කතා සමයේ ට්වින්ස්වලදී සේවිකාවකගේ මූනක් ඇඳගෙන ඉන්න ආයා ජේමි ගැන ලොකු උනන්දුවක් පෙන්නුවෙ මේ නිසා වෙන්නත් පුලුවන්. සර්සිගේ මරණය ජේමිගේ මූණ ඇඳගත් ආයා අතින් උනොත් සර්සි ගැන තිබුණු අනාවැකිය (සර්සි මිය යන්නෙ සර්සිගේ මල්ලි අතින් කියන එක) වෙනත් විදිහකින් හෝ සම්පූර්ණ වෙනවා.
    මේ කතාංගයේදී මගේ හිත ගිය අනිත් දේ තමා සෑම් කියවමින් හිටපු පොතේ තිබුණු කිරිච්චියෙ රූපය. මගේ මතකය හරිනම් මේ ලිටිල්ෆිංගර්ට අයිති කිරිච්චිය. ලිටිල්ෆිංගර් මහා පර්පුරකින් පැවතගෙන එන කෙනෙක් නෙමෙයි. ඒ නිසා මේ කිරිච්චිය ලිටිල්ෆිංගර්ට කවුරු හරි ත්‍යාගයක් වශයෙන් දීපු හෝ මිලදී ගත් එකක් වෙන්න ඕනා. නමුත් වැලේරියානු කඩුවක් මහා ධන කුවේරයෙක් වෙච්ච ටයිවින් ලැනිස්ටර්ටත් මිලදී ගන්න බැරි වෙච්ච නිසා ලිටිල්ෆිංගර් මේක මිලදී ගත්තා වෙන්න බෑ. පොතේ කියවමින් හිටපු හරියෙ කියවුනේ ටාගේරියන්වරුන්ගේ ආයුධ ගැන. ඒවගේම මේකෙ මිට හදලා තියෙන්නෙ මකර අස්ථියකින්. ඒ නිසා මේ කිරිච්චිය ටාගේරියන්වරුන්ට අයිතිව තිබුණු එකක් වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. එහෙම නම් මේක ලිටිල්ෆිංගර්ට ටාගේරියන්වරුන්ගේ අවසානයෙන් පසු ලබා ගත්තා (ටයිවින් නෙඩ්ගෙ “අයිස්” අයිති කරගත්ත විදිහට) හෝ තෑග්ගක් විදිහට (ලෝඩ් කොමාන්ඩර් මෝමන්ට් තමනගේ ජීවිතය බේරගැනීම වෙනුවෙන් ජෝන්‍ට “ලෝන්ග්ක්ලෝ” තෑගි කළ විදිහට) හෝ වෙන්න පුලුවන්. තෑගි වශයෙන් ලැබුනා නම් ලිටිල්ෆිංගර් කරපු උදව්ව මොකද ? මේ කිරිච්චිය රේගාර් ටාගේරියන්ට අයිතිව තිබිලා ලියානා සහ රේගාර්ගෙ සම්බන්දයට උදව් කළ නිසා ලැබුන එකක් වෙන්න පුලුවන්. මේක උනේ මෙහෙම නම් ලිටිල්ෆිංගර් කියන්නෙ ජෝන්ගෙ සැබෑ දෙමාපියන් ගැන දන්න අතලොස්ස අතරින් කෙනෙක් වෙනවා. හැමදාම වගේ ලිටිල්ෆිංගර් මේකත් යටි අරමුණක් ඇතුව කරපු දෙයක් විය යුතුයි. රේගාර් හා ලියානා අතර සම්බන්දයෙන් ඇතිවන අවුල් වියවුල් නිසා