Wednesday , May 27 2020
Breaking News

Ghost Stories (2017) Sinhala Subtitles | මහාචාර්ය ගුඩ්මන් ගේ ඉරණම , හැමදේම කුඩා කාලයේදි සිදුවු අත්වැරැද්දක් නිසාද? [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.8/10. From 36 votes.
Please wait...

ඔන්න එහෙනම් යාලුවනේ කාලෙකට පස්සෙ සුපිරිම හොල්මන් චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා , මෙම සිනමා පටය දැනට එංගලන්තයේ නිර්මාණය වුන හොඳම හොල්මන් චිත්‍රපටය විදියට සැලකෙනවා , මුලින්ම මට මේ සුපිරි බයිස්කොප් එක ලබා දුන්න අපේ හසා අයියාට ස්තුතිවන්ත වෙන්න ඕන.

මේකට imdb දර්ශකයේ ඉහල අගයක් හිමිවෙලා තිබෙනවා , ඒක imdb දර්ශකයේ සටහන් වෙන්නෙ 6.4 ක් විදිහට ලැබුන අගයෙන්ම ඔයාලට මේක කොයිතරම් බය හිතෙන පිලුමක්ද කියලා හිතා ගන්න පුලුවන්නෙ එහෙනම් වැඩි කථා නැතුව , අපි මේකේ ස්ටෝරිය ගැන පොඩ්ඩක් දැනගෙන ඉදිමු. මෙහෙමයි මෙකේ ස්ටෝරිය ගලාගෙන යන්නෙ මහාචාර්ය ගුඩ්මන් කියලා හාදයෙක් ඉන්නවා ඔහු හොල්මන් ගැන හොයන හොල්මන් කියලා දෙයක් තියෙනවා කියලා පිලිගන්න කැමති නැති අධ්‍යාත්මික වංචාවන් නමින් රූපවාහිනි වැඩසටහනක් කරන හාදයෙක් , භූත ආත්මයන් ගැන බොරු වැඩසටහන් කරන අය , ඔවූන් කරන්නෙ වංචාවන් පෙන්නලා ප්‍රසිද්ධ වෙන්න උත්සහා කරන පොඩ්ඩක් විතර පිස්සු හාදයෙක් .

ඒ ජරමර අස්සෙ , ඔහුට ඔහු කවදාහරි මුණ ගැහේවි කියලා හිතාගෙන වුන්න මහාචර්‍ය චාල්ස් කැමරන් ගෙන් පණිවිඩයක් ලැබෙනවා , ඔහු ඉක්මණින් මුණ ගැහෙන්න කියලා , වැඩේ කියන්නෙ , ඔහු මීට වසර බර ගානකට කලියෙන් අතුරුදන් පුද්ගලයෙක් කොහොම වුනත් ඔහු ඔහුට ඇවිල්ලා මුණ ගැහෙන්න කියලා කියපු රහසිගත ලිපිනය සොයා ගෙන යනවා , ඔහුව මුණ ගැසුනාම , ගුඩ්මන් ගොඩාක් සතුටු වෙනවා. එහිදි දෙදෙනා අතර තරමක උණුසුම් තත්ත්වයක් ඇතිවෙනවා , ඒමොකද කියන එක , ඔයාලට මේක නරබන අතරදි දැකබලා ගන්න පුලුවන් වේවි , එහිදි කැමරන් විසින් ගුඩ්මන්ට ඔහුට විසඳීමට නොහැකි වුන විමර්ශනයන් තුනක් ගැන කියනවා , කැමරන් අභියෝග කර සිටිනවා , උබ ඔය කියන තරම් වැඩ්ඩෙක් නම් මේ විමර්ශන තුන විසඳාලා පෙන්නපන් කියලා , කොහොම හරි ගුඩ්මන් , ඒවායේ තියෙන භයානක බව නොදැනම , ඒ අභියෝගය බාර ගන්නවා , එතන ඉදන් ඉදිරියට මොනවා සිද්ධ වෙයිද , කවුද දන්නෙ නේද ??ඔයාලම මේ බිහිසුනු හොල්මන් බයිස්කොපය නරබලා හොයා ගන්නකෝ , ගුඩ්මන්ට ඒවා විසදා ගන්න පුලුවන් වේවිද කියලා ??

