අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Gotham [S04 : E07] with Sinhala Subtitles | සතුරා මිතුරු වෙසින්ද සිටිය හැක [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 37 votes.
Please wait...

අපි කෙලින්ම ගිය සතියේ කොටස ගැන මතක් කරගෙන ඉඳිමු. ප්‍රොෆෙසර් පිග් එයාගේ වැඩ ආරම්භ කලා. ගෝතම් පොලිසියේ ඉන්න දූෂිත පොලිස්කාරයෝ එක්කෙනා ගානේ එයා මරලා දානවා. ඇත්තටම දූෂිත පොලිස් නිලධාරින් ගොඩට එයා සලකන විදියට වැටෙන්නේ, පෙන්ගුයින්ගේ පඩි පැකට් එක ලැබෙන නිලධාරින්. ඉතින් ගෝඩ්න් සෑහෙන මහන්සියක් අරගන්නවා මේ පිග්ව හොයාගන්න. එයා පෙන්ගුයින් ලඟට පවා යනවා මොනවාහරි හෝඩුවාවක් හොයාගන්න පුලුවන්ද බලන්න. එතනින් පොඩි පොටක් පෑදුනා වගේ පෙනුනාට ඒකත් හරි ගියේ නෑ. එතකොට සොලමන් ග්‍රන්ඩිව සටන් බිමට දාලා එඩ් සල්ලි හොයනවා. ඒ එයාගේ නැතිවුනු බුද්ධිය නැවත ලබාගන්න. එයා ඒකට උදව් ඉල්ලන්නේ ලී ගෙන්. ලී මුලින් අකමැති උනත් දැඩි මුදල් අවශ්‍යතාවයක් නිසා එඩ්ට උදව් කරන්න කැමති වෙනවා. ඒවගේම තමයි කතාව අවසානයේ බුලොක් පිලිගන්නවා එයත් පෙන්ගුයින්ගේ පඩි ලැයිස්තුවේ ඉන්නවා කියලා.

මේ සතියේ කොටසෙත් පිග් ගේ වැඩම තමයි බලාගන්න තියෙන්නේ. පිග් කියන්නේ කවුද කියලා අපි හරියට මූණ දැක්කේ නැහැනේ. ඔන්න මේ සතියේ නම් ඔයාලාට ඒ කවුද කියලා බලාගන්න පුලුවන්. පිග් ගියේ පෙන්ගුයින්ට වැඩ කරන පොලිස් නිලධාරින් පස්සේ උනත් එයා තීරණය කරනවා මුළු ගෝතම් පොලිසියටම දඬුවම් කරන්න. ගෝතම් පොලිසියේ සේරම නිලධාරින් 45ක් ඉන්නවා. මේ 45න් 44කට පිග් පාර්සල් කරලා ඌරන්ගේ ඔලු දාපු පෙට්ටි වගයක් එවනවා. එක්කෙනෙක්ට හැරෙන්න. ඒ තමයි හොඳ පොලිස් මහතා ජිම් ගෝඩ්න්ට. ඒ කියන්නේ ගෝඩ්න් හැරෙන්න ගෝතම් පොලිසියේ අනික් හැමෝටම මැරෙන්න වෙනවා කියන එක. ඉතින් මේ වෙලාවේ පෙන්ගුයින් ඉදිරිපත් වෙනවා එයාගේ සහය ගෝතම් පොලිසියට ලබාදෙන්න. එයාගේ වැඩ ටික කරගන්නත් ඉතින් පොලිසියේ කට්ටිය යහතින් ඉන්න එපැයි. අපි එහෙනම් බලමු පෙන්ගුයින්ගේ මැරයෝ ටිකයි පොලිසියේ අයයි එකතුවෙලා පිග්ට මොනවා කරයිද පිග් මෙයාලාට මොනවා කරයිද කියලා. එහෙනම් ලබන සතියේ මුණගැහෙමු. ජය!!!

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

35 thoughts on “Gotham [S04 : E07] with Sinhala Subtitles | සතුරා මිතුරු වෙසින්ද සිටිය හැක [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️

    Reply
  • බොහොම ස්තුතියි සහෝ

    Reply
  • බොහොම ස්තුතියි සහෝ :3

    Reply
  • 8 weni eka denne nadda maye amme

    Reply
  • 8වෙනි එපියේ සබ කෝ බන් තවම නෑ නේද?

    Reply
  • නුවන්ත දුලාන් කියන නම නන් දැන් හොඳටම පුරුදුයි.දැන් සිකුරාදා හවස ඉදන් පැයෙන් පැයට එනවා sub එක දාලද බලන්ඩ.

    THANZ NUWA AYYE

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • බොහොම ස්තූතියි ☺☺☺
    ජය වේවා..!!

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තුතියි සහෝ…

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරැසට

    Reply
  • බොහොම ස්තුතියි සිංහල උපසිරැසට

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරැසට

    Reply
  • උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා..

    Reply
  • Subata godakma thanks bro…

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරැසට…!

    Reply
  • සබට තුති බන්
    මෙන්න ගන්නවා…

    Reply

Leave a Reply to සනිඳු ලක්ඛිත Cancel reply

Your email address will not be published. Required fields are marked *