Wednesday , July 28 2021
Breaking News

Hard Rain (1998) Sinhala Subtitles | මහ වැසි මැද… [සිංහල උපසිරසි]

Rating: 9.0/10. From 13 votes.
Please wait...

ආයුබෝවන්… සුබ දවසක් වේවා…

සොහාන් ජයසූරිය කියන්නේ මම බයිස්කෝප් අඩවියෙන් අදුරගත්ත සහෝදරයෙක්. ළඟදි දවසක් උදේම පණිවිඩයක් එවනවා “අයියේ, බයිස්කෝප් එකේ සබ් නොදීපු 90 ගනන් වල හොඳ ෆිල්ම් දෙකක් තියෙනව, බයිස්කෝප් එකේ නෙමේ කොහෙවත්ම සබ් දීලා නෑ තාම, බලලා කරන්න කියලා. 90 ගණන් කියන්නේ ඉතින් මගේ ප්‍රියතම චිත්‍රපටි ආපු කාලෙනේ. ඉතින් මාත් ඒ ගැන හොයලා බලලා සිංහල උපසිරසිය හදන්න ගත්තා.

Hard Rain (1998)

පොඩි නගරයකට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් එක්ක ඒ නගරයට ඉහළින් ඇති ජලාශයක් වාන් දාන්න හදනවා. ආදි කාලේ වේල්ලක් එක්ක තියන මේ ඉපැරණි ජලාශයට මේ මහා වතුර කන්දරාව ඔරොත්තු දෙන්නේ නෑ. නගරය ටිකෙන් ටික යටවෙද්දි ආරක්ෂක අංශ මුළු නගරයම හිස් කරනවා. ඒ අතරේ බැංකු වල සල්ලි අරන් යන ට්‍රක් එකක් මේ වැස්ස මැද්දේ වතුරේ හිර වෙන්නේ සල්ලි මංකොල්ලයක ආරම්භයක් එක්කයි.

1998 ජනවාරි 16 වෙනිදා එක්සත් ජනපදයේ මුලින්ම තිරගත වීම ආරම්භ වුන මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත වන ටොම් ලෙස Christian Slater සහ ජිම් ලෙස Morgan Freeman එක්වෙනවා. ඊට අමතරව Randy Quaid, Minnie Driver, Edward Asner, Richard Dysart සහ Betty White රංඟනයෙන් එකතු වෙනවා. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Mikael Salomon විසිනි. නිෂ්පාදනයෙන් Allison Lyon Segan, Ian Bryce, Mark Gordon, Gary Levinsohn සහ Christian Slater එකතු වෙනවා.

මෙය එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය, ජර්මනිය සහ ජපානය අතර ජාත්‍යන්තර සම නිෂ්පාදනය වන අතර 1998 අප්‍රේල් 03 වන දා එක්සත් රාජධානියේත්, 1998 අප්‍රේල් 06 වනදා ජර්මනියේත්, 1998 මැයි 29 වන දා ඩෙන්මාර්කයේත් 1998 සැප්තැම්බර් 5 වන දා ජපානයේත් තිරගත වීම ආරම්භ කර ඇත. විනාඩි 96ක ධාවන කාලයකින් යුත් මෙම චිත්‍රපටයේ නිෂ්පාදන වියදම ඇ. ඩොලර් මිලියන 70 ක් වුවත් බොක්ස් ඔෆීස් ආදායම ඇ. ඩොලර් මිලියන 20 ක් පමණ වී ඇත. Hard Rain චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 5.9ක්, Rotten Tomatoes 30% ක් සහ Google පරිශීලිකයින්ගෙන් 82%ක කැමැත්ත මෙම චිත්‍රපටයට ලැබී ඇත.

සොහාන් ජයසූරිය සහෝදරයට මගේ විශේෂ ස්තුතිය පිරිනමනවා මට මේ චිත්‍රපටිය ගැන කිව්වට. ළඟදීම සහෝදරයාගේ ඊළඟ ඉල්ලීමත් ඉටු කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තූතියි සොහාන් මල්ලී..

එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එනකන් ඔයාල හැමෝටම නිදුක් නිරෝගී සුව දවසක් වේවා…

~ ජය වේවා ~

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

ද විචර්’ස් ඩයිනර් [S01 : E03] Sinhala Subtitles | මායාකාරියගේ අවන්හල [සිංහල උපසිරසි]

සුභ දවසක්..The Witch’s Diner පසුගිය කොටස් 2 නරඹපු අය දැන් දන්නවනෙ කතාවෙ ප්‍රධාන චරිත කවුද …

Leave a Reply to Dewadithya Cancel reply

Your email address will not be published.

16 comments

  1. Thanks for sub!

  2. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  3. Buddhika Lakmal

    ♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦

  4. Thanx bro………………

  5. Chaminda Lakruwan

    ගොඩක් ස්තූති සබ් එකට

  6. රොෂාන් ජයසිංහ සොයුර,
    ඔබට ස්තුතියි සබ් එකට, හැකිනම් IMDb ඉහළ අගයක් ඇති එකකටත් සබ් දෙන්න.

  7. thanks..

  8. බොහොම ස්තූතියි සහෝ

  9. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  10. Morgan Freeman Love it..Thanks for the sub

  11. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  12. 1990-2000 ත් අතර ආපු සබ් නොදීපු ෆිල්ම් තව දෙන්න සහෝ….ඒවා සුපිරියි….

  13. Thank you lokka
    hamadama wage supiri film ekak

  14. Sohan Jayasooriya

    නියමයි අයියේ ගොඩක් ස්තූතියි සබ් එකට.. ගොඩක් අය ෆිල්ම් බලන්නෙ ෆිල්ම් එකේ අවුරුද්ද බලලා.. ඒ වගෙ අයට ඉතින් මේ වගේ සුපිරි ෆිල්ම් මිස් වෙනවා..අද කාලේ තරම් තාක්ෂණයක් නොතිබ්බ කාලෙක ඒ තාක්ෂණයෙ අඩුව නොදැනෙන විදියට හොඳටම මේ ෆිල්ම් හදලා තියෙනවනේ.. ස්තූතියි අයියෙ සබ් එකට එහෙනම්..අනිකත් ගේමු ඉක්මනට.. ජය වේවා

error: Alert: Content is protected !!