කොහොම අවසානයේදි සිද්ධ වෙනදේ ගැන , ඔයාලට හිතා ගන්නවත් බැරිවේවි , මේ හැමදේටම මුල් වෙලා තියෙන්නෙ , මොනවගේ සිදුවිමක්ද කියලා දැන ගත්තම ..

තවත් බයිස්කොප් එකකින් හමුවෙන්නම්. එහෙනම් මම ගිය රෑ ජමේ මේව්වා බලලා එව්වා මේව්වා වෙලා ගියා කියලා කියනවා එහෙම නෙමෙයි.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Kalashnikov (2020) Aka AK-47 Sinhala Subtitles | ගිනි අවිය [සිංහල උපසිරැසි]

ආයුබෝවන් බයිස්කෝප් සහෝදර සහෝදරියො හැමෝටම, වෙනද වගේම අදත් ඔයාල වෙනුවෙන් දෙවැනි ලෝක යුද්ධෙ කාලෙ පදනම්වුන …

Leave a Reply

Your email address will not be published.

37 comments

  1. සබ් එකට හුඟාක් ස්තූතියි… හැබැයි අන්තිමට හිතුනා බැලුවේ අපරාදේ කියලා…. තේරැනේ නෑ කතාව

  2. ගොඩක් ස්තුතියි.. ඔන්න මාත් උපසිරැසිය ගත්තා..
    දිගටම උපසිරැසි දෙන්න..
    නිදුක් නිරෝගී වේවා….!
    තෙරුවන් සරණයි…!

  3. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  4. Thanks for the sub

  5. thanks bro

  6. Thank u bro…

  7. Thanks ………good luck ……………

  8. THANKS SAHOOO!!! jaya wewa!!!

  9. Suresh Madhusanka

    උපසිසිරැසියට ස්තූතියි පියුමාල් බ්‍රෝ ජයෙන් ජයම….!!!!

  10. Thanks for Sub!

  11. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..

  12. Ela saho thanks

  13. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  14. ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්නේ කෙසේද ? ලබා දී ඇති හෑශ් එක කොපි කර ගැනීමට හැකියාවක් නොමැත.. ඒ නිසා එය ටොරන්ට් ඩවුන්ඩ්ලෝඩ් කිරීම ගැටලුවක් වී ඇත.. කොපි ප්‍රොටෙක්ටඩ් , රයිට් ක්ලික් ඩිසෙබල්ඩ් ,ඉවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි..

  15. සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!

  16. thusharasanjaya

    ela bro

  17. Thanks for sub…

    right click disable karapu ekanam karadarayak

  18. bohoma sthuthi sahooo jaya …..

  19. Thank u Bro..

  20. Thanx broo…jayen jaya wewa

  21. THE NEW FOLDER

    Thanksss broooo…….

  22. ස්තුති යුශාන් සහො ….
    තෙරැවන්සරණයි

  23. Thnks broo sub akataa

  24. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    Niyamai boku

  25. Thank you…………!

  26. Pathmila_kushantha94

    Bluray Update එකත් දෙමු නේද?

  27. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..BR එකත් ආවා මතක විදියට. යාවත්කාලීන කලාම බලමු..බුදුසරණයි..ජය වේවා!

  28. සුපිරි

  29. Sub ekata thanx saho

  30. Thanks very much…….

  31. උපසිරැසියට ගොඩාක් ස්තූතියි

  32. Godak sthuthi brother sub ekakata supirima movie ekak wagee…

  33. මේක නම් හොල්මන් වලින් හොඳම එකක් වගේ….උපසිරැසි දුන්නාට ගොඩක් ස්තුතියි සහෝ…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….එහෙනම් ජයෙන් ජය වෙිවා…..

error: Alert: Content is protected !!