අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Good Luck Chuck (2007) Sinhala Subtitles | (අ)වාසනාවන්ත චක්… [සිංහල උපසිරැසි සමඟ] (18+)

Rating: 8.5/10. From 41 votes.
Please wait...

මේ මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය. පටන් අරගෙන ඉවර කරන්න දවස් 12කට ආසන්න කාලයක් ගියා. ෆිල්ම් එක මම ගොඩක් කලින් බලපු පට්ට ෆිල්ම් එකක්. බයිස්කෝප් එකේ සබ් එකක් දාල තිබ්බෙ නැති නිසා සිසිල සහෝගෙන් ඒක ඉල්ලගෙන කරන්න ගත්තෙ ආසාවට. සබ් එකක් කරන එක මොන තරම් අමාරුද කියන එක තේරැනේ වැඩේ පටන් ගත්තට පස්සෙ. මට මේ අවස්ථාව අරන් දීම ගැන අදාල පාර්ශවයන්ට ස්තූති කරන ගමන්ම මම ෆිල්ම් එක පැත්තට හැරෙන්නම්.

මේක 2007 ආපු ටිකක් පරන ෆිල්ම් එකක්. ආදර කතාවක් ඔස්සේ ගලායන කොමඩියක් කියුවොත් වඩාත් නිවැරදියි. ඒ වගේම මගේ අදසහ නම් 18+ වඩාත් සුදුසු බව.

කතා නායකයා චාලි. පොඩි කාලෙදිම චාලිට අමුතුම ආකරයේ සාපයකට ලක් වෙන්න වෙනවා, ගැහැනු ලමයෙකුගේ ඉල්ලීම් පැහැර හැරීම නිසා. ඉල්ලීම් මොනවද කියල ෆිල්ම් එක පටන් ගන්නකොටම බලාගන්න පුලුවන්. සාපයේ හැටියට චාලිට කවදාවත් ස්ථිර ආදරයක් ලබන්න බෑ , මොකද චාලි එක්ක ඉන්න හැම කෙල්ලටම එයාලගෙ සැබෑ ආදරය මුන ගැහෙනව චාලිගෙන් පස්සෙ.

චාලිට සෙට් වෙන හැම කෙල්ලම ටික කාලෙකින් වෙනත් කෙනෙක් බදිනවා. චාලි සදා තනිකඩයි. ඔයි අතරෙ තමයි තමන්ගෙ සැබෑ ආදරය හොයාගන්න ඕන ගෑනු ලමයි පේලියට චාලි හොයන් එන්නෙ. චාලිත් ඉතින් තමන්ගෙ විදිහට හැමෝටම බෑ නොකිය උදවු කරන්න පටගන්නවා.

මේ අතරෙ චාලිට එයාගෙ සැබෑ ආදරය හමු වෙනව. කැම් පෙන්ගුවින්ලට පිස්සු වැටුන කෙල්ලෙක්. චාලි කැම්ට පිස්සුවෙන් වගේ ආදරේ කරන්න ගන්නව. එතකොට තමයි චාලිට ආශීර්වාදයක් වෙලා තිබ්බ සාපය නියම සාපයක් බවට වෙන්නෙ. මොකද සාපයේ හැටියටහ් කැම්ටත් චාලිගෙන් පස්සෙ කෙනා තමයි හරියටම හරියන්නෙ. චාලි කැම්ව නැති කරගන්න බැරි නිසා ඕනම දෙයක් කරන්න කැමතියි කැම්ව තමන්ගෙම කරගන්න. චාලිගෙ පිස්සු විකාර වලට උදවු කරන්න මරැ යාලුවෙකුත් ඉන්නවා ස්ටූ කියල.

ඉතින් ඔන්න ඔය විදිහට චාලි තමන්ගෙ සැබෑ ආදරය දිනා ගනීවිද,නැත්නම් සාපය නිසා චාලි සදහටම තනිකඩ වේවිද කියන එක බලාගන්න එක ඔයාලට බාරයි. මුල ඉදන් අගටම කම්මැලි නැතිව බලන්න පුලුවන් මරු ෆිල්ම් එකක් මේක. IMDB දර්ශකය 5.6 කට කරකවපු ෆිල්මක් මේක.

සෑහෙන්න මහන්සියක්, කාලයක් කැප කරල බොහොම ආසාවෙන් කරපු මගේ පලවෙනි සබ් එක මේක. අඩු පාඩු ඇති, හැබැයි රසවින්දනයට ඒ තරම් බාදාවක් වෙන වැරදි නැතුව ඇති කියල මම විස්වාස කරනවා. එහෙනම් තවත් දවසක තවත් උපසිරැසියකින් මුන ගැහෙනකම්,

හැමෝටම ජයෙන් ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Good Luck Chuck[2007][Unrated Edition]DvDrip[Eng]-FXG පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත් රණවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

43 thoughts on “Good Luck Chuck (2007) Sinhala Subtitles | (අ)වාසනාවන්ත චක්… [සිංහල උපසිරැසි සමඟ] (18+)

  • Thanks a lot saho sub ekata

    Reply
  • Thanks for the subtitles. Keep up the good work.

    Reply
  • Komada meken film eka download karanne

    Reply
  • Thank u bro…….

    Reply
  • thank you bro.. Jaya wewa

    Reply
  • Patta machn thnks for sub

    Reply
  • Ela saho thanks

    Reply
  • සබ් එකට බොහොම ස්තූතියි සහෝ…….!
    ඒ වගේම පලවෙනිම සබ් එකටත් සුබ පැතුම්…..!

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….
    පට්ට කොමඩියක් වගේ…

    Reply
  • patta filuma. super brother thanks a lot more

    Reply
  • මේකනන් පට්ටම ෆිල්ම් එකක්. ඉස්සර බැලුවා. දැන් ආයෙත් බලන්න ඕනේ සිංහලත් එක්ක. ස්තූති සහෝ

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • බොහොම ඉස්තූතියි මහත්තයෝ

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • elama saho ehenam..digatama sub demu.JAYA WEWA EHENAM.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • බොහොම ස්තූති සහෝ උපසිරසට..පලමු උපසිරසට හදවතින්ම සුබ පැතුම්. තව තවත් උපසිරස කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා! බුදුසරණයි..!

    Reply
  • G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    Reply
  • පළමු සබ් එකට උණුසුම් සුබ පෑතුම්

    Reply
  • පළමු උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ!
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි …………………..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    Reply
  • Thanks tamil movies sub oona

    Reply
  • elam kolloooo good luck

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි

    Reply

Leave a Reply to Rukshan37 Cancel reply

Your email address will not be published. Required fields are marked *