Wednesday , September 23 2020
Breaking News

Giant Little Ones (2018) Sinhala Subtitles | අවිනිශ්චිත ආදරයක් [සිංහල උපසිරසි] (18+)

Rating: 7.0/10. From 23 votes.
Please wait...

ගෝලාකාර ලෝකේ ඉන්න විවිධාකාර මිනිස්සු එක්ක පුදුමාකාරව ජීවිතේ ගත කරන කාලයක, ඒ විවිධාකාර පුද්ගලයන් කොටසක් තේමාව ලෙස යොදාගෙන නිර්මාණය කරපු බයිස්කෝප් එකක් මේ… විවිධ පුද්ගලයෝ විවිධ විදිහට ආද‍රේ බලාපොරොත්තු වෙනවනෙ. සම්මතයෙන් ඔබ්බට ගිය අසම්මත ආදර කතාත් තියනවානෙ. ඒ ගැන තවත් පුද්ගලයන් වෙනස්ම කෝණයකින් බලලා ගරහන අවස්ථාත් නැතුවා නොවේ. ඒත් ආදර කතාවක් ඒවායින් නවත්වන්න හැකිවෙයිද? නීතියකට පුලුවන්වේවිද ආදරයකට හරස් වෙන්න? කෙනෙක්ට පුලුවන්ද තවත් කෙනෙක් සිතන පතන ආකාරය වෙනස් කරන්න? අසම්මත නිසා තමන් ආදරය කරන පුද්ගලයාව සිතින් යටපත් කරන්න පුලුවන්ද? අසම්මත වුනත් ආදරයට කියන්න වෙනත් නමක් තියනවාද? මේ ගැටලු සියල්ලටම පිළිතුරක් හොයාගන්න පුලුවන්, මේ බයිස්කෝප් එක නැරඹුවොත්…!

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365(අ) වගන්තිවලට අනුව, සමරිසි හෝ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙකු වීම සාපරාදී වරදක් නොවන අතර, ඒ හේතුවෙන් ඔවුන්ව අත්අඩංගුවට ගත නොහැක. එහෙත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, දණ්ඩ නීති සංග්‍රහයේ පරිච්ඡේදය 365 අනුව සමරිසි හෝ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙකු අසැබි ලිංගික හැසිරීමක යෙදී සිටියදී හමුවුවහොත් පොලීසියට එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන සිරගත කළ හැකිය. නමුත්, ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365(අ) වගන්තිවල ඇතුලත්වන ”ස්වභාව ධර්මයට විරුද්ධ” සහ ”තදබල අශෝබන ක්‍රියා” යන පාඨ බොහෝ විට සමරිසි හෝ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට හිරිහැර කිරීමටත්, වෙනස් කොට සැලකීමටත් සහ අපරාධකරුවන් සේ සැලකීමටත් අනිසි ලෙස භාවිතා කරයි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන ව්‍යවස්ථාවට අනුව රටවැසියන් සියල්ලෝම නීතිය ඉදිරියේ සමාන වේ. එය සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාවට ද අදාළ වේ. අනෙක් අය මෙන් ඔවුන් ද පාසල් යන, රැකියා කරන, රජයට බදු ගෙවන සාමාන්‍ය පුරවැසියන්‍ ය. ඔවුන්ටද රටේ අනෙක් පුරවැසියන්ට හිමිවන අයිතිවාසිකම් සියල්ල හිමිවේ. එහෙත් ඔවුන්ගේ ලිංගික දිශානතිය හෝ ස්ත්‍රීපුරුෂ සමාජභාවීය අනන්‍යතාව මත පදනම්ව වෙනස්කොට සැලකීම් හා කොන්කොට සැලකීම් නිරන්තරව සිදුවේ. එය ශ්‍රී ලංකාවේ නීතියට විරුද්ධවේ. (උපුටා ගැනීම-Equite/Equal Ground/Accept Sri Lanka/Colombo Pride facebook pages and Frangipani movie)

”සමරිසි, සංක්‍රාන්ති ලිංගික තත්ත්වයන් මානසික රෝග ඝනයට අයත් නොවේ. එය ලෙඩ රෝග වර්ගීකරනයේද සදහන් නොවේ. එය ජීව විද්‍යාත්මක විෂයයකි. එම පුද්ගලයන්ගෙන් සමාජයට කිසිම තර්ජනයක් නොමැති අතර එවැනි පුද්ගලයන්ට සමාජයෙන් තර්ජන එල්ලවේ. එමෙන්ම එය විදේශ සංස්කෘතියක් නොවන අතර රටේ මෙතෙක් පැවැති සංස්කෘතියෙන් කොටසකි.”
– පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය , පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය , විශේෂඥ මනෝ වෛද්‍ය පබාසරී ගිනිගේ මහත්මිය.

”ක්‍රි.ව.1977 දී සමරිසි, සංක්‍රාන්ති ලිංගික තත්ත්වයන් මානසික රෝගයක් නොවන බව හදුනාගෙන ඇත. එතැන් සිට මේ දක්වා එය මානසික රෝගයක් ලෙස හදුන්වනු නොලැබේ. මෝහනයකින්, ඖෂධ මගින් හෝ කිසිම ආකාරයකින් එම තත්ත්ව වෙනස් කළ නොහැකියි. එම ලිංගික නැමියාවන් බලෙන් වෙනස් කළ නොහැකියි. විද්‍යාත්මකව සමරිසි, සංක්‍රාන්ති ලිංගික තත්ත්වයන් වරදක් නොවේ. ඒ පිළිබදව සාමාන්‍ය පුද්ගලයන්ට අධ්‍යනය සදහා නිවැරදි ලිංගික අධ්‍යාපනයක අවශ්‍යතාවයක් පවතී. අතත්‍යන්තයෙන්ම එම තත්ත්වයන් රෝගයක් නොවන අතර ඖෂධ ද නොමැත.”
– විශේෂඥ ලිංගික වෛද්‍ය ප්‍රනීත් ප්‍රේමදාස මහතා.

