Monday , June 21 2021
Breaking News

Hero (2021) Sinhala Subtitles | වීරයා [සිංහල උපසිරසි]

Rating: 9.2/10. From 13 votes.
Please wait...

සුභ දවසක් බයිස්කෝප් යාළුවො හැමෝටම,දීර්ග සති අන්තයකට තමයි අපි මේ ඇවිත් තියෙන්නෙ,ඒ වගේම රටේ භයානකම හත්වයක් ඇති වෙලාවක්, ඉතින් ගෙදරට වෙලා පරිස්සමින් ඉන්න වෙලාවෙ ඔන්න මගේ 26වන උපසිරසියත් අරන් මම ඔයාල හම්බ වෙන්න ආව. ඒ ආවෙ 2021 මාර්තු 5නිද තිරගත උන කන්නඩ චිත්‍රපටියක් අර ගෙන, මේක මගේ පලවෙනි කන්නඩ චිත්‍රපටිය, මේකෙ හොද කොපි එකක් නිකුත් උනේ මැයි මාසෙ 8 වෙනිද. මේකෙ උපසිරසි කරන්න ගොඩක් මහන්සි වෙන්න උනා,මොකද භාෂාව තමයි, වචනයෙන් වචනයට ගලප ගලප උපරිම සාදාරනයක් කරා කියල හිතනව.

චිත්‍රපටිය ගැන කියනව නම් ගොඩක් හොද ප්‍රතිචාර හම්බ වෙලා තියෙනවා, ගූගල් පරිශීලන කැමැත්ත 90%ක් ලැබිල තියෙනවා,imdb අගය 6.9 ක් ලැබිල තියෙනවා. Action සහ Comedy ගනයට තමයි මේක අයිති වෙන්නෙ. මම වැඩි විස්තර කියන්න යන්නෙ නැහැ, ෆිල්ම් එක බලලම ඔයාලගෙ ප්‍රතිචාර කියන්න.

කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්, කතාවෙ වීරය බාබර් කෙනෙක්,එයා ගොඩක් දුකින් ඉන්නෙ,ඒ එයා ගොඩක් ආදරය කරපු කෙල්ල එයාව දාල ගිය නිසා, ඒ නිසා ඔහු කෙල්ලව මරන්න කියල පිටත් වෙනව,මාර වැඩේ කියන්නෙ කෙල්ල බැදල ඉන්නෙ ඒ පලාතෙ ඉන්න ලොකුම මැරයව,ඔහු ඉන්නෙ මහ වනයක් මැද්දෙ තියෙන ලොකු බංගලාවක ආරක්ශකයො 100ක් විතර එක්ක. ඉතින් අපේ වීරයට හොද පොටක් පෑදෙනව කෙල්ලව මරන්න,ඒ තමයි මැරයගෙ කොන්ඩෙ කපන්න අවස්ථාව හම්බ වෙන්නෙ ඔහුට. ඒ නිසා ඔහු ඒ මහ වනයට එනව,කෙල්ලව මරන්න පුළුවන් වෙයිද?.පන පිටින් කැලෑවෙන් එලියට එන්න පුළුවන් වෙයිද?. කතාව අර ගෙනම බලන්න.

එහෙනම් හැමෝම පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න, තවත් ලස්සන ෆිල්ම් එකක උපසිරසියකින් ඉක්මනට එන්නම්,

හැමෝටම ජය වේවා. බුදු සරනයි,දෙවි පිහිටයි.🙏🙏🙏🙏🙏

පහලින් ඔයාලගෙ අදහස් දාගෙන යන්නත් අමතක කරන්න එපා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සම්පත් විජේසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-06-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

The Umbrella Academy [S02 : E02] Sinhala Subtitles | ආධුනිකයා [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් දෙවෙනි කොටසත් අරගෙන ආවා. කට්ටිය දකින්න ඇතිනේ ඉතිං හිතුවෙවත් නැති දෙයක් තමයි වෙලා …

Leave a Reply

Your email address will not be published.

8 comments

  1. Malith Samarawickrama

    Thanks sub ekata

  2. isuru srinath sjs

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි…

  3. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  4. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Thanks for subtitles! Shaadi Mibarak Telugu film ekatath sub denna ..

  6. Buddhika Lakmal

    ♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦

  7. Supun Kaushalya

    තෑන්ක්ස්

  8. Too late bro
    Anyway thanks

error: Alert: Content is protected !!