Monday , October 26 2020
Breaking News

Gotham [S05 : E01] Sinhala Subtitles | විප්ලවකාරි වෙනසක ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 49 votes.
Please wait...

ඉතින් මිත්‍රවරුනි ගිය වසරේ මැයි මාසයේ ගෝතම් හතරවෙනි කතා මාලාවේ අවසානයෙන් මුණගැහුනාට පස්සේ ඔන්න අද තමයි අපි මුණගැහෙන්නේ. ඔයාලාට මේ අරගෙන එන්න සූදානම් වෙන්නේ පස්වෙනි කතාමාලාව එහෙම නැත්නම් බොහොම කනගාටුවෙන් උනත් කියන්න වෙනවා මේ තමයි ගෝතම් සමඟ ඔයාලාට එකතුවෙන්න තියෙන අවසාන කතා මාලාව. ඉතින් කලින් සීසන් එක නම් ඉවර වෙනකන්ම උපසිරැසි දෙන්න මට හැකියාවක් ලැබුනේ නෑ, ඒ නිසා හසන්ත අයියාගේ සහය පතන්න සිද්ධවුනා. ඉතින් ඒ වෙනුවෙන් බොහොම ස්තූතියි. ඒවගේම චාමරටත්. ඉතින් මේ වතාවේ අපි දෙන්නාම සූදානම් ඔයාලාට උපසිරැසි අරගෙන එන්න. වැඩිය කතා ඕන නෑ අපි කතාව පැත්තට හැරෙමු.

අපි පෙර කතා මාලාවේ අවසන් කොටස ගැන ටිකක් මතක් කරගමු. ජෙරමායා පොලිස් අත්අඩංගුවට ගත්තාට පස්සේ ජිම් හිතුවේ බෝම්බ තර්ජනය ඉවරයි කියලා. ඒත් ඒ තව බෝම්බ නගරයේ හයිකරලා තියෙන්නේ කියලා ජෙරමායා හෙලිකරනකම් විතරයි. ඉතින් ඒ තැන් ටික දැනගන්න ඕන නම් ජෙරමායා ඒ වෙනුවට බෘස් එක්ක කතා කරන්න ඕන කියලා කිව්වා.  

ඉතින් වෙන කරන්න දෙයකුත් නැති එකේ ජිම් ජෙරමායාගේ ගණුදෙනුවට කැමති උනා. ජෙරමායා බෘස් මුණගැහුන වෙලාවේ එයාට කිව්වා එයාලා දෙන්නා තුලම තියෙන්නේ එකම විදියේ අන්ධකාරයක් කියලා. ඒවගේම එයාට රාස් අල් ගුල් එක්ක තියෙන සම්බන්ධය ගැනත් කිව්වා. 

පෙන්ගුයින්, ග්‍රන්ඩි සහ ටැබි කණ්ඩායමට අන්තිමේ හියුගෝ ස්ට්‍රේන්ජ්ව හොයාගන්න පුලුවන් උනා. ඉතින් හැමෝගේම ප්‍රාර්ථනය උනේ ග්‍රන්ඩිව ආපහු බුච් කරන්න. කොහොමහරි අන්තිමේ ග්‍රන්ඩි ආපහු බුච් බවට පත් උනත් පෙන්ගුයින් එයාගේ අම්මා මරපු පලිය ටැබිගෙන් අරගන්න බුච්ට වෙඩි තියලා මරලා දානවා. රිඩ්ලර් සහ ලී ගැන මතක් කලොත්, ඒ දෙන්නා පිහියෙන් ඇනගන්නවා. අන්තිමේ ඒ දෙන්නා නතර වෙන්නෙත් ස්ට්‍රේන්ජ් ලඟ.

රාස් අල්ගුල් බාබරාට ආරාධනා කරනවා ගෝතම් වලින් පිටවෙලා ගිහින් සෙවනැලි ලීග් එක පාලනය කරගෙන ඉන්න. ඒත් බාබරාගේ සැලසුම උනේ ටැබි, ඇල්ෆ්රඩ් සහ පෙන්ගුයින්ගේ උදව්වෙන් රාස්ව මරලා දාන්න. ඔය අතරතුරේ රාස් සහ ජෙරමායා බෘස්ව තැනකට එක්කගෙන යනවා නගරය විනාශ වෙලා යනවා පෙන්නන්න. ඒක පෙන්නන වැඩේ කරන්න වෙන්නේ නෑ මොකද බාබරා එතනට කඩන්පාත් වෙනවා. ඉතින් ආයෙත් වතාවක් බෘස් එක්ක එකතුවෙලා බාබරා රාස්ව මරලා දානවා.

ඉතින් මේ කලබලයත් එක්ක රජය නිවේදනයක් කරනවා ගෝතම් වලින් පිටවෙන්න කියලා. ඒත් බෘස් තීරණයක් ගන්නවා සෙලීනාව ඇල්ෆ්රඩ් එක්ක යවලා එයා ගෝතම් වල නවතින්න. මොකද නගරයට ඒ වෙලාවේ වීරයෙක් අවශ්‍ය මොහොතක්. ඒවගේම ගෝඩ්න් පොලිසියේ අය එක්ක නවතිනවා. ඉතින් එතනින් පස්සේ තමයි පස්වෙනි කතාංගය පටන් ගන්න යන්නේ. 