ඉහත විස්තරය ගෙන ආවේ, මේ බයිකෝප් එක නරඹද්දි ඒකෙ තේමාව හා එහි ලාංකේය පසුබිම දැනගත්තොත් හොදයි කියලා හිතුනු නිසා. මේ බයිස්කෝප් එකේ තේමාව නම් ලංකාවට කිසිසේත් අදාළ වෙන්නේ නම් නෑ. ඒත් සබ් එකේ අවශ්‍ය තැන්වල ඒ ඒ විදිහට වචන පාවිච්චි කරලා තියනවා.

ෆිල්ම් එකේ විස්තර ටිකක් කිව්වොත්, මෙය ප්‍රථමයෙන්ම තිරගත වුනේ 2018 සැප්තැම්බර් 09 වෙනිදා. පැය 01යි මිනිත්තු 33 ක ධාවන කාලයකින් සමන්විත මේ චිත්‍රපටිය කතාව ලියලා මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ කැනේඩියානු ජාතික Keith Behrman විසින්. මෙය නිෂ්පාදනය කරලා තියෙන්නේ Allison Black විසින්. සංගීත අධ්‍යක්ෂණය Michael Brook විසින්. රූගත කරලා තියෙන්නේ කැනඩාවෙදි. මේ බයිස්කෝප් එකේ ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙන්නේ Josh Wiggins සහ Darran Mann.

මේ බයිස්කෝප් එකේ කතාව ගැන ටිකක් බැලුවොත්, ෆ්‍රැන්කි කියලා පිරිමි ළමයෙක් වටා තමයි කතාව දිවයන්නේ. ගොඩක් ලස්සන කොල්ලෙක් මෙයා, ඒ නිසාම ගොඩක් ලස්සන කෙල්ලෙකුත් මෙයාට ඉන්නවා. දෙන්නා ගොඩක් යාලුයි. එකම ඉස්කෝලේ එකම පන්තියේ. ඒ කෙල්ලගේ අයියත් ෆ්‍රැන්කි එක්ක යාලුයි. ෆ්‍රැන්කි කෙල්ලගේ ගෙදර යනවා, එහෙ ඉන්නවා, විනෝද වෙනවා. ජාති ගොඩයි.. ෆ්‍රැන්කිගේ 17 වෙනි උපන්දින පාටිය එයාලාගේ ගෙදර සංවිධානය කරනවා. ඉතින් ඒකෙ ආතල් ගොඩයි. ෆ්‍රැන්කියි කෙල්ලයි එදා රෑට පළවෙනි සැරේට සෙක්ස් කරනවා කියලා සැලසුම් කරගෙන ඉන්නේ. පිස්සුම වැඩේ කියන්නේ මේ කෙල්ලගේ අයියා තමයි දෙන්නට කොන්ඩම් ගෙනත් දෙන්නේ.. ඒත් නොහිතපු විදිහට මහ රෑ පාටිය නවත්තන්න වෙනවා. හැමෝම කළබලෙන් ගෙවල්වලට යනවා. අන්තිමට ඉතුරු වෙන්නේ කෙල්ලගේ අයියයි, ෆ්‍රැන්කියි. දෙන්නා මහ රෑ බයිසිකල් සවාරියක් යනවා. කොල්ලෝ සෙට් එකක් එක්ක පොඩි වලියකුත් දාගන්නවා. දෙන්නා ගෙදර ඇවිත් ෆ්‍රැන්කිගේ ඇදේ නිදාගන්නේ. මෙතන ඉදන් තමයි කතාව වෙනස් වෙන්න ගන්නේ. ඒ දෙන්නට අමුතු හැගීමක් ඇවිත් සෙක්ස්…..

ෆිල්ම් එක බලන්නම වෙයි ඉතුරුටික දැනගන්න!

සම්මතෙන් එහාගිය
අසම්මත බැඳීමක්….

ඒත්,
ආදරයට කොහෙද
සීමා මායිමක්….

හැගීම්
ආධ්‍යාත්මික නම්
කොහේද එතන
අසම්මතයක්….

ආදරය
අසීමාන්තිකයි….

එනිසයි ඔවුන් ලග
මෙතරම් ප්‍රේමයක්….

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රුසිත් දිලීප ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

12 comments

  1. thnx for the sub.keep it up

  2. පට්ට වැඩක්…
    මේ වගේ හොද TV Show එකකුත් ගේන්න…

  3. Prabath Dulshan

    උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ.. Trailer එක විතරක් බලලා සබ් නැති නිසා පස්සේ කවද හරි බලනවා කියල හිතං හිටපු එකක්.. උඹට පිං.. බොහෝම ස්තූතියි සහෝ.. ජය..

  4. Thanks ………….good luck ……………….

  5. රිශාන්ත

    Thanx rusith

  6. isuru srinath sjs

    උපසිරැසියට බොහොම ස්තුතියි

  7. Thank you very much…

  8. Thanks jayawewa…..!

  9. ස්තුතියි..සබ් එකට…පුලුවන්නම් Sniper Assassins End 2020 එකටත් සබ් එක දෙන්න…

  10. Thanks..

  11. you are hero dear .thank you very very much malliya.your choice is so essentialy classic.all the best and wish for very very good future

  12. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

error: Alert: Content is protected !!