අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Gotham [S01- E11] | තක්කඩි තිප්පොල… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 11 votes.
Please wait...

GOTVSNEW1

එකොලොස් වෙනි කොටස සමඟින් අපි මේ නැවත හමුවෙන්නේ මාසෙකට පස්සේ. ඔයාලව දහවෙනි කොටසේදී දැනුවත් කරන්න උනේ නැත්තේ මමවත් මේ ගැන නොදැන සිටි නිසා. සතියකට පස්සේ එකොළොස්වෙනි කොටසට මොකෝ උනේ කියලා හොයද්දි තමයි දැනගත්තේ මාසෙක නිවාඩුවක් අරගෙන කියලා. ඉතින් දැන් ආයේ මුණ ගැහෙන නිසා කතාව දිහාට යොමුවෙමු. 

අද කොටස ආරම්භ වෙන්නේ ජිම් ගෝර්ඩන්ට ලැබුන පත්වීම සමඟින්. ඒ ආක්හම් පිස්සන්කොටුවේ පිස්සෝ බලාගන්න ලැබුන මුර රස්සාව එක්ක. ඉතින් එයාට එහෙදි තව කොමික් චරිතයක් මුණ ගැහෙනවා. එයා ගැන මම පොඩි විස්තරයක් කියලා ඇති පහලින්. කැමති ඇත්තෝ බලත්වා 😀 ඉතින් ගෝර්ඩන් උන්නැහේට ලැබුන දඬුවම් රාජකාරිය අස්සෙත් රහස් පරීක්ෂක වැඩක් කරන්න වෙලා. එහෙනම් බලමු ඒ මොකද්ද කියලා. ඊට අමතරව සෙලිනා තාමත් හැංගිලා ඉන්නේ. මොකද එයාව මරන්න කට්ටිය තාමත් පස්සෙන් ඉන්න නිසා. ඒ වගේම ගෝර්ඩන්ගේ පෙම්වතියට ආයෙත් ගෝර්ඩන්ව මතක් වෙනවා. මේ හැම දෙයක්ම අද කොටසින් බලාගන්න.

ඒ වගේම කියන්න ඕනේ මාසෙක නිවාඩුව නිසාද මන්දා මේ කොටසේ ඉංග්‍රීසි උපසිරසක් නිකුත් උනේ ප්‍රමාද වෙලා පෙරේදා රාත්‍රියේ. පුළුවන් ඉක්මණින් ඉවර කරලා තමයි මේ වෙලාවට ඔයාලට මේ කොටස රැගෙන ආවේ. 

ලෙස්ලි තොම්ප්කින්ස්

මතක ඇති මම කිව්වා මේ කතාවට එකතු වෙන පැරණි කොමික් චරිත ගැන හැකි විදිහට ඔයාලට හඳුන්වා දීමක් කරන්නම් කියලා. අද මේ කොටසේදීත් එවැනි කොමික් චරිතයක් එකතු වෙනවා. කලින් ඔයාලට කිව්වනේ හාර්වි ඩෙන්ට් හෙවත් Two Face ගැන.  අද එක්කාසු වෙන කෙනා  තමයි වෛද්‍ය ලෙස්ලි තොම්ප්ස්කින්. මේ චරිතය කරලියට එන්නේ 1976 මාර්තු වලදී. ඒ ඩිටෙක්ටිව් කොමික් අංක 457 දී. මේ චරිතයේ නිර්මාපකයෝ තමයි Dennis O’Neil සහ Dick Giordano. ගෝතම් කතා මාලාවේදී තමයි මේ චරිතය මුලින්ම සජීවී ලෙස දකින්න ලැබෙන්නේ. මෙහිදී මේ චරිතයට පණ පොවන්නේ Morena Baccarin නම් නිළිය විසින්.

Gotham Lesly Thompkins

දැන් කියන්නම් මෙයා කොහොම කෙනෙක්ද කියලා. ඇත්තටම මෙයා වෛද්‍යවරියක්. ගොඩක් බෙහෙත් කරන්නේ මානසික ලෙඩ්ඩුන්ට, අපරාධකරුවන්ට සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පිරිස් වලට. ඇත්තටම කිව්වොත් මේ චරිතය සුදු චරිතයක්. ඒ වගේම බෘස් වෙයින්ගේ පියා වන තෝමස් වෙයින්ගේ හොඳ මිතුරියක්. අතීත කොමික් පිටු පෙරලුවම ඒවාගේ සඳහන් වන ආකාරයට, තෝමස් සහ මාර්තා වෙයින් ඝාතනයෙන් පසු බෘස් වෙයින් බලා ගැනීමට ඔහු ගැන සොයා බලන්නත් වෛද්‍ය ලෙස්ලි අමතක කරලා නැහැ. ඒ වගේම සඳහන් වෙනවා ඇල්ෆ්‍රඩ් පෙනිවොර්ත් හෙවත් බෘස් වෙයින්ගේ වර්තමාන බාරකරුවා සමඟ පලහිලව්වක් තියනවාය කියලත්. කොහොම උනත් මේ වෛද්‍යවරිය සමාජ යහපත වෙනුවෙන් පෙනී සිටි චරිතයක් බෘස් වෙයින් බැට් මෑන් වීම සම්බන්ධයෙන් පවා ඇයගේ කැමැත්තක් තිබිලා නැහැ මොකද ඒ ඔහුගේම යහපත වෙනුවෙන්. මේ චරිතය ගොඩක් ජනප්‍රිය නොවුනත් ඉතිහාසයක් සහිත චරිතයක්. එහෙනම් බලමු අද කොටස සමඟින් කොහොමද ඒ චරිතය ගෝතම් හැඩ වැඩ කරන්නේ කියලා . නැවත ඊළඟ සතියේදී මුණ ගැහෙමු. හැමෝටම ජයෙන් ජය වගේම සුබ නව වසරක් පතනවා!!! 