ඉතින් ගෝතම් දැන් තියෙන්නේ රජයේ පාලනය යටතේ නෙමෙයි. හැමෝම කල්ලි ගැහිලා වෙන වෙනම ප්‍රදේශයන් පාලනය කරනවා. පෙන්ගුයින්, බාබරා, ස්කෙයාක්‍රෝ වෙන වෙනම තමන්ගේ ප්‍රදේශයන් පාලනය කරගෙන යනවා. ගෝතම් පොලිසිය සරණාගතයෝ ටිකක් එක්ක කොටුවෙලා ඉන්නවා. එයාලාට මුකුත් සැපයුම් ලැබෙන්නෙත් නෑ. මොකද නගරයෙන් පිටවෙන්න හෝ නගරයට ඇතුල්වෙන්න තහනම්. ඒ නිසා එයාලාට උදව් ලැබෙන්නෙත් නෑ. ඔන්න ඔය වගේ තත්වයක් තමයි දැන් ගෝතම් වලට උදාවෙලා තියෙන්නේ. අද කතාවේ අපි හොඳට දන්න කියන කෙනෙක් පෙන්ගුයින් අතින් මරනයට පත්වෙනවා. ඉතින් අද කොටස බලන්න ඔයාලාට බාරයි. අලුත් චරිතත් ඉදිරියේ කතා මාලාවට එකතුවීමට නියමිතයි. ඒ ගැන ඉදිරි ලිපි වලදී සඳහන් කරන්නම්. ඉතින් ඊලඟ කොටස ඔයාලාට හසන්ත අයියා අරගෙන එයි. හැමෝටම ජය!!!

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

Kaadhal Kondein (2003) Sinhala Subtitles | ආදරයෙන් බැදුනේමි. [සිංහල උපසිරසි සමඟ]

2003 වර්ෂයේ ජුලි මස 4 වන දින තමිල්නඩුවේදී මුල් වරට තීරගත උණු මෙය කොලීහුඩයේ තරුණ …

Leave a Reply

Your email address will not be published.

43 comments

  1. THANKS FOR THE SUB BRO……

  2. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  3. thank you

  4. thank you…

  5. Sandun fernando

    thanks bro,..machan mta meka downlord karaganna lik ekak set une na..link ekak dipanko

  6. kelumchathuranga

    thanks

  7. සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.

  8. Thnx saho

  9. bohoma sthuthi sahooo

  10. thank you!!!!!!!

  11. thnxxxxx bro….

  12. ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා……………!

  13. hasith premadasa

    thanks sub akata

  14. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  15. Udara Damith Dissanayaka

    elaaaaaaaaaaa

  16. thanks for sub

  17. එල සහො…. එපි ටික ඔක්කොම එනකන් ඉදලා තමා මන් නම් බලන්නේ..කමෙන්ටුවක් දාලා යන්න ආවේ..දිගටම සබ් දෙමු එහෙනම්..

  18. Thnx brooo

  19. නිකමට ආවාම දැක්කේ මේක ඇවිල්ලා කියලා..තැන්ක්ස් බං.දිගටම දියන් මචං..උබේ සබ් මම හැමදාම කියනවා වගේ සුපිරියි..

  20. thanks wewa……………..

  21. thanks

  22. අවසාන සීසන් එක නිසා බලන්න කම්මැලී වගේ අප්පා.
    තාම ඩවුන්ලොඩ් කලෙත් නෑ.
    බලමුකෝ නේ ඒනම්.

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා..

  23. කවිශල් රසින්ත (කවී)

    Episode එක බලලම ඔන්න කොමෙන්ට් එකක් දාන්නේ. පලවෙනි Episode එකම කොලිටියි. සුපිරියි. තවත් කතාවක ශ්‍රේෂ්ඨ නිමාවක් සනිටුවහන් කරයි වගේ… සබට තුති නුවන්ත අයියේ… ජය වේවා…!!!

  24. නියමයි…සබ් එකට තැන්ක්ස්….
    මේක එනකම් බලන් හිටියේ…
    ඉක්මනටම සබ් එකත් දීලා…
    මේ වගේ දිගටම සබ් දෙමු…
    දිගට අදින්නේ නැතිව මෙහෙම ඉවර වෙන එකත් හොදයි….

  25. disti didin din!!!!

    subata thanks bro

  26. Sub eakata thanks

  27. tz sub ekata…..

  28. Thank You

  29. Tnx bro..

  30. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

  31. හම්මේ gotham. Thanks sub එකට

  32. අම්මෝ බන්,තෑන්ක්ස් වේවා,ඉක්මනට දාපන් මචෝ ඊලග එකත්

  33. ගොඩාක් ස්තුතියි එනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටිය සීරියස් එකක්

  34. Thenks for sub

  35. සබට තැන්ක්ස් සහෝ… දිගටම දෙමු..

  36. thanks!!!!

  37. Kaushan Rasanga

    දෙනකන් හිටියේ.
    තෑන්ක්ස් ආ ❤️

  38. Thanks bn

  39. Ravindu Rukshan

    බලාගෙනම හිටපු එක් කතාමලාවක් තැන්ක්

error: Alert: Content is protected !!