You dont have javascript enabled! Please enable it!
Monday , July 13 2020
Breaking News

Headhunters (2011) with Sinhala Subtitles | උස අඩු වුණත් මොළේ කොහොමද..? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Headhunters (2011)

ඉතින් කොහොමද? ගොඩාක් කාලෙකින්. ඇත්තටම කාර්යබහුල වෙච්ච නිසා සබ් එකක් දෙන්න තියා ෆිල්ම් එකක් ගන්නත් මේ පැත්තට ආවෙ නැති තරම්. යාළුවො බාගනිපු ෆිල්ම් තමයි බැලුවේ. අන්තිමට සබ් එකක් දීල දැන් මාස 5කුත් වෙනවා. මේකත් බාර අරගෙන සතියක් විතර ගියා.

මගේ අටවෙනි සබ් එක විදියට මම අරන් ආවෙ නෝර්වේ රටේ ෆිල්ම් එකක්. නෝර්වේ රටේ එකක් නිසා ඉන්න නළු නිළියෝනම් එච්චර පුරුදු නැතිව ඇති. නම් කියන්නත් අමාරුයි. Crime, Thriller වර්ගයට අයිති IMDB එකේ 7.6ක් ගත්ත මේ සුපිරි ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Morten Tyldum කියන කෙනා. සම්මාන උළෙලවල් කීපයකම සම්මාන ගොඩකට නිර්දේශ වෙලා කීපයක් දිනාගත්ත මේ වගේ සුපිරි එකක් මෙච්චර කල් ගිහිල්ලත් බයිස්කෝප් එකේ නැති එකට හේතුව මේක වෙනත් භාෂාවක එකක් වීම වෙන්න ඇති.

මේකේ කතාව පැත්තට පොඩ්ඩක් ගියොත් ප්‍රධාන චරිතය රොජර් බ්‍රවුන් කියල හෙඩ්හන්ටර් කෙනෙක්. ඒ කියන්නේ විවිධ ආයතන වල රැකියා සඳහා සුදුසු අය නිර්දේශ කරන කෙනෙක්. හැබැයි මෙයා පොඩ්ඩක් මිටි කෙනෙක් (ඒ රටේ හැටියට). මෙයාගෙ වියදම් අධික ජීවිතේ නිසා සල්ලි හොයන්න හොරකම් කරනවා. හොරකම් කරන්නේ වටිනා චිත්‍ර. මේක ගැන දන්නේ උදව් කරන එකම යාළුවෙක් විතරයි. හොරකමට සැලසුම හදන්නෙත් රැකියා වලට ඉන්ටර්වීව් කරන අයගෙන්ම තොරතුරු අරගෙන. මෙයා ගොඩාක් ආදරේ කරන ඔහුට වඩා උස බිරිඳක් ඉන්නවා. ඇය මගින් හඳුනගන්න කෙනෙක් රැකියාවකට යොමු කරන්න උත්සාහ කරන අතරේ මෙයා දැනගන්නවා ඔහු ළඟ වටිනා චිත්‍රයක් තියන බව. මේක හොරකම් කලත් එක්කම තමයි මෙච්චර කල් සුපිරියට කරගෙන ආපු ඔක්කොම දේවල් අනිත් පැත්තට හැරෙන්නේ. මේ පුද්ගලයත් එක්ක තමන්ගේ බිරිඳගේ සම්බන්ධයක් තියනවා කියල දැනගන්නවා වගේම, හොරකම් වලට උදවු කරපු යාළුවා තමන්ගේ ගෙදර ගැරේජ් එකේ තමන්ගෙම කාර් එක ඇතුලේ මැරිලා වැටිලා ඉන්නවා මෙයාට හම්බ වෙනවා.

බිරිඳ හරහා මොහුට සම්බන්ධ වෙන කෙනා කවුද? එයාගේ අරමුණ මොකක්ද? චිත්‍ර හොරකම් පස්සේ එලවන පොලීසියෙන් වගේම, මිත්‍රයාගේ මරණයේ චෝදනාව එල්ල වීමෙන් බේරෙන්න මෙයාට පුළුවන් වේවිද? මේ ටික දැනගන්න ෆිල්ම් එක අරගෙන බලන්න තමයි තියෙන්නෙ. හැබැයි මේකේ පොඩි 18+ සීන් ටිකක් තියන නිසා ළඟ තියාගත්තොත් පොලීසියෙන් බේරෙන්න මේ වගේම ගේමක් දෙන්න වෙයි. එහෙනම් ආයෙමත් පුළුවන් වුණු ගමන්ම තවත් සබ් එකක් අරන් එන්නම්. තෙරුවන් සරණයි…

Headhunters (2011) on IMDb

 

 

849 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

4598DC053417428774EB6DA75B21AB2EA38783F5
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Kholodnoe Tango (2017) Sinhala Subtitles | ගිනිකිරිල්ලිය [සිංහල උපසිරැසි]

1939 වසර, මහා විනාශය පෙර නිමිති හැම පැත්තෙන්ම පෙනෙන්න ගත්ත කාලයක්, දෙවැනි ලෝක යුද්ධය ඇතිවීමට …

Leave a Reply

Your email address will not be published.

16 comments

  1. පට්ට ෆිල්ම් එක
    එක
    Thank you bro…..

  2. Lakshansilva18

    Thanks

  3. බොහොම ස්තූතියි සහෝ සබ් එකට….!

  4. බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. ඔන්න සබ් එක්ක ෆිල්ම් එක බැලුවා. පට්ට!!. සබ් එකට තෑන්ක්ස් සහෝ..!!

  6. Sajith Anthony

    නියම ෆිල්ම් එකක්නේ
    බොහෝම ස්තුති සබ් එකට
    ජය වේවා…!!

  7. නලින්

    ස්තුතියි දිල්ෂාන් ‍සහො!
    ජය වෙවා!

  8. Thanks machan……..!

  9. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!

  10. thanks brither

  11. niayamai…thanks DILSHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. රාං කුරුල්ලා

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.
    කතාව විස්තර කරල වැඩියි වගේ කියලා හිතෙනවා
    එහෙම වුනාම කුතුහලය අඩුවෙන්න පුලුවන්

    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!

    ජයෙන් ජය

  13. “මේකේ පොඩි 18+ සීන් ටිකක් තියන නිසා ළඟ තියාගත්තොත් පොලීසියෙන් බේරෙන්න මේ වගේම ගේමක් දෙන්න වෙයි.”

    බුදු අම්මෝහ්.

  14. නියමයි සහො.
    පට්ට කතාවක් වගේ.
    බෝහෝම ස්තුතියි සබ් එකට.
    ජය…

error: Alert: Content is protected !!