Wednesday , September 23 2020
Breaking News

Gippi (2013) | මමත් හොඳ වැඩ්ඩෙක් තමයි [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Gippi (2013)ඔන්න යහලුවනේ නැවතත් හින්දි බයිස්කෝප් එකක් ඇරන් මම ආවා .මෙදා පොටේ මම ඇරන් ආවේ Karan Johar ගේ නවතම සිනමා පටයයි ..කතාව,තිර රචනය ,සහ අධ්‍යක්ෂණය යන තුනම Sonam Nair ගෙන් සංකලනය වුත්,,ගායනය අතින් Udit Narayan , Sukhwinder Singh,වැනි අය දායක වූත් අපූර්වතම සිනමා නිර්මාණයකි .අපේ විකී සහෝදරයාගේ පුර්ව දැණුවත් වීමක් සහිතව නැරඹූ මේ සලරුව පොඩ්ඩක් පොඩ්ඩක් අමුතු ආකාරයේ එකක් කියල දැනෙන්න එච්චර වෙලාවක් ගියේ නෑ . Comedy | Drama ගණයට දාන්න පුලුවන් මේ සලරුව අපේ පුංචි ළමා ලෝකය වටා තමා සැරිසරන්නේ

”අපොයි එහෙනම් බලලා වැඩක් නෑ “කියලා ඔයගොල්ලන්ට හිතෙන්න පුලුවන්. ප්හ්හ් ඒත් මේකෙ ඉන්න නංගිලාගේ වැඩ දැක්කම තනි ඇහැට ඇඩෙනවා. මේකේ ඉන්නෙ 16+වත් නැති පුංචි සෙට් එකක්. ගිප්පි කියලා ගැහැණු ළමයෙක් වටා තමයි මේක පැය එක හමාරකට අධික කාලයක් දුවන්නෙ. යොවුන් විය ආරම්භ අවදියේ පුංචි මනසට දැනෙන ආදරය, විරහව, දුක, අත්දැකීම්, මේ සියල්ලක්ම කැටිකොට හාස්‍ය රසය උත්පාදනය වෙන අයුරින් මේ සලරුව ගොඩනඟා තියෙනවා. කම්මැලිකමකින් තොරව, අවසානය තෙක්ම බලන්න පුලුවන් එකක්. හැමදාම වගේ අපි බලන්නේ කපාගන්න, කොටාගන්න, වෙඩිතියාගන්න ඒවානොවැ. ඒවා බලලා මේ වගේ එකක් බලපුවම හරියටම වැස්සක් වැහැල පෑව්වා වගේ. එහෙනම් ඉතින් වැඩි කයිවාරු නැතුව කතාවට යන්නම්කෝ…