නෙඩ්ගෙ අයියා වුණු බ්‍රැන්ඩන් ස්ටාර්ක් මැරුනොත් තමාට කැට්ලින් විවාහ කරගන්න අවස්තාවක් ලැබෙයි කියලා ලිටිල්ෆිංගර් බලාපොරොත්තු වුණා වෙන්න පුලුවන. සැලැමේ හැටියට බ්‍රැන්ඩන් මියගියත් හොස්ටර් ටලී කැට්ලින් නෙඩ්ටත් ලයිසාව ජෝන් ඇරන්ටත් විවාහ කර දෙනවා. කැට්ලින් නොලැබුනත් ලිටිල්ෆිංගර්ට කුඩා කවුන්සිලයේ සාමාජිකත්වය යුද්ධයෙන් පසු ලැබුණා.
    සන්සා සහ ජෝන්ගෙ බැඳීම නම් ඒතරම්ම හොඳ ශක්තිමත් එකක් නෙමෙයි. ජෝන් සන්සාට ඇහුන්කන් නොදීම සහ සන්සගෙ ඔලුවට ලිටිල්ෆිංගර් දාන දේවල් එක්ක සන්සා බොහෝදුරට ජෝන්ට ද්‍රෝහි වෙලා අයෙත් මෝඩ වැඩක් කරන්න ඉඩ තියනවා. සන්සා ජෝන්ගෙ තීරණ ගැන ඒ තරම් සතුටින් නෙමෙයි ඉන්නෙ කියලා හොඳටම තේරුනා. සන්සා සර්සිව අගය කරනවා කියලා කියපු එක මට නම් තේරුනේ ජෝන් මගෙ පාරෙන් අයින් වෙයන් කිව්වා වගේ. රොයිලි අයියා කිව්වා වගේම ඉදිරිය බොහෝම අවිනිශ්චිතයි මිත්‍රවරුණි.
    යූරෝන් සර්සිට දෙන්න යන තෑග්ග නම් බොහෝදුරට අපි පූර්ව ප්‍රචාරකපටවල සහ නිකුත් වෙලා තිබ්බ ෆොටෝවල දැකපු එලීරියා සෑන්ඩ්, සෑන්ඩ් ස්නේක්ස්ලා සහ යාරා. මේක සර්සිට මදි උනොත් ඉතින් මකරෙක් තමා ගිහින් දෙන්න වෙන්නෙ 😀 කොහොම උනත් සර්සිට ඩැනීගෙ මකරු ගැන පියරක් ගන්න වෙනවා දිගටම අයන් ත්‍රෝන් එකේ ඉන්න නම්. මෙතෙන්දි සර්සිට යූරෝන්ව ආයෙත් වැදගත් වෙනවා. මොකද පොත්වලට අනුව යූරෝන් සතුව මකරුන් පාලනය කරන්න පුලුවන් ඩ්‍රැගන්බයින්ඩර් නම් ඩ්‍රැගන් හෝන් එක තියන්වා. මේ ගැනත් රූපවාහිනී කතා මාලාවෙදි වැඩි දෙයක් අහන්න දකින්න ලැබුනෙ නම් නෑ. වැඩි දෙයක් නෙමෙයි කිසිම සදහනක් උනේ නෑ.
    බ්‍රෑන් වෝල් එකට ආවා. බ්‍රෑන් වෝල් එක පහු කලාට වෝල් එක විනාශ උනේ නෑ. නමුත් වෝල් එකේ මායාමය බාදකය දැන් බිඳ වැටිලා වෙන්න පුලුවන්. එහෙමනම් වයිට් වෝකර්ස්ලාට වෝල් එක දිගේ නැගලා එන්න පුලුවන් කම ලැබෙනවා. වයිට් වෝකර්ස්ලාට වෝල් එක දිගේ නැගගෙන එන්න