අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

George Reddy (2019) Sinhala Subtitle | ජෝජ් රෙඩ්ඩි !!! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.8/10. From 18 votes.
Please wait...

ජීවත් වෙන්න අවශ්‍ය නම් මැරෙන හැටි ඉගෙන ගන්න!

ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් හැම පියවරකදිම සටන් කරන්න!

ආයුබෝවන් බයිස්කෝප් වාසීනි. අද ගෙනාවෙ තෙලිඟු සිනමා නිර්මාණයක්. ටික දවසකට කලින් මම එක් කරපු උපසිරැසියක් වෙනුවෙන් ලැබුණ කමෙන්ටු කියවද්දි තමයි මේක ඇස ගැටුනෙ. ඉතින් ඔන්න ලස්සන කතාවක් නිසා උපසිරැස නිර්මාණය කරා.

චේ ගුවේරා, භගත් සින්ග් වගේ නම් පේලියක් කියාගෙන යද්දි කියවෙන නමක් තමයි ජෝජ් රෙඩ්ඩි. ඉතින් මේ එම විප්ලවකරුවාගේ කතාව. මේක සත්‍ය කතාවක්. Sandeep Madhav, Satyadev Kancharana , Pawan Ramesh ඇතුලු පිරිසක් තමයි මේ සිනමා නිර්මාණයට රංගනයෙන් දායක වෙල තියෙන්නෙ. Sandeep Madhav විසින් ජෝජ් රෙඩ්ඩිගේ චරිතයට සාධාරණක් කරා කියලයි මට නම් හිතෙන්නෙ. මේ චිත්‍රපටය ACTION | DRAMA යන කාණ්ඩ යටතේ වර්ගීකරණය වෙනව.

අධ්‍යක්ෂණය : B. Jeevan Reddy

නිශ්පාදනය: Sanjay Reddy, Appi Reddy

IMDb අගය : 7.3/10

දාවන කාලය : පැය 2 මිනිත්තු 33

නිකුත් වූ දිනය : 2019 නොවැම්බර් 22

ජෝජ් රෙඩ්ඩි – අමතක වූ නායකයෙකුගේ කතාව යන පාඨය සමඟ නිකුත් වූ පෝස්ටර.

කවුද මේ ජෝජ් රෙඩ්ඩි ???

ජෝජ් රෙඩ්ඩි { 1947-1972 } ඉන්දියාවේ හයිද්‍රාබාද්හි ඔස්මේනියා සරසවියේ භෞතීය විද්‍යාව හදාරපු ශිෂ්‍යයෙක්. ජෝජ් රෙඩ්ඩිගේ පෙනුම මොන වගේද? උස අඩි 5’6’’. හොඳ ක්‍රීඩකයෙක්. කොණ්ඩය සාමාන්‍ය විදිහට පැත්තට පීරල ඉන්නෙ. බොහෝ විට රැවුල වවාගෙන ඉන්නෙ. කාලෙකට පාරක් රැවුල කපනව උඩු රැවුල කොටට ඉතුරු කරල. අත් කොට ශර්ට් ඇන්දෙ.පස්සෙ කාලෙක ඔලිව් කොල පාට ශර්ට් ඇදල තියෙනව. කොට්න් කලිසමක් ඇදල රබර් සෙරෙප්පු දෙකක් දාගෙන ඉන්නෙ. එයා කියවද්දි කණ්නාඩි දානව. එයා ඇල්කොහොල් සහ මත්ද්‍රව්‍ය වලින් ඉවත් වෙල හිටියෙ. මැරයන්ගෙන් ප්‍රශ්න එන කාලෙ එයා නකල් එකක් සහ අඟල් 6 නවන්න පුලුවන් පිහියක් තියාගෙන හිටිය. එයා වැඩිපුරම කතා කරෙ ඉංග්‍රීසියෙන් සහ හයිද්‍රාබාද් උප භාශාවෙන්. අලුත් දේවල් ඉක්මනින් අවශෝෂණය කරගැනීමේ හැකියාවක් ඔහුට තිබිල තියෙනව. එයා විශිෂ්ට ගුරුවරයෙක්. එයාගෙ M.sc එකේ අනුමැතිය ඇතුව AV විද්‍යාලයේ භෞතික විද්‍යාව කථිකාචාර්යවරයෙකු ලෙස ඉගැන්වීම් කරා. ජෝජ් රෙඩ්ඩි තමයි ( PDSU – Progressive and Democratic Students Union ) පක්ෂය නිර්මාණය කෙරුවෙ.