මම කලින් කීවා වගේ මේක ගිප්පි කියල ගැහැණු ළමයෙක් මූලික කරගෙන තමයි ගොඩනගලා තියෙන්නෙ. වයස අවුරුදු 14 ක් වෙන මේ ගිප්පි තමන්ගේ වයසට වඩා ටිකක් වැඩිලා. ඒ කියන්නෙ ටිකක් මහතයි. මෙයා එයාගේ අම්මයි, මල්ලි බුබූයි එක්ක තම ජීවත් වෙන්නෙ. ඉතින් අඩුව මොකක්ද කියල තේරෙනවනේ. ඒ අඩුවත් යම් යම් තැන් වලින් කතාව ගොඩනඟන්න දායක වෙනවා. මේ ගිප්පිට කොහොමද තමන්ගේ කය, මනස සහ සමාජය පාලනය කරන්නෙ කියල දැනීමක් නෑ. ඒ නිසාමද මන්ද ඇය ගොඩාක් දෙනාගේ හිනාවට ලක් වෙනවා. ඒ වගේම තමා ඇයගේ හොඳම යහලුවා අන්චල්. මේ දෙන්නම අනිත් අයගෙන් කොන් වෙලා පැත්තකට වෙලා ඉන්න දෙන්නෙක්. අනිත් කතාවන් වල වගේම මේකෙත් ගිප්පිගේ තරහා කාරයා තමයි සමීරා කියල ගැහැණු ළමයෙක්. සමීරා ගිප්පිට වඩා හැම දේටම දක්ශයි. මෙයාලගේ ඉස්කෝලෙට අලුතින් එනවා කබීර් කියල පිරිම් ළමයෙක්. ආපු ගමන්ම සමීරා මෙයාව අල්ලගන්නවා. තේරෙනවනේ ඉතින් ? ටිකක් කල් යනකොට කබීර් ගිප්පිට ඇගෑලුම් පාන බවක් පේනවා. ඒත් ඔහු සමීරාත් එක්ක ඉන්න නිසා ගිප්පි ඔහුව ගනන් ගන්නේ නෑ. මේ අතරතුර තමයි ගිප්පිට අර්ජුන්ව මුනගැහැන්නේ. කාලයාගේ ඇවෑමෙන් ගිප්පි ඔහුට ආදරේ කරන්න පටන් ගන්නවා. අර්ජුන් කියන්නෙ ගිප්පිට වඩා ටිකක් වැඩිමල් කොල්ලෙක්. ඒත් එක්කම පාසලේ සිසු නායිකාව තෝරන චන්දයක් තියෙනවා. මේකට ගිප්පි සහ සමීරා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වෙනවා.. ඉතින් මේ ගිප්පිගේ ආදරේ සාර්ථක වෙයිද ?කවුරු චන්දෙන් දිනයිද ? කියල ඔයාලම හොයා ගන්නකෝ. ඒ වගේම මේකේ ශම්මි කපූර්ගේ ඩාන්ස් දාන්න මේ ගිප්පි සහ ඇයගේ සහෝදරයා හරිම දක්ශයි. ඒ නැටුම් සහ මේ පාසලේ ඉන්න ගුරුවරුන්ගේ කතා එහෙම අහපුවාම හිනා කාලාම මැරෙනවා… ඔයාලත් එහෙනම් හොදට හිනාවෙන්නකෝ…

එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරැසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!!

Gippi (2013) on IMDb

 

 

62111838d4618f85b7ef8054c3600a156acbae98
a8a8ab098271a64f04b4046f6048b439faf2af04
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

61 comments

  1. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  2. Chathura Madusanka

    thanks machanla

  3. Thanks !

  4. THANKS SUB WALATA

  5. thankz film 1 ta.. lassanama lassanai… 🙂

  6. Chathura Madusanka

    thanks sahoo

  7. Nice Movie, Thanks for susbs. Keep it going…all the best..

  8. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි උපසිරසියට,ජයවේවා.

  9. සුනෙත්

    හැමදාම ඇක්ෂන් හොරර් තනියම බලනවා.මේක ඉතින් මුළු පවුලටම නොවැ.කොහොමටත්
    වයිෆ් ,බබා කැමති හින්දි එව්වට තාම.හිනා වේවි බලන්න තියෙනවනම් ඉතින් නොබලා කොහොමද.ඉස්තුතියි චතුර සහෝ ඔබගේ මහන්සියට

  10. Ela Thankz machan

  11. mudiya / මුදියා

    පට්ට ෆිල්ම් එකක්නෙ චතුර ගෙනල්ල තියෙන්නෙ.පොඩි කොපියකුත් තියෙනව.පැය එක හමාරයිලු තියෙන්නෙ.ඊටත් කොමඩියක්.අනිව බෑමක් තමයි.මේ වගේ ඒව හොයල දෙන විකියටත් ඉතිං පිං තමයි.ජයවේවා.බොහෝ…………………………………….ම ස්තූතියි…!

    • Chathura Madusanka

      ස්තුතියි මුදියෝ පරක්කු වෙලා හරී හිත හැදෙන්න වචන ටිකක් කිවට ……..

  12. Chathura Madusanka

    thanks yaaluwaneee…………..