පුලුවන් උනාට වයිට්ලාට සහ වයිස්ලාගෙ මැරුණු අශ්වයන්ට වෝල් එක නගින්න බෑ. වයිට් වෝකර්ස්ලා එහා පැත්තට ගිහින් උමගෙ දර අරිනවා කියලා හිතන්න පුලුවන් . ඒත් ඒක එච්චර තාත්වික නෑ. එහෙමනම් වෝල් එක බිඳ වැටීම අවශ්‍යමයි. මෙතෙන්දි තමයි ඊලඟ හෝන් එක එන්නෙ. වින්ටර් හෝන්. මේක පිඹ්ලා තමයි කලින් හිටපු කින්ග්-බියොන්ඩ්-ද-වෝල් කෙනෙක් (මෑන්ස් නෙමෙයි. වෙන කෙනෙක්. මට නම මතක නෑ. මේ නළාව එයාගෙ නමිනුත් හදුන් වන්වා.) යෝධයෝ අවදි කරා කියලා කියවෙන්නෙ. පොත්වලට අනුව නම් හාෆ්හෑන්ඩ්ගෙ නියෝග මත ජෝන් ඊග්‍රට්ලාට එකති වෙනකොට මෑන්ස් රෙයිඩර් මේ වින්ටර් හෝන් එක හොයමින් ඉන්නෙ.free folk එක විද්වාස කරන විදිහට මේ වින්ටර් හෝන් එක පිඹලා වෝල් එක බිඳ දාන්න පුලුවන්. සමහරු විස්වාස කරන විදිහට සෑම්ට ෆිස්ට් ඔෆ් තෙ ෆස්ට් මෙන් වලදි ඩ්‍රැගන් ග්ලාස් හම්බවෙන්නෙ මේ වින්ටර් හෝන් එක. මොකද මේක තියෙන්නෙ ඩ්‍රැගන් ග්ලාස් නිසා මේක වයිට්ස්ලාට ගන්න බෑ. ඒ වගේම මේක ඔතලා තිබුනේ නයිට්ස් වොච් එකේ සාමජියෙක්ගේ ඇඳුමට සමාන ඇදුමක. මෑන්ස්ලාවත් පහු කරගෙන වයිට්ස්ලා ෆිස්ට් ඔෆ් ත ෆස්ට් මෙන්වලට ඇවිත් නයිට්ස් වොච් එකටම පහරදෙන්නෙ මේක ලබා ගන්න වෙන්න පුලුවන්. වයිට්ලා කෑගහනකොටත් එන්නෙ අයිස් බිඳෙනවා වගේ සද්දයක් නිසා නළා පිඹිල්ලක් ගැන ඉතින් හරියටම විශ්වාසයක් නෑ. එතකොට ඉතුරු වෙන්නෙ ජෝන්ගෙයි ඊඉග්‍රට්ගෙයි ගුහාව. ඊග්‍රට් මෙතනදි කියනවා මේ ගුහා වෝල් එක යටින් එහා පැත්තට යනවා කියලා. මේ ගුහා පාවිච්චි කරලා මීට කලින් වතාවක් ෆ්‍රී ෆෝක් එක වෝල් එකෙන් දකුනට එන්න උත්සාහ කලත් උතුරේ මිනිසුන් සමග ඇතිවුන යුද්ධයෙන් සියල්ලම මියගියා හෝ ආපසු යාමට උත්සාහ කිරීමෙදි ගුහාවෙ අතරමන් උනා කියලා කියවෙනවා.
    මේ කොහොම වයිට්ලා දකුණට ආවත් ජෝන්ට වයිට්ලා පරද්දන්න ඩ්‍රැගනග්ලාස් ඕනි. ඩ්‍රැගන්ග්ලාස් හොයගන්න ඩැනීව ඔනි. එතකොට වෙන දේවල් එතකොට බලමු. නේහ් 😉

