Tuesday , October 27 2020
Breaking News

Halloween (1978) with sinhala subtitles | ශාපයක ඇරඹුම [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 7 votes.
Please wait...

Halloween (1978)

ඔන්න තවත් චිත්‍රපට එකතුවක් අරගෙන ආව ඔයාලට. මේ චිත්‍රපට මාලාවෙ ඇරඹුම 1978 වසර. අවසන් වෙන්නෙ 2009 දි. අදියුරුව ජෝන් හොවාර්ඩ් කාපෙන්ටර්. කට්ටිය හුරතලේට කිව්වෙ හොරර් මාස්ටර් කියල. එතකොට හිතාගත්තහැකිනෙ මෙයාගෙ චිත්‍රපට මොන කාණ්ඩයෙද කියල. ඔව්, චිත්‍රපටනම් හොරර්. ඒ උනාට මෙයා හොඳ සංගීත  වේදියෙක්, තනු නිර්මාණ ශිල්පියෙක්. සාමාන්‍ය හොරර් චිත්‍රපට වලට වඩා ටිකක් වෙනස් චිත්‍රපට මාලාවක්. එකම චරිතයකට සම්බන්ධ චිත්‍රපට පෙලක්.

අපි බලමුකො කතාව මොකක්ද කියල. මයිකල් මයර්ස් කියන්නෙ අවුරුදු හයක පොඩි කොල්ලෙක්. ගෙදර කවුරුත් නෑ. ඉන්නෙ අක්ක විතරයි. මේ හොලෝවීන් දවසෙ රෑ. කිසිම හේතුවක් නැතුව පිහියකින් ඇනල මේ කොල්ල අක්කව මරණව. ඒ කරල ගෙයි දොරකඩට වෙලා ඉන්නව අම්මල එනකම්. එතෙන්ට එනකම් එච්චරයි.

අවුරුදු 16 කට පස්සෙ ස්මිත් ග්‍රෝව් මානසික රෝහලට වාහනයක් එනව ලෙඩෙක් අරගෙන යන්න. ඒත් හොලෝවීන් දවසට කලින් දවසෙ රාත්‍රිය. රෝහලට ලංවෙනකොට තමා දකින්නෙ පිස්සන් කොටුවෙ පිස්සො ටික එලියට පැනල කියල. ඒ අතරින් එකෙක් ලෙඩා ගෙනියන්න ආපු වාහනේ හිටපු දොස්තරව එළියට ඇදල දාල. වාහනෙත් අරගෙන පනිනව. කවුරු කියලද හිතන්නෙ? වෙන කවුරුත් නෙමේ මයිකල් මයර්ස්. ඉලක්කය තමන් උපන් ගමට යන එක.

පිස්සන් කොටුවෙන් පිස්සෙක් පනින එක සාමාන්‍ය දෙයක් උනාට මයිකල් අසාමාන්‍යයි කියන්න දන්නෙ එයාට බෙහෙත් කරපු දොස්තර විතරයි. ඔහු දන්නව මයිකල් කෙහෙද යන්නෙ මොකටද යන්නෙ කියල. ඒ එච්චර හොඳ වැඩකට නෙමේ. මේ වතාවෙ තමන්ගෙ නංගිව හොයාගෙන. මයිකල්ගෙ ඉලක්කය පවුලෙ හැමෝම මරල දාන එක. පොලිසියට මේ ගැන කිව්වට දොස්තරගෙ කතාව පිලිගන්න පොලිසිය සූදානම් නෑ. සෑහෙන විනාශයක් උනාට පස්සෙයි පොලිසිය මේ ගැන ක්‍රියාත්මක වෙන්නෙ. හොලෝවීන් කියන්නෙ එක එක විකාර ඇඳුම් ඇඳගෙන (හරියට අපේ විකට ඇඳුම් තරඟෙ වගේ) සමරන දවසක්. මේ විදියට ඇඳගෙන පාරෙ යන මිනිස්සු නිසා පොලිසියට මයිකල්වත් අදුනගන්න බෑ.