1972 අප්‍රේල් 14 වෙනිද හවස ඔහු පිහි ඇනුම් තුවාල 32 ක් සමඟ මිය යනව. (එවිට ඔහුගේ වයස අවුරුදු 25)

ඔස්මේනියා සරසවියේ එකල සිටි කෙනෙකු විසින් ජෝජ් රෙඩ්ඩි පිළිබඳ තමාගේ මතකයන් අන්තර්ජාලයට මුදා හැර තිබුණේ එලෙසයි.

( එම ලිපියෙන් සිදුකල කුඩා උපුටාගැනීමකි.)

ජෝජ් රෙඩ්ඩිගේ මතක සටහන් කිහිපයක්.

ජෝජ් රෙඩ්ඩි අප අතරින් වෙන් වී ගොස් වසර 47 කුත් පසු වී ඇත. නමුත් එදා ඔහු හඬ නැගූ සටන් පාඨය තවමත් ඔස්මේනියා සරසවියේ කොරොඩෝවේ සැරිසරයි.

Jeena Hai To Marna Seekho : The life and Times of George ලෙසින් Gita Ramaswamy විසින් 2016 දී ඔහු පිලිබඳ කෘතියක් නිකුත් නිකුත් කර තිබෙනවා.

2019 දී George Reddy යන නමින් මෙමෙ සිනමා පටය නිකුත් වනවා.

ජෝජ් රෙඩ්ඩි ගැන සුලු සටහනක් තබපු නිසා මේ චිත්‍රපටය තුල සිදුවීම් පැහැදිලි කිරීම අනවශ්‍යයි කියල මට හිතෙන්නෙ. ඇත්තටම ජෝජ් රෙඩ්ඩි කවුද කියල මේ සිනමා පටය තුලින් ඉතා හොඳින් පැහැදිලි වෙයි. ඔහුගේ සත්‍ය ජීවිත කතාව පිළිබඳවඅවබෝධයක් ලබාගන්න පුලුවන් වේවි. දේශපාලන මගින් යටපත් කර දමන සත්‍ය තමයි මේක. ඉතින් මේ ලස්සන නිර්මාණය නරඹන්නට ඔබ සියලු දෙනාටම ආරාධනා කරනව. ජෝර්ජ් රෙඩ්ඩිගේ ගමන නැරඹීම සඳහා වෙන් කරන කාලය අපතේ යන එකක් නැහැ. ඉතින් මේ නිර්මාණය ගැන ඔයාලගෙ අදහස් ගොඩක් වටිනව. ඔබ තබා යන අදහස් පහලින් කියවන්නම්. ඒ වගේම මේ චිත්‍රපටය මට වෙන් කරල දුන්න සිසිල අයියටත් බයිස්කෝප් සියල්න්ටමත් මාගේ ස්තූතිය. ඊලඟ නිර්මාණයෙන් ඉක්මනටම හම්බවෙමු.

සත්‍ය යටපත් වෙන්න කලින්…ඔබේ හඬ අවදි කරන්න !!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් ජලිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-10-16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

14 thoughts on “George Reddy (2019) Sinhala Subtitle | ජෝජ් රෙඩ්ඩි !!! [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • ස්තූතියි සහෝ උපසිරැසියට…
    මේ film එකට උපසිරසියක් එනකම් ආශාවෙන් බලාගෙන හිටියේ…කොහෙවත් තිබුණෙ නෑ මේකට උපසිරැසි…

    Reply
  • … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • Flabergasting synopsis..

    Reply
  • Malayalam movies walata subtitles denna kasun,,,,oya dena subtitles godaak lassanay,,,,

    Reply
  • Thank you ,,,,God Bless you,,,,,,

    Reply
  • thank you for the subtitle bro

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • Thnx saho puluwannam
    pathinettam padi 2019 Malayalam
    Film ekatath sub dennko

    Reply
  • ස්තුතියි සහෝ….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…..ජය වෙිවා…..

    Reply

Leave a Reply to Ravin Laksitha Cancel reply

Your email address will not be published. Required fields are marked *