    Reply
    • Sub eka saha lipiwalata thanks රොයිලි අයියාට සහ තරිඳු අයියාට . 🙂

      Reply
    • හොඳ විස්තරයක් සහෝ. මේ විස්තරෙත් අපි ඊළඟ සතියෙ ලිපියට එකතු කරන්නම්. බොහොම ස්තුතියි. දිගටම මේ වගෙ touch එකේ ඉඳල ඔයා දන්න විස්තර අපි එක්ක බෙදාගන්න.

      Reply
  • Niyamai saho
    Balan hitiye sub 1 enakan

    Reply
  • tanks for the sub mhcn
    මේ කතාවේ prehistoriy ගැන youtube එකේ තියන කතාව ලිපියකින් හරි වීඩියෝ එකකින් හරි සිංහලන් දෙන්න පුලුවන් නම් ගොඩක් හොඳයි

    Reply
  • Thank you aiye……………………………..

    Reply
  • Thank u very much saho…!!!

    Reply
  • අඩෝ පට්ට බන්…
    රිවිව් එකටයි විස්තරයටයි… කතාව මුල ඉදන් ආයේ මතක් වෙලා ගානට එකතු වෙලා ලස්සනට ආවා..
    තරිඳු අයියටයි රෝයිලිටයි මේකට දෙන්නටම තැන්ක්ස්
    කියන්න වචන නෑ ……

    Reply
  • සුපිරි

    Reply
  • ලිපියනම් සුපිරි.
    SUB එකට වඩා මහන්සි වෙලා තියෙනවා.

    Reply
  • elzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

    Reply
  • Enakam balance unne lipiyath huhak udaw una amathaka than mathak karaganna ….got mula idan aasawen balannr sub eka nisai …huhak pin me mehewara digatama karagena Hanna shakthiya labewa….

    Reply
  • Sub එකටයි ලිපියටය 2 ගොඩක් thanks aiye…

    Reply
  • සබ් එකට තුති රොයිලි අයියේ
    02 වෙනි කොටසෙන් හමු වෙමු
    ලිපි 2කම කියෙව්වා පස්ට….

    Reply
  • aya ithin kiyala wadak na…no 01 tv show ekata sub eka denne wena kawdu roily misak…..

    Reply
  • සුපිරියටම තරිදු අයියා ලියල තියෙනවා.
    ඉස්සරහටත් මේ වගේ පැහැලිදි ලිපි දාන්න
    ගොඩාක් ස්තුතියි බයිස්කෝප් එකට, රොයිලි අයියට සහ තරිදු අයියට..
    ජය!

    Reply
  • බොහොම ස්තූතියි රොයිලි අයියේ උපසිරැසියට…
    දෙන්නගෙම ලිපියත් මරු ආ. 😛
    දිගටම සබ් දෙමු ආ….
    ඔබට ජය!

    Reply
  • ලිපියටයි උපසිරැසියටයි දෙකටම බොහොම ස්තූතියි………….!

    Reply
  • ලබා දුන් සබ් එකට සහ විස්තර වලට දෙදෙනාටම ස්තුතියි.

    Reply
  • hamee me thiyanna balagena hitya moko parakko kiyala bohoma sthuthi sahooo

    Reply
  • බොහොම ස්තූතියි බ්රෝලා දෙන්නටම!!!!

    Reply
  • බොහොම ස්තුතියි රොයිලි අයියේ … අවුරුද්දක් බලන් උන්නේ මේක එනකම් තමයි .. 😀 තරිදු අයියගේ ලිපියටත් බොහොම ස්තුතියි !

    Reply
  • Nice job & defiantly your have 5/5 my rating to…

    Reply
  • Thank you bro! ela…….jayawewa…..!

    Reply
  • thanxs for the sub update

    Reply
  • thanx for sub and post

    Reply
  • Bohomo sthuti ….
    mekata CMNT EKAK Demme NETTAN wedakut ne … 😉

    Reply
  • බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්

    Reply
  • Tks so much saho

    Reply
  • බොහම ස්තුති… !! දෙන්නටම (Y)

    Reply
  • webrip walatath sub eka dennoo…

    Reply
  • හම්මෙ තරින්දු අයියග්ග් ලිපිය ….. නියමයි…
    ස්තුති රොයිලි සහෝ ටත් සබ් එකට හා ලිපිය ට

    Reply
  • එලම සහෝ… ජය…

    Reply
  • බොහොමත්ම ස්තුතියි……..