නමුත් අවසානෙදි සෑහෙන ජීවිත ගානකට වග කිව්වටත් පස්සෙ දොස්තර තමන්ගෙ රිවෝල්වරේ උණ්ඩ ටික ඔක්කොම මයිකල්ට තියනව.උඩ තට්ටුවෙන් පහලට වැටෙන මයිකල්ට මොකද උනේ බලන්න දොස්තර පහලට එනකොට මයිකල් එතන නෑ. වෙඩි කාපු මයිකල්ට මොකද උනේ, මුලින් අක්කව මැරුව, නංගිවත් මරන්න පුලුවන් වෙයිද? මයිකල්ට  මොනව වෙයිද? දැනගන්න චිත්‍රපටය රසවිඳින්න.

Halloween 10 Movies Collection 1978-2009 Bluray 720p x264 aac jbr මෙන්න මේ නම extraa torrent අඩවියේ සෙවුමක් කරන්න. ටොරන්ට් පිටපත ලැබේවි. හැබැයි මතක ධාරිතාවය ටිකක් වැඩියි. දෙවනි එකෙන් හම්බවෙමු.

Halloween (1978) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Halloween 10 Movies Collection 1978-2009 Bluray 720p x264 aac jbr 

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The X-Files [S09 : E02] Sinhala Subtitle | කවුරු විශ්වාස කරන්නද? [සිංහල උපසිරැසි සමඟ]

The X-Files කතා මාලාවේ නවවෙනි කතා සමයේ දෙවන කතාංගයයි මේ. මේකත් පසුගිය කොටසටම සම්බන්ධයි. පසුගිය …

Leave a Reply

Your email address will not be published.

22 comments

  1. Thanks for sub!

  2. sasindu kavish

    Niyamai

  3. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
    ජය වේවා!

  4. පරන උනත් සුපිරි film මචං … Collection එකම කරන්න.. ජය වේවා !

  5. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. පරණයි කියල අඩුම 2014 වත් නම් කමක් නෑ 1978 හයියෝ ……. ඇයි බං 2015 2016 ෆිල්ම් නැද්ද බං ……. කොච්චර ලයින් ටිකක් ටයිප් කරන්න ඕනිද බං … එච්චර මහන්සි වෙලත් ඇයි බං අලුත් ඒවා නොදෙන්නේ …. මේක මගේ විතරක් නෙවි ගොඩක් අයගේ මතය ඒත් එකෙක් වත් මොකුත් කියන්නේ නෑ උන්ව බ්ලොක් කලොත් අවාරෙට පොල් වැටෙනවා වගේ හරි එන අලුත් ෆිලුමක් බලන්න වෙන එකක් නෑ කියල….. කොමෙන්ට් නේම් ඒකෙන් fb ඇවිත් මාව ඕපන් කරල මගේ කතාව ඇලජික් උන් බැනපල්ලා ඉන්බොක්ස් වලින්

    • Mithraya. Film ekak aluth/parana wuna paliyata rasaya nathi wenne naha. Anika amathak karanna epa aluthen ena ewath parana wena bawa.

  7. Udara Damith B/K

    බොහොම ස්තූතියි අනිත් ටිකටත් සබ් දෙන්න

  8. nilupul anuruddhaka

    pack akama ba gaththa.15GB.THANX SUB AKATA.ITHURU TIKATH IKMANIN DENNA.JAYAWEWA.

  9. උපසිරසියට ස්තූතියි..!

  10. Đęą Aļonę

    Sub file 1 open wenne neane

  11. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි…….

  12. තනිකඩ කොල්ලෙක්

    තෑන්ක්ස් බ්‍රෝ

  13. Sajith Anthony

    නියමයි සහෝ,
    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!

  14. Web බුවා

    ඔච්චර ලොකු size බාන්න අමාරු නම් දුක් වෙන්න එපා. y – s. a_ (හිස්තැන් දෙකට එන්න ඕන පිළිවෙලින් tසහ g) මේ site එකට ගිහිං halloween නමින් search කරන්න film 6ක් තියේ. ජය!

  15. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ

  16. සුපිරි.ස්තුතියි සබ් එකට සහෝ

  17. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! මම ආසම කරන චිත්‍රපට එකතුවක් තමයි ඔයා මේ දෙන්නට යන්නේ. චිත්‍රපට මාලාවටම සබ් දෙන තුරු මම නොඉවසිල්ලෙන් බලා ඉන්නවා.
    සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!

  19. elama sho thanks
    series ekatama sab demu
    jaya wewa!!!

error: Alert: Content is protected !!