  13. ස්තුතියි සහෝ සබ් එකට​..

  14. නියම කතාව එල
    ජයවේවා චතුර සහෝ

  15. thx machan thx sooooo

  16. thanks machan…http://yify-torrents.com/browse-movie wala honda films thiyanawa.
    aluth ewa..old films ehemath thiyanawa… english sub ekkama..
    sinhalen sub dala ewath denna puluwannam loku deyak..
    seed godak wedi yifi torrent wala..
    thanks machann… again…..

    • Chathura Madusanka

      අනිවා දෙනවා…මම එකෙන් හොද ෆිල්ම් එකක් බෑව..ඉක්මනටම දෙන්නම් මචන්.

  17. Chathura Madusanka

    thanks sahoolaaa,,,,,,,,…..

  18. නලින්

    ස්තුතියි චතුර සහෝ මැක්සා මුවි එකක්නේ මේක

    ජය වේවා!

  19. Thank you 🙂

  20. “චූටී මල්ලි”

    එනකම් හිටියෙ බලන්ඩ මේක
    දැන් සබත් තියෙන නිසා එලම තමා
    සබට තුති
    ඔබට ජය……………

  21. බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. මෙච්චර ඉක්මනට දෙවෙනි එකටත් සබ් දුන්නේ ඔයත් හෙන වැඩ්ඩෙක් තමා නේද? ජය෴෴ 😛 😛

    • Chathura Madusanka

      2නි එකක් නෙවේ සහෝ 3නි එකත් දීලා තියෙන්නෙ..ඒක තාම පලවුනේ නෑ …4නි එකත් හෙට අනිද්දටම දෙන්නම්කෝ …..

  22. අද මම මේ චිත්‍රපටිය ගැන විකියත් එක්ක කිව්වම විකියා කිව්වා ඒකට සබ් දාලා දීලත් ඉවරයි කියලා.. බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට..

    • Chathura Madusanka

      ඔයගොල්ලන්ගේ සප් එක තියෙනවනම් සහෝ තව මොන සතුටක්ද?

  23. maru mama thamai ada 1ta gaththe

  24. Chathura Madusanka

    දෙයක් ගන්න පුලුවන් ෆිල්ම් එකක් යහලුවනේ ……..ඔයාලත් බලලම පොඩි කොමෙන්ට් එකක් දාන්නකෝ

  25. එල එල… නියම කතාවක්නේ.

  26. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ela ela

  27. meka maru sub nathuwa baluwaa .dan sub ekka balanawaa

  28. ස්තුතියි සහො

  29. tnx a lot bro…

  30. wow,,maru 😀

  31. නියමයි සහෝ ඔහොමම යමු තවත් දෙමු

  32. elazz thnxzzz

  33. තවත් හොද ෆිල්ම්ස් වලට සබ් දාලා දෙමු

    ජය වේවා!!

  34. පට්ට මචං ALL THE BEST

  35. හින්දි ඒවා නම් අනිවා බලනවා නේ මචෝ දිගටම දෙමු එහෙනම් අලුත් පහරවල්

  36. බොහෝම ස්තූතියි සහෝ

  37. Chathura Madusanka

    thanks comments walata seratama

  38. ස්තුතිය… 🙂

  39. ඔන්න එහෙනම් බානවෝ

  40. jayen jaya!!!!

  41. bohoma pin sub akata

  42. ඔන්න මමත් ගත්තා එහෙනම් ජය!

  43. thnxxxxxxxxxxxxx

  44. rusuru | රුසිරු

    Karan Johar කරා නම් සුපිරියට ඇති 🙂

  45. niyamaine saho mey wage awa nam maru

  46. mihin ලංකා

    බොහොම තුති මචං

  47. මේක මමත් බලන්නම හිටියේ දැන් සබ් එක්කම එලටම බලන්න ඇහැකි

  48. ela ela macho thawath hindi tamil awa demu

error: Alert: Content is protected !!