    Reply
  • හම්බෝ, කමෙන්ට් තොගේ. අපි ඕනේ නැ දැන්.

    Reply
  • පුලුවන් කෙනෙක් ටොරන්ට් ලින්ක් එක දෙන්නකො ලොකු උදව්වක් 🙁

    Reply
  • බොහෝම ස්තූතියි …

    Reply
  • බොහොම ස්තූතියි සහෝ…..

    Reply
  • tnks Machoooo elaaaaaaaaaaaaaaaaaaaaaa! fatta! digatama diyan RP season akaewara wenakam jaya sri!

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ….
    දවස් ගැන ගැන බලාගෙන හිටියෙ…

    Reply
  • සබ් එකට පිං අයියෙ ඉතුරු ටිකත් ආපු ගමන් ඉක්මනින්ම දෙමු…….

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • හම්බොමේ ඉතින්හෝ මග බලන්ම උන්නෙ මේකටනෙ..
    ස්තූතියි රොයිලි අයියෙ උපසිරැසියට,

    ඒ වගේම තමා නියම ලිපිය ලිපියටත් බොහෝම ස්තූතියි අවසානය වෙනකන් කියෙව්වා.

    දෙපලටම ජය වේවා!!

    Reply
  • සිංහල උපසිරැසි වෙනුවෙන් බොහොමත්ම ස්තුතියි අයියේ.
    ජය!!!

    Reply
  • tnx aaaah…oya marai ne meya… superb…menna mehemama demu aaah…oya speed 1 digatama thiya gamu…. jaya wewa!!

    Reply
  • රොයිලි අයිය ම ගේමට බැස්ස එනම් මේ පාරත් ඈ ..
    බලනකම් ඉවසිල්ලක් නැතෝ..

    Reply
  • හරි සම්පූර්ණ ලිපියම කියෙව්වා… තව විනාඩියෙන් බඩු බෑවිලා අහවරයි… එයින් පස්සේ තියෙන්නේ ඉතිං බලන්න තමා… 😀
    උපසිරැසියටත්… මුල ඉදලා මේ දක්වා කතාව පිළිවෙලකට සිහිපත් කරදීමටත් දෙදෙනාටම ස්තූතියි කිව්වා එහෙනං… 😀

    Reply
  • Lot of Thanks Brother For Description & Subtitle

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ….

    Reply
  • patta wedak ayye.ayya wedeth ekka innawa…thankz ah.

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Lipiyatai Sub ekatai bohoma sthuthi wewa…

    Reply
  • Lipiyatai sub ekatai thanks wewa

    Reply
  • Web ekatath update ekak dendooo

    Reply
  • Web ekatath update ekak dendooo

    Reply
  • බොහොම ස්තුතියි!

    Reply
  • බොහොම ස්තුතියි!!

    Reply
  • 720p Web Hevc 1kata sub galapenna na ne sub ehata mhata kalata hri yanna na plzzz help

    Reply
  • බොහොම ස්තුතියි අයියෙ සබට

    Reply
  • tanxxx aiya tv 1ka awa vitari sub dunna supiri good luck!!

    Reply
  • ස්තූතියි සහෝ උපසිරසියට

    Reply
  • thanks roily aiye subata

    Reply
  • ලිපි නම් එල
    මරු
    සුපිරියි
    එත් දුකකි
    මන් මේක බලන්නේ තාම සීසන් එකේ දෙවෙනි කොටස

    Reply
  • බොහොම ස්තුතියි අයියෙ සබට…

    Reply
  • Apita Sub Denawata Thanx

    Reply
  • Patta patta bn Meka anakan koccara kal balan hitiyada 😀 Tanx Bn Sub Ekatayi Lipiyatayi Dekatama 😀 TANX BN

    Reply
  • බොහෝම ස්තුතියි සහෝලා උපසිරැසියට සහ ලිපි දෙකටම….!!