Gotham on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 << Previous Episode                              All Episodes                                  Next Episode>>     

 

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

50 thoughts on “Gotham [S01- E11] | තක්කඩි තිප්පොල… [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • අලුත් චරිත හඳුන්වා දෙන ලිපි කොටස සෑහෙන්න වටිනව……විශේෂ ස්තුතිය

    Reply
  • උපසිරැසියට ස්තුතියි ♥️ හසන්ත සහෝ

    Reply
  • උපසිරැසියට ස්තුතිවන්ත වෙනවා සහෝ
    ඔබට ජය

    Reply
  • ep 12 ikmanatama sub plz mochoo

    Reply
  • ep 12 awooooooooooooooooo

    Reply
  • Thanks sub 1kata digatama karagena yamu

    Reply
  • thanks mcn sub ekata……. digatama karagena yanna.

    Reply
  • bohoma stuti saho……… .

    Reply
  • sub 1ට වගේම විස්තරයටත් බොහෝම ස්තුතියි අය්යේ….

    Reply
  • දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…

    Reply
  • එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • බොහොම ස්තූතියි හසන්ත සහෝ

    Reply
  • ammooooooooo ati yanthan awaaaa. kattiya horatama niwadu gihinnn,

    Reply
  • ඔන්න දැනුයි බලන්න සෙට් වෙන්නේ. බොහෝම ස්තූතියි කියනවා එහෙනම් උපසිරැසියට. බලමු අද මොනා වෙයිද කියලා. එලස්ස්ස්.. ජයම වේවා..!

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට.

    Reply
  • බොහොම ස්තූතියි සහෝ, දැන් දෙපාරක්ම බලනවා.

    Reply
  • බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. එහෙනම් ආපහු බැලිල්ලක් විතරමයි. ජය෴෴ 😛 😛

    Reply
  • sub ekata thanx aaaaaaaaaa

    Reply
  • hamme enakam balagena hitiye TNQ a sabata 😀

    Reply
  • thanks for the sub,
    yaluwane 720p video eka tiyenawa 130 mb witarai wenne,niyama quality tynawa, agent carter ehema 56mb 480p video eka MICROMKV site eke, oyalata eken scorpian 130mb 720p video eka ganna puluwan , e aya encode karanne x265 widihata, films ehema 720p video mkv eka 250mb witara wenne, data ituru karaganna ayata, time ituru karaganna ayata meka hugak hodai, man downld karanne ehema, 700mb walata eke film ekak gannawata wada full hd films 2k 3k ganna puluwan man hitanne, man kiyanawata Micromkv ekata gihin balanna,
    thanks again for the sub

    Reply
    • Size podi unata quality YIFY quality eka paradai

      Reply
        • ඒ උනාට ඒවා KM Player එකේ වැඩ කරන්නේ නැනෙ.
          VLC එකේ සබ් වැඩ කරන්නේ නැ.

          Reply
  • ස්තුතියි හසන්ත අයියා. කල්තියා බගෙන හිටියේ… මෙක දෙනකල්ම

    ජය වේවා!

    Reply
  • ayemath gotham balanna puluwan. me wage series walata sub dena ekata thanks

    Reply
  • මම මේ එත් බැලුවා මොකෝ පරක්කු කියලා,බැලින්නම්
    ඉංග්ලිෂ් සබනේ පරක්කු වෙලා තියෙන්නේ,ඔන්න මමත් ගන්නවා සබට බොහොම තුති

    Reply
  • බොහොම ස්තූතියි හසන්ත මාමි 😀

    Reply
  • ස්තූතියි සහෝ ‘Black Sails’ දෙවනි කොටසත් දෙනවා නේද

    Reply
  • Thanks saho meka denakan une, hriyata MS ada dinanawa wage 😀

    Reply
  • ela machoo thanxs subata

    Reply

Leave a Reply to Dhana Cancel reply

Your email address will not be published. Required fields are marked *