    Reply
  • Mata kathawa amathaka wela thibbe….. Ayeth balannai hitiye…. Wisthare kiyawapuwahama kathawa balanna one na…… Okkoma kathawa mathak wenawa….letter ekatath thank… Sub ekatath thank….. Digatama kragenayanna………

    Reply
  • Tnx machan

    Reply
  • Niyamai bro wisthareta kathawaa aye mathak una

    Reply
  • mage ammo denakan balan hitiye …mr royili is most awaited man again ………..

    Reply
  • සුපිරි මචන්! thanks for the sub.

    Reply
  • බොහෝම ස්තුතියි බ්‍රෝ. බොහොම පිං..!

    Reply
  • Ammata siri vedi vage aa mam hithuve deddi ra vei kiyala thanks sahooo niyamai aa

    Reply
  • niyamai. thnks…

    Reply
  • තැන්ක්ස් බ්‍රෝ…. දවස් ගැන ගැන බලාගෙන හිටියෙ…අදනම් කිසි වැඩක් කරන්නෙ නෑ, මේක බලන්නෙ නැතුව…. <3

    Reply
  • :::::::බොහෝම ස්තුතියි අයියේ උපසිරැසට::::::
    තරිදු අයියාගේ ලිපිය සමග රොයිලි අයියාගේ සබ.. හම්මේ..කියන්න වචන නෑ! කාලෙකට පස්සේ සබ් එකකට නියමෙට කමෙන්ට් වැටෙනවා දැක්කා අද. මේ තරම් ඉක්මනට සබ දීලා මෙචර හොද ලිපියකුත් දීලා කමෙන්ට් එකක් දාන්නේ නැත්තේ තනිකර කුහකයෝ!
    පිං කියනවා ඇරෙන්න වෙන කියන්න වචන නෑ.. දෙන්නටම බොහොම පිං..!
    ::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::

    Reply
  • දෙනකල් බලං හිටියේ… ගොඩක් ස්තූතියි

    Reply
  • පින් දෙන්න වදන් නැ බ්‍රෝ….
    හම්මේ.. බොහොම පින්

    Reply
  • තැන්ක්ස් සහෝ… ගොඩක් කල් බලන් හිටියා එනකල්… බයිස්කෝප් සෙට් එකට ජයෙන් ජයම වේවා

    Reply
  • අම්මො ගොඩක් ආසාවෙන් බලන් හිටියෙ . එනකම් .ගොඩක් ස්තූතියි රොයිලි අයියා..කියන්න වචන නෑ ..ගොඩක් ස්තුතියි (y) <3

    Reply
  • හම්මට තද බන් ඇවිල්ල පැය 5ක් වගේ අඩු කාලෙකින් මෙච්චර සංකීර්ණ සබ් එකක් දෙනව කියන්නෙ සෙල්ලම් නෑ..thank you mchn!

    Reply
  • Thanx Machan Mechchara ikmanata Sub Eka dunnata. Ubata Pin.

    Reply
  • Thanx a lot.Both of you guys.1st epiyama elama.

    Reply
  • ලිපි දෙකම පට්ට කියන්න දෙයක් නැහැනේ ඉතින් ආයේ මුල ඉඳල අගටම ලිපි දෙකම කියෙව්වා
    සබ් එකත් ගින්දර වගේ ඇවිල්ල
    එපි හතක් තියන එක ගැන තමා අවුල
    ඉවසන්න බැරි තැන උදෙන්ම බැලුවට මොකද ආයේ බැලුව 😀

    Reply
  • සබ් එක දුන්න රොයිලි අයියටත් සුපිරි ලිපියක් දුන්න තරිදු අයියටත් බොහෝම ස්තූතියි……

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තූතිය සහෝ..!!
    මේක එනකන් බලාගෙන හිටියෙ 😀

    Reply
  • Bhoom sthuthiy ayyee…
    Lipiynm suppaaa….

    Reply
  • thanks bro sub ekata
    american gods tv series eke sinhala sub dennako
    katahari kiyannako denna kiyala kauruwath ekatasub hadanne nane
    please ekata sub dennakooooooooooooooooooooooooooooo

    Reply
  • බොහොම ස්තුතියි

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තූතියි………..

    Reply
  • උණු උණුවෙන් සබ් එක දුන්න රොයිලි අයියටත් සුපිරි ලිපියක් දුන්න තරිදු අයියටත් බොහෝම ස්තූතියි.. ජය වේවා!!

    Reply
  • බොහොම ස්තුතීයි රොයිලි!!!!!!!!

    Reply
  • හම්මේ…. එහෙනම් මේක පටන් ගත්තා.
    ගොඩක් ස්තූතියි සබ් එකට වගේම ලිපියටත්.

    Reply
  • බොහොම ස්තුතියි යාලුවා…!

    Reply
  • thanks machan

    Reply
  • Ammoooo dilaaa…meka enakan iye iadan balan innwa.serin sare baiscope ekata log wewi..dan hari..thnkzzzzz roily aiyaa……

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට

    Reply
  • ගොඩක් ස්තුතියි සහෝ ඔයාල
    හැමෝටම…..

    Reply
  • Saba pataan gala dunna roylita issellama thanx. Anikwath patagala lebei kiyala hithanawa mokada meka GOT hinda. Tharidu mallita thanx nokarama be meka nikan balala wedak ne tharindu mallige lipitika kiyawannama one. Digatama lipi liyai kiyala hithanawa video clip ekakuth eine thanx okkotama. budusaranai

    Reply
  • බොහොම සතුතියි රොයිලි ✌☝️

    Reply
  • Great work thank you so much

    Reply
  • බොහොම ස්තුතී රොයිලි

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි

    meka banna link ekak dennako

    Reply
  • Amboo senikawa sub eka dila neh.. tnx machan

    Reply
  • kiyanna wachana nee… godaaakk thankss…….

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තූතියි.

    Reply
  • thank u thank u thank u

    Reply
  • Tharindu ayiuata roily aiyata thanxx okkoma kiyewwa dn ithin thiyanne balanna patta ahh godak sthuthi

    Reply
  • Royle n Tharindu thanx lot!! එපිය දැන් 4 පාරක් බැලුව සිංහල සබත් එක්ක තව පාරක් බලමු!!

    Reply
  • ගොඩක් කල් ආසාවෙන් බලන් හිටපු GOT එකේ පළමුවන උපසිරැසියට ගොඩක් ස්තූතියි.
    ඒ වගේම තරිඳු අයියාගේ ලිපියත් ගොඩක් වටිනවා.
    දැන් ඉතින Review එකක් එනකම් තමයි බලන් ඉන්නේ.
    දෙවනි එපියෙන් හමු වෙමු..

    දෙන්නටම ජය වේවා !!!

    Reply
  • රොයිලි සහෝ ඔන්න එහෙනම් අයුබෝවන් වාසනාවන් කියලා පිළිගන්නවා. සබ අරගන්නවා ස්තූතියි ජයවේවා

    Reply
  • එපිය ඩවුන්ලෝඩ් කරගෙන බලන් හිටියෙ සබ එනකම්……තෑන්ක්ස් වේවා සබට….ජය වේවා…….!!!!

    Reply
  • ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා!

    Reply
  • එලම සහෝ

    Reply
  • Niyamai ayya … serama wada paththaka dala meke dunnata thank you very much..

    Reply
  • sub machine is back…… nimayay ayye….. pattma patta

    Reply
  • පට්ටම තැන්ක්ස්.. සබ් එකට… හම්මේ..

    Reply
  • Godak sthuthii saho,meka enakan egili gena gena hitiye.

    Reply
  • thanks dr…………

    Reply
  • Thanks Sahooooo……..!

    Reply
  • නියමයි කොල්ලො. දිගටම කරමු. ජය.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *